දේශීය කිරි ගොවීන්ට මිල්කෝ වෙතින් විශ්‍රාම වැටු­පක් | සිළුමිණ

දේශීය කිරි ගොවීන්ට මිල්කෝ වෙතින් විශ්‍රාම වැටු­පක්

මිල්කෝ වෙත කිරි සපයන ගොවීන් ප්‍රමාණය 30,000ක් 

කිරි ශීත කිරීමේ මධ්‍ය­ස්ථාන 95 ක්; ස්වයං­පා­ලිත කිරි ගොවි සමිති 2000ක්

කොරෝනා කාලෙත් නොක­ඩවා කිරි ගොවී­න්ගෙන් කිරි මිලදී ගනී

 

දේශීය කිරි ගොවි­යාගේ අනා­ග­තය සුර­ක්ෂිත කර­මින් සහ කිරි කර්මා­න්තයේ උන්න­තිය උදෙසා නව පිය­ව­රක් තබ­මින්, කිරි ගොවි­යාට විශ්‍රාම වැටු­පක් ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ හෙවත් ‘මිල්කෝ කිරි ගොවි සුරක්ෂා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය...’ හඳු­න්වා­දී­මට පසු­ගි­යදා මිල්කෝ සමා­ගම පිය­වර ගත්තේය.

ඒ අනුව, වයස 70 ට වැඩි, ආය­ත­න­යට වසර 20 ක් කිරි සපයා ඇති කිරි ගොවීන්ට පසු­ගිය ජූලි පළමු වැනිදා සිට විශ්‍රාම වැටු­පක් හිමි­වූ­යේය. කිරි කර්මා­න්තයේ උන්න­තිය උදෙසා බො‍හෝ කලක් දහ­දිය හෙලූ විය­පත් කිරි ගොවීන්ට එය මහත් අස්වැ­සි­ල්ලක්ම විය. ඒ සඳහා ඔවුන්ට මූල්‍ය ශක්තිය සැප­යූයේ ඔවුන් විසින් ම සාදා­ගත් ‘කිරි ගොවි සමාජ ආරක්ෂණ අර­මු­දල’ විසිනි.

2003 වසරේ ආරම්භ කරන ලද ‘කිරි ගොවි සමාජ ආර­ක්ෂණ අර­මු­දල...’ මෙතෙක් තර වූයේ, සෑම කිරි ලීට­ර­ය­කින් ම සත 25 ක් කිරි ගොවියා විසි­නුත්, තවත් සත 25 ක් ආය­ත­නය විසි­නුත් බැර කිරී­මෙනි. එය පාල­නය වනුයේ භාර­කාර මණ්ඩ­ල­යක් මඟිනි. සභා­ප­තී­ත්වය, මිල්කෝ සභා­ප­ති­ව­ර­යාම දරන අතර, මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් ගණන 15 කි. ඉන් දහ­යක් ම කිරි ගොවීන් වන හෙයින්, වැඩි බලය කිරි ගොවි­යා­ටම වන පරිදි මෙම භාර­කාර මණ්ඩ­ලය ක්‍රියා­ත්මක වේ.

රට­පුරා විසිරී සිටින, මිල්කෝ සමා­ගම වෙත කිරි සප­යන 30, 000 ක් තරම් වන කිරි ගොවීන් මේ සඳහා දාය­ක­ත්වය සප­යන අතර, මේ සියලු දෙනා, ගෘහා­ශ්‍රිත කිරි ගොවීන් වීම ද විශේ­ෂ­ත්ව­යකි.

‍එලෙසම, සෑම මස­කම අලු­තින් කිරි ගොවීන් බඳවා ගැනීම තුළ ඔවුන් නව ව්‍යව­සා­ය­ක­යන් බවට පත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් ද මිල්කෝ වෙතින් ක්‍රියා­ත්මක කෙරේ.

මිල්කෝ සමා­ගම සතු දීප ව්‍යාප්ත කිරි ගොවි ජාලය සතු කිරි ශීත කිරීමේ මධ්‍ය­ස්ථාන ප්‍රමා­ණය 95 කි. ස්වයං­පා­ලිත කිරි ගොවි සමිති ප්‍රමා­ණය 2000 කට ආසන්නය. ගමේ කිරි ගොවීන් එක්වී සාදා­ගත් මේ සමිති විසින්, කිරි එක් රැස් කොට, ශීත කිරීමේ මධ්‍ය­ස්ථාන වෙත ගෙනැ­විත් බාර දේ. මෙම සංක­ල්පය හරහා, ඉතා ඉක්ම­නින් සමස්ත ජාලයේ ම කිරි, කර්මාන්ත ශාලා­වල නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය වෙත ගෙන්වා ගැනී­මට හැකිවී තිබේ.

එසේ ම, මිල්කෝ ක්ෂේත්‍ර නිල­ධා­රීන් හැකි තරම් තරුණ ප්‍රජාව, මේ ජාල­යට සම්බන්ධ කර­ග­නි­මින්  ‍ඔවුන් නව කිරි ගොවීන් බවට පත් කර­ලීමේ කාර්ය­යක නියැළී සිටී. ජාතික පශු සම්පත් මණ්ඩ­ලය හරහා, ඔවුන්ට අවශ්‍ය කිරි ගව­යන් ලබා ගැනී­මට ද අව­ස්ථාව සල­සා­දී­මට මිල්කෝ සමා­ගම කට­යුතු කරයි.

ශ්‍රී ලංකාව කිරි­ව­ලින් ස්වයං­පෝ­ෂිත කිරීමේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සංක­ල්ප­යට අනුව, එහි ප්‍රධාන උත්ප්‍රේ­ර­කය ලෙස කට­යුතු කිරී­මට සිදුව ඇත්තේ මිල්කෝ සමා­ග­ම­ටයි. එය‍ට එක් ප්‍රධාන හේතු­වක් වනුයේ, මිල්කෝ වටා සිටින තිස් දහ­සක් තරම් වන කුඩා ගෘහා­ශ්‍රිත කිරි ගොවි ජාල­යයි. 

රටේ කිරි අව­ශ්‍ය­තාව වෙනු­වෙන් වැඩි දාය­ක­ත්ව­යක් සප­යන, 95% ක් තරම් මේ පිරිස වැඩි අව­ධා­න­ය­කට යොමු නොවූ­වත්, ඔවුන් සමඟ දින­පතා කට­යුතු කරන එකම රාජ්‍ය ආය­ත­නය වන්නේ ද මිල්කෝ සමා­ග­මයි. කිරි වෙළෙඳ පොළේ දැවැන්ත බහු­ජා­තික සමා­ගම් හා තරග කිරී­මට මිල්කෝ වෙත දැවැන්ත ශක්ති­යක් වී ඇත්තේ ද ග්‍රාමීය ආර්ථි­කය නඟා සිටු­වී­මට විශාල දාය­ක­ත්ව­යක් සප­යන මේ පිරි­සයි. 

පෞද්ග­ලික සමා­ගම් හා තරග කිරී­මට රාජ්‍ය ආය­ත­න­ය­කට සවිය දෙන මේ පිරිස, කිරෙන් රට ස්වයං­පෝ­ෂිත කිරී­මේදී විශාල දාය­ක­ත්ව­යක් සප­යන දැවැ­න්තම ශක්තිය වී ඇති බව මිල්කෝ සමා­ගමේ සභා­පති, ලසන්ත වික්‍ර­ම­සිංහ පව­සයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ දැඩි කැප­වීම සහ ලබා­දුන් ශක්තිය නිසා ම, පසු­ගිය ජූනි මාසය තුළ පම­ණක් මිල්කෝ සමා­ගම, රුපි­යල් බිලි­ය­නය ඉක්මවූ අලෙ­වි­යක් සිදු කළ බවත්, එවැනි අලෙ­වි­යක් යළි සිදු කළේ මාස විස්ස­කට පසු බවත්, සභා­ප­ති­ව­රයා පව­සයි.

“එහි විශේ­ෂ­ත්වය තමයි, මාස විස්ස­කට කලින් අපි එවැනි වාර්තා­ගත විකු­ණුම් ප්‍රමා­ණ­යක් කළේ, අපි ළඟ කලින් නිෂ්පා­ද­නය කළ තොග අවශ්‍ය තරම් තිබිලා‍. නමුත් ජූනි මාසයේ අපි බිලි­ය­නය පහු කළේ, ඒ මාසෙ ගත් කිරි­ව­ලින්, ඒ මාසයේ ම සියල්ල නිෂ්පා­ද­නය කරලා. Zero finished goods… හෙවත් තොග ගබ­ඩා­වල රැස් කර නොගෙන, හැදූ දාට පහු වැනි­දාම වෙළෙ­ඳ­පො­ළට නිකුත් කරන සංක­ල්පය ක්‍රියා­ත්මක කරලා. ඒ අනුව, හයි­ලන්ඩ් නිෂ්පා­ද­න­යක් මිලදී ගන්නා පාරි­භෝ­ගි­ක­ය­කුට ලැබෙන්නේ, උප­රිම නැවුම් බවක් ඇති ආහාර නිෂ්පා­දන. අපේ මීළඟ සැල­සුම තමයි, මේ පසු කළ බිලි­ය­නය, මේ දෙසැ­ම්බර් වන­විට තවත් සිය­යට පණ­හ­කින් වර්ධ­නය කිරීම. ඒ කියන්නේ, බිලි­යන 1.5 ක අලෙ­වි­යක් සිදු කිරීම. ඒ වගේ ම, ලබන වසර වන­විට බිලි­යන දෙකක මාසික අලෙ­වි­ය­කට යන එකත්, අපේ ඊළඟ ඉල­ක්ක­යක්. මේ සියලු දුෂ්කර කාල පරි­ච්ඡේ­ද­ව­ලට මුහුණ දෙමින් අප දැන් පැමිණ සිටින්නේ ආය­ත­නයේ වර්ධ­නීය අව­ස්ථා­ව­කට. ඒ තත්ත්ව­යට අප ළඟා වූවා සේම, එය ඉදි­රි­යට පව­ත්වා­ගෙන යාම සඳහා අප රාජ්‍ය ආය­ත­න­යක් ලෙස විශාල පරි­ශ්‍ර­ම­යක් දරන බවත් කිව යුතුයි.

ඒ වගේ ම, මේ වගේ තැන­කට එද්දී කිරි ගොවියා තෘප්ති­මත් කිරීම අත්‍යා­වශ්‍ය කාර­ණ­යක්. පසු­ගිය අවු­රුදු දෙකක් වගේ කාලය තුළ ආය­ත­න­යක් ලෙස, කිරි ගොවි­යාගේ මුදල් දීම තර­මක් ප්‍රමාද වුණා. මම ඒ වරද නිවැ­රැදි කළා. දැන් අපි ඔවුන්ට නිය­මිත වෙලා­ව­ටම මුදල් ගෙව­නවා. ඒ වගේම කිරි ලීට­ර­ය­කට ගෙවන මුද­ලත් වැඩි කළා. එය දැන් ලීට­ර­ය­කට මුදල රු. 78/= ක්. නමුත් සාමා­න්‍ය­යෙන් කිරි­ව­ලට මිල නියම වන්නේ ඒ වෙලා­වෙම කරන පරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රු­වයි. කිරි­වල තිබෙන මේදය සහ සෙසු සංයු­තී­න්වල අඩු වැඩි බව මේ මිලත් අඩු වැඩි වෙනවා. නමුත් නියම ප්‍රමි­තියේ තිබෙන කිරි ලීට­ර­ය­කට නම් රු. 78‍/= ක් ලැබෙ­නවා. එය මේ වෙලාවේ වෙළෙ­ඳ­පොළේ කිරි ගොවි­යාට ලැබෙන හොඳම මිලක්.

ඇත්ත­ටම, අපේ ග්‍රාමීය ආර්ථි­කය නංවන්න පුළු­වන් හොඳම ක්‍රමෝ­පා­යක් තමයි, කිරි ගොවි­තැන. රටේ තරුණ ප්‍රජාව තව තවත් කිරි ගොවි­තැන හරහා ව්‍යව­සා­ය­ක­යන් බවට පත් කළොත් වස­ර­කට කිරි පිටි ආන­ය­නය සඳහා පිට­ර­ට­ව­ලට ඇදී යන රු. බිලි­යන 55 - 60 ක මුදල රට තුළ ම ඉතිරි කර­ගන්න පුළු­වන් විත­රක් නෙවෙයි, ඒ මුදල් ඇදී යන්නේ ගමට. ගමේ ආර්ථි­කය නැංවී­මට. මේවා කරන්න බැරි දේවල් නෙවෙයි.

ප්‍රධාන දේ, අපේ ආය­ත­න­යට ලැබෙන අමු කිරි ප්‍රමා­ණය වැඩි කර­ගත යුතුයි. ග්‍රාමීය ආර්ථි­කය නංවන ගමන් අපිට එය කළ හැකියි. කොරෝනා වසං­ග­ත­යෙන් දැඩිව පීඩා විඳි සමයේ වුණත් අපි ආය­ත­න­යක් විදි­යට එක කිරි බිඳු­වක් හෝ අපතේ යන්න ඉඩ තැබුවේ නැහැ. 

ඒ අමා­රුම මාස තුනේ විත­රක්, අපි කිරි ලීටර් මිලි­යන 15 ක් එකතු කළා. ඒ මුදල් ඍජු­වම කිරි ගොවීන්ට ලැබුණා. ඒ විදි­යට ග්‍රාමීය ආර්ථි­ක­යට ලැබුණු මුදල රු. කෝටි සිය­ය­කට වැඩියි. ඒ ප්‍රමු­දි­ත­වීම තුළ කිරි ගොවි­යාත් අඛ­ණ්ඩව කිරි සැප­යුම සිදු කළා. මින් ඉදි­රි­යට අපේ සියලු සැල­සුම් ක්‍රියා­ත්මක වෙන්නේ, ආය­ත­නයේ ධාරි­තාව වැඩි­කර ගැනීම වෙනු­වෙන්. 

ආය­ත­නයේ පිරි­වැ­ටුම දෙගුණ කර ගැනීම වෙනු­වෙන්. ආය­ත­නයේ ධාරි­තාව වැඩි වෙන්න නම්, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පා­දන දෙගුණ කළ යුතුයි. ඒ සඳහා ප්‍රමා­ණ­වත් කිරි අපිට ලැබෙන්න ඕනෙ, ගොවීන් ගෙන්. එවිට ඔවුන්ගේ ආදා­ය­මත් දෙගුණ වෙනවා‍. ආය­ත­නයේ පිරි­වැ­ටු­මත් දෙගුණ වනවා. මේ කියන දෙගුණ කිරීමේ සැල­සුම සහ සංක­ල්පය, සම්පූර්ණ කරන්න අපිට අවු­රුදු දෙකක් ප්‍රමා­ණ­වත්...”

කලෙක පාඩු ලබ­මින් තිබූ මිල්කෝ සමා­ගම වර්ධ­නීය අව­ස්ථා­ව­කට ප්‍රවිශ්ට වී තිබීම සහ ඉලක්ක හඹා යෑමට පටන් ගෙන තිබීම, ඉතා­මත් සාධ­නීය තත්ත්ව­යකි. සතු­ටට කාර­ණා­වකි.

එසේ ම, කිරි දෙනුන්ගේ පෝෂ­ණය උදෙසා, සත්ව ආහාර නිෂ්පා­ද­නය කෙරෙහි ද ඔවුන්ගේ දැඩි අව­ධා­න­යක් යොමුව තිබේ. කිරි දෙනුන් සඳ­හාම වැඩි දියුණු කළ රට තණ කොළ වර්ග ඕනෑ තරම් තිබු­ණද, ගමේ කුඩා කිරි ගොවි­යාට එම තණ කොළ වර්ග මිලදී ගැනීම හෝ විශේ­ෂ­යෙන් වගා කර­ගැ­නීම ආර්ථික වශ­යෙන් වාසි­යක් නොගෙනේ.

එහෙ­යින්, තණ­ම­ල්විල වැනි ප්‍රදේ­ශ­වල මහ­න්සි­ය­කින් තොරව පාර දිගේ සහ හිස් ඉඩ­ම්වල කොතෙ­කුත් වැවී ඇති, ගිනි තණ­කොළ වැනි තණ වර්ග සාර­වත්ව වැවී ඇති කාල­යට කපා වේලා මිටි බැඳ හෝ ‘ප්‍රෙස්’ කර කල් තබා ගැනී­මට, කිරි ගොවීන් පොල­ඹ­වන වැඩ­පි­ළි­වෙ­ළක් ද මිල්කෝ සමා­ගම දියත් කර තිබේ.

කිරි ගොවීන්ට හෝ කිරි ගොවි­තැ­නට අදාළ වෙනත් කුඩා ව්‍යව­සා­ය­ක­යන්ට මේ පෝෂ­ණීය දේශීය තණ­කොළ වර්ග කැපීම සහ කල් තබා ගැනීම, කුඩා අතුරු ව්‍යාපා­ර­යක් ලෙස කර­ගෙන යාමට මිල්කෝ සමා­ගම මග හසර කියා දෙයි. මෙය ස්වයං­පා­ලිත කිරි ගොවි සමිති හරහා ක්‍රියා­ත්මක කළ හැකි සාර්ථක ව්‍යව­සාය අව­ස්ථා­වක් බව ද සභා­ප­ති­ව­රයා පෙන්වා දෙයි.

එසේ ම කිරි ගොවීන්ගේ ආදා­ය­මට යම් බල­පෑ­මක් එල්ල කරන ගැට­ලු­වක් බවට පත්ව ඇති එළ­දෙ­නුන් ගැබ් නොගැ­නීමේ ගැට­ලු­වට පිළි­තු­රක් ලෙස කෘත්‍රීම සිංච­නය සඳහා කිරි ගොවීන් පුහුණු කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ද මිල්කෝ සමා­ගම ජාතික පශු සම්පත් මණ්ඩ­ලය හා එක්ව ක්‍රියා­ත්මක කරයි. 

ලබන වසර වන­විට එම පුහු­ණුව ලබා­දෙන කිරි ගොවීන් සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවී­මට ද මිල්කෝ සමා­ගම සැල­සුම් සක­ස්කොට තිබේ. 

එළ­දෙ­නුන් ගැබ් ගැනීම තුළ පැට­වුන් ප්‍රමා­ණය වැඩි­වන අතර, උන්ගෙන් ලැබෙන කිරි ප්‍රමා­ණය ද ඉහළ යාම මෙයට හේතු­වයි.

ඉල­ක්ක­ගත සැල­සුම් වෙත යාමට අවශ්‍ය තවත් ඉදි­රි­ගාමී පිය­ව­රක් ලෙස, සවස් වරුවේ කිරි දෙවී­මට පෙල­ඹ­වීම සඳහා කුඩා ශීත­ක­රණ විශේ­ෂ­යක් ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ද සකසා ඇති බව සභා­ප­ති­ව­රයා පව­සයි.

“මිල්කෝ සමා­ග­මේම කළ­ම­නා­ක­රු­වකු වන නාලක ද සිල්වා විසින් නව සොයා ගැනී­මක් ලෙස නිෂ්පා­ද­නය කළ මේ ශීත­ක­ර­ණය රු. 50000/= වැනි මුද­ල­කට පහසු ගෙවීමේ ක්‍රම­යට ලබා­දී­මට ද ආය­ත­නය පිය­වර ගෙන තිබෙ­නවා. ලබන මාසය වන­විට මේ වැඩ­පි­ළි­වෙළ අපි ක්‍රියා­ත්මක කර­නවා‍. එවිට ගෘහා­ශ්‍රිත කුඩා කිරි ගොවීන්ට පුළු­වන්, හවස් වරු­වේත් කිරි දොවලා මේ ශීත­ක­ර­ණයේ තැන්පත් කොට පහු­වැ­නිදා උදේ කිරි අස්වැ­න්නත් එක්කම බාර­දෙන්න.

මේ විදි­යට පුංචි දේව­ල්ව­ලින් විශාල පිරි­ස­කට දක්වන සහාය තුළ ආය­ත­නික වශ­යෙන් විශාල ප්‍රති­ලාභ අත්කර ගත හැකියි. රට ම කිරි­ව­ලින් ස්වයං­පෝ­ෂිත කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළට යන ගමනේ අපේ ඊළඟ අර­මුණ තමයි, පාරි­භෝ­ගි­කයා කිරි පිටි­ව­ලින් මුදවා, දියර කිරි වෙත හුරු කරන එක. 

පසු­ගිය කාලයේ අපි හයි­ලන්ඩ් කිරි පිටි නිෂ්පා­ද­නය සඳහා වැඩි ප්‍රමු­ඛ­තා­වක් දුන්නා. ඒ, රටේ තත්ත්වය ගැන හිතලා. මොකද, ඒ වෙලාවේ මිනි­ස්සුන්ට යෝගට් - බටර් කන­වාට වඩා කිරි පිටි ටිකක අව­ශ්‍ය­තාව දැනුණා. ආහාර හිඟ ඒ වෙලාවේ රටේ වුව­ම­නාව සැපි­රුවා මිස, අපි කිරි­පිටි නිෂ්පා­ද­නය සඳහා මූලි­ක­ත්වය දෙන්නේ නැහැ. 

අපිට අවශ්‍ය දියර කිරෙන් රට ස්වයං­පෝ­ෂිත කිරී­ම­ටයි. ඒ සඳහා ජන­තා­වගේ පැත්තෙ­නුත් ආක­ල්ප­මය වෙන­සක් අව­ශ්‍යයි‍. දේශීය දේ ගැන මිනිස්සු හිතන්න පුරුදු වුණා වගේම, මේ වැරදි ආකල්ප වලින් මිදිලා හරි දේ තෝරා ගන්නත් ඔවුන් පුරුදු විය යුතුයි...”

ලාභ උප­යන රාජ්‍ය ආය­ත­න­යක් කරා යන ගමනේ ජන­තාව තුළ ද ආක­ල්ප­මය වෙන­සක් ඇති කිරීම දේශීය සමා­ග­මක් ලෙස සිය වග­කීම බවයි, ඔහු තව­දු­ර­ටත් පව­සන්නේ.

Comments