බේරූට් හි විශාල පිපිරීමක් | සිළුමිණ

බේරූට් හි විශාල පිපිරීමක්

ලෙබනන් අගනුවර වන බේරූට් හි සිදුවූ විශාල පිපිරීමකින් පුළුල් හානියක් සිදුවී ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇතැයි ලෙබනන් රතු කුරුස සංවිධානය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බේරූට් අගනුවර පිහිටි වරායේ පිහිටි ගිනිකෙළි ගබඩා සංකීර්ණයක මෙම පිපිරිම සිදුව ඇති බවයි.

පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමෙන් දැනට ලැබෙන වාර්තා අනුව 10 දෙනෙකු පමණ මරණයට පත් වී විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ගිනි ගැනීම පැය 2 තිස්සේ නොකඩවා තවමත් සිදු වෙමින් පවති.

ලෙබනනයේ අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානියා පැවසුවේ පිපිරීම සිදුව ඇත්තේ අධික ලෙස පුපුරන ද්‍රව්‍ය සහිත ප්‍රදේශයක බවයි.

Comments