රසගුණ අඩු නැති රෑ කෑමකට | සිළුමිණ

රසගුණ අඩු නැති රෑ කෑමකට

 ක්‍රීම් පොටේටෝ සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් අල ගෙඩි 2ක්

කුඩාවට කපා ගත් ලූනු,

පාර්ස්ලි, සැල්දිරි ස්වල්පයක්

කුඩාවට කපා ගත් ගර්කින් ගෙඩි 1/2ක්

තම්බාගත් අල නිවෙන්නට හැර ලූනු, පාර්ස්ලි, සැල්දිරි සහ ගර්කින් සමඟ හොඳින් මිශ්‍රකර බඳුනකට දමාගන්න.

 

සෝස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

 

මයෝනේස් සෝස් මේස හැඳි 2

ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ යෝගට් කෝප්ප 1/2

අබ කුඩු තේ හැඳි 1/4

ලුණු සහ ගම්මිරිස් කුඩු

***************************

ෆ්‍රෙන්ච් ටෝස්ට්

බිත්තර ගසාගන්න. එයට කිරි, ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු පාන් පෙති එම ද්‍රාවණයේ දමා හොඳින් පොඟවන්න. පෑන් එකකට බටර් ස්වල්පයක් දමා පාන් පෙති රන්වන් පාට වනතුරු දෙපැත්ත මාරු කර යන්තම් බැදගන්න. පෑන් එකෙන් ඉවත් කළ පසු අවශ්‍ය නම් මැදට චීස් පෙත්තක් දමා ආහාරයට ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති අවශ්‍ය පමණට

බිත්තර 3ක්

ෆ්‍රෙෂ් මිල්ක් කිරි කෝප්පයක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

චීස් පෙත්තක්

(අවශ්‍ය නම්)

 

**********************

වට්ටක්කා කුකුළු මස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් වට්ටක්කා කෑලි කෝප්ප 1

තම්බාගත් චිකන්බ්‍රෙස්ට් කෝප්ප කාලක්

ලුණු හා ගම්මිරිස් කුඩු

තලා ගත් රතු ලූනු ගෙඩි කිහිපයක්

තලා ගත් සුදු ලූනු බික් 2

බටර් ස්වල්පයක්

 

තම්බාගත් වට්ටක්කා පොතු ඉවත් කර බ්ලෙන්ඩරයට දමා එයටම කුකුළු මස් එකතු කර ක්‍රීම්වන තුරු බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු භාජනයකට බටර් ස්වල්පයක් දමා එයට ලූනු, සුදු ලූනු එක් කොට තෙම්පරාදු කරගන්න. එයට බ්ලෙන්ඩර් කර ගත් වට්ටක්කා චිකන් මිශ්‍රණය එක්කොට උකු ගතිය වැඩි නම් උණු වතුර හෝ චිකන් ස්ටොක් දමන්න. හොඳින් හැඳි ගා ලුණු, ගම්මිරිස් කුඩු රස අනුව එකතු කරගන්න.

************************

ටෝස්ටර් රොටි

 අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 150

බිත්තරයක්

බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්

ලුණු

බටර් මේස හැඳි 3/4ක්

සුදු ලූනු බිකක්

ලොකු ලූනු ගෙඩියක්

කෑලි මිරිස් තේ හැඳි 1/2ක්

තුනපහ තේ හැඳි 1/2ක්

කහ

කරපිංචා

ලුණු

 

ටි මෝලිය සෑදීමට පිටි,බේකින් පවුඩර්, ලුණු සහ බටර් එකට කලවම් කර ගන්න. මිශ්‍රණය අනන ගමන් එයට වතුර ටික ටික එකතු කරගන්න. මේ මෝලියෙන් ගුලි හදමින් පසෙකින් තබන්න. භාජනයක් ලිප තමා එයට තෙල් දමා රත් වෙන්නට හැර සුදු ලූනූ, ලොකු ලූනූ, කරපිංචා එකතු කරන්න. පිරවුමට සුදුසු සොසේජස් හෝ මස් කෑලි මිරිස්, තුනපහ, කහ, ලුණු සහ බිත්තරය එකතු කරගන්න. ඉන් පසු පිටි ගුලියක් ගෙන අවශ්‍ය හැඩයකට සාදා මිශ්‍රණය පුරවගෙන ටෝස්ටර් කරගන්න.

 

Comments