
මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා වන විට කොමිසම වෙත ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 6,000කට ආසන්න වී තිබුණු අතර පැෆරල් සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝණය පිළිබඳව සිදුවීම් 2,031ක්ද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත සිදුවීම් 691ක්ද වාර්තා වී තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ කොමිසම වෙත වාර්තා වූ පැමිණිලිවලින් 4,746ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 10,368ක් බවයි.