දීප්ති­මත් රතු තාර­කා­වක ආලෝ­කය ගැන එඩ්ගාර් ස්නෝ ලොවට කියුවේ මෙසේය | සිළුමිණ

දීප්ති­මත් රතු තාර­කා­වක ආලෝ­කය ගැන එඩ්ගාර් ස්නෝ ලොවට කියුවේ මෙසේය

ජාති­යෙන් ඇම­රි­කා­නු­වෙකු වු ඔහු වෘත්ති­යෙන් පුව­ත්පත් කලා­වේ­දි­යෙකු වුයේ ය. 1905 ඇම­රිකා එක්සත් ජන­ප­දයේ මිසූරි ප්‍රාන්ත­යට අයත් කැන්යාස් නග­රයේ දී උපත ලැබුවේ ය. 1928 වසර වන විට මේ පුව­ත්පත් කලා­වේ­දි­යාගේ සිත තුළ තද­බල ආසා­වක් හට­ගෙන තිබුණි. ඒ සංචා­ර­ක­යෙකු වශ­යෙන් ලොව පුරා ගමන් කිරී­මට ය. එහෙත් අව­සා­නයේ දී සිදු වුණේ ප්‍රවෘත්ති වාර්තා­ක­රු­වෙකු ලෙස චීනය පුරා ඇවිද ඒ සැඟ­වුණ දේශයේ කතාව ලොවට කියා පෑමට ය. චීනයේ වයඹ දිග කලා­පයේ හට­ගත් මහා සාග­තය, ඒ මහා මනුෂ්‍ය ඛේද­වා­ච­කය ලෝක­යට ලියා දන්ව­න්නට කට­යුතු කළේ මේ ප්‍රවෘත්ති පත්‍ර කලා­වේ­දියා ය. ඔහු එඩ්ගාර් ස්නෝ ය. 

මේ චීන අත්දැ­කීම් ප්‍රවා­හය ඔහුගේ මුළු ජීවි­තය ම වෙනස් කළේය. පසු කාල­යක සිය බිරි­ඳත් කැටුව චීන­යට යන හෙතෙම පීකිං හි යෙ චැන්ග් විශ්ව විද්‍යා­ලය ඇසුරේ වෙසෙ­මින් එහි ම දේශ­ක­යෙකු හැටි­යට ද කට­යුතු කරන්නේ ද එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. ඒ වන විට චීන බස ද මැන­වින් දැන සිටි ස්නෝ රට තුළ ද සංචා­රය කර­මින් ස්වදේ­ශීය ජනයා සමඟ මෙන්ම උසස් නාය­ක­කා­ර­කා­දීන්ගේ සමීප මිත්‍ර­යෙකු බවට පත්ව සිටියේ ය.

-එහෙත් එඩ්ගාර් ස්නෝගේ මේ කතාව ට වෙසෙස් දිග පළ­ලක් තිබේ. එය සාමාන්‍ය කතා­වක් නොවේ.

-ඒ 1937 වසර යි. චීන කොමි­යු­නි­ස්ට්වරු චියං­කා­යි­ෂෙක්ගේ වටළා පහර දීමට සාර්ථ­කව මුහුණ දී, සැත­පුම් හය දහ­සක් වූ මහා පා ගමන අව­සන් කොට වයඹ දිග කලා­ප­යට පැමිණ සිටියෝ ය. ඉනි­ක්බි­තිව ජපන් විරෝධි එක්සත් පෙර­මු­ණක් වශ­යෙන් සංවි­ධා­නය වෙමින් ද සිටි­යහ. චීන මහා විප්ල­වයේ ඒ තීර­ණා­ත්මක මෙහෙ­යුමේ දී ඉති­හා­සයේ නිය­ම­යක් වශ­යෙන් හෝ දෛවෝ­ප­ගත තීර­ණ­යක් මත හෝ එඩ්ගාර් ස්නෝ ඔවුන් හමුවේ පෙනී සිටියේ ය. ඔවුන්ගේ මහා ප්‍රාකා­රය හා සමා­නව ම ප්‍රවෘත්ති ආව­ර­ණ­යක් පසු­පස ලොවෙන් සැඟවී තිබු චීනය තුළ බොහෝ ක්‍රියා­කා­ර­කම් ඒ වන විටත් සිදු වෙමින් තිබිණි. ප්‍රාදේ­ශීය යුද්ධා­ධි­ප­තීන්ගේ දේශ­පා­ලන තර්ජන, ඉඩම් හිමි ප්‍රභූ­ත්වය නිර්ධන පාන්තික ගොවීන්ට එරෙ­හිව පැවැත් වූ ආර්ථික පීඩ­නය මෙන්ම ඒ සිය­ල්ලට එරෙ­හිව නැගී එමින් තිබූ චීන විප්ල­වීය දේශ­පා­ල­නය යන මේ සංසිද්ධි හා බැඳුන තවත් බොහෝ සිදු­වීම් එතැන් සිට එඩ්ගාර් ස්නෝගේ ද ජීවන අත්දැ­කීම් බවට පත් වුයේ ය. “රෙඩ් ස්ටාර් ඕවර් චයිනා” යන ඔහුගේ ප්‍රකට කෘතිය මෙන්ම චීනය හා සම්බන්ධ කෘති කිහි­ප­යක්ම ඔහු අතින් ලිය­වෙන්නේ එහි ප්‍රති­ඵ­ල­යක් හැටි­යට ය.

කලක් කොමි­යු­නි­ස්ට්ව­රුන් සමඟ එකට පැවැත පසුව අධි­රා­ජ්‍ය­වාදී ප්‍රති­ගා­මී­ත්ව­යත් සමඟ එක් වූ කුඕ මිත්තාන් පාලන අධි­ප­ති­වා­දය විසින් ස්නෝගේ රෙඩ් ස්ටාර් ඕවර් චයිනා (එය මුලින්ම පළ වුයේ “අ නෝට් ඔන් ද වෙස්ට් වර්ඩ් ජර්නි” යන නමින් චීන සංස්ක­ර­ණ­යක් හැටි­යට ය.)  කෘතිය තහ­නම් කිරී­මට කට­යුතු කළා පම­ණක් නොව යමකු මේ පොත කියවා අසු වන්නේ ද ඔහු හෝ ඇය කොමි­යු­නි­ස්ට්වා­දි­යෙකු ලෙසින් සලකා අව­දා­න­ම්කාරී අත් අඩං­ගු­වට ගැනීමේ තත්ව­යක් ද ඇති කළේය.

කෙසේ වෙතත් කෘති­යක් වශ­යෙන් එය චීනයේ උගත් සමා­ජය තුළ පිළි­ගැ­නී­ම­කට ලක් වූ අතර එහිදී කුඕ මින්තාන් දේශ­පා­ලන වාර­ණය නොසැ­ලකූ තත්ව­යක් ද දැකිය හැකි වූයේ ය. මහා­චාර්ය ලෙස් බෑන් ඒ ගැන මෙසේ පව­සයි.

“එය අන්ධ­කාර අහ­සක දීප්ති­මත් තාර­කා­වක් වැන්න. දස දහස් ගණ­න­කට විප්ල­වීය මං පෙත් පෙන් වූ මං සල­කු­ණක් ද වුයේ ය.”

තරු­ණ­යෙකු වශ­යෙන් පුව­ත්පත් කලා­වට පිවි­සුන එඩ්ගාර් ස්නෝ  තමන් ට බොහෝ දුරින් පිහි­ටියා වූ නැගෙ­න­හිර  කලා­පයේ චීනය නම් සැඟ­වුණ දේශ­යට පිවි­සෙන්නේ එය කුමන ආකා­රයේ දේශ­යක් ද, එහි කුමක් සිදු­වන්නේ ද යන්න ගැන අල්ප­මා­ත්‍ර­යක අව­බෝ­ධ­යක් ඇතිව නොවේ. 

ඇත්ත වශ­යෙන් ම ඔහු එහි යාම ට ගත් ඒ අව­දා­නම් සහ­ගත තීර­ණය පසු­බි­මෙහි වූයේ නැගෙ­න­හිර දෙස සැඟ­වුණ විචි­ත්‍ර­ත්ව­යක් පිළි­බ­ඳව යුරෝ­පයේ ඇති වී තිබු කතා­බ­හෙන් උපන් මායාවි කුතු­හ­ල­යට වඩා වැඩි දෙයක් නොවේ. 

එහෙත් එසේ පැමිණි හෙතෙම අව­සා­නයේ දී පරා­ධීන වැඩ­ව­ස­ම්වා­ද­යෙන් ද නිර්දය විජා­තික යුද ආක්‍ර­ම­ණ­යෙන් ද ලද පීඩ­නය හා ඵෙති­හා­සික වේද­නාව හමුවේ නැගී ආ මා ඕ සේතුං මුල් කොට­ගත් ඒ නිර්ධන පාංතික විප්ල­වීය අර­ග­ලයේ ජීව සාක්ෂි­ක­රු­වෙකු වශ­යෙන් ඉති­හා­ස­යට ඇතු­ළත් වූයේ ය.

විශේ­ෂ­යෙන්ම එක්දාස් නව­සිය තිස් ගණ­න්වල මැද භාගයේ සිදු වූ මහා පා ගමන ගැන ඔහු තොර­තුරු රැස් කළේ ඒ ප්‍රදේ­ශ­වල ඇවිද යමිනි. ඒ මිනි­සුන් සමඟ ගැව­සෙ­මිනි. කොමි­යු­නිස්ට් නාය­ක­යන් සමඟ සම්මුඛ සාකච්ඡා ද පව­ත්ව­මිනි. එසේ රැස් කර­ගත් තොර­තුරු ද ඡායා­රූප ද නැවත නග­ර­යට (වර්ත­මා­නයේ බෙයිජිං) පැමිණ ඒවා ප්‍රවෘත්ති වශ­යෙන් සකස් කොට ඇම­රි­කාවේ සහ බ්‍රිතා­න්‍යයේ පුව­ත්ප­ත්වල ට දිගින් දිගට ම බෙදා හැරියේ ය. නැගෙ­න­හිර කලා­පයේ සැඟ­වුණ චීනයේ ඒ කොමි­යු­නිස්ට් විප්ල­වීය හැසි­රීම ලොව හමුවේ අනා­ව­ර­ණය වූයේ ඒ ආකා­ර­යට ය.

මෙහිදී චීනයේ විප්ල­වීය නාය­කමා ඕ සේතුං සමඟ ක්‍රම­යෙන් කිට්ටු ඇසු­ර­කට යොමු වුණ ස්නෝ විප්ල­වීය සමයේ දීත්, ඉන් පසු­වත් මාඕ සමඟ පැවැත් වූ සම්බ­න්ධ­තාව සහෝ­දර සම්බ­න්ධ­තා­ව­කට අස­මාන නොවන තරම් ය. එය කොත­රම් සමීප වූයේද යත්, අව­සා­නයේ දී මා ඕ සිය පෙෘද්ග­ලික ජීවි­තයේ තොර­තුරු පවා ස්නෝුගේ ලිය­විලි අත­රට එක් කරන තත්ව­යක් ද නිර්මා­ණය වූයේ ය.

“මා ඕ ගේ පියා සිය පුත්‍ර­යාගේ අධ්‍යා­ප­න­යෙන් බලා­පා­රොත්තු වුයේ පවුලේ ආදා­යම් විය­දම් පිළි­බඳ ගණන් හිලව් තබා ගැනී­මක් ය. ලිපි ලිවීම් ආදිය ය. ගණක රාමු­ව­කින් ගණන් කරන ආකා­රය උග­න්ව­න්නට ද ඔහුට ඕනෑ විය. ඒ පිළි­බ­ඳව පියා ඔහුට දැනුම් දුන් පසු බොහෝ රෑ වන තුරු ගණන් තැබීමේ කට­යු­තු­වල නිරත වීම ට ඔහු ට සිදු විය. නිර්දය මිනි­සෙකු වූ ඔහුගේ පියා වැඩ කරවා ගැනීමේ දී තදින් ම සිටි බවත්, තමා එක මොහො­තක හෝ විවේ­ක­යක් ලබ­නවා දකින්න අක­මැති වූ බවත් මා ඕ කීය. පොත්පත් වල වැඩ නැති අව­ස්ථා­වල කුඹුරු වැඩ ට යන ලෙෂ බල කෙරුණි. තමන්ගේ පියා වහා කිපෙන සුළු පුද්ග­ල­යෙකු බවත්, නිත­රම වාගේ තමන් ඇතුළු සහෝ­ද­ර­යින් ට තැළුම් කන්නට සිදු වූ බවත් ඔහු එඩ්ගාර් ස්නෝ හමුවේ පවසා තිබේ.”

මා ඕ සමඟ පැවැත්වු දීර්ග විස්තර ඇතු­ළත් ඔහුගේ රෙඩ් ස්ටාර් ඕවර් චයිනා කෘතිය චීන විප්ල­වයේ හැසි­රීම පිළි­බ­ඳව ලියැ­වුණු නොතිත් කුතු­හ­ල­යෙන් පිරි වීර කාව්‍ය­යක් වැන්න.

“තව­දු­ර­ටත් බලා සිටී­මට කාල­යක් නැත. සතුරු පාර්ශ­්වයේ අති­රේක හමුදා එහි එන්නට පෙර පාලම තමන් යට­තට ගැනී­මට අවශ්‍ය වී තිබුණි. නමුත් එය සිය ජීවි­තය මාරා­න්තික අව­දා­න­මක් හමුවේ තබා කට­යුතු කිරී­මක් වේ.  ඒ නිසා සිය කැමැ­ත්තෙන් ඒ සඳහා ඉදි­රි­පත් වන අය වෙත් නම් ඉදි­රි­යට එන්නැයි ඉල්ලී­මක් කෙරුණි. ඔව්හු ඒ වෙනු­වෙන් ඉදි­රි­පත් වූහ. එසේ ඉදිරි­පත් වූ අය­ගෙන් තිස් දෙනෙකු තෝරා ගැනිණි. අත් බෝම්බ මෙන් ම රයි­ෆල් තුවක්කු ඔවුන් පිට මත්තේ තබා බඳිනු  ලැබීය. 

ඊළඟ අව­ස්ථාවේ පාලමේ යකඩ දම්වැල් හි එල්ලෙ­මින් ගමන් කරන ඔවුන්ගේ දර්ශ­නය දැක­ගත හැකි විය. ඔවුන් ට පහ­ළින් කෝප­යට පත් ජල කඳන් ගොර­ව­මින් ගලා බැස්සේ ය. රතු පාර්ශ්­වයේ මැෂින් තුවක්කු සතු­රාගේ ආර­ක්ෂක කවු­ළු­ව­ල­ටත් මුර කුළුනු වල­ටත් වෙඩි වර්ෂා­වක් පතිත කර­මින් හඬ නග­න්නට විය. 

සතුරු පාර්ශ­්වයේ මැෂින් තුවක්කු ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කර­මින් හඬ නැගී ය.  පාලමේ දම්වැ­ල්වල එල්ලෙ­මින් ප්‍රවේ­ශ­මෙන් ඉදි­රි­යට එමින් සිටි රතු සෙබ­ළුන් ඉලක්ක කොට­ගෙන ද වෙඩි ප්‍රහාර එල්ල වන්නට විය. පළමු වැන්නාට වෙඩි වැදුණි. .ඔහු ගඟට වැටුණි. ජල කඳ තුළ ගිලුණි. දෙවැ­න්නාට ද ඒ ඉර­ණම ම අත් වුණි. තුන්වැ­න්නාගේ ඉර­ණම ද ඊට වෙනස් නොවුණි.....”

එඩ්ගාර් ස්නෝ නම් ඇම­රි­කානු ජාතික පුව­ත්පත් කලා­වේ­දියා සිය විස්ත­රය අත්දැ­කීම් වලින් සන්න­ද්ධව එසේ පව­සයි. ඒත් සම­ඟම ඔබට තවත් එක් කරු­ණක් කීම ට මට සිත් වෙයි. ඒ වුකලී එක් විද්ව­තෙක් කියු­වකි.

“දේශ ප්‍රේමය හමුවේ කුදු මහත් වු බාධා­වන් එක ලෙසින් ම පරා­ජය වන්නේ ය.”

Comments