ජන­පති මැදි­හත් වීමෙන් කිතුල් කර්මා­න්තයට සහන් එළියක් | සිළුමිණ

ජන­පති මැදි­හත් වීමෙන් කිතුල් කර්මා­න්තයට සහන් එළියක්

කුණු පළාතේ හිනි­දු­ම­ප­ත්තුවේ සිංහ­රාජ වනා­න්ත­රය ආශ්‍රිත ගම්මා­න­වල ගැමි­යන්ගේ ප්‍රධාන ආදා­යම් මාර්ග­යක් වන්නේ කිතුල් මල් මැදී­මයි. හිනි­දුම, නෙළුව, ලංකා­ගම, වාරු­ක­න්දෙ­ණිය, මිල්ලව, මේදේ­රි­පි­ටිය, පල්ලේ­ගම, දෙනි­යාය ප්‍රදේ­ශ­වල සහ සිංහ­රා­ජය කන්නෙ­ලිය, කළු­බෝ­වි­ටි­යන, දෙල්ලව වැනි පහ­ත­රට නිව­ර්තන වැසි වනා­න්තර ආශ්‍රිත ගම්මා­න­වල ජීව­ත්වන ගැමියෝ පාර­ම්ප­රි­කව කිතුල් කර්මා­න්තයේ නියැ­ළෙති.

අතී­තයේ ගෘහ කර්මා­න්ත­යක් ලෙස පව­ත්වා­ගෙන ගිය කිතු­ල්පැණි සහ හකුරු කර්මා­න්තය පසු­කා­ලී­නව වාණි­ජ­මය පද­න­මක් මත සිදු කිරීමේ අර­මු­ණින් කිතුල් කර්මා­න්තයේ නොයෙ­දෙන පිරිස් ද කිතුල් පැණි, හකුරු අලෙවි කිරී­මෙන් සාම්ප්‍ර­දා­යික කිතුල් කර්මා­න්ත­යට මරු පහ­රක් එල්ලවී ඇත. සාම්ප්‍ර­දා­යික ලෙස කිතුල් මල් මැදීමේ නිරත වූවන් තම ගෙවත්තේ පිහිටි කිතුල් ගස මැද ලබා­ගන්නා පිරි­සුදු තෙලි­දිය නිව­සේ­දීම උණු­කර පොල්ක­ටු­වල දමා හොඳ පිරි­සුදු කිතුල් හකුරු මුලක් සකස් කර­ගෙන පුව­ක්ග­සෙන් ලබා­ගත් කොළ පත­කින් සකස් කළ පැසක දමා (පැණි මුල) පැණි කල් තබා අලෙවි කිරී­මට පුරු­දුව සිටි­යහ. වර්ත­මා­නයේ කිතුල් මල් මදින උද­විය තම පහ­සුව මෙන්ම වැඩි ආර්ථික ලාබ ඉපැ­යීමේ අර­මු­ණින් නිවසේ උණු කරන කිතුල් පැණි බාහිර පුද්ග­ල­යන්ට අලෙවි කර ආදා­ය­මක් ලබා­ගැ­නී­මට පුරු­දුව සිටීම නිසා පැණි මිලදී ගන්නා ගැණු­ම්ක­රු­වන් නිවෙ­ස්ව­ලින් ලබා­ගන්නා කිතුල් පැණි­ව­ලට වෙනත් ආදේ­ශ­ක­යන් මිශ්‍ර කිරී­මෙන් ප්‍රමි­ති­යෙන් තොර කිතුල් පැණි හකුරු නිෂ්පා­ද­නය කර වෙළෙ­ඳ­පො­ළට බෙදා­හැ­රීම ද සිදු කරයි. අතී­තයේ පොල් කටු භාවිත කර­මින් කිතුල් හකුරු නිෂ්පා­ද­නය කළ අතර වර්ත­මා­නයේ ප්ලාස්ටික් කෝප්ප සහ පැණි කල් තබා ගැනී­මට ප්ලාස්ටික් බැරැල් ආදිය යොදා­ගනී. අතී­තයේ පැසුණු කිතුල් මලක් සකස් කිරී­මට ප්‍රදේ­ශ­යෙන් සොයා­ගත් අත් බෙහෙත් ‍යොදාග­ත්තද වර්ත­මා­න­යේදී පැසුණු කිතුල් මලක් පදම් කිරී­මට රසා­ය­නික බෙහෙත් ද්‍රව්‍ය යෙදී­මට පුරු­දුව සිටිති.

වර්ත­මා­න­යේදී කිතුල් හකුරු හා පැණි නිෂ්පා­ද­නය කර්මා­න්ත­යක් වශ­යෙන් පව­ත්වා­ගෙන යෑමේදී බාධක රැස­කට මුහු­ණ­පෑ­මට සිදුව ඇත. කැලෑ එළි­පෙ­හෙලි කිරීම හේතු­වෙන් කිතු­ල්ගස වඳවී යෑම, කිතුල් මල පදම් කිරී­මට උප­යෝගි කර­ගන්නා දේශීය ක්‍රම­වේද අභා­ව­යට යෑම සහ එම දේශීය ක්‍රම­වේද පැරැ­න්නන් විසින් ඊළඟ පර­පු­රට ලබා­දී­මට උනන්දු නොවීම නිසාත් මෙම පිරි­හීම සිදුවූ බව කර්මා­න්තයේ යෙදෙන පැරැණි අයගේ මතය වී ඇත.

මේ ගැට­ලු­ව­ලට පිළි­ය­මක් ලෙස කිතුල් කර්මා­න්තයේ ‍නියැළෙන පිරිස් නංවා­ලී­මට රජය මඟින් ක්‍රියා­මාර්ග රැසක් ගෙන තිබේ. දිව­යිනේ විසිරී සිටින කිතු­ල්මල් මදි­න්නන් ලියා­ප­දිංචි කිරීම ඒ ඒ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම, ඔවු­නට අවශ්‍ය යටි­තල පහ­සු­කම් ලබා­දීම කිතුල් කාර්මි­ක­යන් ලියා­ප­දිංචි කිරීම, පුහුණු වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම, කිතුල් පැණි හකුරු සඳහා හොඳ වෙළෙ­ඳ­පො­ළක් හඳුන්වා දීම මේ අතර ප්‍රමුඛ වේ.

පහ­ත­රට තෙත් කලා­පයේ කිතුල් වගාව ව්‍යාප්තව පව­තින්නේ සිංහ­රාජ වැනි රක්ෂිත වනා­න්තර තුළ බැවින් වන රක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් කිතුල් මදි­න්නන්ට වනා­න්ත­රය ඇතු­ළට යෑම තහ­නම් කර තිබීම සහ කිතුල් රා මැදීම සහ කිතුල් රා ළඟ තබා­ගන්නා අයට එරෙ­හිව පොලි­සිය මඟින් නඩු පැවැ­රීම යන නීති­මය ගැටලු හේතු­වෙන් කිතුල් කර්මා­න්තය පව­ත්වා­ගෙන යෑමට බාධා මතුව ඇති බව කිතුල් කර්මා­න්ත­ක­රුවෝ පෙන්වා දෙති.

2018/ අංක 04 දරන සුරා­බදු (සංශෝ­ධන පනත) ප්‍රකා­රව බල­පත්‍ර නොමැ­තිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගස­කින් රා නිස්සා­ර­ණය කිරීම මෙම පනතේ සඳ­හන් පහත වග­න්තිය අනුව කිතුල් ගස් හැර රා නිප­ද­වන වෙනත් ගසක් මැදීම නොකළ යුතුය. කිතුල් ගස් හැර රා නිප­ද­වන වෙනත් කිසිදු ගස­කින් රා නිස්සා­ර­ණය කිරීම හෝ බෑම නොකළ යුතුය. මෙම පනත අනුව කිතුල් මල් මදි­න්නන්ට තම කර්මා­න්තය පව­ත්වා­ගෙන යෑමට බාධා පැවැති අතර ඇතැම් කිතුල් කාර්මි­ක­යන්ට තම වෘත්තිය නතර කිරී­මට ද සිදු­විය.

ඉකුත් ජූලි මස 23 වැනි දින ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ නෙළුව ප්‍රදේ­ශයේ සිදු කළ සංචා­ර­යේදී නෙළුව ප්‍රදේශ‍යේ ජන­තාව මුහු­ණ­පාන ගැටලු සම්බ­න්ධව පැවැති ජන­හ­මු­වේදී කිතුල් පැණි කර්මා­න්තයේ යෙදෙන ගම්වැ­සි­යකු ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටියේ කිතුල් රා මැදීම සහ එය ළඟ තබා ගැනී­මට බල­පත්‍ර ලබා­ගැ­නීම ගැටලු සහ­ගත බැවින් එම බල­පත්‍ර ලබා­ගැ­නීම ඉවත් කර දෙන ලෙස­ටය.

එම ගැමි­යාගේ ඉල්ලී­මට ප්‍රති­චාර දැක්වී­මට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් පසු­බට නොවීය. ඒ සම්බ­න්ධව වැඩ බලන පොලි­ස්පති සී.ඩී‍. වික්‍ර­ම­ර­ත්නට නියෝ­ග­යක් කර රා මැදීම සහ රා නිස්සා­ර­ණය සඳහා වූ මෙතෙක් පනවා තිබුණු එම නීතිය වහාම ඉවත් කිරී­මට පිය­වර ගත්තේය. ඒ අනුව 2020.07.23 දින වැඩ බලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න විසින් දිව­යිනේ සිය­ලුම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන්ට 2018/ අංක 04 දරන සුරා­බදු සංශෝ­ධන පනත ප්‍රකා­රව බල­පත්‍ර නොමැ­තිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගස­කින් රා නිස්සා­ර­ණය කිරී­මට අව­සර දීම සහ චක්‍ර ලේඛ­නය පහත සඳ­හන් ආකා­ර­යට සංශෝ­ධ­නය කර ඇත. ඒ අනුව ඉහත සංශෝ­ධන පනත ප්‍රකා­රව රා නිස්සා­ර­ණය කිරීම හෝ බෑම සඳහා කිතුල් ගස් මැදී­මට බල­පත්‍ර ලබා­ගැ­නී­මක් අවශ්‍ය නොවන බැවින් 2018/09/27 දිනැති RTM/863/CRTM/1961 මගින් කිතුල් කර්මා­න්තය බාධා­ව­කින් තොරව කර­ගෙන යාමට අවශ්‍ය පිය­වර ගන්නා ලෙසට දැනුම් දී ඇත. එබැ­වින් මින් ඉදි­රි­යට කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගස­කින් රා නිස්සා­ර­ණය කිරීම සිදු කරන තැනැ­ත්තන්ට ‍එරෙහිව නඩු ලබා ගැනී­මක් සිදු නොක­රන අතර තව­දු­ර­ටත් එලෙස ඉහත තැනැ­ත්තන්ට එරෙ­හිව නෛතික ක්‍රියා­මාර්ග ගෙන ඇති බවට අනා­ව­ර­ණය වුව­හොත් අදාළ නිල­ධා­රීන්ට එරෙ­හිව අප­රාධ නීතිය යටතේ ක්‍රියා­මාර්ග ගැනී­මට ගන්නා බව ද සඳ­හන් වේ.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ට ඉදි­රි­පත් කළ නෙළුවේ ගැමි­යාගේ ගැට­ලුව අදාළ චක්‍ර­ලේ­ඛන වෙනස් කිරී­මට සමත් විය. සිංහ­රාජ වනා­න්ත­රය ආශ්‍රිත ගම්මා­නය වන නෙළුව ලංකා­ගම ප්‍රදේ­ශයේ ගැමි­යන් කිතුල් කර්මා­න්තය සම්බ­න්ධ­යෙන් ඔවුන් මෙතෙක් මුහුණ පෑ ගැටලු ගැන මෙසේ කීහ.

නෙළුව ලංකා­ගම පදිංචි නිල්වැ­ලි­ග­මගේ ගුණ­දාස (70) කීවේ මෙවැ­න්නකි. “මේ වන­විට කිතුල් මල් මැදී­මෙන් මාස­ය­කට රුපි­යල් 50,000 - 75,000 ආදා­ය­මක් ලබා­ග­න්නවා. එදා අපි ඒ කාලයේ කිතුල් මල් සෑදී­මට ගමේ අත් බෙහෙත් තමයි තිබ්බේ. අද රසා­ය­නික බෙහෙත් භාවිතා කිරීම නිසා කිතුල් පැණි­වල ප්‍රමි­තිය වෙනස් වී තිබෙ­නවා. නවීන ක්‍රම භාවිතා කර­ගෙන ගමේ වටිනා සම්පත අහිමි කර­ගන්න එපා කියා ඉල්ලා සිටි­නවා”

“මල් මැදී­මට කැලෑ­වට යෑම තහ­නම් කර තිබුණු නිසා අපේ ඉඩ­ම්වල තිබෙන කිතු­ල්ගස් තමයි මදින්නේ. කිතුල් මල් මදින්න අව­සර පත ගන්න ඕනෑ. රා ටිකක් දමා ගන්නත් බල­පත්‍ර ගන්න සිදු වුණා. නමුත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට අපි ඒ ගැටලු ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේ­දීම පැවැති නීතිය ‍ඉවත් කිරී­මට කට­යුතු කිරීම ගැන අපි ජනා­ධි­ප­ති­තු­මාට ප්‍රශංසා කර­නවා.එසේ පැව­සුවේ ඩබ්ලිව්.ජී. විම­ල­සේන(53)ය.

ලංකා­ගම පදිංචි නිල්වැ­ලි­ග­මගේ තිල­කා­වතී ( 47) ද මෙසේ කීවාය. “ලංකා­ගම දේශීය විදේ­ශීය සංචා­ර­ක­යන් විශාල පිරි­සක් පැමි­ණෙන නිසා හකුරු අලෙවි කිරී­මෙන් හොඳ ආදා­ය­මක් මාර්ග­යක් තිබු­ණත් නීති­රීති නිසා අපි විවිධ ගැට­ලු­ව­ලට මුහු­ණ­පෑවා. නමුත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් නෙළු­වට පැමිණි අව­ස්ථා­වේදී කිතුල් කාර්මි­ක­යන් මුහු­ණ­පාන ගැටලු සම්බ­න්ධව ඉදි­රි­පත් කළ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දීම ගැන අපි එතු­මාට ස්තුති­වන්ත වෙනවා. අපට දැන් නිද­හසේ මේ කර්මා­න්තය පව­ත්වා­ගෙන යන්න පුළු­වන්.”

නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් චතු­රංග ගුණ­සේ­කර පැව­සුවේ “නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ කිතුල් කාර්මි­ක­යන් 547ක් ලියා­ප­දිංචි කර තිබෙ­නවා. හොඳ කිතුල් පැණි හකුරු මිලදී ගැනීමේ අලෙවි මධ්‍ය­ස්ථා­න­යක් සහ කිතුල් පැණි උප­යෝගී කර­ගෙන දේශීය ආහාර සැක­සීමේ අලෙවි සැලක් ඉදි­ක­ර­නවා නම් කිතුල් වගාවේ නිරත අයට එය විශාල උප­කා­ර­යක් වෙයි” කියාය.

පැරණි දේශීය කර්මා­න්ත­යක් වන කිතුල් කර්මා­න්තය නඟා සිටු­වී­මට රජය ගත් වැඩ­පි­ළි­වෙළ ඉතා අගය කරන බවත් ඒ සම්බ­න්ධව පව­තින අඩු­පා­ඩු­කම් හඳු­නා­ගෙන කිතුල් කර්මා­න්තය වැ‍ඩි දියුණු කිරී­මට වග­කි­ව­යු­ත්තන්ගේ අව­ධා­නය යොමු විය යුතු බව නෙළුව ලංකා­ගම ගම්මා­නයේ කිතුල් කර්මා­න්තයේ යෙදෙන ගම්වැ­සි­යන් වැඩි­දු­ර­ටත් පැව­සූහ.

Comments