ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ ලිපි ශීර්ෂ යොදා­ගෙන සිදු කළ ජාවා­රමේ සුල­මුල | Page 2 | සිළුමිණ

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ ලිපි ශීර්ෂ යොදා­ගෙන සිදු කළ ජාවා­රමේ සුල­මුල

අත්අඩංගුවට පත් උපකරණ කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්ත­ත­න්ත්‍රිගේ ඇතුළු නිලධාරීහු නිරීක්ෂණය කළ අයුරු
අත්අඩංගුවට පත් උපකරණ කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්ත­ත­න්ත්‍රිගේ ඇතුළු නිලධාරීහු නිරීක්ෂණය කළ අයුරු

කොරෝනා වංස­ග­ත­යෙන් රටම අක්‍රීය වී තිබූ සම­යයි. ඇති-හැකි අය නැති-බැරි අයට හැකි පමණ උදවු කරද්දී රජය ද සමස්ත ජනයා කෙරෙහි විවි­ධා­කාර සහ­න­දායී වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියා­ත්මක කළේය. ඒ දින­වල තිබූ තත්ත්ව­යෙන් ඇතැම් කූට ජාවා­ර­ම්කා­ර­යන් ද ප්‍රයෝ­ජන ගෙන ඇති බව දැන් දැන් හෙළි වෙමින් තිබේ. ඒ, ඒ දින­වල ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ දැන්වී­මක් පළ කර­මින් සිදු­කළ මහා පරි­මාණ මූල්‍ය වංචා­වක සුල­මුල අනා­ව­ර­ණය කර­ගැ­නී­මට පසු­ගි­යදා කිරු­ළ­පන පොලිස් නිල­ධා­රින් සමත් වූහ. එම කතා­න්ද­රය දිග හැරෙන්නෙ මෙලෙ­සිනි.

පසු­ගිය පෙබ­ර­වාරි, මාර්තු කාලය අතර ෆෙස්බුක් මාධ්‍ය ඔස්සේ දැන්වී­මක් පළ කර තිබිණි. ඒ කූට ජාවා­ර­ම්කාර පිරි­ස­කගේ 'වැඩක්' බව කිසි­වෙක් දැන නොසි­ටි­යේය. ජනා­ධි­පති කාර්යා­ලයේ ලිපි ශීර්ෂය යොදා ස්ථාවර සහ ජංගම දුර­ක­ථන අංක දෙකක් ද ඇතු­ළත්ව ජනා­ධි­පති මාධ්‍ය අංශයේ නිවේ­ද­න­යක් ලෙස එම දැන්වීම පළ කොට ඇත්තේ, "කොවිඩ් වසං­ග­තය නිසා­වෙන් අස­ර­ණව සිටින විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන්ට 2.7%ක සහ­න­දායි ණය පොලී අනු­පාත යටතේ ණය ලබා ගැනී­මට හැකි බවත් අවැසි අය අම­තන ලෙසත්" සඳ­හන් කර­මිනි.

කොරි­යාවේ රැකි­යාවේ නිරත කළු­බෝ­විල තරුණ යුව­ළක් ද ඒ දැන්වීම දුටු­හ. චමින්ද නමැති එකී තරු­ණයා රජ­යෙන් සිදු කරන කාර්ය­යක් නිසා­වෙන් ක්ෂණි­ක­වම එම දුර­ක­ථන අංක­ය­කට ඇමැ­තු­මක් ගෙන තිබිණි. ඊට පිළි­තුරු දුන් පුද්ග­ලයා පවසා ඇත්තේ, "ණය ලබා දෙනවා... කොවිඩ් නිසා අස­රණ ඔබලා වැනි අයට මේ ණය දෙන්නෙ... සම්පූ­ර්ණ­යෙන්ම රජ­යෙන් කෙරෙන වැඩක්” කියාය. රජයේ ව්‍යාපෘ­ති­යක් කී සැණින් ඇමැ­තුම දුන් චමි­න්දට ඇතිවී තිබුණේ දැඩි විශ්වා­ස­යකි.

"හැබැයි පොඩි දෙයක් කරන්න ඕනෙ... අවශ්‍ය ණය ප්‍රමා­ණ­යෙන් සිය­යට 10ක මුද­ලක් ලංකාවේ ඕනෑම බැංකු­වක ගිණු­මක් ඕපන් කරලා ඒකේ ඩිපො­සිට් කරන්න. මං කිය­න්නම් කරන විදිහ... ඔයා­ටම පුළු­වන් ගිණුම ඔන්ල­යින් ඕපන් කරන්න... ලංකාවේ කෙනෙ­කුට කියන්න මුදල් ඩිපො­සිට් කරන්න කියා..." යැයි ඔහු කී විට කොරි­යාවේ සිට ඔන්ල­යින් මඟින් කිරු­ළ­පන රාජ්‍ය බැංකු­වක ගිණුම විවෘත කළ චමින්ද, කළු­බෝ­විල වෙසෙන සිය බිරි­යගේ මවට පවසා ඇත්තේ අදාළ ගිණු­මට රුපි­යල් ලක්ෂ පහක මුද­ලක් තැන්පත් කරන ලෙසයි. ඊට සති­ය­කට පමණ පසු මෙරට සිටින ණය ලබා දෙන පව­ස­මින් රාජ්‍ය නිල­ධා­රි­යෙකු ලෙස පෙනී සිටි කූට ජාවා­ර­ම්කා­රයා නැව­තත් චමින්ද ඇම­තීය.

"ඔයාගේ ලෝන් එකේ වැඩේ ඉක්ම­නින්ම කෙරෙ­නවා... කිසිම අවු­ලක් නෑ... ඒත් ගැට­ලු­ව­කට තියෙන්නෙ... ලෝන් එකේ ඉදිරි වැඩ­ව­ලට ඕපන් කළ ගිණුම අපි පරීක්ෂා කර බැලිය යුතුයි... ඕපන් කළ ගිණු­මට අදා­ළව 'පින්' නම්බර් එකක් ඇතිනේ අංක හත­රක... අන්න ඒ නම්බර් එක අපට අවශ්‍ය වෙනවා."

ඔහු කී එම රහස් අංකය බැංකු­වෙන් දී ඇත්තේ ගිණු­මට මුදල් තැන්පත් කළ චමි­න්දගේ බිරි­යගේ මව­ටයි. ජාවා­ර­ම්කා­ර­යන් කොරි­යාවේ සිටින චමි­න්දට කියා ඇත්තේ එම පින් අංකය තම­නට දෙන ලෙස බිරි­යගේ මවට පව­සන ලෙසයි. ඒ අනුව චමි­න්දගේ බිරි­යගේ මව අමතා ඔවුහු පින් අංකය ද ලබා ගත්හ. එම අංකය ලබා­ගෙන තත්පර 10කටත් අඩු කාල­යක් ගත­වී­මට පෙර එම ගිණුමේ තිබූ ලක්ෂ පහම ඔන්ල­යින් හරහා වෙනත් ගිණු­ම්ව­ලට මාරු කිරී­මට තරම් ජාවා­ර­ම්කා­ර­යන් සූක්ෂ්ම වී ඇති බව බව මේ වන විට පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. එහෙත් බැංකුවේ කළ­ම­නා­කා­ර­ව­රයා ඇතුළු කිසිදු පුද්ග­ල­යෙක් එලෙස ගිණු­ම­කින් ගිණු­ම­කට මුදල් මාරු­වන බවක් ඒ වනවිට දැන සිට නැත.

එහෙත් මුදල් ගනු­දෙ­නු­වක් සිදුවූ බවට චමි­න්දගේ බිරි­යගේ මවගේ ජංගම දුර­ක­ථ­න­යට එස්.එම්.එස්. පණි­වි­ඩ­යක් මඟින් තහ­වුරු වීමත් සමඟ ඇය කල­බ­ල­යට පත්වූ­වාය. ඒ අනුව ඇය සැණින් බැංකු­වට ගොස් අදාළ ගිණුමේ බැංකු පොත යාව­ත්කා­ලීන කළ විට තහ­වුරු වී ඇත්තේ ගිණුමේ කිසිදු මුද­ලක් නොමැති බවයි. තුෂ්ණි­ම්භූත වූ ඇය සැණින් කොරි­යාවේ සිටින දරු­වන් ඇම­තු­වාය. ජාවා­ර­ම්ක­රු­වන් පිරි­ස­කට හසුවී ඇති බව සිය­ලු­දෙ­නාට වැට­හුණේ ඉන්ප­සු­වය. චමි­න්දගේ බිරි­යගේ මව එම වංචාව පිළි­බඳ පොලිස් මූල­ස්ථා­නයේ පිහිටි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කළාය. එකී පැමි­ණි­ල්ලට අනුව අදාළ විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු අධ්‍ය­ක්ෂ­ව­රයා විසින් බැංකුව පිහිටි පොලිස් බල­ප්‍ර­දේ­ශය වන කිරු­ළ­පන පොලි­සි­යට යොමු කෙරුණේ පසු­ගිය මැයි 25 වැනි­දාය. ‍

කිරු­ළ­පන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්දන කළු­ආ­රච්චි මහතා විසින් ප්‍රදේ­ශය බාර උසස් පොලිස් නිල­ධා­රින්ගේ උප­දෙස් මත කඩි­නම් විම­ර්ශ­න­යක් ආරම්භ කෙරිණි. ඒ අනුව කිරුළපන අප­රාධ අංශ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ප්‍රදීප් එදි­ර­වීර සිය කණ්ඩා­යම සමඟ ජාවා­ර­ම්ක­රු­වන් පළ කළ ජනා­ධි­පති කාර්යාල ලිපි ශීර්ෂය සහිත ව්‍යාජ දැන්වීමේ වූ දුර­ක­ථන අංක දෙක ඔස්සේ ඉතා සියුම් විම­ර්ශ­න­යක් ඇරඹිණි. ඒ අතරේ එම ජාවා­ර­ම­ටම හසුවූ තවත් කොරි­යාවේ සිටින අය­කුගේ සහෝ­ද­ර­යකු වන නිශාන්ත නමැති පුද්ග­ල­යකු ලක්ෂ හත­රක මුදල් වංචා­වක් ගැන මාතර පොලි­සි­යට පැමි­ණිලි කර තිබිණි. දුර­ක­ථන විශ්ලේ­ෂණ වාර්තා මත මාස දෙකක් පුරා­වට සිදු­කළ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස පොලිස් පරී­ක්ෂක ප්‍රදීප් ඇතුළු කණ්ඩා­ය­මට මෙකී ජාවා­ර­මට සැක­පිට ගාල්ල, පිට­බැ­ද්දර ප්‍රදේ­ශයේ සැක­ක­රු­වකු හඳුනා ගැනී­මට හැකි­විය. විවා­හ­ක­යෙකු වන 37 හැවි­රිදි දිනේෂ් නමැති එම පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගෙන ඔහුගේ නිවෙස පරී­ක්ෂා­වේදී මෙකී ජාවා­ර­මට හසුව මාතර පොලි­සි­යට පැමි­ණිලි කළ අයගේ නමට සැක­ක­රුගේ රුව යොදා සකස් කළ රියැ­දුරු බල­ප­ත්‍ර­යක් ද හමු­විය. ඒ වන විට විම­ර්ශන නිල­ධා­රින්ට මාතර පැමි­ණි­ලි­කරු හමුවී තිබූ හෙයින් එම රියැ­දුරු බල­ප­ත්‍රය සැක­ක­රුගේ නොවන බවට තහ­වුරු විය.

"සර්... මේ වැඩේ ප්‍රධා­නියා වෙන කෙනෙක්. ඔහු තමයි අපට මේ ලයි­සන් හදලා ගෙනත් දෙන්නෙ. එයා කියන දේවල් තමයි අපි කරන්නෙ. ඔහු ඉන්නෙත් මේ ළඟ."සැක­කරු එසේ පැව­සී­මත් සමඟ මෙකී ජාවා­රමේ ප්‍රධා­නම පුද්ග­ලයා බවට සැක 30 හැවි­රිදි ජනක නමැත්තා ද එදි­නම පිට­බැ­ද්ද­රදි අත්අ­ඩං­ගු­වට ගැනිණි. ඔහු සතුව තිබී මුහු­ණු­පොතේ පළ කළ දැන්වී­මට අදාළ සියලු ලිපි­ලේ­ඛන, පරි­ග­ණක, දැන්වීමේ පළ කළ දුර­ක­ථන අංක­ව­ලට අදාළ දුර­ක­ථන ඇතුළු සියල්ල පොලිස් බාර­යට ගැනිණි. ඊට අම­ත­රව ඔහු පිට­බැ­ද්දර මූල්‍ය ආය­ත­න­යක පසු­ගිය මැයි 29 වැනිදා තැන්පත් කළ ලක්ෂ 20ක ස්ථාවර තැන්ප­තු­වක සහ­ති­ක­යක් ද හමු­විය. කලෙක සිටම මෙකී ජාවා­රමේ නිර­තව උපයා ගත් මුද­ල්ව­ලින් ඔහු නවීන පන්නයේ මෝටර් රථ­යක් මිල­දී­ගෙන තිබුණු අතර එය ද පොලිස් බාර­යට ගැනිණි. මෙම ජාවා­ර­මට පිට­බැ­ද්ද­රම සිටින තවත් පුද්ග­ල­යෙක් ද හවුල් බවත් 39 හැවි­රිදි විවා­හ­ක­යෙකු වන ඔහු ද දිනේෂ් නමැ­ත්තකු බව ද පොලි­සිය අනා­ව­ර­ණය කර­ග­ත්තේය. උසස් පෙළ විභා­ග­යට ගණිත අංශ­යෙන් පෙනී සිට ඇති මෙකී සැක­ක­රු­වන් තිදෙනා පරි­ග­ණක තාක්ෂ­ණය පිළි­බඳ හසළ දැනු­මක් සහිත වසර තුන­කට පෙර රැකියා නොමැ­තිව නන්න­ත්තාර දිවි­යක් ගත­කළ වූවන් බව ද මේ වන විට හෙළිවී තිබේ.

තෙවැ­නි­යට අත්අ­ඩං­ගු­වට පත් දිනේෂ් සතුව තිබූ ඔහුගේ රුව යොදා වෙනත් නම­කට සැකසූ රියැ­දුරු බල­ප­ත්‍ර­යක්ද පොලි­සි­යට හමු­විණි. ඔහු­ගෙන් කළ විම­සී­මේදී මෙකී ජාවා­ර­මට අම­තර තවත් ජාවා­ර­මක සුල­මුල ද හෙළි­ක­ර­ග­න්නට පොලි­සි­යට හැකි­විය. "සර්... මේවා අපිට හදලා දෙන්නෙ නාරා­හේ­න්පිට දාබරේ මාවතෙ පුද්ග­ල­යෙක්. එයාව අපි දැකලා නෑ..."

එම හෝඩු­වා­වත් සමඟ පිට­බැ­ද්ද­රදී අත්අ­ඩං­ගු­වට පත් තිදෙනා රැගෙන කිරු­ළ­පන පොලිස් නිල­ධා­රින් පැමි­ණියේ නාරා­හේ­න්පිට, දාබරේ මාවතේ අදාළ පුද්ග­ලයා කොටු­කර ගැනී­ම­ටයි. 42 හැවි­රිදි සුමිත් නමැති ඔහු පොලි­සි­යට පවසා ඇත්තේ, "මං මුකුත් දන්නෙ නෑ සර්... මං අත­ර­මැ­දි­යෙක්... මෙයාලා මට රුපි­යල් පහ­ළො­ස්දා­හක් දෙනවා එක­කට... මං රුපි­යල් පන්දා­හක් තියා­ගෙන වැඩේ කරලා දෙනවා. මේ කට්ටිය මට වට්ස්ඇප් මාර්ග­යෙන් තොර­තුරු එව­නවා. මගේ යාළු­වෙ­කුට කියලා හදලා කුරි­යර් කරලා යව­නවා..."කියාය.

අත්අඩංගුවට ගත් රථ වාහන

එකී ව්‍යාජ ගමන් බල­පත්‍ර සක­සන්නා සිටින්නේ වැල්ල­ම්පි­ටියෙ බව සුමිත් හෙළි කිරීමත් සමඟ පොලි­සිය ඔහු සොයා ගියේය. අදාළ නිවෙසේ එම ජාවා­රම සිදු කරන්නෙ මුස්ලිම් ජාතික පිය-පුතු දෙප­ළක් බවට හෙළි විය. පියා ඒ වන විටත් පලා ගොස් සිටි අතර 18 හැවි­රිදි අන්වර් නමැති පුත්‍රයා අත්අ­ඩං­ගු­වට පත්විය. පිය-පුතු දෙපළ සිය නිවෙස ඉදි­රි­පිට දෙම­හල් නිවෙසේ ඉහළ මහළ කුලි­යට ගෙන ව්‍යාජ කච්චේ­රි­යක් සේ මහා පරි­මා­ණ­යෙන් එම ජාවා­රම කර­ගෙන ගොස් තිබිණි. එහි තිබී පරි­ග­ණක හත­රක්, ව්‍යාජ රියැ­දුරු බල­පත්‍ර සැක­සී­මට යොදා­ගන්නා ප්‍රින්ටර්, මෙමරි චිප් සහිත නවීන පන්නයේ ව්‍යාජ රියැ­දුරු බල­පත්‍ර 61ක්, මෙමරි චිප් කාඩ් 920ක්, ව්‍යාජ බල­පත්‍ර සඳහා යොදා­ගැ­නී­මට තිබූ ලිපි ලේඛන විශාල ප්‍රමා­ණ­යක් ද පොලි­සිය බාර­යට ගැනිණි. අත්අ­ඩං­ගු­වට පත් පිට­බැ­ද්දර සැක­ක­රු­වන් කලෙක සිටම විදේ­ශ­වල සිටින අයගේ මුදල් වංචාව සිදු­කර ඇති බවත් ව්‍යාජ රිය බල­පත්‍ර සැක­සූ­වන් මෙරට පම­ණක් නොව විදෙස් ජාති­ක­යන්ගේ හැඳු­නු­ම්පත්, රිය බල­පත්‍ර ද සකසා ඇති බවත් හෙළි­විය.

මෙකී සැක­ක­රු­වන් පසු­ගිය 27 වැනිදා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු රැඳ­වුම් නියෝග මත වැඩි­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මට පොලි­සි­යට අව­සර ලැබිණි. මේ වන විට පිට­බැ­ද්දර සැක­ක­රු­වන් තිදෙනා විසින් කෝටි ගණ­නක මුදල් වංචා­වක් කර ඇති අතර බොහෝ දෙනෙක් කොවිඩ් සමයේ ඊට හසුවී තිබේ. මෙකී ජාවා­ර­ම්ක­රු­වන්ගේ උගු­ලට හසුවූ ලක්ෂ 50කට වැඩි මූල්‍ය වංචා­වන්ට අදාළ පැමි­ණිලි හත­රක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­ව­ටද, තවත් පැමි­ණිලි රැසක් මාතර, මිරි­හාන, කුරු­ණෑ­ගල ඇතුළු රටේ විවිධ පළා­ත්වල පොලිස් ස්ථාන­ව­ල­ටත් ලැබී ඇති බව පොලි­සිය සඳ­හන් කළේය. ව්‍යාජ රිය බල­පත්‍ර සැක­සීමේ නිරත වූ සැක­ක­රු­වන් ඇතුළු මෙකී ජාවා­ර­ම්ව­ලට හවුල් සියලු දෙනා එක්ව ත්‍රස්ත­වාදී ක්‍රියා­වන්ට ද මුදල් යොදවා ඇත්ද යන්න පොලි­සිය මේ වන විට පුළුල් විම­ර්ශ­න­යක නිරත වෙමින් සිටී.

රටේ ප්‍රධා­නම පුර­වැ­සි­යාගේ ලිපි ශීර්ෂ යොදා­ගෙන අහිං­සක ජන­යාගේ මුදල් කොල්ලකෑ මෙකී ජාවා­රමේ සුල­මුල අනා­ව­ර­ණය කර­ගැ­නී­මේදී බස්නා­හිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සිසිර පෙත්ත­ත­න්ත්‍රිගේ සහ කොළඹ දකුණ කොට්ඨාස අංක 02 සහ­කාර පොලිස් අධි­කාරි පර්සි මයි­කල් යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත කිරු­ළ­පන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්දන කළු­ආ­රච්චි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එහි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ප්‍රදීප් එදි­රි­වීර ඇතුළු උප­පො­ලිස් පරී­ක්ෂක චාමික ජය­වීර, සැර­ය­න්ව­රුන් වන (9233) ජය­වීර, (37060) සනත්, (61413) සුරංග, (66151) කරු­ණා­නා­යක), කොස්තා­ප­ල්ව­රුන් වන (70225) කපිල, (71943) බණ්ඩාර, (78686) අරුණ, (30574) චන්දික, (37783) විජේ­තුංග, (68485) සමීර, (82458) බණ්ඩා­ර­නා­යක සහ කාන්තා කොස්තා­පල් (10133) දිල්ෂානි විම­ර්ශ­න­ව­ලට එක්වූහ.

Comments