කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

කෙටි පණි­වු­ඩය

නුඹේ පෙම වියැ­ළුණු

ජිවි­තය ගිලි­හුණු ඉවුරේ

ඉරි තැළුණු මත­ක­යට

ආ වඩමි කඳුළු පැන් ඉසි­මින්..

කඳු ඉහ­ත්තාවෙ නැවති

සඳ මඬල බුම්ම­ගෙන

තරු එක්ක නෑ වචන

නුඹ වාගේ­මයි රෑයම...

රෑහැයි වැල­පෙනා හඬ

බකුසු හඬ මුස­ලය

උල ලේනෝ මන්ද උඹ

මගේ හිත අවු­ලන්නෙ...

හෙටක් නැති දින පොතක

ලිය­න්නට දෙයක් නැත

නුඹට තව දිනක් ඇත

මට අහිමි සින­හ­වක...

නුඹ නුඹ මය

මම මම මය

අපි අපිම නොවන වග

එවා තිබුණා පණි­වි­ඩය

කෙටිව ගිය...

පරා­ක්‍රම ඒක­නා­යක

 

මමයි වෙර­ළයි

ගත සිත යා    වුණේ   කව­දත්                මූද­ටය

දෙස­වන් පින­වුණේ   හෝ හෝ             නාදෙ­ටය

ඇඟ පත සවි වුණේ  දල රළ                ගාන­ටය

මං නම් හිනැ­වුණේ   රැල්ලේ                ගීතෙ­ටය

රළ පෙළ තුරුණු වෙර­ළට තනි               රකින්නී

මොහො­තක් නෑර දෙතො ­ළඟ රස         සොයන්නී

ලස්සන කිරි කවඩි ගෙල වට                 බඳින්නී

සෙනෙ­හස බිඳුණු දා දල රළ                 තලන්නී

අම­නා­ප­යක් ගැන කිසි දා නැත               කිව්වේ

කොතැ­නද මගේ උස් මිටි තැන් ගැන        සෙව්වේ

නැති මුත් මා වටා රන් කහ­වණු              මැව්වේ

එද­වස පටන් ඔබ­මය කුස­ගිනි                 නිව්වේ

සැන­සෙන නමුත් ඔබ සුපු­රුදු වෙරළ             සිප

නැති­වද ඒ සුවය මා වැනි අයට                 කැප

ලැබු­ණත් නොලැ­බු­ණත් මට ඒ නුහුරු            සැප

නොත­බමි කිසි දිනෙක වෙර­ළට අඳුරු            ලප

අමර  පී.  වීර­සිංහ

නොගත් මඟ

ඉදුණු පත් රැඳුණු තුරු මුඳුන් යුත් වන පෙතක

බෙදී ගිය දෙම­ඟ­කිය රැඳී බැලු­වෙමි දෙපස

එකම මගි­යෙ­කිය මා දෙම­ඟෙ­හිම යනු කෙලෙස

එක් මඟක් දෙස බැලිමි හැකි තරම් දුර ඈත

නැවී­යන ඉම තෙක්ම රැඳී තුරු  වදුල තුළ...

වඩා හොඳ යැයි සිතුන අනෙක් මඟ ගතිමි මම

වැසුණු තණ ගොල්ල­කිය වැටුණු තුරු­පත් ගහණ

කිසි­වෙ­කුත් තැබූ පා ලකු­ණ­කුදු නැති සේය

නමුදු පා නඟද්දී ,පෙනේ අත­රින් පතර

නොගත් මඟ තර­ම­ටම පා ලකුණු රැඳුණු බව...

දෙමං­පෙත එක­ලෙ­සම තිබුණි ඒ උදෑ­සන

වැසී තණ­පත් වැවී ,නොවී පිය සට­හන් ද

වෙන දිනෙක යළි පැමිණ යමි එමඟ

සිතා අත් හලද එක් මං පෙතක්

කෙදි­න­වත් යළි එන්න හැකි­වේද ,සැක­ය­කිය...

අනා­ග­තයේ දිනෙක ගැඹුරු සුසු­මක් සමඟ

කිය­න්නට කතා­වක් තිබෙනු ඇත - මේ ලෙසට

වන පෙතක් මැද තිබුණි මඟක් දෙප­සට බෙදුණ

ගතිමි මම බොහෝ අය නොගත් මංපෙත එයින්

මේ සියලු වෙනස් කම් ඉනි­ක්බිති සිදු­වීය...

අමෙ­රි­කාවේ ජාතික කවියා ලෙස සැලැ­කෙන  Robert Frost (1874-1963)  ගේ The Road Not Taken කවියේ ඡායා­නු­වා­ද­යකි.

ගත් මඟට වඩා නොගත් මඟ යන්නට වුණි නම් සියල්ල මෙයට වඩා හොඳ වන්නට තිබි­ණැයි පසු­තැ­වි­ල්ලක් අප කා තුළත් තිබේ. ඒ ගැන ගැඹු­රින් ලියැ­වුණු කාව්‍ය චින්තා­වකි.

කුමු­දිනී වේලා­රත්න

 

පොඩි­වුණු මල

මලක් කියා මා සිප­ග­ත්තත් එද­වස

ගොළු­වත රැක්කේ කෙලෙ­සක අද ඔබ

ගොර­හැඩි දෑතක ඒ මල පොඩිවී

මියැ­දෙන බව දැන­ගෙ­නත් මෙදා..

පිය සෙනෙ­හස ගොස් ඈතට පියඹා

ඔබ විත­ර­ක්මයි මට සිටියේ

කාලය ගෙවිලා නුපු­රුදු සුව­ඳක්

ඔබ වට කැර­කෙන බව දැනුණේ..

එදා ඉඳන් හැම දව­සක් ගානේ

ගැර­හුම් නින්දා­මයි වින්දේ

දුවි­ල්ලක් තර­ම­ට­වත් මා දැන් නම්

ඔබ හට නොව­ටින බව හැඟුණේ..

ආග­න්තුක සිත් කවදා කෙලෙ­සද

හඳු­නන්නේ ලේ සුවඳ ළයේ

මලක්ම පම­ණක් විය මා උන්හට

ඒ හින්දයි ඒ මල සිඳුණේ..

තර­හක් නම් නෑ මං ඔබ එක්කල

අව­සන් සුසු­මත් නැගෙයි හදේ

පින් පුරවා යළි ඔබ වෙත එන්නම්

මේ ඔබගේ අස­රණ දියණී

දම්මිණි ප්‍රේම­චන්ද්‍ර ෆොන්සේකා

 

 කුහුඹු පාඩම

දෙදරා ගියපු පොළ­වක පතු­ලක        රැඳුණ

කුහු­ඹුන් රැළක් අහ­ඹු­ව­කින් ඇස        ගැටින

මුහු­ණට මුහුණ තබ­මින් මොන­වද      කියන

උන් හට තිබුණෙ උන්ගේ වූ සුබ        සිහින

ලාවා කඳක් මෙන් උන් හරි          කඩි­ස­රය

පාවා නොදෙන ගති උන්ගේ           බට­හි­රය

ගාවා නොගෙන අස­ම­ගියේ           පරි­ස­රය

වවා සිටින උන් තව­මත්              පිටි­ස­රය

ජීවන පින්න ඇතිරූ මාවත්             බැම්මේ

ඇදිලා යනෙන විටදී එක ලෙස         පිම්මේ

තිබෙනා සොඳුරු අරු­මැසි දැක සිත නැම්මේ

කුහු­ඹුන් කියා දුන්නේ ජීවිත            රිද්මේ

    

පියුමි ජය­ක­ලණි වික්‍ර­ම­ආ­රච්චි.

 

අන­න්ත­යක 

අප හමු­වෙ­නවා

සිතින් මුදා­හැර

නෙතේ කඳුළු පිස

ආ මඟ තනි­යම මා යනවා...

මුවින් සිනා බර

පිනෙන් සපිරි රුව

පෙර මඟ දසු­නක් වී එනවා....

නෙතට විඩා දී

සැලුණ කඳුළු දියේ

ජීවන ඔරු කඳ පැද­ය­නවා...

ආල වඩන රුව

පහන් තරුව  වී

මට මඟ පෙන්ව­නවා...

රිදෙන තැවෙන සිත

වැල­පෙන මොහො­තක

නුඹේ සොඳුරු රුව සිහි­වෙ­නවා...

විදු නැණ නුදු­ටුව

දුර ලොව මතු­දින

ඈත අන­න්තයේ

දව­සක ඔබ මා හමු­වෙ­නවා.

ප්‍රියානි. පී. රණ­සිංහ

 

අපට මොන අවු­රුදු ද

නිමිත්ත-  ගංව­තුර නිසා ගඟේ ගිලෙ­මින් සිටි දැරි­යක බේරා ගන්නට ගිය ගැමි­යෙකු දියේ ගිලී මිය­යෑම.

මහා පෙම්පු­රා­වත ඒ ලෙසින් නිම      වෙච්චි

කොත ළඟම ගඳ­පාන ගස් ඉබේ පැළ  වෙච්චි

සත් දිනෙන් තුන් මසින් ගමට අම­තක වෙච්චි

උඹ තාම ඔතන නිදි නේද මයෙ      අප්පච්චි

මහා ගංදිය රැගෙන කලු­වාගේ දුව        හිච්චි

පහළ ගං යන බියෙන් මුළු ගමම    ඇල­ලිච්චි

නොසිත හිඳ දෙපා­රක් දහි­රි­යෙන් ගත වෙච්චි

මහා දළ දිය කඳට පැන්නේ ඇයි     අප්පච්චි

පොඩි එකී උසු­ලාන කලු­වට දී           හිච්චි

ගොඩ  එන්න තනද්දි ලිස්සුවා        අප්පච්චි

අදත් එව­දන් වැල් කවුරු හෝ         පව­සද්දි

මට තරහ දැනෙන්නේ ‘හිච්චි‘ හා    අප්පච්චි

දින සති ද අවු­රුදු ඒ ලෙස          ගත­වෙච්චි

හීන­යක් වගේ  ඒ සිඳු­වීම            සිදු­වේච්චි

අදත් එව­දන් වැල් කවුරු හෝ         පව­සද්දී

මම තරහ දැනෙන්නේ ‘හිච්චි‘හා     අප්පච්චි

දින සති ද අවු­රුදු ද ඒ ලෙසම      ගත­වෙච්චි

හීන­යක් වගේ ඒ සිදු­වීම             සිඳු­වෙච්චි

අදත් හිත පෙලෙ­නවා බක්ම­හක් ළං     වෙද්දි

අපිට දුක දැනෙන එක වැරදි නෑ     අප්පච්චි

අදත් එර­බඳු පිපේ කලින් මල්වර       වෙච්චි

කොහෝ හඬ ගෑව­මුත් නොමැත ඒ ගැන­නිච්චි

බක්මහේ හඳ එක්කලා ගිහිං         හැංගිච්චි

උඹ නැතුව අපට මොන අවු­රුදු ද    අප්පච්චි

අනු­ෂිකා කර­විට

 

නට­බුන් ප්‍රේමය

ප්‍රේමයේ නට­බුන් නගරේ

ගල්කු­ලුනු වෙන්නෙමු අපී         

අපට අහි­මිවු විජි­තයේ          

ගල්කු­ලුනු වෙන්නෙමු අපී

රැහැ­යි­යනි, හොඳ­ටම ඇති         

විරහ ගී කිසි රහ නැතී..        

දුමා­රය තව වියැ­කිලා නෑ         

රෝස­පෙති ඇවිලී වැටී

තාරකා පැල් බැඳන් අහසේ        

සිටි­න­මුත් එළි­යක් නැතී..        

විජි­ත­යම ගිලි­හුණා ඉදිරී        

ගල් කුළුනු ඉති­රිව තිබී ...

නය­න­සේන වන්නි­නා­යක

 

යන්ත්‍ර

කාඩ්පත පම­ණක්ම

වමා­රන

ඒ.ටී.එම්. මැෂිම

වමා­රයි

ආප­සුත් වමා­රයි

වමා­රයි

හරිම බඩ

දැවි­ල්ලයි

වමා­රයි.

සමන් ගුණ­හේ­රත්

 

උදා­නය

අදත් පායලා රන් හිරු

ජීවි­ත­යම කල­එළි කර

මෙතෙක් දිවියෙ නොදුටු අයුරු

රන් කෙඳි නිවි නිවි දිලි දිලි...

පොල් අතු අත­රින්

පෙරදා රෑ ඔබෙ නෙතු තරු

දිලි­සුණු ආලය තැවරී

මේ හිරු උණු­සු­මට වඩා

මා නිවුවා සීත නොදී

හදට තුරුළු වෙමින්

ළබැඳි සබඳ අලුත් ලොවට

පිය නග­නෙමි ඔබෙ අත ගෙන..

දනිමි සියලු රැක­ව­ර­ණය

ආද­රය ද එහි ඇති බව

අපෙ සෙනෙ­හස නමින්

අලුත උපන් මල් දහ­සක

සුවඳ පැහැය හුස්ම වැදී

හදට උනයි රතු ලේ බිඳු

නැවත උප­ද්ද­මින්

අප අපගේ වෙමින්

මංග­ලිකා පෙරේරා

 

 

රට සුර­කිමු

බුදුන් දවස විශාලා නුව­රට තුන් බිය   ආවා

බුදු බල­යෙන් ඒ හැම දුර               වුවා

කොරෝ­නාව දුරුවී  සැම සුව­පත්     වේවා

මගෙ රට සැමදා  ජයම             ලබත්වා

සියලු දෙනා එක් වී රට රැක            ගමු

තැන තැන නොගො­සින් ආරක්ෂා     වෙමු

දුක සැප සම­බර ලෙසින් බාර           ගමු

මේ රට සුර­කි­න්නට අපි           කැප­වෙමු

පුෂ්පා මල්ලිකා

 

කේතකී

සඳ එළිය වැටි වැව් දිය මතින්

ගන­ඳුර බිඳී සිසි­ලස අරන්

නැව්කඩ කොනෙක පිපි

කේතකී මල

නුඹ පිපේ සුදු සළු ඇඳන්...

දිය කඩිති බැමි මත හිස තියන්

නුපු­රුදු බැලුම් හෙළනා ලෙසින්

ඇඳි සළු උනා නුඹ

වැල­පුණේ කිම

නොපෙ­නෙනා දුර­කට ගිහින්...

රැලි වැටුණ මල් පෙති හැකිෙ­ළ­මින්

බිම බලා ඉකි බිඳ වැල­පෙ­මින්

සමු ගෙන ගිහින් දුර

නොඑන ඈතක

දිනෙක යළි නොඑනා ලෙසින්....

දේශෝ­දාර ලිය­නගේ

 

 

ගෙවැ­දීම

සුදු පිරි­ය­මින් ඔප ලූ

මහ ගෙයි මිදුලෙ දොර­කඩ

රත් මල් වදුලෙ හැංගෙන

පැණි කුරු­ල්ලෙක් දැක්කද..

හීන් තුඩ­ඟින් ඇන ඇන

ඇහිඳ ගත් කෙඳි එකි­නෙක

රත් මල් ගොමුවෙ හංගන

ඇබිති පා පොඩි දැක්කද..

අතු ඉති ළපලු මැද්දේ

රත් මල් සෙවණෙ ඉදි වන

අලුත් ගෙද­රට ගෙව­දින

ළා හිරු කිරණ දැක්කද..

අලුත් ගෙයි හැඩ බල බල

මහ ගෙදර බොල් බිත්ති ද

උදෑ­සන හිරු එළියේ

දැපී දිලිසේ.. නොපෙ­නෙද..

පිපුණු රතු  මල් කෙමි­යක

රත්ම රත් මල් සුව­ඳක

වෙළී අප එහි කැන්දන

ගෙහිමි ගී සර ඇහු­ණද..

අලුත් ගෙයි හැඩ දැක්කද..

විපුලි නිරෝෂි හෙට්ටි­ආ­රච්චි

කෙටි බිත්ති­යෙන් එපිට

පුත නුඹ ..,

මායා­රූපී නිද්‍රා­වක  

ගිලී සිටි­යෙහි ය...

ඒ මායා­කාර සුර­ඟ­නන්

මායා යෂ්ටි­යෙන්

සන් කළෙ­හිය

මම

හුණු­කූර අතැ­තිව

අස­ර­ණව

බලා සිටි­යෙමි

නුඹ ..

කෙටි බිත්ති­යෙන්

මතු නොව ..

දේශ සීමා මායිම්ද

පැන ගියේය ..

මුහුණ පෑ යුතු කල්හි

පලා­යා­මය..

නුඹ උගත්තේ ...

වලග කොන ගිනි­ගෙන

පලා­විත්

ගම් බිම් ගිනි­ල­තැයි

සස­ල­වෙයි සිත ..

මළ­වුන් අතර වේදැයි

ඇදුම් කයි සිත ...

පුත­ණු­වෙනි ,

කෙටි බිතෙන් මෙපි­ටට

අත දිගු කරමි ...

අදත් මා සුර­තෙහි

හුණු­කූර...පම­ණක් ය

දුකින් වුව කියමි..

සුහ­ර්ෂිණී ධර්ම­රත්න

 

Comments