සාහි­ත්‍යය පිළිම වන්ද­නාව නව­ත්වන්න ඕනෙ | සිළුමිණ

සාහි­ත්‍යය පිළිම වන්ද­නාව නව­ත්වන්න ඕනෙ

නාම­යට අනුව  ප්‍රේම­රං­ජිත් තිල­ක­රත්න වන ඔහු 60 දශ­කයේ නාට්‍ය වේදි­කා­වට අයත් චරි­ත­යක් හැටි­යට ගත හැකි ය. කෙසේ වෙතත් ඒ හා සමා­නව සින­මාව කෙරෙහි වූ ඔහුට දැනුම හා නිරී­ක්ෂ­ණය සහ සාහි­ත්‍ය විෂ­ය­යි­කව ඔහුට වු ලේඛන විලා­සය දුර්ලභ හැකි­යා­වක් ම වේ යැයි කීමේ කිසිදු දොසක් නැත. විශේ­ෂ­යෙන්ම කලක් ලොව පුරා­මත් මහත් ආන්දෝ­ල­න­යක් ඇති කළ එමිල් සෝලා නම් නව­ක­තා­ක­රුගේ විවා­ද­පන්න කෘති දෙකක් “සරාගි” හා “විළි­බිය නමින් සිංහල බසට නැඟීමෙන් එදා සිටි සාම්ප්‍ර­දා­යිකයන් සුච­රි­ත­වා­දීන් කල­බ­ල­යට පත් වුණත්, ඒ නිසා සිදු වු සාහි­ත්‍ය­යික විෂය පරා­සය පුළුල් වීම වැද­ගත් සාහි­ත්‍ය­ක­රු­වන්ගේ අව­ධා­න­යට ලක් වුවක් විය.

“මම මෙච්චර කල්. ලියපු දේව­ල්වල මා ලද අත්දැ­කීම් තියෙන්න ඇති. ඒත් මම කියන පුද්ග­ලයා ගැන ලිය­නවා කියල හිතා­ගෙන ම නං කිසි­වක් ම ලියල නෑ. ඉතිං මම මගේ චරිත කතාව ලියන්න හිතුවා. ඒත් තාම ඒවා තියෙන්නෙ සට­හන් වශ­යෙ­නුයි. පොතක් වශ­යෙන් ලියල අව­සන් වෙන්න කාල­යක් යයි.”

වරක් අප හා පැවැත් වු පුව­ත්පත් සාක­ච්ඡා­වක දී ඔහු එසේ පැව­සු­වේය. අද අප අතර නැතත් ඔහු එදා එසේ කී ඔහුගේ ඒ ජීවිත කතාව “දුර්ගය” නමින් ප්‍රකා­ශ­යට වී තිබේ. වෙනත් ලෙස­කට කිය­නවා නම් සිය ජීවන දුර්ගය නිර්මා­ණා­ත්මක මං පෙත් ඔස්සේ නැග අව­සන් කළ ඔහු අව­සා­නයේ දී සද­හ­ටම ඉන් බැස ගියේ ය.

නාම­යට අනුව  ප්‍රේම­රං­ජිත් තිල­ක­රත්න වන ඔහු 60 දශ­කයේ නාට්‍ය වේදි­කා­වට අයත් චරි­ත­යක් හැටි­යට ගත හැකි ය. 

කෙසේ වෙතත් ඒ හා සමා­නව සින­මාව කෙරෙහි වූ ඔහුට දැනුම හා නිරී­ක්ෂ­ණය සහ සාහි­ත්‍යය විෂ­ය­යි­කව ඔහුට වු ලේඛන විලා­සය දුර්ලභ හැකි­යා­වක් ම වේ යැයි කීමේ කිසිදු දොෂක් නැත. 

විශේ­ෂ­යෙන්ම කලක් ලොව පුරා­මත් මහත් ආන්දෝ­ල­න­යක් ඇති කළ එමිල් සෝලා නම් නව­ක­තා­ක­රුගේ විවා­ද­පන්න කෘතී දෙකක් “සරාගි” හා “විළි­බිය– නමින් සිංහල බසට නැගී­මෙන් එදා සිටි සාම්ප්‍ර­දා­යින් සුච­රි­ත­වා­දීන් කල­බ­ල­යට පත් වුණත්, ඒ නිසා සිදු වු සාහි­ත්‍ය­යික විෂය පරා­සය පුළුල් වීම වැද­ගත් සාහි­ත්‍ය­ක­රු­වන්ගේ අව­ධා­න­යට ලක් වුවක් විය.

ඇත්තම කිය­නවා නම් ඔහු තමන්ගේ ම යැයි කිව හැකි නිර්මා­ණා­ත්මක ශෛල්‍ය­ය­කට, සියුම් භාවා­ත්මක ද්වාර­ය­කින් පිවිස සිටියේ ය. 

එමෙන්ම එමිල් සෝලාගේ දැඩි සේ ආන්දෝ­ල­න­යට ලක් වූ කෘති දෙකක් ම එසේ තෝරා පරි­ව­ර්ත­නය කිරී­මෙන් ඔහු බලා­පො­රොත්තු වූයේ කුමක් දැයි විමසු අව­ස­ථාවේ දී ඔහුගේ පැහැ­දිලි කිරීම වුයේ එය මානු­ෂීය තත්ව විදා­ර­න­යක් බව ය. විශේ­ෂ­යෙන්ම මනුෂ්‍ය ජීවන පැවැත්ම ස්පර්ශ කිරී­මට අදාළ ව එමිල් සෝලා, රුසි­යානු ලේඛක ලියෝ තොල්ස්තො­යි­ටත් වඩා  ඉදි­රි­යෙන් සිටින්නේ යැයි ඔහු පැවසී ය.

තමන් විසු කාල­යට සාපේ­ක්ෂව වාම­වාදී ආස්තා­න­යක සිටි ප්‍රේම­රං­ජිත් ට ඇතැම් අව­ස්ථා­වල දී හංව­ඩු­වක් වශ­යෙන් කොමි­යු­නිස්ට් ලේබ­ලය ඇල­වුණ අවස්ථා ද තිබේ. එහෙත් වරක් සදය සින­හ­ව­කින් යුතු ඔහු විසින් කියු­වක් ද මෙහිදී සිහි­පත් වේ.  

ඒ අනුව මෙරට වාමාං­ශි­ක­යන් “සාදු­කින් පෙළෙ­න­වුන් දැන් ඉතින් නැගි­ටි­යව් ” නමින් සිංහ­ලට පෙර­ළා­ගෙන ගයන ජාත්‍ය­න්තර කම්කරු ගීතයේ තනුව ජර්මානු ගීත­ය­කින් ලබා ගත්තකි. එහි උත්ප්‍රා­සය වන්නේ එය ජර්මානු යුද ගීත­ය­කින් ලබා ගත්තක්ය යන්න වේ.

ප්‍රේම­රං­ජිත් තිල­ක­රත්න නාට්‍ය වේදි­කාව තුළ පවා බර­ප­තළ අන්ද­මින් විවා­ද­යට ලක් වන ආකා­රයේ ප්‍රස්තු­ථ­යන් ම තෝරා ගැනීම කාලයේ වුව­ම­නා­ව­ටත් වඩා ඔහුගේ නිර්මාණ සේව­නයේ ඇසුර මත සිදු වූවක් ද යන්න වෙනම විමසා බැලි යුතු විෂ­ය­බද්ධ කරු­ණක් යැයි සිතමි. 

උදා­හ­ර­ණ­යක් හැටි­යට ඔහු “තොත්ත බබා” නමින් කළ නාට්‍යය “එන්ට­ර්ටේ­ලින් මිස්ටර් ස්වෝන්” නම් කෘතියේ අනු­ව­ර්ත­න­යක් වූ අතර එය මුළු­ම­නින්ම වාගේ සම­ලිං­ගික ඇසුර පාදක කර ගත්තක් වුයේ ය. 

මෙය මුල් අව­ස්ථාවේ දී රැගුම් වාර­ණ­යට අසු වු අතර ඊට අදා­ළව බල­ධා­රියා වශ­යෙන් කට­යුතු කළ එම්. ජේ. පෙරේරා තමන්  පසෙ­කට කැඳවා “ඔයාට වහ­ළක් නැති ගෙයක් වගේ නාට්‍යය කරන්න පුළු­ව­න්කම තියෙ­ද්දිත්, මොන­වද මේ කරන විකාර” යි පැව­සුවේ යැයි  ඔහු පෙන්වා දී තිබේ. ඒත් සම­ඟම ඕගස්ට් ස්ටීන්බර්ග්ගේ නාට­ක­යක් “ජුලි” නමින් සිංහල වේදි­කා­වට ගෙන ඒමට ද ඔහු කට­යුතු කළේ ය. එය ද සමා­ජ­ගත අත්දැ­කී­ම­කට වඩා පුද්ග­ල­බද්ධ අත් දැකී­මක් යැයි සිතෙන සුළු ය. ඒ අනුව විවා­හ­පත් නොවූ ගැහැ­නි­ය­කගේ හැසි­රී­මෙහි දෙපැ­ත්තක් මෙහිලා නිරූ­ප­ණය වේ. ඒ අනුව මුලදි ඇගෙන් රාග­යට අව­සර යදි­මින් ඇගේ පසු­පස ගිය පුරු­ෂ­යෙකු හා රාග­යෙන් බැඳී­මෙන් පසු ඔහු­ගෙන් ඒ රාගය ම ඉල්ලා වැඳ වැටෙ­මින් ඇය යන්නට වූ අයුරු මෙහිල නිරූ­පිත ය. ඔහු මේ ආකා­ර­යට විෂම අත්දැ­කීම් සමඟ නාට්‍ය වේදි­කාව මත ස්ථාන­ගත ව සිටියේ මෙරට ප්‍රධාන පෙලේ නාට්‍ය­ක­රු­වන් මනමෙ, සිංහ­බාහු, නරි බෑනා වැනි සම්භාව්‍ය හා ගැමි නාටක රීතින් අනුව යමින් දේශීය නාට්‍ය සම්ප්‍ර­දා­යක් වෙනු­වෙන් උත්සාහ කර­මින් සිටි කාල වක­වා­නු­වක ය. ඒ සම්බ­න්ධ­යෙන් ඔහු­ගෙන් කළ විම­සී­මක දී ඔහු දුන් පිළි­තුර ද බැහැර කළ නොහැ­ක්කක් යැයි සිතේ.

“මෙතන දී මට කියන්න ඕනෙ මම  නාට්‍ය හැදුවේ මනමෙ, සිංහ­බාහු බලල නෙවෙයි. චිත්‍ර­පටි බලල යි. ඒ චිත්‍ර­ප­ට­වල ප්‍රකා­ශ­වන මානු­ෂික හරය ඒ වගේම මානව ගැටුම මා තුළ ලොකු ආක­ර්ෂ­ණ­යක් ඇති කළා. එහෙත් එය පෙරලා චිත්‍ර­පට වලින් ම ප්‍රකාශ කරන්න මට නොහැකි වුණා. ඒ නිසා මම නාට්‍ය නිෂ්පා­ද­න­යට බැස්සා.”

තවද ඔහුගේ සාහි­ත්‍ය­යික පැවැත්ම ද අපට පහ­සු­වෙන් අම­තක නොකළ හැක්කක් වේ. ඒ අනුව ගිය මෙරට සාහි­ත්‍ය­යික හැසි­රීම වෙනු­වෙන් ඔහුට වූ විචා­රය ද ඒ හා සමා­නව ම නොමැ­කිය හැක්කක් ය.

“අනිත් කාර­ණය තමයි, සාහිත්‍ය විචා­රය. දැන් ඔය කලින් හිටි පේරා­දෙණි සාහි­ත්‍යය කල්ලිය මොකක් ද කළේ? ඩබ්ලිව්. ඒ සිල්වා ඉතා ශූර කතා­ක­රු­වෙක්. ඒ විත­රක් නෙවෙයි ඔහු නුතන දියු­ණුව වෙනු­වෙන් ලියපු කෙනෙක්. එහි අව­ශ්‍ය­තාව දුටුව කෙනෙක්. ඒ වගේ ප්‍රබල ලේඛ­ක­යෙ­කුව නැති කරල දැම්මා. නිර්මල ගැමි සංස්කෘ­තිය වගේ කල්පිත ගමක් ගැන ලියු පොත් ඉහ­ළට ඔසවා තිබ්බා. එහෙම අහිං­සක ගැමි සමා­ජ­යක් එදා ඔය ලියන කාලෙ­වත් තිබුණෙ නෑ. ලෙනාඩ් වුල්ෆ් තමයි හරි­යට ම ඒ සමා­ජය දැක්කෙ. ඔහුගේ බැද්දෙ­ගම නව­ක­තාවෙ එන සිළි­ඳුලා එහෙම අය. අහිං­සක සිංහල ගැමි­යන්ගේ කතාව එතැ­නින් ඉව­රයි.”

එමෙන්ම “ඉතා පැහැ­දි­ලි­වම අපට වැද­ගත් මට්ට­මින් සාහිත්‍ය අභි­වෘ­ද්ධි­යක් අව­ශ්‍යයි.” යැයි ද ඔහු පැව­සුවේ ය. එහෙත් එතැන දී “සාහිත්‍ය පිළිම වන්ද­නාව නව­ත්වන්න ඕනෙ.”

Comments