රොක්සා­මිගේ නොවැයූ තනුව | සිළුමිණ

රොක්සා­මිගේ නොවැයූ තනුව

අප වැඩි දෙනෙ­කුගේ මධුර චාරි­කා­වක් බවට පත්වූ සිනමා වන්ද­නාව සුම­දුර එකක් බවට පත් වූයේ සද­හ­ටම මත­කයේ රැඳුණු ගී තනු හේතු කොට ගනි­මිනි.  

එම විශ්ව කර්ම­යින් කීප­දෙ­නො­ගෙන් එක් අයෙකු වන්නේ මරි­ය­කො­ලන්දේ ක්‍රිස්ටි රොක්සා­මිය. එනම් එම්.කේ. රොක්සා­මිය.  

ඔහු චිත්‍ර­පට ගී රැස­කට මෙන් ම සරල ගී විශාල ප්‍රමා­ණ­ය­කට තනු සැප­යුයේ ය. වය­ලීන වාද­න­යෙ­හිදීි ගාන්ධ­ර්ව­යාම වූයේ ය.  

නමුත් ඔහු වැයූ තනු මෙන්ම නොවැයූ තනු­වක් ද විය.  මේ සට­හන ඒ ගැනයි. 1932 දී ඇල්පි­ටියේ ඉපදී කොළ­ඹදී ඉගෙන පාසැලේ දී ෆුට් බෝල් ගැසූ ඔහු ගායි­කා­වක් සහ හාමෝ­නි­යම් වාද­න­යෙහි සූරි­යකු වූ සිය මව නිසා සංගී­ත­යට ඇදී ආවේ ය.  සිංහල ගීත සඳහා සංගී­ත­යට කැප­වූවා සේ ම ඔහු හැම­වි­ටම පාහේ අනික් මිනිසා වෙනු­වෙන් සේව­යක් කිරී­මට ද කැපවී සිටියේ ය.   

සුනිල් ශාන්ත­යන්ගේ ජීවි­තයේ අසි­රුම අව­ස්ථා­වක ඉන් ගොඩ ඒම සඳහා ගී තැටි කීහි­ප­යක් කිරී­මට හිත­ව­තුන් උදව් වෙද්දී රොක්සා­මිගේ දාය­ක­ත්වය වූයේ බොක්ස් ගිටාර් වාද­න­යෙන් ඊට සහ­ය­වීම ය.  මුළින් ම ඔහු විසින් ගී තනු නිර්මා­ණය කළේ “ සංසාරේ” චිත්‍ර­ප­ට­යට ය. අන­තු­රුව සිදු වූ එක් වැද­ගත් දෙයක් වූයේ “සුජාගේ රහස” චිත්‍ර­ප­ටය වෙනු­වෙන් සංගී­තය සැප­යී­මට ටී. ආර්. පාපා ලංකා­වට පැමිණි කල්හිය. ඒ කට­යුත්ත සඳහා තම සහ­ය­කයා ලෙස රොක්සාමි තෝරා­ගත් පාපා ආපසු යද්දී එහි නිෂ්පා­දක ජබීර් ඒ කාදර්ට පැව­සුවේ ලංකාවේ මෙත­රම් දක්ෂ­යෙකු සිටි­යදී තමන්ව කැඳ­වූයේ ඇයි ද යනු­වෙනි. ටී. ආර්. පාපාගේ ඒ අව්‍යාජ සහ­ති­කය රොක්සා­මිට මහත් ආශි­ර්වා­ද­යක් වූයේ ය.  

ධිව­රයෝ, සැකය, මහා රැ හමුවූ ස්ත්‍රිය, සිඟිති සුර­තල්, දෙවි­යනි ඔබ කොහිද, පොන්මනි, ඇතුළු චිත්‍ර­පට ගණ­නා­වක ගීත සඳහා ඔහු ළගන්නා සුලු තනු නිර්මා­ණය කළේ ය. බෙග්ගේ “සර­වන බව කඳ සුරි­ඳුගේ”, මිල්ටන් පෙරේ­රාගේ “නිද­හස් කාහල නාදය”, ආදී විවිධ ආගම් හා සංස්කෘ­තීන් නියෝ­ජ­නය කරන ගීතද, “සතුට සෝකේ”, “වැල්ල සිඹින රැල්ල”, “අගාධ සාග­රයේ”, ආදී ජන­ප්‍රිය ගීත ගණ­නා­වක් ද ඔහුගේ සංගී­ත­යෙන් පණ ලැබීය. සත්ස­මු­දුර තේමා ගීතයේ තනි වය­ලී­න­ය­කින් හප­න්කම් පෑ ඔහු අම­ර­දේ­වගේ “ශ්‍රවණ රමණී” වික්ටර්ගේ “ස”, නන්දා මාල­නිගේ “සත්‍යයේ ගීතය”, සනත් නන්ද­සි­රිගේ “ස්ව­ර්ණ­කු­ණ්ඩල”, ආදී ප්‍රසංග වලට නැතිව ම බැරි වය­ලීන වාද­කයා වූයේ ය.  

රොක් මාස්ටර්ගේ වැයුම් ගැන වැනුම මෙසේ කෙටි­යෙන් නිම කළ හැක්කක් නොවේ. සුව­හ­සක් රසික රසි­ක­යන්ගේ හද­වත් තුළ රොක් මාස්ටර්ගේ වැයුම් තුළ වූ මිහිර සද­හ­ටම ලියවී ඇති දෙයකි.  

නමුත් මෙය බොහෝ­දෙ­නෙකු නොදන්නා ඔහුගේ හද­ව­තට ගිනි තැබීම පිළි­බඳ කතා­වකි.  

ඒ 1983 කළු ජූලියේ ආර­ම්භ­යයි.  

ජාත්‍යා­ල­යෙන් වියරු වැටී තම­න්ගේම රටේ තමන්ගේ ම චිත්‍ර­පට වලට ද ගිනි තැබූ මුග්ධ මැර­යන්ට එම්.කේ. රොක්සාමි නම් සංගී­ත­වේ­දියා ගරු­ක­ට­යු­ත්තෙක් නොවීම පුදු­ම­යට කරු­ණක් නොවේ. ජාති­වා­දයේ ගිනි දැල් රොක්සා­මිගේ නිව­හන කරාද පැමි­ණියේ ය. පවුලේ උද­වියේ ජීවිත බේරා ගන්නට හැකි වූයේ බිරි­ඳව එක් ගෙද­ර­ක­ටත්, දරු පැට­වුන් දන්නා තැන් කීහි­ප­ය­ක­ටත් පිට­ත්කර හරි­න්නට ඉඩක් ලැබූ බැවිනි.  

ජාතී වාදීන් අතින් රොක්සා­මීට විය හැකි අන­තුර ගැන සිතා බලා මුළින්ම එළි­යට බැස්සේ සංගී­ත­වේදී සරත් දස­නා­ය­කය. රොක්සාමි පදිං­චිව සිටි හැදල නිවස වෙත ආ ඔහුට දක්නට ලැබුණේ එයට ගිනි තබා සියලු බඩු මුට්ටු සුනු විසුනු කර ඇති බවය. සුන්බුන් අත­රින් ඔහු මුළින් ම අහුලා ගත්තේ බිදුණු වීදු­රු­වක් සහිත රොක්සාමි යුව­ළගේ මඟුල් පිංතූ­ර­යයි. වත්තේ කෙළ­ව­ර­කට වන්නට රොක්සා­මිගේ ආත්මය සදිසි වය­ලී­නය වීසි­කර දමා තැබූ අතර, එහි කම්බි පොට­වල් කැඩී බද පුපුරා ගොස් තිබිණි. මෙම භාණ්ඩ දෙක ද අතින් ගත් සරත් දස­නා­යක නිව­සක් පාසා යමින් රොක්සාමි සහ පවුලේ උද­විය සොයා වෙහෙ­සුණු අතර, එව­කට ජය­ව­ර්ධන රජයේ අමා­ත්‍ය­ව­ර­යෙකු වූ ජෝන් අම­ර­තුංග මහතා රොක්සාමි ද ඇතුළු අනා­ථව සිටි සියලු ද්‍රවිඩ ජාති­ක­යින් කඳාන පොලී­සි­යට බාර කර වූවේ ය.   

කඳාන පොලී­සියේ රූප­වා­හි­නි­යෙන් වික්ටර් රත්නා­ය­කගේ “ස” ප්‍රසං­ගය විකා­ශ­නය වෙමින් පැව­තිණ. විටින් විට පෙන්වනු ලැබූ වාදක කණ්ඩා­යමේ එක්තරා පුද්ග­ල­යෙකු දෙසත් අනා­ථ­යින් පිරිසේ සිටි­න්නෙකු දෙසත් පොලිස් නිල­ධා­රි­යෙ­කුගේ අව­ධා­නය යොමු වුයේ නිතැ­නිනි. සුළු කාල­යක් තුළ මේ සංවේදී නිල­ධා­රියා හරි­ය­ටම පුද්ග­ලයා හඳුනා ගත්තේ ය. පිරිස අත­රට ආ ඔහු තමා හඳු­නා­ගත් පුද්ග­ලයා අමතා “ඔබ රොක්සාමි මාස්ටර් ද?’‘ කියා ඇසීය. තම අන­න්‍ය­තා­වය පිළි­ගැ­නී­මෙන් අන­තු­රුව වහාම ක්‍රියා­ත්මක වූ පොලිස් නිල­ධා­රියා රොක්සාමි සහ බිරිඳ පොලිස් නේවා­සි­කා­ගා­රය වෙත කැටුව ගියේ විශේෂ කාම­ර­යක් ද ඔවු­නට වෙන්කර දෙමිනි. ඔවු­නට සංග්‍රහ කිරී­මෙන් නොනැ­ව­තුනු ඔහු තැන් තැන් හි සිංහල නිවෙස් වල රඳවා සිටි ඔවුන්ගේ දූද­රු­වන් ගෙන­විත් දීමට තරම් ද කරු­ණික විය.  

ප්‍රේම­සිරි කේම­දාස, වික්ටර් රත්නා­යක, සුජාතා අත්ත­නා­යක, ආදින් ද රොක් මාස්ටර්ට සිය උප­රි­ම­යෙන් උදව් කළ අතර, අහිමි වූ වය­ලී­නය වෙනු­වට අලුත් ම වය­ලීන දෙකක්ම පරි­ත්‍යාග කිරී­මට තරම් කාරු­ණික වූහ.  

කාලය විසින් රටේ බොහෝ දේ යථා තත්ත්ව­යට පත්විය. එහෙත් සිංහල ගීතය වෙනු­වෙන් මුළු ජීවි­ත­යම කැප කළ රොක්සා­මිගේ හද­ව­තට 83 දී සිංහ­ල­යින් විසින් ඇති කළ තුවා­ලය අව­සන් මොහො­ත­වන තුරුම සුව­පත් වූයේ නැත. අප සිතන්නේ ඔහු නොවැයූ දුක්මු­සුම තනුව මේ වේද­නාව විය හැකි බවය.  

මන්ද යත් ඔහු සංගීත නිර්මා­ණය කළ මුල් ම ගීතය වූයේ “ජාති අපේ සිංහලේ”ය! 

Comments