වීසා නැතුවම දකුණු රටට | සිළුමිණ

වීසා නැතුවම දකුණු රටට

තල්පේ තටාඟ
 
තල්පේ කියද්දී හැමෝ­ටම මතක් වෙන්නේ මෑත කාලී­නව දැඩි සංචා­රක ආක­ර්ෂ­ණ­යට ලක්වූ , වෙරළ තීරයේ සීමිත ඉඩකඩ තිබෙන ගල් වැටිය ආශ්‍රී­තව නිර්මා­ණය වු ස්වභා­වික තටාඟ කිහි­ප­යයි. මුහුදු රළ ගල් වැටියේ වැදී සුදු පෙණ පිඩු නංව­මින් කුඩා තටාඟ පුරා විසි­රෙන අපූ­ර්ව­ත්වය ගතද සිතද කුල්මත් කර­වයි. නමුත් වසර දහ­ය­කට පෙරා­තුව මේ ස්ථානය පොල් ලෙලි පල් කිරී­මට සකස් කර­ගත් වළ­වල් බව ප්‍රදේ­ශයේ ජන­තාව පව­ස­නවා. වඩා නොගැ­ඹුරු මේ වළ­වල් අද වන විට සංචා­ර­ක­යන් ස්නානය කර විනෝ­ද­වන නාන තටා­ඟ­යක් බවට පත් වී ති‍බෙනවා. ඉකි­රි­යන් බහු­ලව ගැව­සෙන ස්ථාන­යක් වන නිසාම මෙහි ස්නානය කිරීම වගේම විනෝද වීම ඉතා­මත් ප‍රෙස්ස‍මෙන් කළ යුත්තක්.

 

රෝන්දේ කියවන බොහෝ දෙනා අහන්නේම ගැහැනු ළමයෙක්ට තනියම දවසින් අඩු වියදමින් ගිහින් එන්න පුළුවන් තැන් කිහිපයක් කියන්න පුළුවන්ද කියලා. ඔන්න ඒ නිසාම අපි හිතුවා ඔයාලා වෙනුවෙන් ඒ වගේ තැන් කිහිපයක සංචාරය කරන්න. අද අපේ සූදානම වීසා නැතුවම දකුණු රටට රෝන්දයක් යන්න.

පහුගිය දවස් ටිකේ Facebook, Instagram ව‍ගේ සමාජ මාධ්‍යවල දැක්ක ලස්සන ඡායාරූප පෙළක් නිසාම මටත් හිතුණා මේ සති අන්තය ඒ තැන් කොයිවගේද කියලා ඇස් දෙකෙන්ම බලා ගන්න. ඉතින් ගමන යන්න පිටත් වුණේ කැමරා 2 ත්, මුදල් පසුම්බියත්, වතුර බෝතලයත් දාගත්තු පුංචි බෑගය පිටේ එල්ලාගෙන. රුහුණු කුමාරියෙන් වුණත් දකුණු රට බලා පිටත් වෙන්න පුළුවන් වුණත් දක්ෂිණ අධිවේගී මාර්ගය තෝරා ගත්තේ කාලය ඉතිරි කර ගැනීමේ අටියෙන්. ගාල්ලට ගියත් ගාලු කොටුව නැරඹීම අද ගමන් සැලැස්මේ ‍නොතිබුණු නිසාවෙන්ම මාතර බස් රථයක නැඟ උණවටුන වෙරළ තීරය පසුකර තල්පේ ප්‍රසිද්ධ හෝටලයක් අසලින් බසයෙන් බැසගත්තා.

සුන්දර මිරිස්ස

මොහොතක් එම ස්ථානයේ රැඳුණු මම තවත් බස් රථයක නැඟී මාතර දෙසට ගියේ තවත් එවන්ම සුන්දර ස්ථානයක් සොයා ගෙනයි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉතාමත් ආකර්ෂණයට ලක්වූ තවත් ප්‍රදේශයක් තමයි මිරිස්ස කියන්නේ. මහ මාර්ගය අසලම පිහිටි ගිරාගල කන්ද මිරිස්සට යන කවුරුත් නැරඹිය යුතුම ස්ථානයක්.

වෙරළේ සිට අඩි 50 ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි මේ ගිරාගල කන්ද කෙටි කාලයක් තුළ පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ගිරාගල කන්දට යෑමට ජලය හරහා ගමන් කළ යුතු නිසා වඩදිය බාදිය ඇතිවෙන වේලාවල් දැන සිටිය යුතුයි. වතුරෙන් එගොඩ වූ පසු පඩිපෙලක් ඔස්සේ කන්ද මුඳුනටම යා හැකි අතර මිරිස්ස වෙරළ තීරයේ සුන්දරත්වය එහිදී ඔබට දැක ගත හැකියි.

දහවල් අව්රශ්මිය නිසා‍දෝ දැනුණු පිපාසාවත් පුංචි බඩගින්නත් නිසාම වෙරළ ආසන්නයේ තිබුණු අවන්හලකින් බඩකට පුරා විදේශ ආහාර වර්ග කිහිපයක රස බැලීමට හැකිවුණා. මිරිස්ස කියද්දීම මෑත කාලීනව සංචාරකයින් අතර වඩාත් ප්‍රචලිත වුණු ස්ථානයක් වන ‘Coconut Tree Hill‘හි සුන්දරත්වය විඳගන්නට මේ ගමනේදී අමතක කළේ නැහැ. පොල් ගස් යායක් පිහිටි මුහුද දෙසට නෙරා ගිය උස් බිම‘Coconut Tree Hill‘නමින් හඳුන්වනු ලබනවා. මිරිස්ස ශ්‍රී සුදර්ශනාරාමය අසලින් වෙරළ තීරය දක්වා යන අඩි පාර හරහා මේ ස්ථානයට පැමිණිය හැකියි.

වටේම ඇති මුහුදු තීරයේ සුන්දරත්වය වගේම ඒ පැහය ඇස්වලට ගෙන එන්නේ මනස්කාන්ත දර්ශන පථයක්. හැන්දෑ යාමේ මේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන නිසාවෙන්ම බොහො පිරිස් මේ ස්ථානය ඡායාරූප ගැනීම, රූගත කිරීම යනාදී බොහෝ දේවල් සඳහා යොදා ගනු ලබනවා.

දුම්රියෙන් පැමිණෙන්නේ නම් රු. 500 ක් ව‍ගේ මුදලකින් ‍මේ සංචාරය නිම කිරීමේ හැකියාව ඇති නිසාවෙන් මෙහි සුන්දරත්වය රැකෙන අයුරින් සංචාරක කටයුතු කරන ලෙස රෝන්දේ කියවන හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ඉදිරි සතියේ සුපුරුදු රාජකාරී කටයුතු මතකයට නැඟුණු නිසාම නි‍වෙස බලා පිටත් වු‍ණේ මළ හිරු බැසයන තෙක්ම මිරිස්ස වෙරළ තීරයේ රැඳී හිතත් ගතත් නැවුම් හැඟීමෙන් පුරවාගනිමින්.

[email protected]

Comments