ගමේ ජන­තාවගේ සුබ සිද්ධිය මගේ අපේ­ක්ෂා­වයි | සිළුමිණ

ගමේ ජන­තාවගේ සුබ සිද්ධිය මගේ අපේ­ක්ෂා­වයි

අලු­තින් දේශ­පා­ලන පක්ෂ බිහි­වෙද්දී එහාට මෙහාට පැනල අලුත් තැන් හොයා ගන්න පුළු­ව­න්කම තිබි­යදී ඇයි ඔබ සාම්ප්‍ර­දා­යික එජා­ප­යම තෝරා ගත්තේ?

මම දේශ­පා­ල­නය කරන්න ආව කෙනෙක් නොවෙයි. මම පොලිස් විශේෂ බල­කා­යට යන්න තමයි සුදා­නම් වුණේ. ඒ කාලේ ඒකට යන්න දේශ­පා­ලන අනු­මැ­තිය ඕන. ඒක ගන්න ඇවිල්ලා තමයි මගේ දේශ­පා­ලන ගමන ආරම්භ වුණේ. මම ජේවී­පී­කා­ර­යෙක් කියල  මට පොලි­සි­යට යන්න බැරි වුණත් අන්ති­මට මම එදා ඒ හිටිය කවි­රත්න ඇම­ති­ව­රයා ගේ හොඳම දේශ­පා­ලන ගෝලයා බවට පත්වුණා. එදා සිට මම එජා­පය සමඟ එකට ඉන්නවා.

 එජාප නායක රනිල් වික්‍ර­ම­සිං­හට එරෙ­හිව කැරැ­ල්ලක් ගොඩ නැඟුණේ ඇයි?

ඇත්ත­ටම මේක පක්ෂය ඇතු­ළෙන්ම ආපු දෙයක්. මේකට මුල් වුණේ දකුණේ තරුණ මන්ත්‍රී­ව­ර­යෙක්. ඒ අය එක්තරා මාධ්‍ය ආය­ත­න­ය­කට ඕන විදි­යට යුඑ­න්පිය හදන්න උත්සාහ කළාම ඒකට රනිල් විරුද්ධ වුණා. එදා ඉඳලා රනිල්ට නොයෙක් ආකා­ර­යෙන් වද දෙන්න පටන් ගත්තා. ඒකාලේ බල­හ­ත්කා­ර­යෙන් එජාප මන්ත්‍රී­ධුර කොල්ල කන්නත් ඒ අය සුදා­නම් වෙලා තිබෙ­නවා. ඒ කිසි­වක් කර ගන්න බැරි වූ නිසා තමයි ඒ අය රනිල්ට එරෙ­හිව අවස්ථා කීප­ය­කදී විවිධ විරෝ­ධතා ඇති කළේ.

 රනිල් නිවැ­රදි දක්ෂ නාය­ක­යෙක් කිය­ලද ඔබ කියන්නේ?

ඇත්ත­ටම රනිල් වික්‍ර­ම­සිංහ කියන්නේ ඉතාම කලා­තු­ර­කින් අපිට හමු­වන නාය­ක­යෙක්. ඔහු කාගේ හරි මුහුණ දැකල ඔහු දක්ෂ­යෙක් විදි­යට හඳු­නා­ගෙන ඒ ගැන කාට­වත් කිය කියා ඉන්නෙ නෑ. අව­ස්ථාව ලැබුණ ගමන් ඔහු අර හඳු­නා­ගත් දක්ෂ­යාට තැනක් දෙනවා. සජිත් 2012දී මාතලේ පළා­ත්පා­ලන මන්ත්‍රී­වරු එකතු කර­ගෙන රනිල් විරු­ද්ධව විරෝ­ධ­තා­වක් ගොඩ නගන්න උත්සහ කළා. එදා හිටපු මන්ත්‍රී­වරු 47න් 46ක්ම සජිත් ගේ පැත්තේ. එදා මම සජිත් ⁣ගෙන් ඇහුවා ප්‍රේම­දාස ජනා­ධි­පති දෝෂා­භි­යො­ග­යෙන් බේරා ගත්තු රනිල්ට විරුද්ධ වෙන්නෙ ඇයි කියලා. ඒ වාගේම මම සජි­ත්ගෙන් ඇහුවා ඔහුගේ තාත්තා ජනා­ධි­පති වෙන කොට වයස කීයද කියලා. එතුමා කීවා හැට පහයි කියලා. එදා සජිත් ගේ වයස 45ය කිය­ලත් ඔහු කීවා. ඒ වෙලාවෙ මම කිව්වා ඔබ­තු­මාට ජනා­ධි­පති වෙන්න තව අවු­රුදු 20ක් තියෙන නිසා 2025 වන­තෙක් ඉව­සලා රනිල්ට විරු­ද්ධව කරන වැඩ නව­ත්වන්න කියලා. ඒ අනුව එදා විරෝ­ධ­තාව ගොඩ නැඟුණේ නෑ. නමුත් රනිල් වික්‍ර­ම­සිං­හ­යන්ට ජන විඥා­නය හඳුනා ගන්න බැරි දුර්වල කමක් තිබෙන නිසා ඔහු විහින් අමා­රුවෙ වැටුණ වෙලා­වල් තියෙ­නවා.

 ඔබට විශ්වා­ස­යක් තිබෙ­න­වාද මේ මැති­ව­ර­ණ­යේදී ඔබට ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­වන් කියලා?

මේ මැති­ව­ර­ණ­යේදී මගේ අපේ­ක්ෂාව එජා­පය ජය­ග්‍ර­හ­ණය කර­වී­මයි. මාතලේ අපි අට දෙනෙක් තරඟ කර­නවා. ඒ අය ගෙන් කී දෙනෙක් පාර්ලි­මේ­න්තු­වට යයිද කියන්න බෑ. මොකද මේ මැති­ව­රණ ව්‍යාපා­රයේ සම්පූ­ර්ණ­යෙන්ම බර පැට­විලා තියෙන්නෙ අපිට. පක්ෂ­යෙන් මේ දක්වා මට සත­ය­ක්වත් දීල නෑ.

 ඔබ වසර තිහක් පළාත් පාලන ආය­ත­න­යක සභා­පති, උප සභා­පති හා සාමා­ජි­ක­යෙක් විදි­යට කට­යුතු කර තිබෙ­නවා. ඔබට පාර්ලි­මේ­න්තු­වට යන්න අව­ස්ථාව ලැබු­ණොත් ඔබේ අපේ­ක්ෂාව මොනවා කර­න්නද?

මට මන්ත්‍රී ධුරය සඳහා යම් වර­ප්‍ර­සා­ද­යන් ලැබෙ­නවා නම් ඒ සියල්ල ගමේ ජන­තාව ගේ සුබ සිද්ධිය සඳහා යොද­වන්න තමයි අපි අපේක්ෂා  කරන්නේ. එදා­ටත් මම අද වගේම ගමේ අය එක්ක එකට වැඩ කරල අපේ ගම් දියුණු කරන්න මම කැප වෙනවා.       

Comments