අපි පුත්ත­ල­මෙන් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබ­නවා | සිළුමිණ

අපි පුත්ත­ල­මෙන් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබ­නවා

 පුත්ත­ලම් දිස්ත්‍රි­ක්කයේ ජන­තාව සහ දේශ­පා­ලන පක්ෂ මෙවර මැති­ව­ර­ණ­යට වන සූදා­නම කව­රා­කා­රද?

මෙවර මැති­ව­ර­ණ­යට පෙර කව­ර­දා­ක­වත් නොමැති උද්යෝ­ග­යක්, උන­න්දු­වක්, අප දිස්ත්‍රි­ක්කයේ ජන­තාව අත­රින් මෙවර පිළි­බිඹු වීමක් දක්නට ලැබෙ­නවා. එය දේශ­පා­ලන නාය­ක­ත්ව­යන් හා අපේ­ක­ෂ­ක­ත්ව­යන් දරන අප­ටද මහත් අස්වැ­සි­ල්ලක් වී තිබෙ­නවා. විවිධ ජන වර්ග හා විවිධ  රැකියා කට­යුතු වල නියැළී තම ජීව­නෝ­පා­යන් කර­ගෙන යන අප ප්‍රදේ­ශයේ ජන­තා­වට මෙම මහ මැති­ව­ර­ණය විශේ­ෂ­ත්ව­යක් වී තිබෙන්නේ  ජනා­ධි­ප­ති­තු­මන්ගේ හා  අග­මැ­ති­තු­මන්ගේ එක­මු­තු­වෙන් ශක්ති­මත් රජ­යක් පිහි­ටු­වා­ලී­මට ඔවුන් පෙර­ටත් වඩා මෙවර දාය­ක­ත්ව­යක් ලබා­දී­මට දරන වෙහෙ­සයි. එය මෙම මැති­ව­ර­ණ­යෙදී මුළු දිස්ත්‍රි­ක්කය පුරා­ව­ටම ප්‍රග­ති­ශීලී ජන­තාව පෙන්නුම් කර­නවා. ජන­තාව ප්‍රති­ක්ෂේප කළ යහ­පා­ලන රජයේ සහ හිටපු මැති ඇම­ති­වරු හා අන්ත­වාදී මුස්ලිම් අපේ­ක්ෂ­ක­යන් මෙවර පරා­ජය කිරි­මට ඔවුන් පෙළ ගැසී සිටීම මෙම මැති­ව­ර­ණයේ විශේෂ වූ කාර­ණා­වක්.

 මුස්ලිම් අන්ත­වාදී කොටස් යළි නැඟි­ටීම ඔබ දිස්ත්‍රි­ක්ක­යෙන්ම යළි ඉස්මතු වීමට බලපෑ කරුණු කව­රේද?

පළ­මුව මා සඳ­හන් කර යුතුයි කුමන අන්ත­වාදී ජාති­වාදී කොට­ස­කට වුවද යළි මෙරට තුළ නැඟී සිටී­මට කුමන අයු­ර­කින් හෝ නොදි යුතු වග. සහ­රාන්ගේ අන්ත­වාදි මුස්ලිම් කල්ලිය පුත්ත­ලම් දිස්ත්‍රි­ක්කය කේන්ද්‍ර­කොට නැඟී සිටි අයුරු අප දැන් මනාව සවි­ස්ත­රව වටහා ගෙන තියෙ­නවා. පාස්කු ප්‍රහා­රය හමුවේ යහ පාලන රජයේ ආර­ක්ෂක දුර්ව­ලතා ගැන දැන් මුලු රටම විවිධ ජන­මාධ්‍ය ඔස්සේ විකා­ශ­නය වන ජනා­ධි­පති පරි­ක්ෂ­ණය ඔස්සේ කරුණු වටහා ගනි­මින් සිටී- දහස් ගණන් ඔත්තු සේවා වාර්තා හා ආර­ක්ෂක මණ්ඩල වාර්තා තුලින් විවිධ වාර ගණන් වල යහ­පා­ලන රජයේ වග­කිව යුතු නිළ­ධා­රින්ට වග­කිව යුතු දෙශ­පා­ලන නාය­ක­ත්ව­යට දැනුම් දී තිබු­ණත් ඔවුන් එයට කිසිදු සාර්ථක ආර­ක්ෂිත වැඩ පිළි­වෙ­ලක් නොයෙ­දීම හේතු­වෙන් සිදුවූ අහිං­සක මනුස්ස ඝාතන සංඛ්‍යා­වට එම යහ­පා­ලන රජය සෘජු­වම වග කිව යුතුයි.

කල­ව­ච්චි­කුඩි ප්‍රදේ­ශයේ මුස්ලිම් අන්ත­වා­දින් විසින් කරන ලද පිපි­රිම් මාව­නැල්ල ප්‍රදේ­ශයේ බුදු පිලිම කඩා දම­මින් තැනින් තැන ඉතා කුඩා­වට පටන් ගත් සහ­රාන්ගේ අන්ත­වාදි මුස්ලිම් ත්‍රස්ත්‍ර ක්‍රියා­වන්ට අප ප්‍රදේ­ශයේ මුස්ලිම් දේශ­පා­ලන නාය­ක­ත්ව­යන් අනු­බල හා උද­ව්වන් දුන් බව දැන් රටේ ජන­තාව දන්නවා.  යහ­පා­ලන රජ­යෙන් පළමු වතා­වට අමා­ත්‍ය­ධු­ර­යෙන් ඉවත් වීමේ පළමු වෙඩි මුරය තැබී­මට ඔබට හේතු වු කරුණු

ඔව්, මම තමයි එම තීර­ණය ගත් පළමු අමා­ත්‍ය­ව­රයා. මම එම රජ­යට එකතු වන්නේ අපේ පක්ෂය වන ශ්‍රිල­නි­පයේ පොදු එක­ඟ­තා­ව­යට හිස නම­මින්. නමුත් කෙටි කාල­ය­කින් මට වැට­හෙ­නවා යහ­පා­ලන රජය ගමන් ගන්නා මාවත රටට ජාති­යට නොගැ­ළ­පෙන දේශ­ද්‍රෝහි මාව­තක බව. මම ඒ පිළි­බ­ඳව හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මැති­තු­මා­ටත් එම රජයේ වග­කිව යුතු දේශ­පා­ලන නාය­ක­ත්ව­යට පළ­මුව විරෝ­ධය පා හඩ නගන්නේ රටේ ජන­තාව වෙනු­වෙන්. මම මේ පිළි­බ­ඳව හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට පෞද්ග­ලි­කව කීප වතා­වක් වරින් වර කරුණු කාරණා කියා පෑවත් ඔහු ඊට නිසි පිළි­තු­රක් ලබා දුන්නේ නෑ. ඔහු ඒ අව­දියේ සිටියේ දැඩි මහින්ද රාජ­පක්ෂ විරෝධි ප්‍රවේ­ශ­ය­කට යොමු වෙලා. මම දිගින් දිග­ටම පැව­සුවා මෙම යහ­පා­ල­නය දීගය අපේ රටට නොගැ­ළ­පෙන බවත් මහින්ද රාජ­ප­ක්ෂ­යන් සමඟ යළි එක­මු­තුව අපේ රජ­යක් පිහි­ටුවා ලීම මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­රයා විසින් කළ යුතු බවත්. ඊට අම­ත­රව එම යහ­පා­ලන රජය දැඩි ලෙස මා විවිධ මාධ්‍ය ඔස්සේ විවේ­ච­නය කර­මින් රටේ ජන­තා­වට ඔවුන් කළ හා කිරී­මට සැල­සු­ම්කර තිබු දේශ­ද්‍රෝගි අද­හස් සහ ක්‍රියා­වලි මම රටට පහදා දුන්නා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මා එම රජ­යෙන් ඉවත් වී මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ එනම් විප­ක්ෂයේ පාර්ලි­මේ­න්තුවේ අසුන් ගත්තා. ඒ නැගීටි යහ­පා­ලන රජ­යට එල්ල කළ පළමු වෙඩි මුරය. යහ­පා­ලන රජය විසු­රුවා හැර යළි මහින්ද රාජ­පක්ෂ මැති­තුමා අග්‍රා­මාත්‍ය ලෙස යළිත් පත්කි­රී­මෙන් එම ඉල්ලීම ඉටු වුණා. මටද මේ පිළි­බ­ඳව පෙෘද්ග­ලි­කව ආඩ­ම්බ­ර­යක් තියෙ­නවා; එම යහ­පා­ලන රජය දෙද­ර­වන්න පළ­මු­වෙන්ම කට­යුතු කළ පුද්ග­ලයා වශ­යෙන්.

 2010/2015 මහින්ද රජ­පක්ෂ රජය විසින් ආරම්භ කර කල්පි­ටිය සංචා­රක ප්‍රව­ර්ධන කලා­පය අත­ර­මග නතර කළ බව ඇත්තද ? 

කල්පි­ටිය සංචා­රක කලා­ප­යක් ලෙස සියලු යටි­තල පහ­සු­කම් සමග ආරම්භ කිරි­මට යෝධ සංව­ර්ධන ව්‍යාපා­ර­යක් ලෙස මහින්ද රාජ­පක්ෂ රජය කට­යුතු කළා. නමුත් එය අපි සිතා ගත් පරිදි යහ­පා­ලන රජය මගින් එයට දැනෙන සුලු දාය­ක­ත්ව­යක් ලබා­දුන්නේ නැහැ. එහි සංව­ර්ධන කට­යුතු එම පස් වසර තුළ ඉතා මන්ද­ගා­මීව සිදු වුවා. මට කියන්න සතු­ටුයි, මම සංචා­රක සහ ක්‍රිස්ති­යානි කට­යුතු නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙසත් වර්ත­මාන ගෝඨා­භය රාජ­පක්ෂ රජයේ සංචා­රක ප්‍රව­ර්ධන රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා වශ­යෙ­නුත් මෙම සංචා­රක කලා­ප­යට කළ හැකි සෑම දාය­ක­ත්ව­යක් ම ලබා­දුන්නා. එම කාලය ඇතු­ළත මෙම කල්පි­ටිය සංචා­රක කලා­පය සංව­ර්ධ­නය කර අපේ දිස්ත්‍රි­ක්ක­යට වැඩි රැකියා අවස්ථා සහ වක්‍ර රැකියා අවස්ථා ලබා­දී­මට සෑම උත්සා­හ­යක්ම ගනු ලැබුවා. 

 මෙම මැති­ව­ර­ණ­යේදි පුත්ත­ලම් දිස්ත්‍රි­ක්කයේ ඔබ පක්ෂය ලබා­ගන්නා ජය­ග්‍ර­හ­ණය පිළි­බ­ඳව සහ ඉදිරි කට­යුතු පිළි­බ­ඳව කතා­ක­ළොත්

 අනි­වා­ර්යෙන්ම අපි විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් මෙවර පුත්ත­ලම් දිස්ත්‍රි­ක්යෙන් ලබා ගන්නවා.  ජන­තාව එයට තම ඡන්දය  ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ට ලබා දෙන බව විශ්වා­සයි. සම­ස්ත­යක් වශ­යෙන් 3/2 බල­යක් ලබාදී විනා­ශ­කාරී ආණ්ඩු­ක්‍රම ව්‍යාව­ස්ථාව වෙනස් කොට මෙරට ජන­තා­වට සාම­යෙන් සහ­ජී­ව­යෙන් ජීවත් විය හැකි ආණ්ඩු බල­යක් ලබා ගැනීම සහ ලබා­දීම සඳහා අගෝස්තු මස 5 වන දින තෙක් මග බලා සිටින බව මැති­ව­රණ ව්‍යාපා­රයේ යෙදී සිටින අප හට දැක ගත හැකි දර්ශ­න­යක්.

Comments