ළමා අප­යෝ­ජ­ක­යන්ට රතු එළි­යක් | සිළුමිණ

ළමා අප­යෝ­ජ­ක­යන්ට රතු එළි­යක්

ලෝකයේ අනෙ­කුත් රට­වල මෙන්ම ලංකාවේ ද වර්ත­මා­නයේ සිදු­වෙ­මින් පව­තින්නේ සිදු නොවිය යුතු දෑය. මෙහි බල­පෑම වර්ත­මා­න­යට මෙන්ම අනා­ග­ත­යට ද හානි­කර බව කිව යුතුය. ළමා අප­යෝ­ජන අත­රින් බර­ප­තළ ලෙස දරු­වන් මාන­සික මෙන්ම කායි­ක­වද පීඩා­වන් එල්ල කරන ලිංගික අප­යෝ­ජන ලංකාව තුළ සක්‍රී­යව ක්‍රියා­ත්මක වන බව පසු­ගි­යදා එළි වූ සිදු­වීම් කිහි­ප­ය­කින්ම පෙනෙ­න්නට තිබේ.

මේ සිදු­වීම් අතු­රින් අනා­ව­ර­ණය වූ එක් කරු­ණක් වූයේ පුත්ත­ලම පදිංචි හත­ළිස් එක් හැවි­රිදි ලෝමු මුදි­ය­න්සේ­ලාගේ සිමි­යොන් ඇලෝ­සි­යස් නැමැත්තා විසින් පුත්ත­ලම පොලිස් බල ප්‍රදේ­ශ­යට අයත් අසි­රි­ගම, සිර­ම්බි­අ­ඩියේ පදිංචි දාහත් හැවි­රිදි දැරි­යක ලිංගික අප­යෝ­ජ­න­යට ලක්කර ඝාත­නය කිරී­මය. පුත්ත­ලම කුරු­ණෑ­ගල පාරේ අක්කර 15 ක ප්‍රමා­ණ­ය­කින් යුතු වූ පොල්වත්තේ මුර­කු­ටි­යක් තුළදී මෙම දැරිය අප­යෝ­ජ­න­යට ලක් කර මරා දැමූ සැක­කරු, දැරි­යගේ මවට තර්ජ­නය කර ඇත්තේ පොලි­සි­යට දන්වා තිබු­ණ­හොත් ඇය ද මරා දමන බවය. කිසිදු දිනෙක පාසැල් ගොස් නැති මේ දැරිය සම්බ­න්ධ­යෙන් ඇගේ මව පව­සන්නේ අසි­රි­ගම, සිරම්බි අඩියේ, අලියා මරි­ක්කාර් වත්තේ පදිංචි සැක­කාර පුද්ග­ලයා සමඟ තමා අනි­යම් සබ­ඳ­තා­වක් පව­ත්වන බවත් අස­ල්වැසි නිව­ස­කට ගොස් සිටි­යදී ඔහු දැරි­යට අත­වර කර ඇති බවත්ය. මෙකී සිදු­වී­මෙන් පසු දැරිය සර්ප­යකු දෂ්ට කළ බව කියා රෝහල් ගත කර­න්නට කට­යුතු කළ නමුත් ඒ වන­විට දැරිය මිය ගොස් සිටි­යාය. රෝහ­ලට ගෙන යෑමේදී මෙම දැරිය මිය ගොස් සිටි නිසා හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා තීන්දු කරනු ලැබූවේ පුත්ත­ලම මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා වෙත පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සඳහා බාර­දී­ම­ටය.

කෙසේ වෙතත් පරී­ක්ෂණ කට­යුතු හා භාර පොලිස් සැර­යන් ප්‍රදීප් ඩිලන්ත (53673) මහතා දැරිය නැවතී සිටි නිවෙ­සට ගොස් පරී­ක්ෂණ කට­යුතු සිදු කිරී­මේදී සැක­යක් මතු­වූයේ මව දැනු­වත්ව අප­රා­ධ­යක් සිදුව ඇති බවයි. මුර කුටියේ වසා දමා තිබූ කාම­ර­යක රෙදි විසිර තිබී­මත්, මුර කුටි­යෙන් එපිට පොළොව හාරා වළ දා තිබූ රුධි­රය සහිත රෙදි කැබලි සොයා ගැනී­මත් මවගේ ප්‍රකා­ශ­න­යන් පර­ස්පර වීම නිසාත් සැකය තහ­වුරු වූයේ අප­රා­ධය කිරීම සඳහා මවගේ සහාය ද ලැබී ඇති බවයි. මෙය වඩාත් තහ­වුරු වූ කාර­ණාව වූයේ විවාහ වී වෙනත් ප්‍රදේ­ශ­යක පදිංචි ව සිටින දාහත් හැවි­රිදි දිය­ණිය තම නැග­ණි­යගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් තම මව මෙම අප­රා­ධ­යට වග­කිව යුතු බව පැව­සීම ද නිසාය. කෙසේ වෙතත් මේ සම්බ­න්ධව පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක්ම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධ­යෙන් යොදවා තිබිණි.

මේ හා සමා­න­වම අනෙක් සිදු­වීම වාර්තා වන්නේ බුත්තල ඔක්ක­ම්පි­ටිය ප්‍රදේ­ශ­යේදී දොළොස් හැවි­රිදි දැරි­යක් ලිංගික අප­යෝ­ජ­නය කිරීම සම්බ­න්ධ­යෙනි. එකී සැක­කරු හා ඔහුගේ බිරිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර මෙම දැරිය මාන­සික රෝග­ය­කින් ද පෙලෙන බව සඳ­හන්ය. මෙසේ දොළොස් හැවි­රිදි දැරිය අප­යෝ­ජ­න­යට ලක් කළ සැක­කරු දැරි­යගේ ඥාති­යෙක් බව හඳු­නා­ගෙන ඇත. සැක­කාර යුවළ වැල්ල­වාය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ ඉදි­රි­පත් කිරී­මට නියම වූ අතර මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු සිදු කර­මින් පවතී. බොහෝ ළමා අප­යෝ­ජන පිළි­බඳ සැල­කී­මේදී අනා­ව­ර­ණය වන්නේ බොහෝ විට එවැනි දෑ සිදු වන්නේ දරුවා දන්නා හඳු­නන අස­ල්වැ­සි­ය­කු­ගෙන් හෝ ඥාති­යෙ­කුගේ මාර්ග­යෙනි. ඉහත කී සිදු­වීම් දෙකම මෙයට පූර්ව නිද­ර්ශන සප­යයි.

ගුරු වෘත්තිය යනු අනා­ගත ලෝකය භාර ගැනී­මට සිටින දරු­වන්ට යහ­මඟ පෙන්වන උතුම් වෘත්ති­යකි. නමුත් එම වෘත්ති­යට ද නිගා දෙමින් ඉංග්‍රීසි උප­කා­රක පන්ති ගුරු­ව­ර­යෙකු ලෙස සේවය කළ 54 හැවි­රිදි නිරන්ත එදි­රි­සිංහ ළමා අප­යෝ­ජන සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පසු­ගි­යදා කොල්ලු­පි­ටිය පොලී­සිය සමත් වූ අතර ලබන මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් කිරී­මට ගංගො­ඩ­විල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කරන ලදී. මේ සම්බ­න්ධ­යෙන් මාතර ළමා හා කාන්තා කාර්යාං­ශයේ විම­ර්ශන නිල­ධා­රි­නි­යක වන වරුණි බෝග­හ­වත්ත කොල්ලු­පි­ටිය ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුමිත් ගුණ­රත්න මහතා සමඟ පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කෙරිණි.

නිවෙ­ස්ව­ලට ගොස් ළමුන් සඳහා අති­රේක ඉංග්‍රීසි පන්ති පැවැත් වූ මෙම පුද්ග­ලයා සතුව තිබූ පෙන් ඩ්‍රයිව් එකක් අස්ථා­න­ගත වීමෙන් එහි තිබූ වීඩියෝ සමාජ ජාල වෙත මුදා හැරීම මත මෙකී සිදු­වීම අනා­ව­ර­ණය කර ගැනී­මට පොලි­සිය සමත් විය. මේ සඳහා පැමි­ණිල්ල කර තිබුණේ විදෙස් රටක ජීව­ත්වන ශ්‍රී ලාංකි­ක­යෙකු විසිනි. ඔහුගේ නිව­සෙන් දරු­වන්ගේ පාසල් ඇඳුම් කීප­යක් ද සොයා ගැනී­මට සමත් වූ අතර ඒ සමඟ ප්‍රසිද්ධ පාසල් වල නිල ලාංඡන රාශි­යක් ද තිබිණි. එමෙන්ම ඔහුගේ ජංගම දුර­ක­ථ­නයේ දරු­වන්ගේ ඡායා­රූප 200ක් හා අසැබි දර්ශන සොයා ගැනී­මට ද පොලි­සි­යට හැකි­විය. වඩා වැද­ගත්ම කරුණ වන්නේ වසර දහ­යක් මුළු­ල්ලේම ඔහු මෙම ක්‍රියා­ව­ලිය සිදු කර තිබී­මය. මුල්ම කාලයේ කොමි­යු­නි­කේ­ෂන් එකක් පව­ත්වා­ගෙන ගිය මෙම පුද්ග­ලයා පසුව උප­කා­රක පන්ති පැවැ­ත්වීම ආරම්භ කර තිබේ. මෙසේ අප­යෝ­ජ­න­යට ලක්වී ඇති සිය­ලුම දරු­වන් පිරිමි දරු­වන් වේ.

මෙම පුද්ග­ලයා ජන­ප්‍රිය රූප­වා­හිනී නාළි­කා­වක රියැ­ලිටි වැඩ සට­හන් පසු­තල නිර්මා­ණ­ක­රු­වකු ලෙස ද කට­යුතු කර­න්නෙකි. එමෙන්ම ඔහු ළමා චිත්‍ර­ප­ට­යක් වෙනු­වෙන් තිර පිට­ප­තක් ද ලියූ­වෙකි. පොලි­සිය විසින් ඔහු­ගෙන් ප්‍රශ්න කිරීම් කරන ලද අව­ස්ථා­වේදී ඔහු පවසා ඇත්තේ වයස අවු­රුදු 11 පමණ සිට වයස අවු­රුදු 18 දක්වා පිරිමි ළමුන් සම්බ­න්ධ­යෙන් ඔහුගේ දැඩි කැමැ­ත්තක් තිබෙන බවයි. මේ සඳහා හේතු වී ඇත්තේ ගැහැනු දරු­වන්ට ලබා දෙන ආර­ක්ෂාව පිරිමි දරු­වන්ට ලබා නොදී­මයි. මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්වන ජාතික ළමා­ර­ක්ෂක අධි­කා­රියේ සභා­පති මහා­චාර්ය මුදිත විදා­න­ප­ති­රණ මහතා පව­සන්නේ ගැහැනු, පිරිමි බේද­ය­කින් තොර­වම දරු­වන් කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතු බවයි. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සඳ­හන් කරන්නේ මෙවැනි අප­යෝ­ජ­න­යන් පිළි­බඳ මවු­පි­යන්ට සැක­යක් ඇත්නම් ඒ පිළි­බඳ තොර­තුරු පොලි­සි­යට හෝ 1929 අංක­යෙන් ජාතික ළමා රක්ෂණ අධි­කා­රි­යට දැනුම් දෙන ලෙසයි.

ළමා අප­යෝ­ජන සම්බන්ධ සර­ලම නිර්ව­ච­නය නම් දරු­ව­කුගේ කායික හෝ මාන­සික තත්ත්ව­යන්ට පිට­ස්ත­රව ඔවුන්ගේ යහ­ප­තට හා කල් ක්‍රියා­වට එරෙ­හිව සිදු කරනු ලබන කවර ගණයේ හෝ ක්‍රියා­වකි. ඔක්ස්ෆර්ඩ් ශබ්ද­කෝ­ෂයේ ළමා අප­යෝ­ජන යන්න පිළි­බ­ඳව හඳුන්වා දී ඇත්තේ දරු­වන් කෙරෙහි අන­ර්ථ­යක් ඇති වන අයු­රින් ක්‍රියා කිරීම හෝ සැල­කී­මයි. මෙහිදී ඔවුන්ට සිදු­වන ලිංගික අත­ව­ර­යන් සම්බ­න්ධ­යෙන් මූලික අව­ධා­ර­ණය යොමු කරයි. ළමා අප­යෝ­ජ­න­යන් අතර බර­ප­ත­ළම අප­යෝ­ජ­නය ලෙසින් හැඳින්වෙන්නේ ලිංගික අප­යෝ­ජ­න­යයි. මේ සඳහා ලෝකයේ සෑම රටක්ම පාහේ ලබා­දෙන දඬු­වම් වලින්ම එය කවර ආකා­රයේ බර­ප­තළ වර­දක් දැයි පැහැ­දි­ලි­වම පෙනේ.

ලෝකය දෙස අව­ධා­නය යොමු කිරී­මේදී පෙනෙ­න්නට තිබෙන කාර­ණ­යක් වන්නේ වැඩි­යෙන්ම ළමුන් ලිංගික අප­යෝ­ජ­න­යන්ට ලක් වන්නේ ඉන්දි­යාවේ බවයි. එහි සෑම විනාඩි පහ­ළො­ව­කට වරක් එක් දරු­වකු ලිංගික අප­යෝ­ජ­න­ය­කට ලක් වේ. 2016 වසර අව­සා­නය වන විට වාර්තා වූ පරිදි එහි ලිංගික අප­යෝ­ජ­න­යන්ට ලක් වූ දරු­වන් සංඛ්‍යාව 36,202කි. එය එසේ වුවද ශ්‍රී ලංකාව දෙස බැලී­මේදී පෙනී යන්නේ ලොව වැඩිම ළමා ලිංගික අප­යෝ­ජ­න­යක් වන රට වන ඉන්දි­යාවේ ජන­ග­හ­නය හා සසඳා බැලී­මේදී එය මඳක් වැඩි බවයි. 2020 වසර වන විට දරු­වන් 5000 ට වැඩි ප්‍රමා­ණ­යක් අප­යෝ­ජ­න­යට ලක්ව ඇති බව සඳ­හන්ය. පළමු දින පහ­ළො­වේදී පම­ණක් ළමා අප­යෝ­ජන සිද්ධීන් 54ක්ම වාර්තා වේ. ජාතික ළමා­ර­ක්ෂක අධි­කා­රිය පව­සන්නේ පසු­ගිය කොරෝනා වසං­ගත සමයේ රට වසා දමා තිබූ කාලයේ අනෙ­කුත් කාල­ව­ලට වඩා ජාතික ළමා­ර­ක්ෂක අධි­කා­රි­යට ළමුන් සම්බන්ධ පැමි­ණිලි 3500 ක් පමණ ප්‍රමා­ණ­යක් ගලා ආ බවයි. එය පෙර කාලය හා සසඳා බැලී­මේදී 40% ක වැඩි වීමකි. මාර්තු 1-30ත් අතර කාල­යේදී හිංසන 12ක් ද අප්‍රේල් මාස­යේදී ලිංගික හිංසන 65ක් මෙන්ම මැයි මාසයේ එය 100 ඉක්මවා ද කෙමෙන් වර්ධ­නය වී ඇති බව සඳ­හන් කරයි. කෙසේ වෙතත් 2015- 2019 කාලය අතු­රතුරදී ළමා අප­යෝ­ජන සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 41177 ක් ලැබී තිබෙන අතර 1929 දුර­ක­ථන අංක­යට පැමි­ණිලි පන්ලක්ෂ පනස් දාහක් පමණ ලැබෙන බවත් සඳ­හන්ය.

මෙවැනි සිදු­වීම් බහුල ව සිදු වන නිසා ළමා අප­යෝ­ජ­න­යට එරෙ­හිව දැඩිව නීතිය ක්‍රියා­ත්මක කිරීම සඳහා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය හා ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය එක්ව වැඩ පිළි­වෙ­ළක් ආරම්භ කිරී­මට සූදා­න­මින් සිටී. 2017 වසර අව­සන් වන විට වසර 10 ක් තරම් කාල­යක් තිස්සේ ළමා අප­යෝ­ජන සිද්ධීන් දාහත් දහ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නත­රව තිබෙන අතර 2018 ජන­වා­රියේ දී ශ්‍රී ලංකා­වෙන් ඉදි­රි­පත් වූ වාර්තා පිළි­බඳ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්ස­ලයේ අව­සාන නිරී­ක්ෂ­ණයේ දී ශ්‍රී ලංකා රජය විසින් ළමා ආර­ක්ෂ­ණය සම්බ­න්ධ­යෙන් ගෙන ඇති ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව රතු අන­තුරු ඇඟ­වී­මක් නිකුත් කර­මින් තිබිණි.

කෙසේ­වෙ­තත් මිනිස් කමට මුවාවී අනා­ග­තය භාර ගැනී­මට සිටිනා මල් වැනි දරු­වන් තළා­පෙළා දමන මෙවන් පාප­ත­ර­යින් නීතිය ඉදි­රි­යට ගෙන දඬු­වම් කිරී­මට සහාය වීම අප සැම­ගේම යුතු­ක­මකි.

Comments