අගෝස්තු 02 සිට අගෝස්තු 08 දක්වා | සිළුමිණ

අගෝස්තු 02 සිට අගෝස්තු 08 දක්වා

මේෂ ලග්නය - ආග­මික කට­යුතු රැසක මුල් තැන

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 09 - 10 - 11 - 12 යන ස්ථාන­වල ගමන් කර­මින් වාස­නා­වන්ත සති­ය­කට මුල පුර­නවා ඇත. ඔබට කිසි­යම් ඥාති හිත­ව­තකු නිසා ඇති­වන මුද­ල්මය වාසි­යක් ද පෙන්වන නමුත් සතිය අව­සා­නයේ බොහෝ­විට ඒ ප්‍රති­ඵල තමාගේ සතුරු කර­ද­ර­ය­කට හේතු­වී­මට ඉඩ ඇති නිසා කල්ප­නා­කාරි වන්න. තමාට ලැබුණු මුදල් ලාභය නොසිතූ ලෙස විනාශ වී යාමට බොහෝ­දු­රට ඉඩ ඇත.

 

වෘෂභ ලග්නය - සිතේ සතුට රජ­යන සති­යක්

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේස­තියේ 08 - 09 - 10 - 11 යන ස්ථාන­වල ගමන් කර­මින් ඔබට රැකියා ලාභ­ය­කට හේතු ඇති කරයි. ඒ සතිය  මැද භාගයේ වුවත් සතිය ආර­ම්භයේ ඔබට දුෂ්ක­ර­තා­ව­කට මුහුණු දීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් සතිය මැද­භා­ගයේ සිට ඔබට කිසි­යම් නව මඟ­කට යොමු වෙමින් රැකියා ව්‍යාපාර ප්‍රති­ලාභ ලැබෙ­න්නට පටන් ගනී. තරග විභාග වලට මුහුණ දී සිටි අයෙක් නම් ඉතා විශිෂ්ට ප්‍රති­ඵල උදා වීමෙන් සිතේ සතුට රජ­යන සති­යක් වනු ඇත.

 

මිථුන ලග්නය - අවි­වා­හක අයට මංගල සීනු හැඬ වේ

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 07 - 08 - 09 - 10 යන ස්ථාන­වල ගමන් කර­මින් සතිය ආර­ම්භයේ දීම විවාහ උත්ස­ව­යක් වැනි කට­යු­ත්ත­කට සහ­භාගි වීමට අව­ස්ථාව උදා­වන අතර අවි­වා­හක අයට මංගල  යෝජනා - ආදර සම්බ­න්ධතා ඇති­වන සති­යකි. සිතට වද දෙමින් තිබූ ගැට­ලු­වක් නිරා­ක­ර­ණය වනු ඇත. කිසි­යම් දුර බැහැර ගම­නක් නිසා සතිය ඉතා කාර්ය බහුල එකක් විය­හැකි වුවද එය කාර්ය බහු­ල­ත්වය අනා­ගත යහ­ප­තට බොහෝ සෙයින් තුඩු­දෙන නිසා පසු­තැ­විලි නොවන්න.

 

කටක ලග්නය - සිත් කල­කි­රී­මක් ඇතිවේ

කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථාන­වල ගමන් කර­මින් සතිය ආර­ම්භ­යේ­දීම කිසි­යම් සිත් කල­කි­රී­මක් ඇති විය හැකි වුවද සතිය මැද භාගයේ සිට එය කෙමෙන් පහව යයි. තවද ඔබට යටි බඩ ආශ්‍රි­තව ඇති විය හැකි අප­හ­සු­තා­වක් නිසා කිසි­යම් වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට ද යොමු­වී­මට ඉඩ ඇත. ඔබගේ නිව­සට පැමි­ණිය හැකි සොර­ස­තුරු උව­දු­රක් නිසා ආර්ථික පාඩු­ව­කට ඉඩ ඇති නිසා සුප­රි­ක්ෂා­කාරී වන්න.

 

සිංහ ලග්නය - වාස­නා­වන්ත දරු සම්පත්

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 05 - 06 - 07 - 08 යන ස්ථාන­වල ගමන් කර­මින් යහ­පත් සති­ය­කට මුල පුරන අතර දරු­වන් අපේක්ෂා කරන අයට වාස­නා­වන්ත දරු උප­ත­කට හේතු වන අතර සතිය මැද භාගයේ සිට කාර්ය බහුල තත්ත්ව­ය­කට පත්වී­මට සිදු වනු ඇත. තමාට ලැබෙ­න්නට තිබෙන මුද­ලක් ලැබෙන අතර කල­කට පෙර ඔබ­ගෙන් ඈත්වී සිටි අය­කු­ගෙන් එම ආර්ථික වාසිය ඔබට හිමි වන ලකුණු පෙනෙ­න්නට තිබේ.

 

 

කන්‍යා ලග්නය - වාහන ලාභ­යක්

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 04 - 05 - 06 - 07 යන ස්ථාන­වල ගමන් කර­මින් සතිය ආර­ම්භ­යේ­දීම වාහන ලාභ­ය­කට හේතු මතු කරයි. ඒ සමඟ මුදල් ප්‍රති­ලා­භ­යක් ද පෙන්ව­මින් සිතේ පැවති ගැටලු රැස­කට ඔබට පිළි­යම් ලැබෙනු ඇත. කල්ප­නා­කා­රීව එම වාස­නාව වැල­ඳ­ගනු විනා නොසැ­ල­කි­ලි­මත් කමින් සති­ය­කට මුහුණ දුන­හොත් බොහෝ ආර්ථික පාඩු­ව­කට ඉඩ ඇති නිසා කල්ප­නා­කාරි වන්න. තම පපුවේ පැවති අස­නී­ප­ය­කට නිසි ප්‍රති­කාර ලැබීම නිසා එය සතු­ටු­දා­යක සති­යකි. 

 

තුලා ලග්නය - ඉඩම් ලාභ­ය­කට හිමි­කම්

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 03 - 04 - 05 - 06 යන ස්ථාන­වල ගමන් කර­මින් ඔහුට ඉඩම් ලාභ­ය­කට හිමි­කම් ඇති කර­වනු ඇත. එහෙත් එබඳු ගනු­දෙ­නු­ව­කදී ඔබ වඩාත් ප්‍රවේ­ශම් විය යුත්තේ ලිය­කි­ය­විලි සඳහා අත්සන් කිරී­මේදි යම් යම් අත් වැර­දීම් සිදු­වී­මට බොහෝ දුරට ඉඩ ඇති නිසාය. තමා කලක පටන් පැවති නඩු­වක් වැනි දෙය­කින් නිද­හස්ව පිය උරු­මයේ වාසිය භුක්ති විඳ­මට හැකි වන සති­යකි. එහෙත් තම උර­හි­සට විය හැකි හදිසි අන­තු­රක පෙර ලකුණු පළ  කරන නිසා ප්‍රවේ­ශම් වන්න.

 

වෘශ්චික ලග්නය - උගුරේ ආසා­ද­න­යක්

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථාන­වල ගමන් කරන මෙම සතිය ඔබට උගුරේ ඇති විය හැකි ආසා­ද­න­යක් නිසා පීඩා විඳී­මට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් ආර්ථික ලැබීම් අතින් ඔබ පොහො­සත් වෙයි. ලද දේ සුප­රි­ක්ෂා­කා­රීව පරි­හ­ර­ණය කිරී­මට උනන්දු වන්න. නැතොත් “ලත් තැනම ලොප් වෙන” කරුණු නිසා සිතේ සතුට ගිලිහී යාමට ද බොහෝ දුරට ඉඩ ඇත. පිට­ස්තර අයකු ඔබ සඳහා පිළි­යෙල කර දෙන ආහාර පාන පිළි­බඳ සැල­කි­ලි­මත් වන්න.

 

ධනු ලග්නය - සිතට මහත් සැන­සි­ල්ලක්

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 01 - 02 - 03 - 04 යන ස්ථාන­වල ගමන් කර­මින් ඔබට සුබ­වාදි සති­ය­කට වාස­නාව ගෙන දෙනු ඇත. තම මවු පාර්ශ්වයේ අය­කු­ගෙන් ලැබෙන සහ‍යෝ­ග­යක් නිසා සිතට මහත් සැන­සි­ල්ලක් දැනෙන සති­යකි. තමා කරන සෞන්ද­ර්ය­යා­ත්මක කට­යුතු කෙරෙන් යහ­පත උදාවේ. කලා­කාමි අද­හස් උද­හස් මතු­වීම තුළ ඔබ තුළින් කලා නිර්මාණ රැසක් පළ දරනු ඇත. ග්‍රන්ථ­ක­ර­ණය කවි - ගීත නිර්මා­ණය කරන අයට සුවි­ශේෂි සති­යකි. විශේ­ෂ­යෙන් කිසි­යම් පොදු ස්ථාන­ය­කදි ඔබව ඇග­යී­ම­කට ලක්වන සති­යක්ද වෙයි.

 

 

මකර ලග්නය -ඇස­කට ආප­දා­වක්

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12 - 01 - 02 - 03 යන ස්ථාන­වල ගමන් කර­මින් සතිය ආර­ම්භ­යේදි ඔබගේ ඇස­කට ආප­දා­වක් විය හැකි නිසා ප්‍රවේ­ශම් වන්න. තවද පිට­ර­ටක සිටින අයකු හෝ කලක් තිස්සේ ඔබ­ගෙන් දුරස්ව සිට යළි ඔබ ඇසු­රට පැමි­ණෙන අයකු නිසා විවිධ ප්‍රශ්න රැස­කට මුහුණ දීමට ඔබට සිදු­වනු ඇත. කෙසේ නමුත් අධික සෙම නිසා හිසේ ඇති­විය හැකි බර ගතිය මත බොහෝ කට­යුතු කල් දැමී­මට ඔබට සිදු­වනු ඇත. යටි බඩ­ටද එත­රම් සුබ නොවන අතර නිසි වේලා­වට ආහාර ගැනීම උප­රිම වතුර පානය ද සුදුසු වනු ඇත.

 

කුම්භ ලග්නය - වාස­ස්ථා­න­ව­ලට තර්ජන

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 11 - 12 - 01 - 02 යන ස්ථාන­වල ගමන් කර­මින් සතිය ආර­ම්භයේ හදිසි මුදල් වැය වීම­කට හේතුවේ. විශේ­ෂ­යෙන් තමාගේ අත් වැර­දී­මක් හේතු­කොට ගෙන මෙම ආර්ථික පාඩුව සිදු­වන අතර ඉතා සුප­රි­ක්ෂා­කා­රිව කට­යුතු කළ­හොත් එම පාඩුව මඟ­හ­රවා ගැනී­මට ඔබට හැකි­වනු ඇත. ජලා­ශ්‍රිත කට­යුතු කෙරෙන් ප්‍රවේ­ශම් වන්න. එහෙත් සතිය අව­සා­නයේ ඔබට පිට­ස්තර අය­ගෙන් ලැබෙන ඇප උප­කාර නිසා යම් තර­ම­කින් ගැටලු විසඳා ගැනී­මට ඔබට හැකි වෙයි.

 

මීන ලග්නය - මූල්‍ය­මය වාසි­යක්

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 10 - 11 - 12 - 01 යන ස්ථාන­වල ගමන් කිරීම යහ­ප­ත්කම් රැස­කට හේතු මතු කරන අතර විශේ­ෂ­යෙන් මූල්‍ය­මය වාසි­යක් ලැබී­මට හේතු­වෙයි. විශේ­ෂ­යෙන් රැකියා ස්ථාන­යෙන් ලැබී­මට තිබූ එහෙත් විවිධ හේතු මත යට­පත් වී තිබූ එබඳු වාසි තමාට අත්වනු ඇත. තමා කිසි­යම් ව්‍යාපාර කට­යු­ත්ත­කට අත ගස­නවා නම් ඒ සඳහා ද සුබ සති­යකි. තම ප්‍රධා­නින් හා රාජ්‍ය තාන්ත්‍රික වග­කිව යුත්ත­න්ගෙන් ඇප උප­කාර ලැබී­මට ඉඩ ඇත.

Comments