සෞභා­ග්‍යයේ දැක්ම ක්‍රියා­ත්මක කළොත් වසර තුනෙන් රට සංව­ර්ධ­නය කරන්න පුළු­වන් | සිළුමිණ

සෞභා­ග්‍යයේ දැක්ම ක්‍රියා­ත්මක කළොත් වසර තුනෙන් රට සංව­ර්ධ­නය කරන්න පුළු­වන්

පොරොන්දු දේශ­පා­ල­න­යෙන් තොරව මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­වන් ද?

මම මේ මැති­ව­ර­ණයේ දී කාට­වත් පොරොන්දු දෙන්නෙ නෑ. ඒ වාගේම මත්ද්‍රව්‍ය වැනි කිසිම දෙයක් දෙන්නෙත් නෑ. මම ජන­තා­වත් එක්ක එක­තු­වෙලා මට කරන්න පුළු­වන් දේවල් කර­නවා. ඒ නිසා ජන­තාව දන්නවා මම කවුද කියලා. මැති­ව­ර­ණය පුරාම තිබෙන තර­ඟය නිසා පක්ෂ විපක්ෂ හැමෝම අඩු වැඩි වශ­යෙන් පොරොන්දු දේශ­පා­ල­නය කර­නවා. අපි එහෙම නොක­ළත් අපි ඒ හැම දෙනා­ටම වඩා ඉදි­රි­යෙන් ඉන්නවා.

 මෙවර මැති­ව­ර­ණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ  අපේ­ක්ෂ­ක­යන් සාම්ප්‍ර­දා­යික හා විය­තුන් කියල බෙදිල ඡන්ද සටන මෙහෙ­ය­ව­නවා කියන්නේ ඇත්තද?

අපේ­ක්ෂ­කයෝ එහෙම බෙදු­ණත් ගමේ ඡන්ද­දා­ය­කයා එහෙම බෙදෙන්නෙ නෑ. ජන­තා­වට අපේ­ක්ෂ­කයා වියත්ද නැද්ද කියන කාර­ණය වැද­ගත් නෑ. ඔවුන් බලන්නේ ඔවුන් ගේ ප්‍රශ්න­ව­ලට ඇහු­ම්කන් දෙන  ඔවුන් ගේ ප්‍රශ්න අව­බෝධ කර ගන්න පුළු­වන් ජන­තා­වට ඕනැම වෙලා­වක කතා කරන්න පුළු­වන් අපේ­ක්ෂ­ක­යන් ගැනයි. ඒ නිසා  ඔය කියන විය­තුන් හෝ සාම්ප්‍ර­දා­යික දෙපි­රි­සම ජන­තාව පාර්ලි­මේ­න්තු­වට පත් කරල එවාවී. විය­තුන් පාර්ලි­මේ­න්තුවේ ඉන්න ඕන කියන කාර­ණ­යට මමත් එක­ඟයි. එහෙම ඉන්න ඕන කියල අපි කිව්වත් ජනතා කැමත්ත අනුව තමයි ඒක තීර­ණය වෙන්නේ. නමුත් ජනා­ධි­ප­ති­ව­ර­යාට පුළු­වන් උගත් බුද්ධි­ම­තුන් ජාතික ලැයි­ස්තු­වෙන් පාර්ලි­මේ­න්තු­වට පත් කර ගන්න. මහ­ජ­නයා විය­තුන් පත් කෙළේ නැත්නම් ඒක තමයි තියෙන වික­ල්පය.

 ගම්පහ දිස්ත්‍රි­ක්කයේ මෙවර ප්‍රති­ඵල ගැන ඔබේ කණ්ඩා­යම් නායක අනා­වැකි පළ කර තිබෙ­නවා. එය අනු­මත කර­න­වාද?

ඔව්, අපි වැඩ කරන්නේ කණ්ඩා­ය­මක් විදි­යට. අපේ වැඩි අව­ධා­නය තිබෙන්නේ අපිට ලැබෙන මනා­ප­ව­ලට වඩා පොහො­ට්ටු­වට ලැබෙන ඡන්ද ගැනයි. අපි උත්සාහ කරන්නේ ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් පොහො­ට්ටු­වට ලැබුණ ඡන්ද ප්‍රමා­ණය දෙගු­ණ­යක් කර ගන්නයි. අපි විශ්වාස කර­නවා අපිට ඒ ඉල­ක්කය සපුරා ගන්න පුළු­වන් වෙයි කියලා.

 මෙවර මැති­ව­රණ නීති අකු­ර­ටම ක්‍රියා­ත්මක වෙනවා. එවැනි පසු­බි­මක වැඩි ඡන්ද ලක්ෂ පහක ඉල­ක්ක­යක් සපුරා ගන්න පුළු­වන්ද?

ඔව් පුළු­වන්. මනාප අංක ප්‍රද­ර්ශ­නය කරන එක තහ­නම් වුණාට පොහො­ට්ටුව ප්‍රද­ර්ශ­නය කරන්න තහ­න­මක් නෑනේ. අපි ගමින් ගම ගෙයින් ගෙට ගිහිල්ල ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ගැන ජන­තාව දැනු­වත් කර­නවා. ඇත්ත­ටම මැති­ව­රණ නීති උල්ලං­ඝ­ණය නොකර අපිට ජනතා කැමැත්ත දිනා ගන්න පුළු­වන්. ආණ්ඩුව විසු­රුවා හැරිය දිනේ ඉඳ­ලම අපි ජන­තාව දැනු­වත් කරන වැඩේ පටන් ගත්තා. ඒ නිසා අපිට පුළු­වන් වෙලා තියෙ­නවා ඡන්ද­දා­ය­ක­ය­කුට කීප වරක් කතා කරන්න. ඒ නිසයි අපිට විශ්වා­ස­යක් තියෙන්නේ අපේ ඉල­ක්කය සපුරා ගන්න පුළු­වන් කියලා.

 ඔබ ජය­ග්‍ර­හ­ණය කළොත් ගම්පහ ජන­තාව වෙනු­වෙන් කට­යුතු කරන්න සැල­සුම් ගත වැඩ පිළි­වෙ­ලක් තියෙ­න­වාද?

අපි ගම්පහ හෝ රටේ වෙන තැනක හෝ කළ යුතු වැඩ ගැන පක්ෂ­යක් විදි­යට ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් අර­ගෙන තියෙ­න­වානේ. ඒක තමයි ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ සෞභා­ග්‍යයේ දැක්ම විදි­යට ප්‍රකා­ශ­යට පත් කරලා තියෙන්නෙ. අපි කවු­රුත් ඒ ප්‍රති­ප­ත්තිය අනුව තමයි කට­යුතු  කරන්න ඕනෙ. මම විශ්වාස කර­නවා සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති අපි හරි­යට ක්‍රියා­ත්මක කළොත් වසර තුනක් විතර යන කොට අපේ රට නිවැ­රදි සංව­ර්ධන මාව­ත­කට යොමු කර ගන්න පුළු­වන් කියලා. එහෙම වුණොත් අපේ ගම්බිම් වල ජනතා ප්‍රශ්න කඩි­න­මින් විස­දන ක්‍රම­වේ­ද­යක් සකස් වෙිවී. ඒ තත්ත්වය ඇති කර ගන්න පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බල­යක් ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­ශ්‍ය­යයි.

Comments