පළමු ඡන්ද ප්‍රති­ඵ­ලය 6 වැනිදා පස්වරු 4ට | සිළුමිණ

පළමු ඡන්ද ප්‍රති­ඵ­ලය 6 වැනිදා පස්වරු 4ට

හ මැති­ව­ර­ණයේ පළමු ප්‍රති­ඵ­ලය 6 වැනිදා  බ්‍රහ­ස්ප­තින්දා පස්වරු 4.00 වන විට ලබා­දිය හැකි බව මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා සිළු­මි­ණට කීය. ලබන 5 වැනිදා ඡන්දය දමා අව­සන් වූ පසු සිය­ලුම ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමෙන් පසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීම 6 වැනිදා පෙර­වරු 8.00ට ආරම්භ කෙරේ.

ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ පසුව එක දිග­ටම එම කට­යුතු සිදු කෙරෙන හෙයින් සියලු මනාප ප්‍රති­ඵල 7 වැනිදා පස්වරු වන විට ලබා දීමට හැකි­වනු ඇතැයි ද බවද කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා කීවේය. මෙවර මහ මැති­ව­ර­ණය ජන­තා­වට විශේ­ෂිත මැති­ව­ර­ණ­යක් වන අතර එය සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රම­වේද අනුව පව­ත්වනු ලබන ප්‍රථම මැති­ව­ර­ණ­යකි. ඡන්දය ලකුණු කිරී­මට පැමි­ණෙන සිය­ලුම ඡන්ද­දා­ය­ක­යන්ගේ ඇඟිලි වර්ණ ගැන්වීම සඳ­හාද මෙවර විශේ­ෂිත ඉටි කූරක් භාවිත කරන බවත් ඡන්දය ලකුණු කිරීම පිණිස පෑනක් ගෙන ඒමද වැද­ගත් වන බව කොමි­සම ඉල්ලා සිටී. සෞඛ්‍ය අංශයේ 9,000 පමණ නිල­ධා­රීන් පිරි­සක් මෙවර මැති­ව­ර­ණය වෙනු­වෙන් සූදා­නම්ව සිටී.

මධ්‍ය­ස්ථාන 12,774 පැවැ­ත්වෙන මෙවර මහ මැති­ව­ර­ණයේ ගණන් කිරීමේ ශාලා දෙගුණ කර තිබීම හේතු­වෙන් ගණ­නය කිරීම පහසු වී ඇති බවද රත්නා­යක මහතා කීය. පසු­ගිය මහ මැති­ව­ර­ණ­යේදී 1,420ක් වූ ශාලා සංඛ්‍යාව මේ වස­රේදී 2,820ක් දක්වා වැඩි කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මැති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­ක­යන් 7,452 ක් තරග වදින අතර ඉන් අපේ­ක්ෂ­ක­යන් 3,652 ක් පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­ව­ලින් තරග වදින අතර, අපේ­ක්ෂ­ක­යන් 3,800 ක් ස්වාධීන කණ්ඩා­යම් යටතේ තරග වදිනු ඇත.

 

Comments