සතියේ කවි පොත | සිළුමිණ

සතියේ කවි පොත

කෘතිය- දත වැටිලා කාව්‍ය සංග්‍ර­යහ  

කර්තෘ- නුවන් කුමාර කටු­ග­ම්පල  

ප්‍රකා­ශ­නය- ෆාස්ට් පබ්ලි­ෂින් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්  

 දත­වැ­ටිලා නුවන් කුමාර කටු­ග­ම්ප­ලගේ ප්‍රථම කාව්‍ය සංග්‍ර­යයි.  ඔහුගේ කවි ලිවීම ඇර­ඹෙන්නේ මිහිර ළමා පුවත් පතට පාසල් වියේදී කවි­යක්  ලිවී­මෙනි. මේ කාවය සංග්‍ර­හ­යට පෙර ඔහු විසින් බිංදුව නමින් ළමා කතා පොතක්  ද, ‘ගායෙන් මා මුද­වලා‘ නමින් ගීත පද රචනා සංග්‍ර­යක් ද පළ­කර ඇත. කලක්  තිස්සේ ලියූ කවි අත­රින් තෝරා ගත් කාව්‍ය නිර්මාණ දත වැටිලා කාව්‍ය සංග්‍රයේ  අඩං­ගුවේ. විවිධ මාතෘකා යටතේ ලියැ­වුණ මේ කවි අතර සමා­ජයේ විවිධ පැති­කඩ මෙන්ම  මිනි­සුන්ගේ අන්ධ විශ්වා­ස­යන් සියුම් පහර ගැසිම් ද, මිනි­සුන්ගේ, ගැහැ­නුන්ගේ  හද­ව­තට එබි බැලිම් ද අපට හමුවේ. ඇතැම් කවි අපට සමා­ජය ගැන බොහෝ දේ සිත­න්නට  ඇර­යුම් කරයි.  

ඇතැ­මුන් තුළ ඇති මිත්‍යා විශ්වා­ස­යන්ට ඔහු සියුම් ලෙස පහර ගසන්නේ මෙලෙ­සිනි. මාතෘ­කාව හුණන් ඇඟ වැටීමේ පලා­ඵල.  

“හුණෙක් කනට වැටුණා  

දකුණු කනට  

පලා­ඵල බලා ගන්නට  

ගෙදර ලිතක් නැති වර­දට  

බිරි­ඳට දොස් පවරා  

ලිතක් ගන්න ටවුම් ගියා  

‍පොත් සාප්පු­වෙන් අර­ගෙන  

ලිත දිග හැර බැලූ කලට  

දකුණු කනට  

‘අන­වශ්‍ය විය­දම්‘  

ප්‍රේමය මන­රම්ය. දෙදෙ­නකු පෙමින් බැඳි කාලයේ ඔවු­නො­වුන්  එකි­නෙකා නොදැක මොහො­තක් ගෙවා දමන්නේ මහත් සොවිනි. ඔහුට ලොව ඇති සුන්ද­රම කට­හඬ  ඇය­ගේය. ඔහු දැක ඇති දකින සුන්දර රුව ඇගේය. ඇයට ද එසේ­මය. ඒ පෙම්ව­තුන්ගේ  හැටිය. ප්‍රේම­යත් විවා­හ­යත් කිසිදා සමාන නොවේ යැයි සිතෙන්නේ විවා­හ­යෙන් පසු  ප්‍රේමය දුර­ස්වන අවස්ථා ඕනෑ තරම් මේ සමා­ජ­යෙන් හමු වන බැවිනි. කුටු­ම්භය තුළ  ඇති දහ­ස­කුත් ප්‍රශ්න විසින් මේ ඈත් වීම සිදුවේ යැයි සිතිය හැක. වසර ගණ­නන්  පෙමින් වෙළී සිටි­යද එක වහ­ලක් යටට වූ පසු දෙදෙ­නාට පෙර මෙන් ළඟින් ඉන්නට කාල  වේලා නැත. ඒ ගැහැ­නුන් මිනි­සුන් මේ තර­ග­කාරි ජීවන රටාවේ කොට­ස්ක­රු­වන් වී ඇති  බැවිනි. දරු­වන් හැදීම වැඩීම කරන අත­රේම ගෘහය තුළ දහ­ස­කුත් එකක් රාජ­කාරි,  සමා­ජයේ විවිධ පැති නියෝ­ජ­නය කරන ගැහැ­නි­යට විවා­හ­යෙන් පසු ප්‍රේමය අකැ­පද?  බැදිම් දුර­ස්වී­මෙන් විවා­හය තුළ හුද­ක­ලා­වන ගැහැ­නි­යගේ ආත්ම ගත වේද­නාව අපට  හමු­වන්නේ නුවන් කටු­ග­ම්පල ගේ ‘දත වැටිලා‘ කාව්‍ය සංග්‍ර­හයේ එන මේ කවි­යයි.   

 කවියේ මාතෘ­කාව ‘අව­ලංගු කාසිය නොහොත් විය­පත් බිරිඳ මුදු­ඟිල්ල පිරි­ම­දි­මින් කළ මිමි­ණුම‘  

“හොඳම, සුදුම, සුව­ඳම, මල මම ම බව  

නෙළන දිනේ නුඹ කීවේ සැබෑ ලෙස ම  

අද ඒ මල මැලැ­වෙ­න්නට ඉඩ හැරිය  

නුඹ කොතැ­නද මා නම් නුඹ ළඟ තවම  

ගිනි අර­ගත් වැලි කත­රක් කිසි­දාක  

කෙම්බි­මක් වේද මං ඉකි බින්දාට  

නොහඬා කඳුළු නොහෙළා මේ උන්නාට  

ගලක් නොවෙයි මම ඒ මල­මයි තාම“   

 විවාහ ජීවි­තය තුළ විද­ව­මින් සිටි­න­වාට වඩා වෙන්වීම වටී. කෙනෙකු  එහෙම කියයි. එහෙත් උසාවී වල රස්ති­යාදු වී දික්ක­සා­දය ඉල්ලන ගැහැ­නුන්  පිරි­මින් සිටින්නේ සැබැ­වින්ම සතු­ටින්ද. ණය වී මාලිගා මෙන් ගෙවල් දොර­වල්  සාදා, ජයට මඟුල් කා, එක වහ­ලක් යටට යන දෙන්නා දෙම­හල්ලෝ විවා­හයේ ඡායා­රූප  ඇල්බ­මය සකසා අව­සන් වෙන්න­ටත් පෙර දික්ක­සාද වෙන්නට පිඹූ­රු­පත් සකස් කරන  සමා­ජ­යක් අද සමා­ජයේ දක්ක­නට ඇත. මේ එවන් සැමි­යෙ­කුගේ පසු­තැ­වි­ල්ලකි. ඔහුට  සිතෙන්නේ තම මවත් පියාත් පවුල තුළ එකි­නෙකා ආද­ර­යෙන් බැදි­මෙන් සිටි අපූ­රු­වය.  එක්ව සිටි­න්නට වඩා වෙන්වී යන්නට හේතු බොහෝ තිබෙන බව කවියේ කත­කයා කියයි.  එහෙත් සංසාර පුරු­ද්දට මෙන් සිත් බැඳි විවාහ වුවද එකි­නෙ­කාගේ නොගැ­ළ­පීම් මත  දිවි ගෙව­න­වාට වඩා වෙන්වීම යහ­ප­තක් යැයි සිතූ ඔහු අව­සා­නයේ කියන්නේ අපි අප­ටම  සමා වී යළිත් ජීවිත ගැන සිතා බැලු­වොත් වටින බව නොවේද? මාතෘ­කාව දික්ක­සා­දය.  

“සංසාරේ හුරු­වක  

දැක්ක ගමන් බැඳුණා තමා  

අත දිග­හැර විය­දම් කර  

ජයට මඟුල් කෑවා තමා   

තුන් වැනි­යෙක් වඩින බවට   

ලකු­ණුත් නැති නිසා අමා  

නැව­තීමේ ලකුණ තියමු  

විනි­සුරු හට සිරස නමා  

එහෙම නැතිව තව සැර­යක්   

බලන්න හිතු­ණො­තින් අමා  

අපි දෙන්නාට දෙන්නා එකට   

අයැද ගනිමු නේද සමා..   

“දත වැටිලා“කවි පෙළ කියන්නේ මහා කතා­වකි. එනම් අද පව­තින සමාජ  ක්‍රයයි. උළු වහළ ටක­රන් වහල පොල් අතු වහල වෙනු­වට දැන් නග­රයේ බොහෝ විට ඇත්තේ  මහල් නිවා­සය. මහල් නිවාස වල දිවි ගෙව­න්නන්ට වහ­ල­යක් නැත. දතත් ගැල­වුණ විට  ලේනෝ ලේනෝ මේ දත අර­ගෙන කැකුළු දතක් මට දියෝ දියෝ කියා ඒ දත වහ­ල­යට විසි කළ  අතී­ත­යක් අපේ යුගයේ අයට තිබිණි. නමුදු මේ සමා­ජයේ දරුවෝ එලෙස කර­න්නට වහල  අඳු­නන්නේ නැත. අඳු­න­න්නට ඔවුන්ට දකින්ට වහල නැත . මේ ඛේද­වා­ච­කය ඇත්තේ මහල්  නිවාස වල දිවි ගෙව­න්න­න්ටය. මහල් නිවෙ­සක දිවි ගෙවන දැරි­ය­කගේ කතා­වකි මේ.   

“ලේන­කු­හට ගත හැකි ලෙස  

නොදැ­මු­වො­තින් වහ­ලෙට දත  

අලුත් දතක් නේවි ද? මට  

හිටි­ව­නම   

හිත යටින් කෑග­සයි   

ඈ  

උඩ­බලා  

“ලේනෝ ලේනෝ මේ දත අර­ගෙන  

මටත් වහ­ලක් දියෝ දියෝ“  

 නුවන්ගේ කවි බස ජන­ව­හ­රින් කට­ව­හ­රින් වියත් බසින් පොහො­සත්ය. ඔහු විවිධ  අත්දැ­කිම් ලිය­න්නට එය උප­යෝගි කර ගනී. ඔහුගේ ඇතැම් කවි කෙටිය. ඇතැම් කවි  දිගුය. ඊටත් වඩා ඔහුගේ කවි මාතෘකා දිගුය. එහිද එක් විදි­හක අපු­රු­වක් ඇතැයි  සිතේ. ඒ නුවන්ගේ කවි වල විශේ­ෂ­ත්ව­යය යැයි ද සිතේ.   

‘කවි­යාගේ පෙම්ව­තිය ලියූ මහා කාව්‍ය ‘ කවියේ මාතෘ­කාව එලෙ­සිනි.   

 “පෑනක්ම විත­රක් ඇති  

නුඹ තමයි මගෙ සක්විති“  

කිය­න්නට ඇති බොහෝ දේ වාක්‍ය දෙක­කින් කීමම අපූ­රුය.  

Comments