කොරෝනාව පරදවමින් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ඉඩදී මැති­ව­රණ පැවැත්වූ රට­වල් මෙන්න | සිළුමිණ

කොරෝනාව පරදවමින් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ඉඩදී මැති­ව­රණ පැවැත්වූ රට­වල් මෙන්න

කොවිඩ් -19 ලෝකයේ බොහෝ දේ වෙනස් කළේය. ඒ අත­රින් මැති­ව­ර­ණ­ව­ලට අයත් වන්නේ ප්‍රධාන ස්ථාන­යකි. වර්ත­මාන ලෝකයේ රට­වල් බහු­ත­ර­යක් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාලන රාමු­වක පව­තින අතර ඒ හේතු­වෙන්ම වසරේ සෑම මස­ක­දීම ලොව කිනම් හෝ රටක ඡන්ද විම­සීම් පැවැ­ත්වෙනු දැක ගත හැකිය. සිය­ව­ස­කට වඩා වැඩි කාල­යක් පුරා සාමාන්‍ය ලෙස පැවති මේ ලෝක මැති­ව­රණ සිති­යම ප්‍රබල ලෙස වෙනස් කිරී­මට කොවිඩ් වයි­ර­ස­යට හැකි­යාව ලැබිණි.   

පසු­ගිය මාර්තු මාස­යේදී වයි­ර­සයේ ව්‍යප්තිය ඇර­ඹී­මත් සමඟ ලෝකයේ බොහෝ රට­වල් තම රට­වල පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ මැති­ව­රණ කල් දැමී­මට කට­යුතු කළහ. තවත් රට­වල් කොවිඩ් තර්ජන අස්සේම මැති­ව­රණ පැවැත්වූ අතර තවත් රට­වල් මේ වන විට මැති­ව­රණ පැවැ­ත්වී­මට කට­යුතු සූදා­නම් කර­මින් සිටිති. 

Global Overview of Covid - 19 වෙබ් අඩ­වි­යට අනුව පසු­ගිය පෙබ­ර­වාරි 21 සිට ජූලි 26 දක්වා ලෝකයේ රට­වල් රැසක් පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ ජාතික සහ ප්‍රදේ­ශික මැති­ව­රණ රාශි­යක් සම්බ­න්ධව විවිධ තීරණ ගෙන තිබේ. ඒ අත­රින් රට­වල් 46ක් පැවැ­ත්වී­මට දින නියම කර තිබූ ජාතික සහ ප්‍රාන්ත මැති­ව­රණ කල්දැ­මී­මට කට­යුතු කළ අතර රට­වල් 14ක් නිය­මිත පරිදි මැති­ව­රණ පැවැ­ත්වී­මට කට­යුතු කර තිබේ. ඒ අනුව කොවිඩ් ව්‍යප්තිය අත­ර­තුර මැති­ව­රණ පැවැත්වූ රට­වල් අත­රින් රට­වල් 10ක්ම ජාතික මැති­ව­රණ පැවැ­ත්වී­මට සමත් වී තිබේ. ඇතැම් ඒවා ජන­ම­ත­වි­චා­රණ වේ. 

පසු­ගිය පෙබ­ර­වාරි මාසය වන විට කොවිඩ් ලෝක ව්‍යප්ති­යක් දක්නට නොලැ­බුණු අතර චීනයේ පම­ණක් කොවිඩ් දරුණු ලෙස පැතිර යමින් තිබිණි. ඉරා­නය පෙබ­ර­වාරි 21වැනිදා පාර්ලි­මෙන්තු මැති­ව­ර­ණය පැවැත්වූ අතර තායි­වා­නයේ අතුරු මැති­ව­ණ­යද, ටෝගෝ හි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යද, ස්ලෝවැ­කි­යාවේ මහ­මැ­ති­ව­ර­ණ­යද පැවැ­ත්විය. 

පසු­ගිය මාර්තු මාසය වන විට කොවිඩ් වයි­ර­සය චීන­යෙන් පිට­තට පැමිණ ලොව පුරා ව්‍යප්තිය අරඹා තිබූ අතර ඉතා­ලිය ඉන් දරුණු ලෙස පහ­ර­ක­මින් ලෝක­ය­ටම අන­තුරු අඟ­ව­මින් තිබිණි. එහෙත් ඒ අත­ර­තුර වුවද ලෝකයේ රට­වල් රැසක්ම තම රටවල මැති­ව­රණ ක්‍රියා­දා­ම­යන් කල් දැමී­මට කට­යුතු නොක­ර­මින් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ඉඩ ලබා දෙනු දැක­ගත හැකි විය. මාර්තු 29වැනිදා ඕස්ට්‍රේ­ලි­යාවේ කුවී­න්ස්ල­න්තයේ ප්‍රාන්ත මැති­ව­ර­ණය පැවැ­ත්විය. බංග්ලා­දේ­ශය මාර්තු 21වැනිදා ප්‍රාන්ත අතුරු මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීය. මාර්තු 22 වැනිදා කැම­රුන් හි මහ­මැ­ති­ව­ර­ණය පැවැ­ත්වුණු අතර ඒ ආස­න්න­යේම කැන­ඩාවේ කවු­න්සිල මැති­ව­ර­ණ­යද පැවැ­ත්විය. 

ඉතා­ලියේ දරුණු ලෙස කොවිඩ් වසං­ග­තය පැතිර යමින් තිබි­යදී අස­ල්වැසි ප්‍රංශය පළා­ත්බද මැති­ව­ර­ණයේ පළ­මු­ව­ටය සාර්ථ­කව පැවැ­ත්වීය. ජර්ම­නි­යද බවා­රි­යාහි පළා­ත්බද මැති­ව­ර­ණය සාර්ථ­කව පැවැත්වූ අතර එහි ප්‍රථ­ම­ව­ටය මාර්තු 16 වැනි­දාද, දෙවැනි වටය මාර්තු 29වැනි­දාද පැවැ­ත්වී­මට ජර්මානු රජය සමත් විය. අප්‍රි­කානු රටක් වන ගය­නාව මහ­මැ­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට සමත් වූ අතර, මේ දක්වා කොවිඩ් වසං­ග­තයේ දරුණු ප්‍රහා­ර­ය­කට ලක් නොවූ ඊශ්‍රා­යෙ­ල­යද එරට ව්‍යව­ස්ථා­දා­යක මැති­ව­ර­ණය මාර්තු 2වැනිදා පැවැ­ත්වී­මට සමත් විය. 

ජපා­නය යනු චීනය සම­ඟම වයි­රස ප්‍රහා­ර­යට මුහුණ දුන් රටකි. චීන­යෙන් පිටත රෝගීන් වාර්තාවූ මුල් රට­වල් අත­රට ජපා­න­යද අයත් වේ. එසේ වුවද ජපා­නය අප්‍රේල් මස පළා­ත්බද අතුරු මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට කට­යුතු යෙදීය. එමෙන්ම ජපා­නය වයි­ර­සය ඉතා සාර්ථ­කව පාල­නය කිරී­ම­ටද සමත් විය. වරි­න්වර ජපා­නය තුළ වයි­ර­සය හිස එස­වූ­වද ඒ සෑම අව­ස්ථා­ව­ක­දීම රෝග ව්‍යප්තිය මනාව පාල­නය කර ගැනී­මට ජපා­න­යට හැකි­යාව ලැබිණි. 

කොවිඩ් ව්‍යප්තිය අත­ර­තුර ලෝකය පුරා පැවැත්වූ මැති­ව­රණ අත­රින් වැඩිම කතා­බ­හට ලක්වූයේ දකුණු කොරි­යාව පැවැත්වූ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යයි. මේ මැති­ව­ර­ණය වඩාත් කතා­බ­හට ලක්වී­මට තවත් එක් හේතු­වක් වූයේ චීන­යෙන් බැහැර වයි­ර­සයේ ප්‍රථම දරුණු ප්‍රහා­ර­යට ලක් වූ රට­වල් තුන අතර දකුණු කොරි­යා­වද සිටී­මයි. එසේ වුවද මාර්තු අව­සන් විමට ප්‍රථම වයි­ර­සයේ ව්‍යප්තිය පාල­නය කිරී­මට දකුණු කොරි­යා­වට හැකි­යාව ලැබුණු අතර ඒ ආස­න්න­යේම මැති­ව­ර­ණය පැවැ­ත්වී­ම­ටද දකුණු කොරියා රජය සමත් විය. වසං­ග­ත­යක් අත­ර­තුර මැති­ව­ර­ණ­යක් පව­ත්වන්නේ කෙසේද යන්නට ඉතාම නිවැ­රදි නිද­ර්ශ­නය දකුණු කොරි­යාව විසින් ලෝක­යට සැපයූ බව පැව­සිය යුතුය. ඔවුන් ඉතා සංය­ම­යෙන් යුතුව මැති­ව­රණ කට­යුතු කළ අතර ඡන්දය භාවිත කිරී­මේදී ජන­තා­වගේ ආර­ක්ෂා­වට අදාළ සෞඛ්‍ය නීති අකු­ර­ටම ක්‍රියා­ත්මක විය. විශේ­ෂ­යෙන්ම පැව­සිය යුතු වන්නේ දකුණු කොරි­යානු ජන­තා­වද මැති­ව­ර­ණය පැවැ­ත්වී­මේදී අදාළ සෞඛ්‍ය නීති­රීති එලෙ­සින්ම ක්‍රියා­ත්මක කිරී­මෙන් රජ­යට සහ­යෝ­ගය දැක්වූ බවයි. මැති­ව­ර­ණ­යෙන් පසු දකුණු කොරි­යාවේ වයි­ර­සය ව්‍යප්තියේ කිසි­යම් වර්ධ­න­යක් දැක ගත හැකි වුවද එයට මැති­ව­ර­ණය පැවැ­ත්වී­මෙන් ඍජු බල­පෑ­මක් නොවූ බව පැව­සිය හැකි වන්නේ කොවිඩ් වයි­ර­සය යනු වරි­න්වර ඉස්ම­තු­වීම වළ­ක්වා­ලිය නොහැකි තර්ජ­නා­ත්මක බවින් වැඩි වයි­ර­ස­යක් වීම හේතු­වෙනි. ඒ සඳහා චීනය හොඳම උදා­හ­ර­ණය වේ. කොතෙක් පාල­නය කළද චීනයේ බීජිංහි වයි­ර­සය දෙවැනි වර­ටද පැතිර ගිය බව අම­තක කළ යුතු නැත.

මැයි මාස­යෙන් පසුව ලෝකයේ රට­වල් රැසක්ම ලොක්ඩ­වුන් ලිහිල් කළ අතර ඒ සමඟ මැති­ව­රණ පැවැ­ත්වී­ම­ටද බොහෝ රට­වල් කට­යුතු යොදනු දැක­ගත හැකි විය. පසු­ගිය ජූනි 28වැනිදා ප්‍රංශය ස්වකීය පළා­ත්බද මැති­ව­ර­ණයේ දෙවැනි වටය පැවැත්වූ අතර, අස­ල්වැසි පෝල­න්තය එදි­නම ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීය.  ජූලි මාසය ආර­ම්භ­වී­මත් සමඟ රුසි­යාව ජන­ම­ත­වි­චා­ර­ණ­යක් පැවැ­ත්වී­මට කට­යුතු යෙදුවේ එරට ව්‍යව­ස්ථාව වෙනස් කිරීම සම්බ­න්ධ­යෙන් ජනතා කැමැත්ත දැන­ගැ­නීමේ අභි­ලා­ෂ­යෙනි. 

ජූලි මස 5වැනි දින ක්‍රොඒ­ශි­යා­වද එරට පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වීය. පසු­ගිය ජූලි මස 10වැනි දින සිංග­ප්පූ­රුව පැවැත්වූ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යද විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතුය. සිංග­ප්පූ­රුව මේ මැති­ව­ර­ණය පව­ත්වන විට එරටේ කොවිඩ් ආසා­දි­ත­යන් 40,000 ඉක්මවා වාර්තා කර තිබිණි. එහෙත් මැති­ව­ර­ණය කල් දැමී­මට එරට රජය කට­යතු නොකළ අතර මැති­ව­ර­ණ­යෙන් පසුව මේ වන විට සිංග­ප්පූ­රු­වෙන් ආසා­දි­ය­තන් 50,000 ඉක්මවා වාර්තා වී තිබේ. පසු­ගිය ජූලි 12වැනිදා පෝල­න්තය එරට ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දෙවැනි වටය පැවැ­ත්වී­මට කට­යුතු යෙදීය. 

මේ අතර ලෝකයේ වැඩිම කොවිඩ් ආසා­දි­ත­යන් සහ වැඩිම කොවිඩ් මරණ වාර්තා කරන අමෙ­රි­කා­වද ප්‍රාන්ත මට්ට­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ මූලික වටයේ ඡන්ද විම­සීම් පව­ත්වන බව අම­තක කළ යුතු නොවේ. මේ වන විට වයි­ර­සය සම්පූ­ර්ණ­යෙන් මෙලො­වින් තුරන් කළ නොහැකි බවත්, වයි­ර­සය සමඟ සාමාන්‍ය ජීවි­තයේ කට­යුතු පවත්වා ගැනී­මට හුරු විය යුතු බවත් මිනිස් වර්ගයා වට­හා­ගෙන අව­සන්ය. එබැ­වින් එදි­නෙදා ජීවි­තයේ කට­යුතු අතර මූලික වන ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කර ගැනීම වෙනු­වෙන් මැති­ව­රණ පැවැ­ත්වී­මට බොහෝ රට­වල් නිර්භ­යව කට­යුතු කර ඇති බව පැහැ­දි­ලිය.

Comments