පොහො­ට්ටු­වට එරෙහි කුම­න්ත්‍ර­ණ­යක් හෙළි කරයි | Page 2 | සිළුමිණ

පොහො­ට්ටු­වට එරෙහි කුම­න්ත්‍ර­ණ­යක් හෙළි කරයි

ග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සහ පොදු­ජන පෙර­මුණේ ජය­ග්‍ර­හ­ණ­යට එරෙහි විප­ක්ෂයේ කුම­න්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක වන බව දේශ­ප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවා­ප­ති­රණ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටී.

සංවි­ධා­නා­ත්මක ආධා­ර­ක­රු­වන් යොදා­ගෙන රාජ්‍ය නොවන සංවි­ධාන හරහා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කය මුල් කර­ගෙන මේ කුම­න්ත්‍ර­ණය ක්‍රියා­ත්මක කරනු ලබන්නන්ගේ අර­මුණ වන්නේ මහින්ද රාජ­පක්ෂ මහතා ජන­තාව විසින් ප්‍රති­ක්ෂේප කළ අයකු බව පෙන්වා දීමයි.

මෙම කුම­න්ත්‍රණ ක්‍රියාත්මක කර ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණට 2/3 බල­යක් ලැබීම වළ­ක්වා­ලීමද එහි අරමුණකි.

 

Comments