රුපි­යල් බිලි­යන 11ක දූෂණ හා අක්‍ර­මි­කතා පිළි­බ­ඳව කමිටු වාර්තාව අග­මැති වෙත බාර දෙයි | සිළුමිණ

රුපි­යල් බිලි­යන 11ක දූෂණ හා අක්‍ර­මි­කතා පිළි­බ­ඳව කමිටු වාර්තාව අග­මැති වෙත බාර දෙයි

‘යහ­පා­ලන‘ රජය සමයේ මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල තුළ සිදුව ඇති ක්‍රියා­වන් විම­ර්ශ­නය කිරීම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව බුද්ධ­ශා­සන, සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය ධුර­යද දරන අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා වෙත අදාළ කමි­ටුව වෙනු­වෙන් එහි සභා­පති විශ්‍රා­ම­ලත් මහා­ධි­ක­රණ විනි­සුරු ගාමිණී සරත් එදි­රි­සිංහ මහතා විසින් ජූලි 28 වැනිදා බාර දෙන ලදී. වසර 2016 – 2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ රුපි­යල් බිලි­යන 11ක දූෂණ හා අක්‍ර­මි­කතා පිළි­බ­ඳව එම කමි­ටුව වාර්තාව තුළින් හෙළි කර තිබුණි. කමි­ටුවේ සෙසු සාමා­ජි­ක­යන් වන හිටපු කැබි­නට් අමා­ත්‍යාංශ ලේකම් ගෝඨා­භය ජය­රත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරි­ගුප්තා රෝහ­ණ­ධීර යන මහ­ත්වරු ද මෙහි වෙති.

Comments