
මහ මැතිවරණය 5 වැනි බදාදා පැවැත්වෙන අතර ඒ පිළිබඳව පැවැති ජනහමු 210කට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහභාගි විය. ඉකුත් ජූලි 29 වැනිදා මතුගම ගලමත්ත සතිපොළ භූමියේ පැවැති ජනහමුවට එක් වූ ජනාධිපතිවරයා රැස්ව සිටි සිසුන් ඇතුළු පිරිසක් සමඟ ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළ අන්දමයි මේ. ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්රික් අපේක්ෂක අනූප පස්කුවල් සහ යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංගද මෙහි වෙති. කළුතර දිස්ත්රික්කයේ ප්රකට ජනහිතවාදී දේශපාලඥයකුව සිටි දයා ටී. පස්කුවල් මහතාගේ ඥාති පුත්රයකු වන අනූප ‘යුතුකම‘ ජාතික සංවිධායකවරයාද වේ. ගෙවිඳු යනු කුමාරතුංග මුණිදාසයන්ගේ මුනුපුරෙකි.