ඉන්දි­යා­වෙන් අැම­රි­කා­වෙන් චීන ටික් ටොක්ව­ලට තහ­න­මක් | සිළුමිණ

ඉන්දි­යා­වෙන් අැම­රි­කා­වෙන් චීන ටික් ටොක්ව­ලට තහ­න­මක්

මේ වන විට අමෙ­රි­කා­වට ඉති­හා­සයේ හමු වූ ප්‍රබ­ල­තම ප්‍රති­වා­දියා හමුවී තිබේ. මෙතෙක් කල් මූල්‍ය බල­යෙන්, තර්ජ­න­යෙන් සහ අවි බල­යෙන් ලොව බහු­ත­ර­යක් රට­වල් පාල­නය කළ අමෙ­රි­කා­වට මේ වන විට තම සමා­නයා හමුවී ඇතැයි පැව­සිය හැකිය. අමෙ­රි­කාවේ තර්ජන හමුවේ ඇතැම් රට­වල් පසු­බැස ගියද පෙරළා අමෙ­රි­කා­වට තර්ජන එල්ල කිරී­මට ඒ කිසිම රට­කට හැකි­යා­වක් ලැබුණේ නැත. එහෙත් චීනය අමෙ­රි­කාවේ තර්ජන හමුවේ නොසැලී සිටි­නවා පම­ණක් නොව තවත් බොහෝ අංශ­ව­ලින් අමෙ­රි­කා­වට තර්ජන එල්ල කර­මින් සිටින බවද මේ වන විට මුළු ලෝක­ය­ටම පැහැ­දි­ලිව පෙනෙ­නවා ඇත. 

මේ වන විට අමෙ­රිකා - චීන වෙළෙඳ යුද්ධය එළි­පිට ඇවි­ළෙ­මින් තිබේ. කොවිඩ් වසං­ග­තය හමුවේ වුද අමෙ­රි­කාව තම ආර්ථි­කය බේරා ගැනී­මට ප්‍රබල සට­නක නිරව සිටින අතර චීන­යට හැකි සෑම අව­ස්ථා­ව­කම ප්‍රහාර එල්ල කිරී­මට පසු­බට නොවන බවක් පෙනේ. චීනය මේ දක්වා ලෝකයේ කිසිම රටක යුධ ගිනි ඇවි­ළ­වී­මට දාය­ක­ත්වය ලබා දී නොමැති බැවින් චීන­යට පක්ෂ­පාත අද­හස් වැඩි­පුර දැක­ගත හැකි වුවද ලොව කිසිම රටක් තවත් රටක ස්වාධි­ප­ත්‍ය­යට කිනම් ආකා­ර­යෙන් හෝ බල­පෑම් කරන්නේ නම් එය යහ­පත් නොවන බව කිව යුතුය. 

කෙසේ වුවද දැන් මේ ප්‍රබ­ල­යන් දෙදෙනා තනි සටන් පෙර­මුණු තන­මින් මුහු­ණට මුහුණ ගැටෙ­මින් සිටින්නේ ලෝකයේ ගමන් මාවත නව දිශා­වන් වෙත යොමු කර­ව­මිනි. අමෙ­රි­කාව චීනය සමඟ වෙළෙඳ යුද්ධය ආරම්භ කර සිටි කාලයේ පටන් චීනයේ හුවා­වෙයි ජංගම දුර­ක­තන සමා­ගම සම්බන්ධ චෝදනා එල්ල කර තිබිණි. 

ඔවුන් පවසා සිටියේ මේ සමා­ගම ඔත්තු බැලීමේ නිරත වන බවයි. මීළඟ සටන් බිම පව­තින්නේ අන්ත­ර්ජා­ලයේ බව හොඳින් හඳු­නා­ගෙන සිටි චීනය කල් තබාම අමෙ­රි­කාවේ මෘදු­කාංග වෙනු­වට චීන මෘදු­කාංග නිෂ්පා­ද­න­යට සහ භාවි­ත­යට පෙර­මුණ ගත්තේ අදින් වසර පහ­කට පමණ පෙර සිටය. ඒ අනුව අමෙ­රි­කාව එල්ල කරන තර්ජ­න­ව­ලට පිළි­තුරු ලෙස දේශීය මෘදු­කාංග භාවි­ත­යෙන් තම කට­යුතු සාමාන්‍ය පරිදි කර­ගෙන යෑමට චීනය හැකි­වීම චීනය ලබා­ගත් ජය­ග්‍ර­හ­ණ­යක් ලෙස දැක්විය හැකිය. 

දැන් මේ වෙළෙඳ යුද්ධය අත­රට එක්වූ අලුත්ම අංගය ලෙස චීන මෘදු­කාංග භාවි­තය තහ­නම් කිරී­මට අමෙ­රි­කාව සහ අමෙ­රි­කාවේ මිත්‍ර රට­වල් කට­යුතු කර­මින් සිටී. මේ තර්ජ­නය ප්‍රථ­ම­යෙන්ම එල්ල කර සිටියේ අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පි­යෝය. මයික් පොම්පියෝ සම්බ­න්ධ­යෙන් යමක් සට­හන් කළ යුතුය. මීට පෙර ජනා­ධි­ප­ති­ව­රුන් යටතේ රාජ්‍ය ලේක­ම්ව­රයා බල­යෙන් දෙවැනි වූයේ ජනා­ධි­ප­ති­ව­ර­යාට පම­ණක් විය. ලෝකයේ ඕනෑම තැනක අමෙ­රි­කානු බලා­ධි­කා­රය පැති­ර­වීමේ ප්‍රථම අඩ­හැ­රය ලොවට අස­න්නට ලැබුණේ රාජ්‍ය ලේක­ම්ව­ර­යාගේ මුවෙනි. එහෙත් ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා යටතේ රාජ්‍ය ලේකම් ධූරය හොබ­වන මයික් පොම්පි­යෝට පසු­ගිය වසර පහක කාලය මුළුල්ලේ තම බල­තල විදහා දක්ව­න්නට ලැබුණේ ඉතාම අවම කාල­යකි. මෙහි සැල­කිය යුතු දෙපැ­ත්තක් තිබේ. ඒ අනුව  ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාල­යේදී අමෙ­රි­කාව ලෝකයේ සෙසු රට­ව­ලට මැදි­හත් වීම් අව­ම­යෙන් සිදු කළ බව­ටද අනු­මාන කළ හැකිය. 

කෙසේ වුවද රාජ්‍ය ලේකම් පොම්පියෝ පසු­ගිය ජූලි 6වැනිදා ප්‍රකා­ශ­යක් කර­මින් පවසා සිටියේ ‘ටික් ටොක්‘ ප්‍රමුඛ චීන මෘදු­කාංග භාවි­තය තහ­නම් කළ යුතු බවයි. මේ මෘදු­කාංග භාවි­තය සමා­ජ­යට හානි­කර මෙන්ම රට­ර­ට­වල ජාතික ආර­ක්ෂා­ව­ටද හානි­කර බව පොම්පි­යෝගේ අද­හස වී තිබේ. එහෙත් මේ වන විට ‘ටික් ටොක්‘ භාවි­තය ලොව පුරා උන්මා­ද­යක් සේ පැතිර යමින් තිබේ. අප රටේද තරුණ තරු­ණි­යන් අතර ටික් ටොක් වීඩියෝ ඉතා ප්‍රච­ලි­තය. මෙලෙසම චීන මෘදු­කාංග ප්‍රච­ලිත වීම යනු එක් අත­කට අමෙ­රි­කානු මෘදු­කාංග වෙළෙ­ඳ­පො­ළට ප්‍රබල තර්ජ­න­යකි. මෙතෙක් ලෝකයේ ප්‍රධාන මෘදු­කාංග අලෙ­වි­කරු වූයේ අමෙ­රි­කා­වයි. අමෙ­රි­කාවේ එම වෙළෙ­ඳ­පො­ළට තවත් තර­ග­ක­රු­ව­කු­ගෙන් තර්ජන එල්ල වීම යනු අමෙ­රි­කාව තවත් ආර්ථික අර්බූ­ද­යට ලක් වීම බව අමු­තු­වෙන් කිව යුතු නොවේ. 

කෙසේ වුවද අමෙ­රි­කානු රාජ්‍ය ලේක­ම්ව­ර­යාගේ මේ ප්‍රකා­ශ­යත් සම­ඟම ක්‍රියා­ත්මක වූ ඉන්දි­යාව ටික් ටොක් සමඟ තවත් චීන මෘදු­කාංග 59ක් තහ­නම් කිරී­මට කට­යුතු කර තිබේ. ඉන්දි­යාව පවසා ඇත්තේ මේ මෘදු­කාංග භාවිත කිරීම ඉන්දි­යාවේ ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් බවයි.

Comments