ගම්පහ දිස්ත්‍රික්කයේ ජයත් පොහොට්ටුවට | සිළුමිණ

ගම්පහ දිස්ත්‍රික්කයේ ජයත් පොහොට්ටුවට

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද 807896ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු තැනට පත්ව සිටියි.

සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 285809ක්.

ජාතික ජන බලවේගය ඡන්ද 61833ක් ලබාගත්තේය.

එක්සත් ජාතික පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 28282ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1731866ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1303983ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද 75509ක් වෙයි

වලංගු ඡන්ද සංඛ්‍යාව 1228474ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 35701ක්.

සමගි ජන බලවේගය ඡන්ද 7615ක් ලබාගත්තේය.

ජාතික ජන බලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද 3841ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1359ක් ලැබී තිබේ.

Comments