මෙවර කොළඹ දිස්ත්‍රි­ක්කය පොහො­ට්ටුව ජය ගන්නවා නිය­තයි | සිළුමිණ

මෙවර කොළඹ දිස්ත්‍රි­ක්කය පොහො­ට්ටුව ජය ගන්නවා නිය­තයි

 මැති­ව­රණ කොමි­සම මැති­ව­රණ නීති අකු­රට ක්‍රියා­ත්මක කරන බවක් කීවත් එහෙම දෙයක් පෙනෙන්ට නෑ නේද?  

ඇත්ත­ටම මැති­ව­රණ නීති රකින්න අපි බැඳී ඉන්නවා.මම මගේ  නිල­ර­ථයේ මගේ මනාප අංක­ය­වත් සද­හන් කරල නෑ. මැති­ව­රණ කාර්යාල පවත්වා ගෙන  යාමේ­දීත් මහ­ජන හමු පැවැ­ත්වී­මේ­දීත් අපි මැති­ව­රණ කොමි­ෂම ලබා දී ඇති උප­දෙස් ඒ  ආකා­ර­යෙන්ම පිළි­ප­දින්න උත්සාහ කරල තිබෙ­නවා. නමුත් අපිට මැති­ව­රණ කොමි­සම ගැන  විශාල කල­කි­රී­මක් තිබෙ­නවා. මම චිත්‍ර­පට නිෂ්පා­ද­ක­යෙක්, ගීත රච­ක­යෙක් මෙන්ම  කල­ක­රු­වකු ලෙස මගේ මැති­ව­ර­ණ­යට කලින් ප්‍රචා­රය කරන ලද ‘සිහි­න­යකි රෑ‘ වැඩ සට­හන  මුදල් ගෙවල ප්‍රචා­රය කර­න්න­වත් මේ දක්වා අව­සර දීල නෑ. ඒ තර­ම­ටම අපි පුද්ග­ලි­කව  බැට­ක­මින් වුණත් මේ මැති­ව­රණ නීති රකින්න මම උත්සාහ කර­නවා.  

 මැති­ව­රණ ක්‍රමය වෙනස් කර­නවා කීවත් ඒක කර ගන්න නොහැකි වීම නිසා ඔබේ පක්ෂය තුළත් බර­ප­තළ විදි­යට මනාප පොර­යක් තියෙ­නවා නේද?  

    අනේ ඒක ගැන නම් කියල වැඩක් නෑ. සංසාරේ එපා වෙනවා මේ  මනා­ප­යක් වෙනු­වෙන් සම­හර අය ක්‍රියා කරන හැටි දැක්කාම. මනා­ප­යක් වෙනු­වෙන් අපේම  අය පවා ඡන්ද­දා­ය­ක­යාට කරන බල­පෑම දැක්කාම මහ කල­කී­රි­මක් ඇති වෙනවා. මේ ක්‍රමය  දිග­ටම තිබු­ණොත් අපි වගේ අයට මැති­ව­ර­ණ­ව­ලින් ඉවත් වෙලා ඉන්න තමයි සිද්ධ  වෙන්⁣නේ. මේ මනාප බලු පොරය නැති දිනේෂ් ගුණ­ව­ර්ධන කමි­ටුව යෝජනා කර තිබෙන  කොට්ඨාශ ක්‍රමයේ මැති­ව­රණ ක්‍රම­යක් හදා ගන්න ඕන. ව්‍යව­ස්ථාව වෙනස් කරල හෝ  ඒක කර­න්නම ඕන.  

 තුනෙන් දෙකක බල­යක් ඉල්ලන්නෙ ඔබ­ලට 

හිස­ර­ද­යක් වෙලා තියෙන  මැති­ව­රණ කොමි­සම අහෝසි කර­න්නත්, පාර්ලි­මේ­න්තු­වට තිබෙන බලය අඩු කරලා ජනා­ධි­පති  බලය වැඩි කර­න්නත් වැනි කාරණා ඉටු කර ගන්නද?  

    ඔබ කියන විදි­යට 19 වන සංශෝ­ධ­න­යෙන් සම්මත වෙලා තියෙන්නෙ ඔය  කාරණා විත­රද? අග­මැති ජනා­ධි­පති අතර එක­ඟ­තා­වක් ඇති කර ගන්න බැරිව යහ­පා­ල­නය  අවුල් වුණේ මේ 19වන සංශෝ­ධ­නය නිසා නොවෙ­යිද?නැවත එවැනි තත්ත්ව­යක් ඇති වෙන්න  ඕනැද? ඒ වගේම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ ජන­ගත කර තිබෙන සෞභා­ග්‍යය දැක්ම  ක්‍රියා­ත්මක කරන්න පාර්ලි­මේ­න්තුවේ අලු­තින් අණ පනත් හදලා ඒවා සම්මත කර  ගන්නත් අපිට තුනෙන් දෙකක බල­යක් අවශ්‍ය වෙනවා. විරුද්ධ පක්ෂ මොනවා කීවත් මේ  රට හදන්න පුළු­වන් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාට පම­ණයි කියල දැන් ජන­තාව  තේරුම් අර­ගෙ­නයි ඉන්නේ. ඒ නිසා මෙවර ජන­තාව අපේ අලුත් ආණ්ඩු­වට පාර්ලි­මේ­න්තුවේ  තුනෙන්⁣ දෙකක බල­යක් ලබා දෙනවා කියල මට නම් විශ්වා­සයි.  

 පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බල­යක් හදා ගන්න කවුරු වුණත් කමක් නෑ පත් කරලා එවන්න කිය­ලද ඔබ කියන්නෙ?

     ඔබ එහෙම ඇහු­වට මම එහෙම දෙයක් කීවෙ නෑනේ. තුනෙන් දෙක  සම්පුර්ණ කරන්න නිකන් ඔළු­ගෙඩි ටිකක් පත් කරල එවල ජනා­ධි­පති අපේක්ෂා කරන දේ  කර ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා මෙවර පාර්ලි­මේ­න්තු­වට පත් කරන්න ඕනේ හොර­කම  වංචාව, දූෂ­ණය නැති උදේ ඉදලා රෑ වෙන­කම් වැඩ කරන්න පුළු­වන් රටට ආද­රය කරන  පිරි­සක් බව ජන­තාව මතක තියා ගන්න ඕන. මගේ අත්දැ­කීම අනුව නම් කොළඹ  දිස්ත්‍රි­ක්කයේ ජන­තාව ඒ සඳහා මෙවර පක්ෂ බේද­යෙන් තොරව සූදා­නම්ව ඉන්නවා. කොළඹ  පම­ණක් නොවෙයි රට­පුරා මතුව තිබෙන තත්ත්වය අනුව පොහො­ට්ටුව අති විශාල ඡන්ද  සංඛ්‍යා­වක් ලබා ගෙන මැති­ව­රණ ඉති­හා­සයේ අලුත් පෙර­ලි­යක් ඇති කරයි කිය­ලයි මට  හිතෙන්නෙ.  

 පක්ෂ දේශ­පා­ලන කුහ­ක­කම් මත කට­යුතු කිරී­මෙන් ජනතා මුදල්  මෙන්ම සංව­ර්ධ­නය සඳහා යොදවා ගත හැකි විශාල කාල­යක් විනාශ කර­නවා. අලුුත්  ආණ්ඩු­වෙන් මේකට විස­ඳු­මක් ලැබෙ­යිද?

    ඔබ ඔය කියන කාර­ණය ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ හා අග­මැති  මහින්ද රාජ­ප­ක්ෂ­යන් අව­බෝධ කර­ගෙන තමයි ඔවුන් යෝජනා කරන්නේ රටට හිත­කර ජන­වාදි  ව්‍යව­ස්ථා­වක් හදන්න ඕන කියල. ඒ හදන ව්‍යව­ස්ථාව දේශ­පා­ල­න­ඥ­යන් හදන එකක්  නොවෙන්න ඕන ව්‍යව­ස්ථාව හදන්න පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය නොක­රන ගිහි පැවිදි උගත්  බුද්ධි­ම­තුන් පිරි­සක් පත්වෙන්න ඕන. ඒ වගේම අධ්‍යා­ප­නය කෘෂි­ක­ර්මය ආදී මෙරටේ  ආර්ථි­ක­යට වැද­ගත් හැම විෂ­ය­යක් සඳ­හාම ජාතික ප්‍රති­ප­ත්ති­යක් හදන්න ඕන. විටින්  විට බල­යට පත්වෙන ආණ්ඩු වලට ඒවා වෙනස් කරන්න බැරි වෙන විදි­යට ඒ ජාතික  ප්‍රති­පත්ති ස්ථාවර වෙන්න ඕන. ජනා­ධි­ප­ති­ව­රයා දැන­ට­මත් අධ්‍යා­පන  ප්‍රති­ප­ත්ති­යක් හදන්න තොර­තුරු ලබා ගැනීම සඳහා විද්වත් කමි­ටු­වක් පත් කරල  තිබෙ­නවා. මේ වැඩ­පි­ළි­වෙල සක්‍රිය කර ගන්න තමයි පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක  බලය ඉල්ලන්නෙ.  

 ඔබ මනාප පොරය පිළි­බ­ඳව සද­හන් කළා. කොළඹ දිස්ත්‍රි­ක්කයේ මනාප පොර­යෙන් ඔබ හෙම්බත් වෙලාද?

 අනේ මට එහෙම තත්ත්ව­යක් නෑ. මොකද මට මනාප වෙනු­වෙන් පොර කන්න  දෙයක් නෑ. මොකද මගේ උගත් කොළඹ දරුවෝ මීට වසර 31 ටපෙ­රදි තමයි තමන්ගේ  දෙමා­පි­යන් එක්ක එක­තු­වෙලා මම පාර්ලි­මේ­න්තු­වට යැව්වෙ. මම ඒ අයට ගෞර­ව­යක් වෙන  විදි­යට තමයි පාර්ලි­මේ­න්තුව තුලත් ඉන් පිට­තත් හැසි­රිලා තිබෙන්නෙ. හොර­කම,  දූෂ­ණය, වංචා­වට සම්බන්ධ නොවී සත පහ­ක­වත් කොමිස් මුදල් ලබා නොගෙන මම විශාල  මෙහෙ­ව­රක් කරලා තිබෙ­නවා. මම හැම­දාම වැඩ­ක­රල තිබෙන්නෙ හෘදය සාක්ෂි­යට එක­ඟව  අවං­කව. කිසි­වි­ටක කිසි­ව­කු­ටත් කිසි­ක­ලෙක කළ නොහැකි දේවල් මම මේ කාලය ඇතු­ළත කරල  තිබෙ­නවා.  

 මැති­ව­ර­ණ­ය­කදී දේශ­පා­ල­න­ඥ­යන් සුන්දර ජන ආක­ර්ෂ­ණීය වචන මාලා­වක් හදා ගන්නවා. ඔබත් ඔය කරන්නේ ඒකම නේද?

     මම හැම­දාම හැම­තැ­න­ක­දීම කරන දේවල් තමයි අදත් මේ ඔබ එක්ක  කිය­න්නෙත්. මම කරල තියෙන දේ කියන්නේ. සම­හර අය කියන්නේ කරන්න හිතා­ගෙන ඉන්න  දේවල්. දකුණු ආසි­යාවෙ විශා­ල­තම ද්විතී­යික පාසැල මෙක­තක් කල් නොති­බුණ තාක්ෂ­ණික  විෂ­ය­ධා­රාව හඳුන්වා දීම, මහි­න්දෝ­දය තාක්ෂණ පීඨ දාහක් රට­පුරා ඇති කිරීම,  මහි­න්දෝ­දය තාක්ෂ­ණික විද්‍යා­ගාර 260 ක් ඇති කිරිම, රට පුරා ආර්ථික  මධ්‍ය­ස්ථාන දහ­තු­නක් ඇති කිරිම, විශ්ව විද්‍යාල පද්ධ­තිය ඇතු­ළත තාක්ෂණ පීඨ  ඇති කිරිම, හරිත සර­ස­විය බිහි කිරීම, නැනෝ තාක්ෂ­ණික ආය­ත­නය පිහි­ටු­වීම, පෙළ  පොත් ගබඩා සංකී­ර්ණ­යක් ඇති කිරීම, දත්ත ගබ­ඩා­වක් ආරම්භ කිරීම වැනි මෙතෙක්  වෙනත් කිසි­ව­කුත් කර නැති දේවල් මම කරල තියෙ­නවා. ඒ නිසා සුරං­ගනා කතා කියල මට  ජන­තාව ගෙන් මනාප ඉල්ලන්න ඕනෙ නෑ.  

 ඔබ පාර්ලි­මේ­න්තු­වට පත්කර යවන්න සහය දෙන්නේ හෝමා­ගම ජන­තාව  වුණත් ඔබට ලැබෙන ඇම­ති­ක­ම්වල බලය යොදා­ගෙන සියල්ල හෝමා­ග­මට කේන්ද්‍ර ගත කිරීම  සාධා­ර­ණයි කියල හිත­න­වද?   

     නෑ, ඇමති බල­තල පාවිච්චි කරලා හැම දෙයක්ම හෝමා­ග­මට විත­රක්  දෙනවා නම් ඒක සාධා­රණ නෑ .මම මුලින් කිව්ව වැඩ ලැයි­ස්තුව අනුව මම දිව­යින  පුරා ජන­තාව ගේ යහ­පත වෙනු­වෙන් අලුත් දේවල් බොහෝ­ම­යක් කරල තිබෙන බව නැවත නැවත  පැහැ­දිලි කරන්න දෙයක් නෑ. මම කරන්නේ අලුත් ව්‍යාපෘ­ති­යක් හදලා අත්හදා බලන්නේ  හෝමා­ගම තමයි. ඒ අත්දැ­කීම් අනුව ඊටත් වඩා හොඳ⁣ට ඒ දේම වෙනත් ප්‍රදේශ වලට  ලබා දෙනවා. පළමු ද්විතී­යික පාසැල මම හෝමා­ගම හදලා දෙවැන්න මාතර හැදුවා.  තෙවැන්න ත්‍රිකු­ණා­ම­ලයේ හදන්න ඉඩම් පරි­ක්ෂා­වත් කර­ලයි ති⁣බ්බෙ. මේ විදි­යට  දිස්ත්‍රික්ක 22කට ද්විතී­යික පාසැල් විසි දෙකක් හදන්න මම සැල­සුම් සකස්  කර­ලයිි තිබුණේ. අනෙක් ව්‍යාපෘ­තිත් එහෙ­මයි. මම පළමු ආර්ථික මධ්‍ය­ස්ථා­නය  හැදුවෙ මීගොඩ. නමුත් දෙවැන්න හැදුවෙ තඹු­ත්තේ­ගම. ඒ නිසා කාට­වත් කියන්න බෑ මම  සියල්ල හෝමා­ග­මට විත­රක් කර­නවා කියල.  

 ඔබ සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­න­ඥ­යෙක් වුවත් උග­තෙක් වගේම  බුද්ධි­ම­තෙක්. එසේ තිබි­යදී ඔබේම කණ්ඩා­යමේ තව පිරි­සක් උගත් බුද්ධි­මත් කියල  එකම කණ්ඩා­යම ඇතු­ළත බෙදී­මක් ඇති කරල තිබෙ­නවා කියන චෝද­නාව ඇත්තක්ද?

    නෑ, එහෙම බෙදී­මක් නෑ. නමුත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්  සමඟ 2015 සිට 2019 දක්වාම සෞභා­ග්‍යය දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හදන්න රට  පුරා ගිහිල්ල තොර­තුරු එකතු කරපු විවිධ විෂ­යන්ගේ ප්‍රවී­ණ­යන් පිරි­සක් ඉන්නවා.  ඒ අය­ගෙන් කොට­සක් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කරල තියෙ­නවා. ඒකෙන් අද­හස් කරන්නේ  නෑ ඒ අය විත­රක් උග­තුන් බුද්ධි­ම­තුන් කියල. ඒ වාගේම ඒ හැම දෙනා­ටම ඇම­ති­කම්  දෙනවා කිය­ලත් නෑ. උගත් වූ පම­ණින් ඇම­ති­කම් දරන්න බෑ; ඒ සඳහා පළ­පු­රු­ද්දක්  තිබෙ­න්නත් ඕන.  

 ඔබ කියන්නේ අලුත් අයට ඇම­ති­කම් අකැ­පයි කිය­ලද?

    නෑ, මම එහෙම කියන්නේ නෑ. මට එහෙම කිය­න්නත් බෑ. නමුත් අපි  අව­ධා­නය යොමු කළ යුතු කාර­ණා­වක් තියෙ­නවා. 2015 මහින්ද රාජ­ප­ක්ෂ­යන්  ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී පරා­ජ­යට පත් වුණාට පස්සේ එතු­මට එළව එළවා පහර දෙන විට එතුමා  තනි නොකර එතුමා ළඟින් හිදි­මින් නැවත ඔහු ශක්ති­මත් කර ඉදි­රි­යට ගෙනෙන්න  මහන්සි වූ 58 දෙනෙක් ඉන්නවා. මේ අයත් අනෙක් අය වගේ යහ­පා­ලන ආණ්ඩු­වට එකතු  වුණා නම් අද අපිට ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ජනා­ධි­පති කර­වන්න ලැබෙන්නෙ නෑ. මෙකද  එහෙම වුණා නම් ව්‍යව­ස්ථාව වෙනස් කරල රාජ­ප­ක්ෂ­වරු දේශ­පා­ල­න­යෙන් අතු­ගා­ලම දානවා.  

ඒ නිසා ආණ්ඩු­වක් පිහිට වූ වහාම අනෙක් අයට සල­කන්න පෙර මේ ඒකා­බද්ධ විප­ක්ෂයේ  හිටපු පක්ෂ නාය­ක­යන් ඇතුළු 58 දෙනා ගැන විශේ­ෂිත වූ සාධා­ර­ණ­යක් ඉෂ්ඨ කර­න්නම  ඕන. සම්­ප­න්දන්ලා, අනුර කුමා­රලා එක්ක මේ අයත් එදා එකතු වුණා නම් ඔක්කොම  ඉව­රයි. එහෙම නොවුණේ මේ 58 දෙනා එදත් මහින්ද රාජ­පක්ෂ තනි නොකර  පාර්ලි­මේ­න්තු­වේ­දීත් ඉන් පිට­ත­දීත් අසා­ධා­ර­ණ­යට එරෙ­හිව සටන් වැදුණ නිසා බව අපි  අම­තක කරන්න හොඳ නෑ. රට නැවත හරි මඟට ගෙනාපු වීරයෝ විදි­යට මෙි 58 දෙනා ගැන  ශ්‍රී ලංකාවෙ දේශ­පා­ලන වංශ කතාවෙ ලිය­වෙිවී.  

 ඒ පනස් අට දෙනා අතර සිටින ඔබට මේ මැති­ව­ර­ණයේ දී ජය ගන්න පුළු­වන් කියල ඔබ හිත­න­වාද?   

 අනි­වා­ර්ය­යෙන්ම මම ජය­ග්‍ර­හ­ණය කර­නවා. ඒ විත­රක් නොවෙයි අපි  කොළඹ දිස්ත්‍රි­ක්කය මෙවර පොහො­ට්ටුව ජය ගන්නවා. එජා­පය දෙකඩ වෙලා. ඔවුන්  ජන­තා­වට බොරු කිය­මින් බලය වෙනු­වෙන් සටන් කර­නවා. මේ බොරුව ප්‍රෝඩාව කොළ­ඹට  විකුණා ගන්න අමා­රුයි. කොළඹ ඇවිල්ලා ජන­තා­වට විසි­ද­හක් තිස්ද­හක් දෙනවා කියල  සජිත් කියන කොටම කොළඹ ජන­තව දන්නවා මෙයා දේශ­පා­ලන කප­ටි­යෙක් කියල. ඡන්දය ගන්න  ඕනෑම බොරු­වක් ඇත්ත විදි­යට කියන දේශ­පා­ලන කව­ට­යෙක් විදි­යට තමයි ඔහු. ජනතාව දකින්නේ අනෙක්  පැත්තේ මහ බැංකුව මහ දවල් මං කොල්ල කාපු කණ්ඩා­ය­මක් ඉන්නෙ. මේ නිසා මැද ඉන්න  අය ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රටට හදන වැඩ පිළි­වෙ­ලට සහය දෙන්න  ඉදි­රි­පත් වෙනවා. ඒ අනුව ආසන දොළ­හක් පමණ මෙවර පොහො­ට්ටු­වට හිමි වෙන්න තිබෙන  අවස්ථා වැඩියි.  

 මහින්ද රාජ­ප­ක්ෂ­යන් 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පරා­ජය කීරිම තමන්  අතින් වූ විශාල වර­දක් ලෙස තේරුම් ගත් ජන­තාව 2018 දී හා 2019 දී ඒව­රද  නිවැ­රදි කර ගෙන තිබෙ­නවා. ඒ ජන­තාව 2020 දිත් ඒ ආකා­ර­ය­ටම කට­යුතු කරයි කියල ඔබ  හිත­න­වාද?

    ඇත්ත­ටම 2015 දී වරද්දා ගෙන යහ­පා­ලන ආණ්ඩුව නිසා ලැබු  අමි­හිරි අත්දැ­කීම් ජන­තා­වට අම­තක වෙන්නෙ නෑ. ඒ නිසා මෙවර 2019ටත් වඩා විශාල  ඡන්ද ප්‍රමා­ණ­යක් පොහො­ට්ටු­වට ලබා දෙන බව මට නම් විශ්වා­සයි.  

Comments