ලෙබනන් පිපිරුමෙන් ලාංකිකයකුට තුවාල | සිළුමිණ

ලෙබනන් පිපිරුමෙන් ලාංකිකයකුට තුවාල

ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

ඒ පිළිබඳ තව දුරටත් තොරතුරු සොයා බැලීමටද තානාපති කාර්යාලය කටයතු යොදා ඇත.

ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරයි

ඊයේ සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙනි.

Comments