ජාතික එල්ලේ අව­සන් තර­ගය සෞඛ්‍ය නිලධාරීන් අතේ | සිළුමිණ

ජාතික එල්ලේ අව­සන් තර­ගය සෞඛ්‍ය නිලධාරීන් අතේ

ශ්‍රී ලංකා එල්ලේ සම්මේ­ල­නය මෙහෙ­ය­වන ජාතික එල්ලේ ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ගය පැවැ­ත්වීමේ අව­සන් තීර­ණය මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් යට­තට මේ වන­විට පත්ව තිබේ. එල්ලේ සම්මේ­ල­නය ජාතික එල්ලේ ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ගය 16 වැනිදා කැල­ණිය සීවලී ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට තීර­ණය  කළද, ඒ සඳහා තව­මත් මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ අව­ස­රය හිමි වී නැත. 

කොවිඩ් 19 වසං­ග­තයේ ව්‍යාප්තිය සලකා මේ අව­සන් මහා තර­ගය පැවැ­ත්වී­මට අව­ස­රය ලබා දෙන්නේ ද නැද්ද යන්න තව­මත් ප්‍රකාශ කොට නැති බව එල්ලේ සම්මේ­ල­නයේ ලේකම් ක්‍රීඩා කළ විම­සී­මේදී පැවැ­සීය. එල්ලේ ක්‍රීඩාව ක්‍රීඩ­ක­යන් එකි­නෙකා ගැටෙන ක්‍රීඩා­වක් නොවන හෙයින් තර­ගය පැවැ­ත්වී­මට අව­සර ලබා දුන්නද නර­ඹ­න්නන්ගේ සහ­භා­ගී­ත්වය පිළි­බඳ යම් ගැට­ලු­වක් පව­තින බව සඳ­හන් වේ. එසේ වුව­හොත් නර­ඹ­න්නන් නැතිව ජාතික එල්ලේ ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ගය පැවැ­ත්වී­මට එල‍්ලේ සම්මේ­ල­නයේ කැමැත්ත  ප්‍රකාශ වී ඇත. 

කෙසේ වුවද ජාතික එල්ලේ ශූර­තා­ව­ලියේ තෙවැනි ස්ථානය තෝරා ගන්නා තර­ගය 9 වැනිදා පැවැ­ත්වී­මට තීර­ණය කර ඇති අතර, ඒ සඳහා ලබා දෙන සෞඛ්‍ය කොන්දේසි අනුව අව­සන් තර­ගය පැවැ­ත්වී­මට සිදුව තිබේ. එම තර­ග­යේදී තොට­ළඟ අරුණ හා නාගොඩ ශ්‍රීමාලී යන කණ්ඩා­යම් තරග බිමට පිවි­සෙති. 

ජාතික එල්ලේ ශූර­තා­ව­ලියේ අව­සන් පූර්ව වට­යේදී උද­ම්මිට ගාමිණී ක්‍රීඩා සමා­ජය හමුවේ තොට­ළඟ අරුණ පිල පරා­ජය වූ අතර, ජොසි­ටා­වත්ත රශ්මී වෙතින් නාගොඩ ශ්‍රීමාලී පිල පරා­ජ­යට පත් විය. ඒ අනුව උද­ම්මිට ගාමිණී සහ ජොසි­ටා­වත්ත රශ්මී යන කණ්ඩා­යම් අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා තිබේ.

එල්ලේ සම්මේ­ල­නයේ මුදල් අර්බුද හේතු­වෙන් පසු­ගිය මාර්තු මාස­යට කල් ගිය ජාතික එල්ලේ ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ගය කොවිඩ් 19 හේතු­වෙන් පැවැ­ත්වී­මට නොහැකි විය. වසර 2018 දී ආරම්භ කළ ජාතික එල්ලේ ශූර­තා­ව­ලිය විවිධ බාධක මැද පැවැති අතර, අව­සන් මහා තර­ගය පැවැ­ත්වෙන දින­යක් ප්‍රකාශ කිරී­මට ශ්‍රී ලංකා එල්ලේ සම්මේ­ල­නය සමත් නොවුණි.

එල්ලේ අව­සන් මහා තර­ගය කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී විදුලි ආලෝක ධාරා මැද පැවැ­ත්වී­මට කලින් ගත් තීර­ණය වෙනස් කොට ඇති අතර, එය කොළ­ඹින් පිටත ක්‍රීඩාං­ග­ණ­යක පැවැ­ත්වීම කෙරෙහි අව­ධා­නය යොමු විය.

ජාතික එල්ලේ ශූර­තා­ව­ලියේ ජය­ග්‍රාහී කණ්ඩා­ය­මට රුපි­යල් එක්ලක්ෂ පන­ස්ද­හ­සක්, අනු ශූර­තාව දිනා ගන්නා කණ්ඩා­ය­මට රුපි­යල් ලක්ෂ­යක් හා තෙවැනි ස්ථාන­යට රුපි­යල් 50,000ක් පිරි­නැ­මෙන අතර, ජාතික එල්ලේ ශූර­යාට, වැඩිම උඩ පන්දු හා වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩ­ක­යන් දෙදෙ­නාට සහ­ති­ක­පත් සහ කුස­ලාන පිරිනැමීමට නිය­මි­තය. ජාතික එල්ලේ ශූර­තා­ව­ලි­යට ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් කණ්ඩා­යම් සියකට වැඩි ප්‍රමාණයක්, පුත්ත­ලම, කොළඹ හා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­ව­ලින් වැඩි කණ්ඩා­යම් ප්‍රමා­ණ­යක් හා අනෙ­කුත් දිස්ත්‍රි­ක්ක­ව­ලින් කණ්ඩා­යම් රැසක් එක්ව සිටි­යහ. 

Comments