මනුෂ්‍ය ආත්මයේ ගැඹුරු ඇතු­ළා­න්ත­යක නිහ­ඬ­තාව | සිළුමිණ

මනුෂ්‍ය ආත්මයේ ගැඹුරු ඇතු­ළා­න්ත­යක නිහ­ඬ­තාව

“එසේ නම් මෙය සුප­තළ සම්සෙන් වාද­ක­යාගේ සොහොන් කොත නොවේ ද? ඔහුගේ සොහොන් කොත ඇයගේ සොහොනේ කොතට වඩා ප්‍රමා­ණ­යෙන් කුඩා වීම­ටත් ඔහු ඇයගේ ගෝල­යෙකු ලෙස හඳුන්වා තිබී­ම­ටත් හේතුව කුමක් ද? මර­ණ­යෙන් පසුව පවා  ඇයට යට­හත් පහත්ව සිටී­මට ඔහු තුළ තිබු දැඩි ආශා­වයි. සන්ධ්‍යා කාල­යෙහි මළ හිරු රැසින් බබ­ළන සොහොන් කොත් දෙක අසල සිට­ගත් මම, මට පහ­ළින් ඈතට විහි­දුණු නග­රය දෙස බලා­ගෙන හුන්නෙමි. තෙන්නො විහා­ර­ස්ථා­නය තෙක් බස්නා­හිර දෙසට විහිදී ගිය කඳු­කර  භූමිය දීර්ඝ ඉති­හා­ස­ය­කින් යුත් ඕසක පළාතේ ආර­ම්භයේ සිටම මෙයා­කා­රව පව­ති­න්නට ඇති බවට සැක­යක් නැත.”

මෙහි එන ඇය ෂුන්කින් ලෙසින් ඔබට හමු­වන අතර සසුකෙ ලෙසින් හමු­වන්නේ මෙහි එන ඔහු ය.

ජපන් සාහි­ත්‍යයේ ලා මනුෂ්‍ය ආත්මය විදා­ර­ණය වී ඇති ආකා­රය ඔවුන්ගේ ඒ නිරී­ක්ෂ­ණය අසී­මිත එකක්ම ය. විශේ­ෂ­යෙන්ම සෙන් බුදු සමය හරහා ඔවුන් ලද ඒ ගැඹුරු දාර්ශ­නික ප්‍රවේ­ශය එහිලා ඔවුන්ට මනා අත්වැ­ලක් වී ද යන්න වෙනම විම­සිය යුත්තක් යැයි සිතමි. සම­ස්ත­යක් වශ­යෙන් ඒ සා ගැඹුරු ඇතු­ළා­න්ත­යක්ම යැයි එක එල්ලේ කිව නොහැකි වුණත්, තනි­ශකි ජුන් ඉචිරො විසින් සම්පා­දිත අප විසින් මෙහි දී සාක­ච්ඡා­වට ගනු ලබන “ගැහැ­නි­ය­කගේ චරි­තා­ප­දා­නය” (පරි­ව­ර්ත­නය මහා­චාර්ය ආරිය රාජ­ක­රුණා) එක­ව­රම වට­හා­ගත නොහැකි මනුෂ්‍ය හැසි­රී­මක් ගැන අති­ශය සියුම් අනා­ව­ර­ණ­යක් කරයි.

සිය අසී­මිත අහං­කා­රය නම් පෞරු­ෂ­ත්වය හමුවේ එයට එරෙ­හිව ඉවත්ව යාමේ හෝ ඊට අව­නත වීම හෝ හැර අතර මැද සාම­යක් ෂුන්කින් විසින් සසුකෙ නම් සිය සහා­ය­කයා ට ලබා දී තිබුණේ නැත. අව­සා­නයේ දී සසුකෙ තෝරා ගන්නේ ද ඇයට අව­නත වීම ය. නමුත් ඔහු ඒ මඟ තෝරා ගැනීම  සිදු කළේ මන්ද? ඔහු ඉන් ලද තෘප්තිය කුමක් ද? යන මේ තත්ත්ව හඬ නොන­ගන මනුෂ්‍ය ආත්මය නම් සැඳෑ අඳුරේ සැඟ වී ගිය සෙව­ණැලි මෙන් තදින් දැනෙන එහෙත් එක­ව­රම නොවැ­ට­හෙන දෑය. වෙන එකක් තියා (ඉහ­තින් දැක්වුණ  ආකා­ර­යට) මර­ණින් පසු­වත් එය හුවා දැක්වෙන අන්ද­මින් සොහොන් කොත් පිහි­ටු­වී­මට දෙදෙ­නා­ගෙන් අව­සා­න­යට මිය ගිය සසුකෙ විසින් සැල­සුම් කොට තිබී­මද අර කී නොවැ­ට­හී­ම­ටම අයත් වන්නකි.  

“ෂුන්කින්  වනාහි ඕසක නග­ර­යෙහි වාසය කළ ඖෂධ වෙළෙ­න්දෙ­කුගේ දුවණි කෙනෙකි. වර්ෂ 1886 ක් වූ ඔක්තෝ­බර් මස 14 වැනි දින ඇය මෙලොව හැර ගියා ය. ඕසක නග­ර­යෙහි ෂිත­දොර පෙදෙස්හි පිහිටි ජෝදෝ නිකා­යට අයත් එක්තරා විහා­ර­ස්ථා­න­යක සුසාන භූමි­යෙහි ඇගේ සිරුර මිහි­දන් කෙරුණි.”

ඊළඟ සොහොනේ මෙසේ සට­හන් වී තිබුණි.

“මොශුය ෂුන්කින්ගේ ශිෂ්‍යයා වු නුකුයි සසුකෙ හෙවත් කින්දයි 1917 ක් වු ඔක්තෝ­බර් මස 14 වැනි දින අසූ දෙවැනි වියේ හිදි අභා­ව­ප්‍රාප්ත විය.” එය ෂුන්කින්ගේ සොහො­නට වඩා කුඩා ය. පිහිටා ඇත්තේ ද ඊට මඳක් පහ­ළිනි.

-ඇත්ත­ටම එය රූප­කා­ර්ථ­යක් වැන්න. සාමාන්‍ය තත්ත්වය ඉක්මවා  ඇතැම් විට අසා­මාන්‍ය යැයි ද එක්ව­නම කිව නොහැකි ඔවුන් අතර වූ ඒ සම්බ­න්ධ­තාව පාළු හෝරා­වක සැරි­ස­රන නිහඬ අභි­ර­හ­සක් වැනි යැයි ද ඔබට සිතෙ­න්නට පුළු­වන. නමුත් ඔබේ ඒ අද­හ­සට අනු­බල දීමට මම අද­හස් නොක­රමි.

ළමා වියේ­දීම දෙනෙත් අඳ වන ෂුන්කින් දිගින් දිගට ම සංගී­තය උගත් අතර එහිම පර­ප්‍රා­ප්ති­යට පැමිණ විශා­ර­ද­ත්ව­යක් ලබද්දී ඇයගේ උද­ව්වට පැමිණි සසුකෙ ද පසුව ප්‍රකට සම්­සෙන් වාද­ක­යෙකු බවට පත් වී සිටි­ය­දීත් තව­දු­ර­ටත් ෂුන්කින් වෙත පැවැත් වූ ඔහුගේ යට කිය­වුණ යට­හත් මනෝ­භා­වය ඔහුට දෛව­යෙන් උරුම වුවක් යැයිද කෙනෙකු ට සිතෙ­න්නට පුළු­වන. 

නමුත් එවැනි සිතු­වි­ල්ල­කින් එත­රම් ගැඹු­රක් උකහා ගැනී­මට අපට පුළු­ව­න්ක­මක් නැත.

සසුකෙ, ෂුන්කින් කෙරෙහි ආත්ම පරි­ත්‍යා­ග­යෙන් කට­යුතු කළේ යැයිද අසු­න්ද­ර­ත්ව­යම සුන්ද­ර­ත්වය බවට පත් කර­ගත් ඒ නයින් සිය ජීවි­තය මොහො­තක දී මුළු­ම­නින්ම විප­ර්යා­ස­යකට ලක් කර­ගත් සෙන් බුදු සමයේ ආභා­ස­යෙන් උපන් ශාන්තු­ව­ර­යෙ­කුගේ තත්ත්ව­යෙන් තෙන්රියු විහා­ර­ස්ථා­නයේ ශමන් පුජ­ක­තුමා කළ ඒ තක්සේ­රුව සිත අල­ව­න්නක් වුව ද කෘතියේ ලේඛ­කයා  වන ජුන් ඉචිරො ඒ සම්බ­න්ධ­යෙන් පව­සන්නේ මෙවැ­න්නකි.

“ උන්ව­හ­න්සේගේ එම ප්‍රකා­ශ­යත් සමඟ අප කී දෙනෙ­කුට නම් එකඟ විය හැකි ද?” ඒ අනුව සසු­කෙගේ ඒ හැසි­රීම ඊට ඓති­හා­සික පසු­බි­මක් ලබා දෙන පසු­බි­මක වුව කල්පි­ත­යක් එසේ නැත්නම් අද්භූ­ත­යක් බවට පත් කර ගැනී­මෙන් අපට එක්ව­නම නොවැ­ට­හෙන මිනිස් ආත්ම­යක ගැඹුරු ඇතු­ළා­න්ත­යක් අර්ථ නිරූ­ප­ණය කළ හැකි ද?

 ෂුන්කින් නම් ඒ අසී­මිත අහං­කාර පර­වශ අන්ධ චරි­තය සතු ගුප්ත­මය ශෝකී සෞන්දර්ය ඔහුගේ සිතට අනු­රාගී කා වැදී­මක් සිදු කළේ ද?

“ගමේ සිට අලු­තින් ම නග­ර­යට පැමිණි සසු­කෙට මොශුය පවුලේ කුඩා දැරි­යක් අත­ශ­යින්ම රූමත්ව පෙනිණ........ඇගේ පිය­වුණු දැසෙහි, ඇගේ සොහො­යු­රි­යන්ගේ විවෘත දෙනෙත් වලට වඩා ජීව­මාන බවක්, සිත්කළු බවක් ඔහු දුටු­වේය. ඇගේ දෑස සාක­ල්‍ය­යෙන්ම ස්වාභා­වික ලෙස ඔහුට හැඟී ගියේ ය. එහි මීට වඩා කිසිඳු  වෙන­සක් තිබිය යුතු නැත.”

“ජීව­ත්වන සියලු සත්ව­යන් දෙස අඩ­වන් වු සානු­ක­ම්පිත දෙනෙත් යාමු කොට බලා සිටිනා බුදු­ව­ර­ය­න්ගේත්, බෝධි සත්ව­ය­න්ගේත් රූප අපි දැක ඇත්තෙමු. පිය­වුණ දෑස විවර වුණ දෑස ට වඩා කාරු­ණික බවක් පිළි­ඹිබු කරන අත­රම ගෞරව සම්ප්‍ර­යුක්ත බියක් ද ජනිත කරයි....ෂුන්කින් විනීත මෘදු මොළොක් ගති­ගුණ ඇති ගැහැ­නි­යක බැවින් ඇගේ වැසුණු  දෑසේ, කරු­ණා­වට අධි­පති කන්නන් දෙව­ඟ­නගේ දෑසෙහි මෙන් කාරු­ණික බවක් ගැබ් වී ඇතැයි හැගී යයි.”

 සසුකෙ ෂුන්කින් ව ඇම­තුවේ “මගේ ගුරු­තු­මිය” යන ගෞර­වා­ර්ථ­යෙනි. එහෙත් සසු­කෙට එරෙ­හිව ෂුන්කින් වෙතින් බොහෝ විට මතු වු පර පීඩ­නය ඔහු ඉව­සුවේ හුදෙක් ඒ ගෞර­වය නිසාම ද? ඔහු ෂුන්කින් සම්බ­න්ධ­යෙන් මෙසේ පවසා ඇත්තේ ය.

“මගේ ගුරු­තු­මි­යගේ මුහුණ දිහා බල­පු­වම මට කිසි­දාක දුක­ක්වත්, අනු­ක­ම්පා­ව­ක්වත් පහළ වෙන්නෙ නැහැ. .....මගේ අද­හසේ හැටි­යට අබ්බ­ගා­ත­යන් ආබා­ධි­ත­යන් අපි යි.” එය ඉතා සියුම් කිය­ම­නක් බව ඔබට පැහැ­දිලි විය යුතු ය. අන්ධ වුවත් ෂුන්කින් වෙතින් මතු­වන ඒ අභි­මා­න­වත් ප්‍රභාව විසින් සසු­කෙගේ සාමාන්‍ය පැවැත්ම අභි­යෝ­ග­යට ලක් කෙරෙන අකා­ර­යක් ඉන් ධ්වනිත නොවන්නේ දැයි සිතා බැලීම වටී. ඒ ප්‍රභාව පැහැ­දි­ලි­වම අනු­ලං­ඝ­නීය වූ සමාජ ප්‍රති­රූ­ප­යක් ඔබ හමු­වට පමු­ණු­වයි. සසුකෙ දකින්නේ ද එයයි. 

තනි­ශකි ජුන් ඉචිරො සසුකෙ ව ප්‍රයෝ­ජ­න­යට ගන්නේ සිය ආඛ්‍යා­ය­න­යට අදා­ළව ප්‍රබල චරිත නිරූ­ප­ණ­යක් වෙනු­වෙන් යොදා ගන්න ද? එහෙම නැත්නම් මනු­ෂ්‍ය­ත්­වයේ ගැඹුරු ඇතු­ළා­න්තයේ පවත්නා එක්ව­රම නොවැ­ට­හෙන චල­න­යන් සිය පරි­ක­ල්ප­න­යෙන් හඳු­නා­ගැ­නී­මට පාඨ­ක­ය­නට අව­ස්ථා­වක් ලබා දීමට ද? ජපන් සාහි­ත්‍යයේ මෙකී ලක්ෂ­ණය අනු­ලං­ඝ­නීය තත්ත්ව­යක් වශ­යෙන් ම අපට දකි­න්නට පුළු­වන.

කෙසේ වෙතත් චරි­ත­යක් වශ­යෙන් ෂුන්කින් යනු ක්‍රෑර චරි­ත­යක්ය යන්න ද අම­තක නොකළ යුතු වේ. ඒ සම්බ­න්ධ­යෙන් ලේඛක ජුන් ඉචිරො මෙසේ පව­සයි. “ෂුන්කින් තමා ශ්‍රේෂ්ඨ කලා­කා­රි­යක යැයි දැන සිටීම ඇගේ ක්‍රෑර දුෂ්ට දඬු­වම් වලට කිසි­යම් ආකා­ර­ය­කින් හේතු­වක් වෙන්න ඇතැයි මට සිතේ.”

තමන්ගේ දෘඪ පැවැත්ම ඒ අයු­රින්ම මර­ණය තෙක්ම සසුකෙ කෙරෙහි බල­පැ­වැ­ත්වී­මට ඇය තුළ වු අභි­ලා­ෂය සුළු­පටු වුවක් නොවේ. ඊට හොඳම උදා­හ­ර­ණය නොසිතූ අව­ස්ථා­වක ප්‍රති පාර්ශ්ව­ය­කින් ඇයගේ මුහු­ණට උණු වතුර ප්‍රහා­ර­යක් එල්ල වූ අව­ස්ථාව ය. 

තමන්ට නොපෙ­ණු­නත්, ඒ නිසා සිය වත විරූප වන්නට ඇතැයි ඇය දිගට ම සිතුවා ය. එය සසුකෙ දකි­න­වාට ඇය තුළ වූ පැහැ­දිලි අක­මැත්ත තමා මුහුණ පෑ තත්ත්ව­ය­ටත් වඩා දරුණු හැඟී­මක් විය. එතැ­නදී සසු­කෙගේ හැසි­රීම කෙබඳු වී ද? සාමාන්‍ය මිනිස් ලක්ෂණ වලින් තොර ෂුන්කින් වෙනු­වෙන් පව­තින ඔහුගේ ඒ  වට­හා­ගත නොහැකි හැසි­රීම යළිත් ඉස්මතු වන්නේ එතැන දී ය. උණු වතුර ප්‍රහා­ර­යෙන් විරූපි වූ ඇගේ මුහුණ තමන්ට නොපෙ­නෙන අයු­රින් සිය දෑස් අන්ධ­කර ගැනී­මට ඔහු කට­යුතු කිරීම ගැන ඔබ සිතන්නේ  කුමක්ද? ඔහු ඒ ගැන සතු­ටට පත් ව සිය මෝහ­නීය බැඳීම වන ෂුන්කින් හමුවේ ඒ බව පැවසු විට ෂුන්කින් පැවසු වදන් මේ ය.

“නුඹ මාව හුඟාක් සතු­ටට පත් කළා. මෙහෙම දෙයක් මට කරන්න තරම් වෛර කළ තැනැත්තා කවුද කියල මට හිතා­ගන්න අමා­රුයි. ඒත් මට එක පාපො­ච්චා­ර­ණ­යක් කරන්න තියෙ­නවා......මගේ විරූපි බවට පත් කෙරුණු මුහුණ නුඹේ ඇසට පෙනෙන එක මට දරා­ගෙන ඉන්න බැරි වුණා. ඒක වටහා ගැනීම ගැන මම නුඹට අනේ­ක­වා­ර­යක් ස්තූති­වන්ත වෙනවා.”

මේ ගැන ඔබට සිතෙන්නේ කුමක් ද? එක්ව­රම නොවැ­ට­හෙන වටහා ගැනී­මක් මෙතැන ඇත.

Comments