වසර විසි එක­ක­ටත් වැඩි වෙනුසිලියාවේ නොනිමි විප්ලවය | සිළුමිණ

වසර විසි එක­ක­ටත් වැඩි වෙනුසිලියාවේ නොනිමි විප්ලවය

ඉතා­මත් කෙටි ජිවිත කාල­යක් තුළ එක රටක මිනි­සුන්ගේ විමු­ක්තිය වෙනු­වෙන් පම­ණක් නොව,  තමන් වෙසෙන කලා­ප­යේම ජන­තා­වගේ විමු­ක්තිය වෙනු­වෙන් කට­යුතු කර­න්නට කිසි­ව­කුට  හැකි නම්,  ඔහු ඉතා  ශ්‍රේෂ්ඨ මිනි­සෙකි. වසර 47 ක් තරම් කෙටි කාල­යක් ජීව­ත්වෙ­මින් ලතින් අමෙ­රි­කානු රට­වල් ගණ­නා­වක  විමුක්ති අර­ග­ල­ව­ලට පුරෝ­ගාමී නාය­ක­ත්ව­යක් දුන් සිමන් බොරි­වර් එවැ­න්නකු ලෙස ඉති­හා­ස­යට එක්ව සිටී. ‘පස්වන ජන­රජ ව්‍යාපා­රයේ’ සහ පසුව ‘වෙනි­සි­යු­ලානු එක්සත් සමා­ජ­වාදී පක්ෂයේ’ නිර්මාතෘ වන  ඔහුගේ එම දාය­ක­ත්වය ලතින් අමෙ­රි­කානු කලා­ප­යට මොන­ත­රම් වැද­ගත් වී දැයි කිව­හොත්,  එම කලා­පයේ දියත් වූ බොහෝ විප්ලව නම්කර ඇත්තේ ද ‘බොලි­වේ­රි­යානු විප්ලව’ ලෙසය.

කලා­පයේ විවිධ රට­වල විප්ල­ව­ව­ලට නාය­ක­ත්වය දුන් ඔහු,  එ් කලා­පයේ රට­වල් ගණ­නා­වක ජනා­ධි­ප­ති­ව­රයා බවට ද පත්වී ඇත. ඒ,  1819 පෙබ­ර­වාරි 24 සිට 1830 මැයි 04 දක්වා පැරණි කොලො­ම්බි­යා­වේත්,   1824 පෙබ­ර­වාරි 10 සිට1827 ජන­වාරි 28 දක්වා පේරු රාජ්‍ය­යේත්,  1813 සිට 1814 ජූලි 16 දක්වා දෙවැනි වෙනි­සි­යු­ලානු ජන­ර­ජ­යේත්,  1817 ඔක්තෝ­බර්  සිට 1819 පෙබ­ර­වාරි 24 දක්වා තුන්වැනි වෙනි­සි­යු­ලානු ජන­ර­ජ­යේත් ජනා­ධි­ප­ති­ව­රයා ලෙසය.

දකුණු ඇමෙ­රි­කාවේ යටත් විජි­ත­යක්ව පැවැති ස්පාඤ්ඤය පෙරළා දැමී­මට තරුණ වියේ දීම උත්සාහ දැරූ ඔහු වයස අවු­රුදු 25  දී එනම්,   1808  දී ‘නිද­හස සඳහා වූ ව්‍යාපා­රය’ ආරම්භ කළේ ය. අව­සා­නයේ 1821  දී 'කැර­බොබෝ' සටන ජය­ගත්  ඔහු වෙනි­සි­යු­ලාව ස්වාධීන රටක් බවට පත්ක­ර­න්නට සමත් වීය. ඒ නිසා,  සිමොන් බොලි­වර් යනු වෙනි­සි­යු­ලානු  ඉති­හා­සය සහ විශේ­ෂ­යෙන් ම දකුණු ඇම­රි­කාව තුළ නොමැ­කෙන සල­කු­ණකි.

වෙනි­සි­යු­ලාව එසේ ස්වාධීන රටක් බවට පත්වු­වද,  1999 පෙබ­ර­වාරි 02 සිට මේ දක්වා වසර 21කටත් වැඩි කාල­යක්  වෙනි­සි­යු­ලාවේ නොනිමි විප්ල­ව­යක් සිදු­වෙ­මින් පවතී. මෑත ඉති­හා­සයේ ඊට ප්‍රබල නාය­ක­ත්ව­යක් දුන් නාය­කයා වන්නේ 1999 අප්‍රේල් 13 සිට  2013 මාර්තු 05 දක්වා වෙනු­සි­යු­ලාවේ 45 වන ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ හියුගෝ චාවේස් ය. ඔහුගේ ධූර කාලය තුළ 2002 අප්‍රේල් 11 වැනි දින කුම­න්ත්‍ර­ණ­යක් මගින් ඔහු පැය 47කට බල­යෙන් පහ­ක­රන ලද අතර,  එහි  දී සිදු වූ ගැටු­ම්ව­ලින් 19 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී විශාල පිරි­සක් තුවාල ලැබූහ. 

1980 දශ­කයේ මැද භාගය වන­විට දකුණු ඇමෙ­රි­කාව සිටියේ,  ලතින් ඇම­රි­කානු ණය අර්බු­ද­යෙන් ගොඩ එමිනි.  එහෙත්,  ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල  බොහෝ රාජ්‍ය­යන්ට ණය නිකුත් කිරීමේ  දී විවිධ කප්පාදු කිරීම්  හා පෞද්ග­ලී­ක­රණ ප්‍රති­පත්ති යෝජනා කර තිබුණි. එරට සමාජ ව්‍යාපාර ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මෙම කොන්දේ­සි­ව­ලට හා කප්පාදු කිරී­ම්ව­ලට විරු­ද්ධ­වෙ­මින් රජය සමඟ ගැටුම් ඇති­කර ගත්තේ ය.  චාවේස් 1998 මැති­ව­ර­ණ­යෙන් ජය­ගෙන 1999 වෙනි­සි­යු­ලානු ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ක්‍රියා­ව­ලිය ආරම්භ කරන්නේ මෙම තත්ත්වය තුළ ය.

චාවේස්ගේ ප්‍රති­පත්ති අතර ජන­සතු කිරීම්,  සමාජ සුබ­සා­ධන වැඩ­ස­ට­හන්  සහ  විශේ­ෂ­යෙන් ම  ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ  සහ ලෝක බැංකුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින් සම­න්විත නව ලිබ­ර­ල්වා­ද­යට එරෙහි වීම වැනි වැද­ගත් ප්‍රති­පත්ති ඇතු­ළත් වේ. හියුගෝ චාවේස්ට අනුව වෙනි­සි­යු­ලානු සමා­ජ­වා­දය පුද්ග­ලික දේපළ පිළි­ගනී. නමුත්,  ඔහුගේ එම සමා­ජ­වා­දය එරට සමාජ දේපල ප්‍රව­ර්ධ­නය කිරී­මට ද උත්සාහ කරයි. එසේ ම,  එය සහ­භා­ගීත්ව සහ සේවා ස්ථාන ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ද සහාය දක්වයි. 

හියුගෝ චාවේස්ගේ ජනා­ධි­පති ධුර කාලය තුළ රටේ බෙහෙ­වින්ම දුගී ජන කොට­ස්වල සමාජ තත්ත්වය එත­රම් උසස් තත්ත්ව­යක නොපැ­ව­තිය ද,  ඇතිව තිබූ  ප්‍රග­තිය ද ප්‍රති­ක්ෂේප කළ නොහැකි ය. එය වඩාත් ප්‍රකට වූයේ,   ඔහු වටා එක් රොක් වූ ජන­තාව පළ­කළ සහ­යෝ­ගය තුළිනි. සමාජ තත්ත්ව­යන්ගේ සිදුව ඇති එම ප්‍රග­තිය දුප්ප­ත්කම අඩ­කින් අඩු­වීම තුළින් පෙන්නුම් කර ඇති අතර,  එය තව­මත් පව­තින්නේ ලතින් ඇමෙ­රි­කාවේ සාමාන්‍ය අනු­පා­ත­යට වඩා ඉහ­ළිනි. සැබ­වින් ම,  එක්සත් ජාතීන්ගේ ලතින් ඇම­රි­කානු ආර්ථික කොමි­ස­මට අනුව,  ලතින් ඇම­රි­කාව තුළ වෙනි­සි­යු­ලාව මේ වන­විට සිටින්නේ  දරි­ද්‍ර­තාව අතින් තුන්වැනි තැන ය. 1998  දී චාවේස් පළ­මු­ව­රට තෝරා­පත් කර­ගත් අව­ස්ථාවේ එරට දරි­ද්‍ර­තාව 50.4%ක් වී ය. 2011 වන විට එය 27.8%ට වැටී තිබුණු අතර,  ඔහුගේ කාලය තුළ එය දිගින්-දිගට ම අඩු වී ඇත. මෙම කාලය තුළ  මිලි­යන 2.5ක් පමණ වෙනි­සි­යු­ලානු ජන­තා­වක් ඔහු අන්ත දරි­ද්‍ර­තා­වෙන් ගල­වා­ගෙන තිබේ.   

ලතින් ඇමෙ­රි­කාව යනු ලෝකයේ වැඩිම ආදා­යම් බෙදී­යාමේ අස­ම­නා­තා­වෙන් යුත් කලා­පය යි. 

ආසන්න වශ­යෙන් මෙම කලා­පයේ මිලි­යන 167ක ජන­කා­යක් දරි­ද්‍ර­තාවේ ගිලී සිටින අතර,  තවත් මිලි­යන 200ක ජනයා දුප්ප­ත්ක­මට ඇද වැටීමේ අන­තු­රට මුහුණ දෙමින් සිටිති. ඒ අතර,   කලා­පයේ ධන­වත් ම පුද්ග­ල­යන් 1%ක් අද­හා­ගත නොහැකි ආකා­ර­යෙන්  යෝධ ධන­ස්ක­න්ධ­යක් ගොඩ­ගසා ගෙන සිටිති. ලතින් ඇම­රි­කාවේ ප්‍රකෝ­ටි­ප­ති­යන් සංඛ්‍යාව 114 දක්වා ඉහළ ගොස්  ඇති අතර,  ඔවුන්ගේ ඒකා­බද්ධ වත්කම ඩොලර් බිලි­යන 440කි. එය,  ලතින් ඇමෙ­රි­කාවේ විශා­ල­තම ජාතික ආර්ථි­ක­යන් සහිත රට­වල් හතරේ දළ දේශීය නිෂ්පා­දි­තයේ වටි­නා­කම ද පරයා යයි.

ලතින් ඇමෙ­රි­කානු කලා­පය තුළ කියු­බා­වට පසුව ආදා­යම් බෙදී­යාමේ අස­මා­න­තා­වයේ අවම  මට්ටම අත්පත් කර­ගැ­නී­මට  වෙනි­සි­යු­ලාව සමත්ව සිටී. එය වස­රින් වසර 2% බැගින් පහත යමින් තිබෙන අතර,   වෙනි­සි­යු­ලාව,  ලතින් ඇම­රි­කාව තුළ පෙර නොවූ විරූ සමා­නතා මට්ට­මක්   අත්කර ගනි­මින් සිටී.

නූග­ත්කම ඉතා විශාල ප්‍රමා­ණ­ය­කින් අඩු­ක­ර­ගෙන ඇති  වෙනි­සි­යු­ලාවේ සාක්ෂ­රතා මට්ටම 97.13%ක් තරම් ඉහළ අනු­පා­ත­යක් ගෙන තිබේ.  

එරට ළදරු මරණ අනු­පා­තය සජීවි උපත් 1000ට 25 සිට 13 දක්වා අඩු­කර ගෙන ඇත. සියලු පුර­වැ­සි­යන් සඳහා නිද­හස් සෞඛ්‍ය,  ආර­ක්ෂාව හා අධ්‍යා­ප­නය සපයා ඇති අතර,  පසු­ගිය දෙව­සර තුළ පම­ණක් ප්‍රජා නිවාස ඒකක 700, 000ක් ඉදි කර ඇත. බ්‍රිතා­න්‍යය වැනි අර්බු­ද­ව­ලින් පීඩිත අධි­රා­ජ්‍ය­වාදී රට­වල් සුබ­සා­ධ­නය කුරිරු ලෙස කපා දම­මින් හා කම්ක­රු­වන්ගේ නිවාස සඳහා අයි­ති­යට පහර දෙමින් සිටිද් දී,   මාක්ස්වා­දීන්ට වෙනත් වික­ල්ප­යක් ඇති බව පෙන්වී­මට වෙනි­සි­යු­ලානු විප්ල­වය ඉඩ­කඩ සලසා තිබේ. පසු­ගිය වසරේ  දී චීන බැංකු ලතින් ඇමෙ­රි­කාව තුළ සිය ආයෝ­ජන 71%කින් වැඩි­කර ඇති අතර,  මෙය,  ලෝක බැංකුව හා අන්තර් ඇමෙ­රි­කානු සංව­ර්ධන බැංකුව කලා­ප­යට පිරි­න­මන ඒකා­බද්ධ ණය­වල වටි­නා­ක­මට ද වඩා වැඩි ප්‍රමා­ණ­යකි. ඊළඟ දශ­කයේ  දී කලා­පය සමඟ සිය වෙළෙ­ඳාම දෙගුණ කිරී­මට චීනය බලා­පො­රොත්තු වෙයි.  ද්වීපා­ර්ශ්වික වෙළෙ­ඳාම සම්බ­න්ධ­යෙන් ගත්විට එය දැන­ට­මත් බ්‍රසී­ලය,  ආජ­න්ටි­නාව,  පේරු හා වෙනි­සි­යු­ලාව යන රට­වල ඇති  ඇමෙ­රි­කානු වටි­නා­කම් ඉක්මවා ගොස් තිබේ. එම­නිසා,  එක්සත් ජන­ප­දය ඔවුන්ගේ ආධි­ප­ත්‍යය සෑම­වි­ටම මෙම රට­ව­ලට එල්ල කිරී­මට උත්සාහ දරයි.  එක්සත් ජන­පද අධි­රා­ජ්‍ය­වා­දය එහි අධි­කාරී බලය සාම­කා­මීව අත්හැර දැමී­මට කිසි­වි­ටෙ­කත් සූදා­නම් නැත. 

තම ආර්ථික පරි­හා­නියේ ප්‍රති­ඵ­ලය ලෙස ඔවුන් වඩාත් වේග­යෙන් මිලි­ට­රි­වා­දය වෙත මාරු­වනු ඇතැයි දේශ­පා­ලන විශ්ලේ­ෂ­කයෝ පෙන්නා දෙති.

1898 ස්පාඤ්ඤ-ඇම­රි­කානු යුද්ධ­යත් සමඟ  ගෝලීය අධි­රා­ජ්‍ය­වාදී බල­යක් ලෙස ඉස්මතු වූ තැන් පටන් ගත වූ ශත­ව­ර්ෂයේ  දී,  එක්සත් ජන­ප­දය සැල­සුම් කරන ලද කුම­න්ත්‍රණ මගින් ලතින් ඇමෙ­රි­කාවේ ආණ්ඩු 40කට වැඩි ප්‍රමා­ණ­යක් පෙරළා  දමා ඇත. එවැනි ආස­න්න­තම සිදු­වීම් අතර 2002 වසරේ  දී වෙනි­සි­යු­ලාවේ හිටපු ජනා­ධි­පති හියුගෝ චාවේස් අසා­ර්ථක කුම­න්ත්‍ර­ණ­ය­කින් පෙරළා දැමී­මට වෑයම් කිරීම,  2004 වසරේ  දී හයිටි ජනා­ධි­පති ජීන් බර්ට්‍රන්ඩ් ඇරි­ස්ට­යිඩ් බල­යෙන් පහ­කි­රීම හා 2009  දී හොන්දු­රාස් රාජ්‍යයේ ජනා­ධි­පති මැනු­වෙල් සෙලායා නෙර­පීම යන සිදු­වීම් ප්‍රධාන වේ.

එසේ ම,  මිලි­ටරි අභ්‍යාස සඳහා පේරු රාජ්‍ය­යට,  ඩොමි­නි­කානු සමූ­හා­ණ්ඩු­වට හා අර්ධ­ගෝ­ලයේ අනෙ­කුත් ප්‍රදේ­ශ­ව­ලට හමුදා යව­මින් ද මිලි­ටරි කඳ­වුරු ප්‍රමා­ණය ක්‍රමා­නු­කූ­ලව වැඩි කර­මින් ද ඇමෙ­රි­කාව,  කලා­පය තුළ එක­දි­ගට මැදි­හ­ත්වෙ­මින් සිටී.  වෙනි­සි­යු­ලාව සම්බ­න්ධ­යෙන් වන ඇමෙ­රිකා එක්සත් ජන­පද මැදි­හ­ත්වීම ඒ සියල්ම වඩා දරු­ණුය. ඔවුන්ගේ ගමන් මාර්ග­යට එරෙහි වන ලොව ඕනෑම රටක්,  ඕනෑ ම රටක නාය­ක­යකු  එම ගමන් මගින් ඉවත් කිරී­මට ඇමෙ­රි­කාව කිසි­සේත් ම පසු­බට නොවන බවට හොඳ ම උදා­හ­ර­ණය වෙනි­සි­යු­ලා­වයි. ඇමෙ­රි­කානු සමා­ගම් මත රැඳී තිබුණු වෙනි­සි­යු­ලානු ඛණිජ තෙල් ව්‍යාපා­රය ජන­සතු කිරීම විය­ට්නාම් ආක්‍ර­ම­ණ­යෙන් පසුව ඇමෙ­රි­කා­වට එල්ල වූ දරුණු අතුල් පහ­රක් වීය. එය සිදු කළ චාවේස් වැනි නිර්භය නාය­ක­ත්ව­යක භූමි­කාව අව­සන් කිරීම ඇමෙ­රි­කාවේ එකම ඉල­ක්කය වී තිබූ බව ලොවට රහ­සක් නොවේ. එහෙත්,  චාවේස් ගේ ජන­ප්‍රි­ය­ත්වය හමුවේ ඇමෙ­රි­කාව දියත් කළ සියලු කුම­න්ත්‍රණ පරා­ජය වූ අතර,   චාවේස් පිළිකා එන්න­ත­කින් මරා දැමී­මට අව­සා­නයේ සීඅ­යිඒ සංවි­ධා­නය සමත් වීය. 

චාවේ­ස්ගෙන් ගිලි­හුණු වෙනි­සි­යු­ලානු ධජය සිය­තට ගත්  නික­ලස් මදු­රෝට ජන­තාව එරට  පාල­නය බාර දුන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මැති­ව­රණ දෙක­කින් ඔහු ජය­ග්‍ර­හ­ණය කර­ව­මිනි. ඔහු ද චාවේස්ගේ මග යමින් රට පාල­නය කර­න්නට උත්සාහ කළ ද,  ඉති­හා­සයේ  මුහුණ දෙන දරු­ණු­තම අර්බු­ද­යට වෙනි­සි­යු­ලාව මේ වන විට මුහුණ දෙමින් සිටී.

වෙනි­සි­යු­ලාව ආර්ථි­ක­මය වශ­යෙන් ඔත්පල කිරීමේ කුම­න්ත්‍ර­ණ­යක් දියත් කළ ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය එම­ගින් ලොව වැඩි­යෙන් ම තෙල් නිප­ද­වන රටේ තෙල් අප­න­ය­න­යට බාධා එල්ල කළේය. ප්‍රධාන වශ­යෙන් තෙල් ආර්ථි­ක­යක් මත යැපුණු වෙනි­සි­යු­ලාවේ  උද්ධ­ම­නය එතැන් සිට  ඉහළ ගිය අතර,  එය  වාසි­යක් කර­ග­නි­මින් එරට විප­ක්ෂය නියෝ­ජ­නය කළ  ඇමෙ­රි­කන් රූක­ඩ­යක් වූ ජුවාන් ගයිඩෝ ලවා ජන­තාව උසි ගන්වා පටු අව­ස්ථා­වාදී ක්‍රියා­දා­ම­යක් ආරම්භ කළේය.  වෙනි­සි­යු­ලාවේ දේශ­පා­ලන අර්බු­දය උත්සන්න කිරී­මට එරට විප­ක්ෂය එසේ කට­යුතු කළ අතර,  එය ඇමෙ­රි­කාව ඕනෑ ම රටක් බිලි ගැනී­මට පෙර එම රට­වල අර්බුද මතු කිරී­මට ඉතා­මත් පිළි­කුල් සහ­ගත ලෙස දේශීය බල­වේග උප­යෝගී කර­ගන්නා බව පෙන්නුම් කරන  කදිම අව­ස්ථා­වකි. එයින් නොනැ­ව­තුණු ඇමෙ­රි­කාව  එරට වෙසෙන අති බහු­ත­ර­යක් වූ කතෝ­ලික ජනයා අප­හ­සු­වට පත්කි­රීම සඳහා පසු­ගිය නත්තල් සමයේ  දී එර­ටට ආන­ය­නය කරන ඌරු මස්ව­ලට පවා සම්බා­ධක පැන­වී­මට  කට­යුතු කළේ ය.

2015  දී විපක්ෂ ‘ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් සන්ධා­නය’  (MUD) පාර්ලි­මේන්තු ආස­න­ව­ලින් තුනෙන් දෙකක් දිනා ගත්ත ද,  2018 වන විට,  වෙනි­සි­යු­ලානු ආණ්ඩුවේ බලය යළි ‘එක්සත් සමා­ජ­වාදී පක්ෂය’ට (CMUV ) හිමි වීය.   මෙම පක්ෂ  දෙක අතර ඇති දේශ­පා­ලන සතු­රු­කම  උද්ඝෝ­ෂණ හා  ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වීම් කිහි­ප­ය­කට ම හේතු වූ අතර,  එහි ප්‍රති­ඵ­ලය ලෙස 2017  දී 150 දෙනකු මිය­ගොස්  තිබේ. මීට අම­ත­රව,  විප­ක්ෂයේ පුද්ග­ල­යන් විශාල පිරි­සක් විවිධ චෝදනා යටතේ සිර­ගත කොට ඇත.

අද වන විට වෙනි­සි­යු­ලානු අග­නු­වර වන කර්කාස් හි රජ­යට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇති අතර,   ඊට සමා­න්ත­රව ඇමෙ­රි­කාව එර­ටට  පනවා ඇති ආර්ථික සම්බා­ධක ද  දැඩි කර ඇත. මෙම ආර්ථික සම්බා­ධක හා තෙල් අප­න­ය­නට කරන ලද  බල­පෑම නිසා වෙනි­සි­යු­ලාවේ  ආර්ථි­කය මේ වන­විට කඩා වැටී ඇත. අත්‍ය­වශ්‍ය  ද්‍රව්‍ය­වල මිල ඉහළ ගොස් ජන ජීවි­ත­යට මහත් බල­පෑ­මක් එල්ල වී ඇති අතර,  සාමාන්‍ය ජනයා මෙම කුම­න්ත්‍ර­ණය නිවැ­රදි ලෙස වටහා ගෙන ඇති බවක් නොපෙනේ. එනිසා,  ඔවුන් තම සියලු ප්‍රති­රෝ­ධ­යන්  පවත්නා රජ­යට මුදා­හ­රි­මින් සිටිති. මෙම අර්බු­ද­කාරී තත්ත්වය සත්‍ය වශ­යෙන් ම එර­ටට නිර්මා­ණය කරනු ලැබුවේ ඇමෙ­රි­කානු බල­ලෝභී වුව­ම­නා­වන් මත ඇමෙ­රි­කානු පාල­නය විසින් බව ඔවුන් වටහා ගෙන නැත. මෙවැනි අර්බු­ද­යක් ඇති කිරී­මෙන් ඇමෙ­රි­කාව බලා­පො­රොත්තු වන්නේ එතෙක් එරට පාල­නය කළ ‘එක්සත් සමා­ජ­වාදී පක්ෂය’ ගෙන ආ ජන­තා­වාදී වැඩ පිළි­වෙල විනාශ කර දමා එරට ඛණිජ තෙල් හා රත්‍ත­රන් සූරා­කෑ­මට ඉඩ සල­සන ඇමෙ­රි­කන් ගැති රූක­ඩ­යක් බල­යට ගෙන ඒම­ටය. 

එහෙත්,  වෙනි­සි­යු­ලානු ජන­පති නික­ලස් මදු­රෝගේ පාල­න­යට සහාය පළ­ක­ර­මින් චීනය,  රුසි­යාව,  තුර්කිය,  කියු­බාව හා ග්‍රීසිය මේ වන විට පෙරට පැමිණ සිටීම ඇමෙ­රි­කානු කුම­න්ත්‍රණ යම් තර­ම­කට හෝ අඩාල කිරී­මට සමත්ව ඇත. රුසි­යානු ජන­පති පුටින් එරට හමුදා ඛණ්ඩ­යක් ද මේ වන විට වෙනි­සි­යු­ලා­වට පිටත් කොට යවා තිබේ.

රටක් තුළ අර්බු­ද­යක් නිර්මා­ණය කර,  එම අර්බු­දය රට­වැ­සි­යා­ගෙන් තෝරා­ගත් පිරි­සක් හරහා ක්‍රියා­ත්මක කර අව­සා­නයේ එම රට විනාශ කර දමා සියලු සම්පත් කොල්ල­කෑම මේ වන විට ඇමෙ­රි­කාවේ  දේශ­පා­ලන හා යුද­මය න්‍යාය පත්‍රය වී තිබේ. මෙවැනි තත්ත්ව­යක පෙර අත්දැ­කීම් ඇතිව සිටින අප වැනි රට­කට ද,  වෙනි­සි­යු­ලාවේ සිදු­වන ඇමෙ­රි­කානු කූට ප්‍රය­ත්න­යන් තුළින් බොහෝ පාඩම් උගත හැකි ය.

Comments