නුවරඑළියේ ජයත් පොදුජන පෙරමුණට | සිළුමිණ

නුවරඑළියේ ජයත් පොදුජන පෙරමුණට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේ වනවිට නිකුත්වී තිබේ.

එම දිස්ත්‍රික්කයේ ජය හිමිවුයේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 230389ක්.

සමගි ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 132008ක් ලැබී ඇති අතර ස්වාධීන කණ්ඩායම 1 ඡන්ද 17107ක් ලබාගත්තේය.

එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 12974ක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 557976ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 465025ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 42048ක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් ද පෙරමුණ හිමිවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔවුන් ඡන්ද 11751ක් ලබාගත්තේය.

සමගි ජන බලවේගය තැපැල් ඡන්ද 3682ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 720ක් ලබා ඇත.

ජාතික ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හිමිවු ඡන්ද සංඛ්‍යාව 671ක්.

 

Comments