හතර වටේ ගොසිප් | සිළුමිණ

හතර වටේ ගොසිප්

 

මොන­රා­ග­ලින්  වැඩි ලකුණු ගන්න ගිහින් තියෙන ලකු­ණත් නැති කර­ගෙන

දිය­වන්නා සටන ආරම්භ කර මාස කිහි­ප­යක් ම ගත­වී­මත් සමඟ ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක වලින් නොයෙක් නොයෙක් රස කතා අස­න්නට ලැබුණි. මේ සටනේ අව­සන් දින කිහි­පය දැන් දැන් ගෙවී යන්නේ අමු­තුම මාදි­ලියේ දේශන ජන­තා­වට ඇසී­මට සල­ස්ව­මිනි.

තම පාටිය වෙනු­වෙන් වැඩි වැඩ කටින් කර­න්නට යන බොහෝ අපේ­ක්ෂ­ක­යන්ට නොයෙක් දඬු­වම් විඳි­න්නට සිදුවී ඇති බව ජන­මා­ධ්‍ය­යෙන් දැක ගත හැකිය. රජ පවු­ලට සම්බන්ධ මොන­රා­ගල පැත්තෙන් දිය­ව­න්නා­වට පනින්න හදන පොහොට්ටු පාටියේ ලොක්කෙක් දිගට හර­හට කටින් වැඩ කර­නවා කිය­ලත් ආරං­චියි.

 

කොළ පාටියේ  ලොක්කෙ­කුට කට වහන් ඉන්න වෙලා

කොළ පාටිය වගේම පුතා­ණෝගේ පාටිය කොළඹ දිනන මනාප පොරය වෙනු­වෙන් ලොකු සට­නක් දෙනවා කිය­ලයි ආරං­චිය. මේ පාටි දෙකේම අය නොයෙක් නොයෙක් විශේෂ චරිත වේදි­කා­ගත කර­න්නට කට­යුතු කර­න­වලු.

සර­සවි ඇදු­රන්, වෛද්‍ය­ව­රුන්, ප්‍රසිද්ධ දේශ­ක­යන්, ආග­මික නාය­ක­යන්, ගාය­ක­යන් පම­ණක් නොව නළු නිළි­යන් බොහො­ම­යක් ම මේ පාටි දෙකට සහය ලබා දීම සඳහා වේදි­කා­ගත කර­නව කිය­ලයි කියන්නේ.

මේ අතර අලි පාටියේ කෝටි­පති චරි­ත­යක් සල්ලි මිලි­යන ගණ­නින් විය­දම් කරලා ප්‍රසිද්ධ අය තමන්ගේ වේදි­කා­වට ගෙන්ව­න­වාලු.

ලංකාවේ ලොකුම හොර­කම සිදු කරා කියන මේ හාද­යාට වැඩිය ප්‍රසිද්ධ ස්ථාන­වල කතා නොක­රන ලෙසට කොළ පාටියේ නාය­ක­යන් කිහි­ප­දෙ­නෙක් ම තදින් ම කීවලු. ලොකුම බැංකු­වත් තමාගේ කර­ගෙන මුදල් විය­දම් කරයි කියන චෝද­නාව තිබෙ­න්නෙත් මෙයා­ටම තමයි. මොහු මනාප දිනා­ගන්න සල්ලි හරි හරි­යට විසි­ක­ර­න­වලු.

 

කොළ පාටි­යට අම්පා­රෙන් නව නාය­ක­යෙක්

දිය­ව­න්නා­වට පැන ගන්න තිබෙන හොඳම අව­ස්ථාව මග හරින්න එපා යැයි කොළ පාටියේ නාය­ක­තු­මන් නිර­න්ත­ර­යෙන්ම මේ දින­වල තුමා ළඟින්ම සිටින ඇත්තන්ට කිය­න­වයි කියන්නේ.

කොළ පාටි­යෙන් දිය­ව­න්නා­වට තරග කරන බො‍හොම­යක් දෙනා පාටියේ නාය­ක­යා­ගෙන් ලකුණු දාගන්න ළඟින්ම ඉන්න­වලු. විශේ­ෂ­යෙන් ම කොළ­ඹින් තරග වදින හාද­යන් ලොක්කාට දෙන මනා­ප­යක් තම­න්ටත් දෙන්න කියලා මැති­ව­රණ වේදි­කාවේ කිය­නවා කිය­ලත් ආරං­චියි. මේ අතර කොළ පාටියේ නාය­ක­තු­මන් විශ්‍රාම යනවා කියලා ආරංචි වුණු ගමන්ම නාය­ක­තු­මන්ට ළංවෙච්ච හාද­යන් දෙදෙ­නෙකු ගැන කිය­වෙ­නවා.

එක් අයෙක් අම්පාර පැත්තෙන් දිය­ව­න්නාව තර­ණය කළ අයෙක්. ඔහු මෙවර දිය­වන්නා සට­නට කොළ­ඹින් තරග කර­න­වලු. හොඳ හැටි සල්ලි ළඟ තිබෙන මොහු කොළ­පා­ටියේ මීළඟ නාය­කයා තමන් බව ප්‍රකාශ කර­නවා කියන්නේ.

මේ ගැන දැන­ගත්ත කොළ පාටියේ තවත් නාය­ක­යන් දෙදෙ­නෙ­කුට හොඳ­ටම තරහ ගිහිල්ලා කිය­ලයි ආරං­චිය. ඒ වෙන කිසි­වක් නිසා නොවෙයි තමන් මීළ­ඟට කොළ පාටියේ නායක තන­තුර බාර ගන්නා බව ඔවුන් දෙදෙ­නාම කියා තිබෙ­න­වාලු.

 

පුල­ති­සි­පුර වීර­යාට  නැවත ආප්ප කන්න  එපා කියලා යුව රජ කිව්වලු

පුල­ති­සි­පුර හිටපු රජ්ජු­රු­වන් නැවත දිය­ව­න්නා­වට තරග කරන එක ගැන බොහෝ දෙනා අක­මැ­තියි කිය­ලයි ආරං­චිය.

නිල් පාටියේ නාය­ක­යන් කිහිප දෙනෙක්ම පුල­ති­සි­පුර නාය­ක­යාට දිගට හර­හට ගහ­නවා කිය­ලත් නිල් පාටියේ ඇත්තන් ම මුහුණු පොතේ සඳ­හන් කර තිබෙ­න­වාලු.

පුල­ති­සි­පුර හිටපු රජ්ජු­රු­වන්ට මේ දින­වල නොයෙක් කතා වස්තූන් නිර්මා­ණය කර තිබෙනු මුහුණු පොතට යන ඕනෑම අය­කුට දැක ගන්න පුළු­වන් කිය­ලත් හැමෝම කතා වෙනවා.

කුරු­ණෑ­ගල පැත්තේ ප්‍රබල දේශ­පා­ල­න­ඥ­ය­කුගේ නිවසේ පැවැති පොඩි සාද­ය­කදී යුව රජ්ජු­රු­වන් සහ පුල­ති­සි­පුර හිටපු වීරයා අතර ඇති වූ කතා­බ­හ­කදී ආයෙත් ආප්ප කන්න එපා කියලා යුව රජ පුල­ති­සි­පුර වීර­යාට කිව්ව කියලා ආරං­චි­යිලු.

 

මහ­රජු විවේ­ච­නය කළාට පාක්ෂි­ක­ය­න්ගෙන්  හූ වරු­සා­වක්

කොළ පාටියේ ලොක්කා පොහොට්ටු පාටි­යත් එක්ක ඉතා ළඟින් ගනු­දෙනු කර­නව බව කොළ පාටියේ කට­කා­ර­යෙක් නිතර නිතර කිය­නවා කියන්නේ.

කොරෝනා ව්‍යස­න­යේදී පොහොට්ටු පාටියේ ඇත්තන් සහ රජ­තුමා මේ රට හොඳ­ටම රැක­ගත් බව කොළ පාටියේ නාය­ක­යන් බහු­ත­ර­ය­කගේ මතය බව කිය­වෙ­න­වලු. මේ නිසා දිය­වන්නා සටනේ වේදි­කා­ව­ලදී පොහොට්ටු පාටිය ‘කොරෝනා’ සම්බ­න්ධව විවේ­ච­නය නොක­රන ලෙසට කොළ පාටියේ කිහි­ප­දෙ‍න­කුම නිතර නිතර කිය­නවා කිය­ලයි ආරං­චිය.

කන්ද උඩ­ර­ටින් කොළ පාටිය නියෝ­ජ­නය කරන හිටපු දිය­වන්නා සාමා­ජි­ක­යෙක් රජ­තු­මන්ව විවේ­ච­නය කරලා හොඳ හූ වරු­සා­ව­කින් නෑවලු. නුව­ර­එ­ළිය පැත්තෙන් කොළ­ඹට ආපු මේ හාද­යාගේ සහෝ­ද­රයා පුතා­ණෝගේ පාටි­යෙන් මෙවර දිය­ව­න්නා­වට තරග කර­නවා කිය­ලත් ආරං­චියි.

 

රතු පාටිය  පහ­ළට වැටුණෙ නාය­ක­යාගේ ගේම් නිසාලු

රතු පාටිය එන්න එන්නම බිඳ වැටෙ­නවා කියන එක තමන් පිළි­ගන්න ලෑස්ති නැතැයි රතු­පා­ටියේ නායක උන්නැහේ අවස්ථා කිහි­ප­ය­ක­දීම කිව්ව කිය­ලයි ආරං­චිය.

රජ­ගෙ­ද­රට, රජ­ගෙ­දර ඇත්තන්ට මෙන් ම රජ­ගෙ­දර ඥාතීන්ට යුව රජුට යුව රජුගේ දරු­වන්ට දිගින් දිග­ටම මඩ ප්‍රහාර එල්ල කිරීම හා නොයෙක් ‍චෝදනා එල්ල කිරීම රතු පාටියේ නාය­කයා විසින් දිගින් දිගට ම ක්‍රියා කළා. දැන් ඒවා ජන­තාව ගණන් ගන්නේ නැහැ කියලා රතු පාටියේ තවත් ලොක්කෝ දෙදෙ­නෙක් රතු පාටි ඇතුළේ කතා වුණාලු.

රතු පාටිය මේ තරම් පහ­ළට වැටුණේ නාය­ක­යාගේ ගේම් නිසා කිය­ලත් තවත් පිරි­සක් ප්‍රසි­ද්ධි­යේම කිය­නවා කියලා ආරං­චියි.

 

Comments