වසර 10ක් වසා තිබූ හිඟු­රාණ සීනි කම්හල යළි පණ ලබයි | සිළුමිණ

වසර 10ක් වසා තිබූ හිඟු­රාණ සීනි කම්හල යළි පණ ලබයි

එජාප ආණ්ඩුව පිටරටින් සීනි ගෙන්වීම නිසා හිඟුරාණ සීනි කම්හල පවත්වා ගත නොහැ­කිව වසා දමලා

එජාප ආණ්ඩුව වීර­බාහු නැමැති ආයෝ­ජ­ක­යාට රු. මිලි­යන 125කට කම්හල විකුණලා

යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට රු.මිලියන 2500ක් වැය කිරීමට සමා­ගම සූදා­නම්

ඉගි­නි­යා­ගල සේනා­නා­යක සමු­ද්‍රය ඉදි­ක­රනු ලැබී­මෙන් පසු  ගොවි ජන­පද 40 ක් ආරම්භ කර ගොවි පවුල් පදිංචි කර­වී­මෙන් අන­තු­රුව බහු­කාර්ය යෝජනා ක්‍රම කිහි­ප­ය­කට දොරටු විවෘත විය. චව­ල­කඩේ හාල් මෝල , හිඟු­රාණ සීනි කම්හල, එර­ගම උළු කම්හල, අම්පාර දැව කම්හල,  ටයර් කම්හල, ඉගි­ණි­යා­ගල විදු­ලි­බ­ලා­ගා­රය, හාඩි කාර්මික ආය­ත­නය ,  බිහි වූයේ  ගල්ඔය ගොවි ජන­පද ව්‍යාපා­ර­යට සම­ගා­මී­වය.

 ඩී. එස්.සේනා­නා­යක විසින් ගල්ඔය ගොවි ජන­ප­දය ආරම්භ කර මෙම ප්‍රදේ­ශ­යට නවෝ­ද­යක් ඇති කරනු ලබු බව දේශ­පා­ලන රැස්විම් වලදී එජාප දේශ­පා­ල­ඥ­යන් විසින් මහත් ආඩ­ම්බ­ර­යෙන් පව­සන ලබන නමුත් 1976 දී පත් වූ ජේ.ආර් ජය­ව­ර්ධන රජය විසින් මෙර­ටට හඳුන්වා දුන්  විවෘත ආර්ථි­කය නිසා තම නාය­කයා විසින් ආරම්භ කරනු ලැබු ආය­තන  පව­ත්වා­ගෙන යා නොහැ­කිව  වසා දමා ජන­තාව අත­රමං වූ බව  පැව­සී­මට  මැලි වෙති.

1956 දී ආරම්භ වූ හිඟුරාණ සීනි කම්හල 1960 -1961 ඇඹ­රුම් වාරය ආරම්භ කරනු ලැබීය. 1960 ජුලි මාසයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ රජය යටතේ විශාල කර්මාන්ත නවෝ­ද­යක් ඇති විය. නමුත් අප රටේ නිප­දවා ගත­හැකි සීනි කර්මාන්ත වැඩි දියුණු නොකර පිට­ර­ටින් සීනි ගෙන්වී­මට මුල පිරුවේ 1977 දී ජේ. ආර් ජය­ව­ර්ධන ආණ්ඩුව බව කවු­රුත් දනිති.   රජ­යට සම්බ­න්ධව පවත්වා ගෙන­ගිය සීනි  සංයුක්ත මණ්ඩ­ලය  මරණ මංච­කය දක්වා ගෙන ගොස්  තමන්ගේ හිත­ව­තුන්ට එම සම්පත් කුණු කොල්ල­යට විකි­ණීම ආරම්භ වූ පසුව රටම  අඳු­රට ඇද වැටිණ. 

අම්පාර මහ දිසා­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ සුනිල් කන්න­න්ගර දිසා­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු  කරන වක­වා­නු­වේදී පෞද්ග­ලි­ක­ක­ර­ණය කරනු ලැබු හිඟුරාණ සීනි කම්හලේ සභා­පති වශ­යෙන් 2007  සිට 2009 දක්වා වසර දෙකක පමණ කාල­යක්  කට­යුතු කිරී­මෙන් ලැබු අත්දැ­කීම සමඟ වැද­ගත් සිද්ධීන් කිහි­ප­යක්  ‘සිළු­මිණ‘ ට පැව­සුවේ මෙසේය.

‘ගල්ඔය  මිටි­යා­වත  සංව­ර්ධ­නය කිරීම සඳහා ඉදි කිරීම් කට­යුතු කර­ගෙන යන අත­ර­තු­රදී 1950 දී  ලෝක ආහාර හා කෘෂි කර්ම සංවි­ධා­නය විසින්  අක්කර 30 ක  පර්යේ­ෂණ උක් වගා­වක් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව 1956 දි සීනි කම්හල ආරම්භ කරනු ලැබු අතර 1960  ජුලි 06 වනදා  ප්‍රථම උක් ඇඹ­රීම සිදු කළා.  1960 -1961 උක් ඇඹ­රුම් වාර­යේදී  දින­කට උක් ටොන් 2000 ක් ඇඹ­රී­මට හැකි වුණු අතර සුදු සීනි ටොන් 2274.7 ක්  සහ  දුඹුරු සීනි ටොන් 2556 ක් ද මොලැ­සස් 1904 ක් ද නිප­දවා ඇති බව  වාර්තා­ව­ලින් පැහැ­දිලි වෙනවා. ගල්ඔය දකුණු ඉවුරේ අක්කර 10500 ක් සහ  එක්ග­ල්ඔය ව්‍යාපා­රය යටතේ අක්කර 4000 ක් ද උක් වගා­වට වෙන් කරනු ලැබුවා. 

උක් කම්හල වැසී ගොස් තිබුණු යුගයේ දී මෙම ප්‍රදේ­ශයේ එක් දේශ­පා­ලන­ඥ­යෙක් හැර අනෙ­කුත් අයගේ අද­හස වූයේ මෙම ඉඩම් වල  වී වාග­වට අව­ස්ථාව ලබා­දිය  යුතු බවයි. ඇමති මණ්ඩ­ලයේ තීර­ණයට ඉහ­ළින් යෑමට දිසා­ප­ති­ව­ර­යාට හෝ දේශ­පා­ල­ඥ­යන් ට හැක­යා­වක් නැති බවත් ගනු ලැබ තිබෙන කැබි­නට් තීරණ අහෝසි කළ­හොත් උක් ඉඩම් වල වී වගා­වට අව­ස්ථාව ලබා­දිය හැකි බව මා විසින් පෙන්වා  දීමෙන් පසුව වී වගා­වට බල­පෑම් කරනු ලැබූ අයට  නිශ්ශබ්ද වීමට සිදු වුණා. 

ආර­ම්භයේ දී ගල්ඔය සංව­ර්ධන මණ්ඩ­ල­යට ගල්ඔය නමින් වෙනම ඒක­ක­යක් ස්ථාපිත වී සීනි සංයුක්ත මණ්ඩ­ලය බවට පත් වී ගල්ඔය  මිටි­යා­ව­තට  ඉම­හත් සේවා­වක් ඉටු කරනු ලැබු හිඟුරාණ සීනි ආය­ත­නය වසා දැමී­මට සිදු වූයේ 1977 දී බල­යට පත් වූ රජයේ පෞද්ග­ලිකකරණ වැඩ­පි­ළි­වෙළ නිසා.  වීර­බාහු නැමැති ආයෝ­ජ­ක­යාට රු. මිලි­යන 125 කට කම්හල අලෙවි කරනු ලැබුවෙ සහ­න­දායි මිල­කට. අලෙවි කිරීමේ දී රුපි­යල් මිලි­යන 25 ක් ද ඉන් අන­තු­රුව වස­ර­කට රුපි­යල් මිලි­යන 25 ක් බැගින් එම ව්‍යාපා­රය කුණු කොල්ල­යට අලෙවි කරනු ලැබීය.

වෘත්තීය සමිති සහ උක් ගොවීන් ගේ විරෝ­ධතා නිසා 1996 වන විට හිඟුරාණ සීනි කම්හල කඩා වැටීම නිසා හිඟුරාණට, අම්පා­රට මෙන්ම නැගෙ­න­හිර පළා­ත­ටම අඳුරු යුග­යක් උදා විය. උක් කම්හල වසා දැමීම නිසා සේව­ක­යන්ගේ රැකියා අහිමි විය. හිඟුරාණ නග­රයේ මෙන්ම අම්පාර නග­රයේ වෙළද ව්‍යාපාර කඩා වැටීම  වසර ගණ­නා­වක් දුක් විඳී­මට හැම දෙනා­මට සිදු විය.  මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­පති වරයා බල­යට පත්වී­මෙන් පසු  බ්‍රවුන් සහ LOLC සමා­ගම් විසින් කඩා වැටි  තිබුණ හිඟුරාණ සීනි ආය­ත­නය ගොඩ­නැ­ඟීම ආරම්භ කළේය. මේ වන විට ගල්ඔය වැවිලි සමා­ගමේ  අයි­තිය LOLC සමා­ගම විසින් පව­රා­ගෙන ඇත. ගල්ඔය වැවිලි සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරි සුරත් පෙරේ­රාට අනුව  හිඟුරාණ, කන්තලේ, සෙව­ණ­ගල,  පැල්වත්ත උක් කම්හල් 04 න් කන්තලේ උක් කම්හල වැසී ගොස් ඇත. රටට අවශ්‍ය සීනි වලින් 85% - 90% ගෙන්වන්නේ පිට රට­වල් වලිනි.  ඉන්ධන  තිරිගු පිටි මෙන්ම සීනි ගෙන්වී­මට සිදු වී ඇත්තේ පිට­රට වලිනි.  සීනි වලට අම­ත­රව මොලැ­සස්, ඇල්කො­හොල් හිඟුරාණ කම්හලේ නිප­ද­වන අතර සීනි නිෂ්පා­ද­න­යෙන්  ඉවත දමනු ලබන උක් රොඩු පුළුස්සා මෙගා වෝට්ස් 02 ක විදු­ලිය ජන­නය කර කම්හ­ලට අවශ්‍ය විදු­ලිය ප්‍රයෝ­ජ­න­යට ගෙන ඉති­රිය ජාතික විදුලි බල පද්ධ­ති­යට මුදා හැරීම සිදු කර­නවා. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 2500 ක් වැය කිරී­මට  සමා­ගම සූදා­නම්ව සිටි­නවා. 

මේ දින වල පව­තින කොරෝනා වසං­ග­තය නිසා එම  කට­යුතු ප්‍රමාද වී ඇත. 

‘උක් වගා කරන ගොවීන්ට උක් මෙට්‍රික් ටොන් 01  රු. 6200 ක් බැගින් ගෙවීම් කර­නවා. ආය­ත­නය තුළ සේව­ක­යන් 1000 කට වැඩි පිරි­සක් සේවය කර­නවා.  වැටුප් සදහා මාස­ය­කට රු. කෝටි හත­රහ­මා­රක් වැය කර­නවා. සේව­ක­යන් ට හොඳ වැටුප් සහ වර­ප්‍ර­සාද  ලබා දී තිබෙ­නවා. සම්පුර්ණ පඩිය මෙන් වාර්ෂික බෝනස් මුද­ලක් පසු­ගිය දා  ගෙවනු ලැබුවා. ආය­ත­නයේ උදළු ගාන සේව­ක­ක­යකු පවා රුපි­යල් 20000 ක අවම වැටු­පක් ලබ­නවා. 1994 කම්හල බාර ගැනී­මෙන්  පසුව ගල්ඔය වැවිලි සමා­ග­මට කිසිදු මුද­ලක් රජ­යෙන් ලැබී නැහැ. වැය කර­නුයේ සමා­ගමේ මුදල් පම­ණයි.  හම්බ­න්තොට සිට කිලි­නො­ච්චිය දක්වා උක් වගාව ව්‍යාප්ත  කළ හැකියි. ඒ ගැන අපි සොයා බල­නවා. එසේ කළ හැකි වුව­හොත් රටට අවශ්‍ය සීනි නිප­දවා ගැනී­මට හැකි­යා­වක් ලැබෙ­නවා යැයි ගල්ඔය වැවිලි සමා­ගමේ ප්‍රධාන නිල­ධාරි සුරත් පෙරේරා වැඩි­දු­ර­ටත් පව­සයි. 

හාඩි ආය­ත­නය සහ අනෙ­කුත් තාක්ෂ­ණික ආය­තන වලින් දැනුම ලබන මෙම ප්‍රදේ­ශයේ රැකියා නොමැති තරුණ තරු­ණ­යන්ට   රැකියා ලබා දීම, උක් වගාව  පුහුණු ආය­ත­න­යක් ආරම්භ කිරීම සමා­ගමේ ඉදිරි දැක්මයි. 

හිඟුරාණ වෙළෙඳ සංග­මයේ කැඳ­වු­ම්කරු නාලක නානා­ය­ක්කාර  මෙම ප්‍රදේ­ශයේ පව­තින ආර්ථික දියු­ණුව ගැන  පව­සන්නේ මෙවැනි අද­හ­සකි. 

‘හිඟුරාණ සීනි කම්හල අවු­රුදු 10 පමණ කාල­යක් වසා දමා තිබුණා. ඒ  යුගයේ දී අපි ගත කළේ ඉතාම අසීරු ජීවි­ත­යක්. මහ­ජ­න­තාව අතේ සල්ලි තිබු­ණොත් තමයි වෙළෙඳසැල් වලට ඇවිත් බඩු මිලදී ගන්නේ.  ආදා­යම් නොමැති නිසා ජන­තාව  නග­ර­යට පැමි­ණීම අඩු වුණා. නග­රය ජන­තා­ව­ගෙන් තොරව පාළු වුණා. වෙළෙඳසැල් වලට අලෙවි කිරීම සඳහා බඩු ගැනී­මට ක්‍රම­යක් නැති වුණා. 

පාරි­භෝ­ගි­කයා අතේ සල්ලි නැතිව අලෙවි කරන්නේ කාට­දැයි වෙළ­දුන් වශ­යෙන් අපි බර­ප­තළ ප්‍රශ්න­ය­කට මුහුණ දුන්නා. සීනි කම්හල නැවත විවෘත වුණාට පසු හැම­දෙ­නාම  යළි පිබි­දුණා.  කණ­ගා­ටු­වෙන් සිටි ජන­තාව  සන්තෝ­ෂ­යට පත් වුණා.  වසා දමා තිබු වෙළ­ඳ­සැල් වලට ජන­තාව ඇදී එනවා.  එදි­නෙදා අවශ්‍ය බඩු බාහි­රා­දිය පම­ණක් නොව ට්‍රැක්ටර් පවා අපි අලෙවි කර­නවා. හිගු­රාණ නග­ර­යෙන් බඩු මිල දී ගැනී­මට  ගම් දනම් වල සිට  ජන­තාව ඇඳී එනවා. අපට නැවත නැඟී සිටි­මට හැකි­යාව ලැබී තිබෙ­නවා. ඉදිරි කාල­යේ­දිත් මෙම තත්ත්වය පව­තිනු ඇත යන්න අපගේ බලා­පො­රො­ත්තු­වයි.

 
 

Comments