කරා­තෙන් රට හොල්ලන එකම පවුලේ සොයුරෝ | සිළුමිණ

කරා­තෙන් රට හොල්ලන එකම පවුලේ සොයුරෝ

මැද දුම්බර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශ­යට අයත් උඩි­ස්ප­ත්තුව පිහිටා තිබෙන්නේ මහ­නු­වර නග­රයේ සිට කිලෝ මීටර 40 ක  පමණ දුරිනි. මහ­නු­වර මහි­යං­ගණ ප්‍රධාන මාර්ගයේ තෙල්දෙ­ණිය දක්වා ගොස් රංගල මාර්ගයේ කිලෝ මීටර පහක පමණ දුරක් ගිය­පසු හමු­වන උඩි­ස්ප­ත්තුව නග­ර­යෙන් හැරී අඩි හත­රක පළ­ළින් යුත් කොන්ක්‍රීට් මාර්ගයේ වැටී ඇත්තේ ඇට­ඹ­ග­හ­වත්ත ග්‍රාම­ය­ටය. මෙහි කප­රාරු නොකළ කාමර දෙක­කින් යුත් නිව­සක් ඇත.නිව­සට අතුළු වෙත්ම දක්නට ලැබුණේ හිසේ ගෑවෙන නොගෑ­වෙන තරම් උස­කින් රෙදි වැලක ස්වරූ­ප­යෙන් එල්ලා තිබූ රන්,රිදී හා ලෝ පද­ක්කම් ගොන්නකි. ඒවා­යෙහි හිමි­ක­රු­වන් සිව් දෙනා අත­රින් වැඩි­මලා වූ දහ­සය හැවි­රිදි සඳුන් සෙව්මිණ ධර්ම­රත්න තම මව සමඟ අපව පිළි­ගත්තේ අහිං­සක සින­හ­ව­කින් මුව සර­සා­ගෙ­නය.

නිවසේ වහ­ළ­යට පහ­ළින් එල්ලෙ­මින් තිබූ පද­ක්කම් ගොන්නේ සෙසු හිමි­ක­රු­වන් අනෙක් කාම­රයේ සිට එබි­කම් කළේ ස්වේත වර්ණ කරාතේ ඇඳු­මින් සැර­සී­ගෙ­නය. ඒ අත­රින් දහ­තුන් හැවි­රිදි දිව්මි තස්මිලා සෙව්මිණි ධර්ම­රත්න තම අයියා සමඟ අධ්‍යා­ප­නය ලබන්නේ අමු­පි­ටිය ජාතික පාස­ලේය. දස හැවි­රිදි චේතන විදු­ෂාන් ධර්ම­රත්න හා හය හැවි­රිදි ඔෂධ විදු­ෂාන් ධර්ම­රත්න උඩි­ස්ප­ත්තුව ප්‍රාථ­මික විදු­හලේ පස්වන හා දෙවන වසර පන්ති­වල අධ්‍යා­ප­නය ලබති. වනයේ පිපී වන­යේම පරව යන්නට තිබූ මල්වන් දරු­වන්ගේ හැකි­යා­වන් හඳුනා ගෙන ඔවුන්ට කරාතේ ක්‍රීඩා­වෙන් මෙත­රම් දුරක් එන්නට මඟ පෙන්වා ඇත්තේ කළු­පටි හත­ර­වන ශ්‍රේණි­ධාරී එස්. සූරි­ය­භ­වන්ය. කරාතේ ක්‍රීඩා­වට යොමුව මාස නව­යක් තරම් කෙටි කාල­යක් තුළ දිව­යිනේ ජන­ප්‍රිය පැසැල් රැසක සිසුන් පරා­ජය කර­මින් මේ සිව් සහෝ­ද­රයෝ රන්, රිදී හා ලෝකඩ පද­ක්කම් 104 කින් මේ වන විටත් ඔවුන්ගේ ගෙල සර­සා­ගෙන තිබේ. කොවිඩ්-19 බල­පෑම එල්ල වී ක්‍රීඩා තරඟ අත් නොහි­ටු­ව­න්නට අද ඔවුන්ගේ මේ පද­ක­ම්කම් ගොන්න 150 ද ඉක්මවා තිබෙන බව පව­සන්නේ මෙම ළමුන්ගේ කරාතේ සහය උප­දේ­ශක රසික බණ්ඩාරය.

පවුලේ වැඩි­මලා වන සඳුන් පසු­ගිය වසරේ පැවැති ශ්‍රී ලංකා අන්තර් පාසැල් කරාතේ තර­ඟා­ව­ලි­යේදී රිදී පද­ක්ක­මක් දිනා ගැනී­මෙන් පසු මෙම වසරේ මාර්තු මස  මැලේ­සි­යාවේ පැවැ­ත්වී­මට නිය­මිත තිබූ ආසි­යානු තර­ඟා­ව­ලි­යට සහ­භාගි වීමට සිදු­සු­කම් ලබා සිටි­යත් කොරෝනා අර්බු­දය හේතු­වෙන් එම තර­ඟා­ව­ලිය අව­ලංගු කිරීම නිසා ඔහුගේ සිහින බොඳවී ගියේය.මේ වන විට සඳුන් කරාතේ ක්‍රීඩා­වෙන් ලබා­ගත් ජය­ග්‍ර­හණ වෙනු­වෙන් හිමි­කර ගෙන තිබෙන රන්, රිදී හා ලෝකඩ පද­ක්කම් ගණන 29 කි. දෙවැන්නා වන දිව්මි පද­ක්කම් 10 ක් ද තෙවැන්නා වන චේතන පද­ක්කම් 34 ක්ද දිනා ගනිත්දී පවුලේ බඩ­පිස්සා වන ඔෂධ දිනා ඇති පද­ක්කම් ගණන 31 කි. ඒ අත­රින් 25 ක්ම රන් පද­ක්කම් වීම තුළින් ඔහු සතු දක්ෂ­තාව කෙබ­ඳුද යන්න තේරුම් ගැනී­මට පුළු­වන.

කරාතේ ක්‍රීඩාව ගැන අසා­දැන හෝ නොති­බුණු මේ දරු­වන් ඊට යොමුව තිබෙන්නේ අපූරු ආකා­ර­ය­ක­ටය. එය අප හා පැව­සුවේ මිල කළ නොහැකි මිණි­කැට වන් මේ දරු­වන් මෙළො­වට බිහි­කළ දිනේෂා චාන්ද­නීය. තුන්වෙනි පුතා ඉගෙන ගන්න උඩි­ස්ප­තුත්ව ඉස්කෝලේ කරාතේ පන්ති පටන් ගන්නවා කියලා ගිය අවු­රුද්දේ  සර් කෙනෙක් ඇවිත් කියලා තිබුණා. ඒ සර් ළමයි ඔක්කොම පිට්ට­නි­යට ගෙනත් පන්ච් කරන්න කියලා. අපේ පුතා ඒක හොඳට කළා කියලා එයාව කරාතේ වලට තෝර ගත්තා. එයත් එක්ක ළමයි 20 ක් විතර ඉස්කෝලේ පුහුණු වීම් කළා. කරාතේ පුහුණු කළ සූරි­ය­භ­වන් සර් ඉස්කෝලේ වෙලා­වෙන් පස්සේ හවස පන්ති වල­ටත් පුතාව ගෙන්වා ගත්තා. මහ­ත්තයා වැඩට යන නිසා මම අනිත් දරුවෝ තුන් දෙනත් එක්ක ගිහින් පුතාට කරාතේ පන්ති ඉවර වෙන­කල් බලා ඉන්නවා. ඒ ඉන්න අතරේ ලොකු පුතයි දුවයි කරාතේ පන්ති­යට සම්බන්ධ වුණා. එයා­ලගේ ඉස්කෝලේ එත­කොට මේ ක්‍රීඩාව තිබුණේ නැහැ. දව­සක් පන්ති­යට ගිය වෙලා­වක මගේ පුංචි පුතා පන්චින් බෑග් එකට පහ­රක් ගැහුවා.ඒක දැකපු ගමන් සර් කිව්වා හෙට ඉඳලා දරුවා පන්ති­යට එව­න්නම ඕන කියලා. පුංචි පුතා ගිිය වසරේ මැයි මාසේ වගේ ඉඳලා පන්ති වලට ගියේ. එයා හැම තර­ඟ­ය­ක­දීම රන් පද­ක්කම් දිනුවා.

මම රත්න­පුරේ කෙනෙක්. මහ­ත්තයා වෘත්ති­යෙන් පෙද­රේරු රස්සාව කරන්නේ. කොළ­ඹදී අපි හමු­වෙලා 2000 දී විවාහ වුණා. 2004, 2007, 2010 හා 2013 වසර වලදී තමයි මේ දරුවෝ ඉප­දුණේ. මුලින් අපි හිටියේ මේ ළඟ මහ­ත්ත­යාගේ මහ ගෙවල් තියෙන පුස්සැ­ල්ල­ගොල්ලේ. අපි පුංචි­යට කාමර දෙකක් හදා­ගෙන හිටියේ. දරුවෝ තුන් දෙනෙක් හම්බ වෙලා ඉන්න කොට එතන නාය ගියා. ඊට පස්සේ අපි දරු­වොත් එක්ක මකු­ල්දෙ­ණියේ ආච්චි­ලාගේ ගෙදර ගියා. එතන ඉන්න අතරේ තමයි මේ ඉඩම මහ­ත්ත­යාගේ මාමා කෙනෙ­කු­ගෙන් 280000.00 කට ගත්තේ. මේක මහ­වැලි ඉඩ­මක්. රක්ෂි­තය නිසා ඔප්පු  නැහැ. අන­ව­සර පදං­චි­ක­රු­වන් විදි­හට තමයි අපිව සල­කන්නේ. මේ දරු­වන්ගේ දක්ෂතා දැකලා මධ්‍යම පළාතේ ආණ්ඩු­කාර තුමා අපේ ගෙද­රට ආවා. දරු­වන්ගේ ක්‍රීඩා කට­යුතු වලට උදව් කරන්න එතුමා පොරොන්දු වුණා.

වැලේ ගෙඩි වැලට බරක් නැතැයි කිය­ම­නක් තිබේ. මොන­ත­රම් අග­හි­ඟ­කම් තිබු­ණද දිනේෂා තම සැමි­යාවූ ප්‍රියන්ත හා එක්ව දරු­වන් සිව් දෙනා උස් මහත් කළේ තමන් විඳින දුක් ඔවුන්ට විඳි­න්නට නොත­බන්නේ යැයි සිතා­ගෙ­නය. බිරි­ඳගේ කතා­වට ඌන පුර්ණ­යක් එක් කර­මින් ප්‍රියන්ත සංජීව ධර්ම­රත්න මෙසේ පැව­සු­වේය. පසු­ගිය කොරෝනා කාලේ මට වැඩ තිබු­ණේම නැහැ. වැඩක් හම්බ වුණොත් රෑ දවල් නොබලා මම වැඩ­ක­රන්නේ මේ දරු­වන්ට හොඳ හෙට දව­සක් උදා­ක­රලා දෙන්නයි. මම බැංකු­ව­කින් ලක්ෂ තුනක ණයක් අර­ගෙන තමයි මේ ඉඩම ගත්තේ. පුළු­වන් විදි­හට කාමර දෙකක් හදා ගත්තා. ඒ ණය ගෙවා­ගන්න බැරි­වුණ නිසා දැන් බැංකු­වෙන් නඩු දාලා තියෙන්නේ. කරාතේ ක්‍රීඩා­වට ඕන කරන එක් ඇඳුම් කට්ට­ල­යක් රුපි­යල් 10000.00 ක් විතර වෙනවා. ළමයි හතර දෙනා තරඟ වලට එක්ක­ගෙන යන්න ලොකු විය­ද­මක් යනවා. දරු­වන්ට  කරාතේ උග­න්වන සූරි­ය­භ­වන් ගුරු­තුමා ගොඩක් උදව් කර­නවා. මේ අව­ස්ථාවේ අපිට කවු­රු­හරි අත දෙනවා නම් ඒක ලොකු සහ­න­යක්.

පවුලේ වැඩි­මලා වන සඳුන් හා තෙවැන්නා වන චේතන මේ වන විටත් තැඹිලි පටි­ධා­රීන්ය. හය හැවි­රිදි ඔෂධ කහ පටිධාර­යෙකි. චේතනා තාමත් සුදු පටිය දරන්නේ කහ පටිය ලබා ගැනීම අවශ්‍ය පුහු­ණු­වීම් කොවිඩ්-19 නිසා අත­පසු වීම හේතු­වෙනි.

මේ දරුවෝ හතර දෙනාගේ සහජ දක්ෂතා අපේ ගුරු­තුමා හඳුනා ගත්තා.එතුමා මොවුන්ව පුහුණු කරත්දී මේ දරුවෝ විශාල කැප­වී­ම­කින් පුහුණු වුණා.එහි ප්‍රති­පල අද දකින්න පුළු­වන්.මේ දක්ෂතා තවත් වර්ධ­නය කර­ගෙන ඉදි­රි­යට යන්න නම් මේ අයට නිසි පෝෂ­ණය වගේම පුහුණු වීම් වලට අවශ්‍ය උප­ක­රණ හා සුදුසු ස්ථාන­යක් තිබිය යුතුයි. එක තර­ඟ­ය­කට දරු­වෙක් ඉදි­රි­පත් කරන්න රුපි­යල් 2000.00 ක් විතර අය කර­නවා. හතර දෙනෙක් ඉදි­රි­පත් කරන්න 8000.00 යනවා. ගොඩක් වෙලා­වට මේ මුදල දරන්නේ සූරි­ය­භ­වන් මාස්ටර්. කරාතේ කියන්නේ ගොඩක් නගර බද පාසැල් වලට සීමා වී තිබූ ක්‍රීඩා­වක්. අද මේක ගම් මට්ට­මට ගෙනත් දක්ෂ ක්‍රීඩ­ක­යන් බිහි කරන්න අපට හැකි­වෙලා තියෙ­නවා. ගමේ ළම­යින්ට ඉදි­රි­යට එන්න අවස්ථා තිබෙන්න ඕන. එහෙම වුණොත් අපිට ජත්‍ය­න්ත­රය දිනන ක්‍රීඩ­ක­යින් බිහි­කළ හැකියි. කළු­පටි ධාරී පුහුණු උප­දේ­ශක රසික බණ්ඩාර පව­සයි.

කරාතේ ක්‍රීඩා­වෙන් සුවි­ශේෂි දක්ෂතා දක්වන මේ සිව් සහෝ­ද­ර­යන්ගේ නිවස ඉදි­රි­පිට පන්චින් බෑග් එකක් වෙනු­වට තබා ඇත්තේ වැලි පිරවූ පොහොර උර­යකි. දරු­වන් සිව් දෙනා තමන්ගේ හිස­ටද ඉහ­ළින් යන සේ පාද­යක් ඔසවා එයට පහර දෙන්නේ හරි අපූ­රු­ව­ටය. කැප­වීම, නොබ­සු­බට උත්ස­හය, ධෛර්යය ආදි බොහෝ දේ ඒ සිත් තුළ ගැබ්ව තිබේ. නොයෙ­කුත් දුෂ්ක­රතා මධ්‍යයේ කරාතේ ක්‍රීඩාවේ යෙදෙන මේ දරු­වන්ට සුළු හෝ දිරි­යක් ලබා දුන­හොත් ඔවුන් එම ක්‍රීඩාවේ බොහෝ දුර යන බවට සල­කුණු ඔවුන් සිව් දෙනා­ගේම දෑසේ තුළ ලියවී තිබේ.

මෙම දරු­වන් සිව්දෙ­නාගේ දක්ෂතා ඇග­යීම පිණිස පසු­ගි­යදා මධ්‍යම පළාත් ආණ්ඩු­කාර නීතීඥ ලලිත් යූ ගමගේ දුෂ්කර මඟක් ගෙවා ඔවුන්ගේ නිව­සට ගියේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජ­රත්න ඇතුළු පළාත් අධ්‍යා­පන හා ක්‍රීඩා බල­ධා­රීන් සම­ඟය. මොවුන්ගේ ඉදිරි යහ­පත වෙනු­වෙන් ගන්නා ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව ආණ්ඩු­කා­ර­ව­රයා මෙසේ අද­හස් දැක්වීය. මේ වගේ දක්ෂතා ඇති දරු­වන් රැසක් මධ්‍යම පළාතේ ඉන්නවා. ඔවුන් ක්‍රීඩාවේ යෙදෙන්නේ නොයෙ­කුත් දුෂ්ක­රතා මැදයි. මේ දරු­වන්ගෙ හෙට දවස වෙනු­වෙන් දිරි­යක් වීමට අපි කට­යුතු කර­නවා. මේ අය දැනට පදිං­චිව සිටින නිවස මහ­වැලි රක්ෂි­ත­යට අයත් කොට­සක්. දැනට බාගෙට ගොඩ­නඟා ඇති ඉඩම ඉදි කිරීම සඳහා පහ­සු­කම් සප­යන්න අපට හැකි­යා­වක් නැහැ. මොකද මේක අන­ව­සර ඉදි කිරී­මක්. මැද දුම්බර ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාට මම කිව්වා මේ පවු­ලට නිව­සක් ඉදි­කර දීමට සඳහා සුදුසු ඉඩ­මක් යෝජනා කරන්න කියලා. ඒ කට­යුතු දැන් සිදු වෙනවා. ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිළමේ ප්‍රදීප් නිලං­ගල දෑලගේ අව­ධා­නය මේ පවුල වෙත යොමුව තිබෙ­නවා. එතුමා ඔවුන්ට නිව­සක් ගොඩ­නගා දීමට ආධාර උප­කාර කරන්න සූදා­නම්. අපේ රටට ක්‍රීඩා­වෙන් ජත්‍ය­න්තර ජය­ග්‍ර­හණ ලබා දෙන්න හැකි­යාව, දක්ෂ­තාව තිබෙන මේ වගේ දරු­වන් ආර­ක්ෂා­කර ගැනීම අපේ වග­කී­මක්. ඒ වග­කීම වෙනු­වෙන් අපි කැප­වෙ­නවා.

 

Comments