ලෝක­යක් රැවටූ ලංකාවේ ‘ඩොක්ට සෞන්ද්‍රා’ | සිළුමිණ

ලෝක­යක් රැවටූ ලංකාවේ ‘ඩොක්ට සෞන්ද්‍රා’

ඔහුගේ කප­ටි­කම් අළලා වසර 1979 දී Fraud (ප්‍රයෝ­ගය) නමින් එංග­ල­න්තයේ පොතක්ද පළ වෙයි

හොර වැඩ පටන් ගත්තේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා 'තේ තොග­යක්' රැගෙන යමින් තිබු නැවක් විශාල මුද­ල­කට රක්ෂ­ණය කිරී­මෙන්

‘බංකො­ළොත්’ වූ එමිල් රැකි­යා­වක් ලැබෙන තෙක් පින් පඩි ලබා­ගැ­නී­මට බ්‍රිතාන්‍ය රැකී රක්ෂා කාර්යා­ලයේ ලියා­ප­දිංචි වෙයි

දෑවැ­ද්දට ලැබුණු ව්‍යාපා­ර­යක කොටස් පවුම් පහ­ළොස් දහ­ස­කට විකුණා තම­න්ගේම අර­මුණු සඳහා අවශ්‍ය මුද­ලක් සපයා ගනියි

මේ ලංකා­වෙන් බිහිවී, ඒ සියලු සක්වි­ත්තන් පැර­දවූ  ලෝක ‘සක්වි­ත්තකු’ගේ කතා­වයි. ඔහු නම් මෙරට  නීතිඥ පවු­ලක පුතකු ලෙස ලංකාවේ උපත ලබා එංග­ල­න්තයේ පදිංචි වී දක්ෂ ලෙස එරට සුද්දකු මෙන් ඉංග්‍රීසි උච්චා­ර­ණය කර­මින් ඔවු­න්වත් ලෝක­යත් රැවටු මයි­කල් මැරි­යන් එමිල් සෞන්ද්‍ර­නා­ය­ගම් හෙවත් 'ඩොක්ට සෞන්ද්‍රාය’.  සිය 'වික්‍ර­ම­යන්' නිසා සිර­බත් කෑ ඔහු ඒ මගඩි වලින් කෙත­රම් ප්‍රසි­ද්ධි­යට පත්වීද යත් ඔහුගේ කප­ටි­කම් අළලා වසර 1979 දී Fraud (ප්‍රයෝ­ගය) නමින්  එංග­ල­න්තයේ පොතක්ද පළ විය. ඒ ඔහු මිය­ගොස් තෙව­ස­ර­කට පසු­වය.

(මේ ලිපියේ ඇතැම් කරුණු එම සවි­ස්ත­රා­ත්මක පොත මත පද­නම් වී ඇත)

එමිල්ගේ ජීවි­තයේ උධෘත පාඨය වුයේ 'හැම­විට ජය­ග්‍ර­හ­ණය' යන්නයි. 'පරා­ජය' යන්න ඔහුගේ ශබ්ද­කෝ­ෂයේ නොවීය. ඒ ජය ලබා­ගත යුත්තේ සාධා­රණ අයු­රින්ද නැද්ද යන්න ගැන ඔහුට ප්‍රශ්න­යක් නොවීය. තරුණ එමිල් සිය වංච­නික  දිවිය ඇර­ඹුවේ ලංකාවේ කළු කඩ­කා­ර­යන් සමඟ එකතු වීමෙනි. ඇතැම් රජයේ නිල­ධා­රී­න්ටද  අල්ලස් දෙමින් ඔහු නොය­කුත් හොර ජාවා­රම් වල යෙදු­ණේය.

කඩ­ව­සම් පෙනු­ම­කින් යුත් ගැහැනුන් වශී කර­ගැ­නීමේ උපන් හැකි­යා­වක් තිබු එමිල් විවාහ වුයේද ඉහළ පැලැ­න්තියේ කාන්තා­වක් සම­ඟය. ඇය යාප­නයේ වැඩිම ඉඩම් හිමි පර­ම්ප­රා­ගත වංශ­වත් ඇලො­යි­සි­යස් පවුලේ දිය­ණි­යක වූ රූමත් පුෂ්පම්ය.   ඇලො­යි­සි­යස් පවුල කොළඹ ගාලු මුව­දොර හෝට­ලය හිමි මෙරට සිනමා ක්ෂේත්‍ර­ය­ටද සම්බන්ධ ගාඩි­නර් පවු­ලට නෑකම් කිය­න්නකි.

මුලදී පුෂ්පම් ගේ දෙමා­පියෝ ඇගේ සහ එමිල් ගේ ආද­ර­යට තදින්ම විරුද්ධ වුහ. ඒ ඔහුගේ චරි­තය ගැන ඔවුන් දැන සිටි නිසාය. එහෙත් ඔහු උත්සා­හය අත්හැ­රියේ නැත.  වරක් ඔවුහු ඇය ඔහු­ගෙන් ඈත් කර තැබී­මට ඇගේ මාමා වූ චිත්ත­ම්ප­ලම් ගාඩි­නර් ගේ නිව­සට යැවුහ. එහෙත් දහ­අට මසක් පුරාම එමිල්  ඇයව තමන්ට ලබා­දෙන ලෙස ඔවුන්ට කර­දර කළේය. වරක් ඔහු කුඩා ගුවන් යාන­යක් පද­වා­ගෙන අවුත් පොල්ගස් දෙකක් අත­රින් ඉතා අව­දා­නම් ලෙස ගුවන් කර­ණ­මක් ගසා අහසේ සිට ඈ වෙත මල්ද­මක් හෙළීය. බැරිම තැන විවා­හ­යට අව­සර ලැබුණු අතර 1949 ජුනි මස අට වැනි­දාට ඒ සඳහා දින නියම කර­ගන්නා ලදී.  ඉන් එමිල්ට ව්‍යාපා­ර­යක කොටස් ලෙස සෑහෙන දැව­ද්දක්ද ලැබිණි. විවා­හ­යට අව­සර ලැබුණේ එක් කොන්දේ­සි­යක් මතය. එනම් ඔහු නීති ක්ෂේත්‍ර­යට සම්බන්ධ පවු­ලක අයකු බැවින් නීතිය හැදෑ­රීම සම්පූර්ණ කළ යුතු බවයි.

එහෙත් නීති­ඥ­යකු වූ පම­ණින් තමා හිතන තරම් ඉක්ම­නින් ලොකු ධන­ව­තකු විය නොහැකි බව තේරුම් ගත් එමිල් විවාහ වූ සැණින්ම තමාට දෑවැ­ද්දට ලැබුණු ව්‍යාපා­ර­යක කොටස්  පවුම් පහ­ළොස් දහ­ස­කට (1949 දී විශාල මුද­ලකි) විකුණා තම­න්ගේම අර­මුණු සඳහා අවශ්‍ය මුද­ලක් සපයා ගත්තේය.

මෙහෙ­ක­රු­වන් සය දෙනෙ­කුගේ සේවය ලබ­මින් සිය බිරි­යත් සමඟ සුඛෝ­ප­භෝගී දිවි­යක් ගෙව­න්නට පට­න්ගත් එමිල්ගේ අව­ධා­නය ඊළ­ඟට යොමු වුයේ වෙළඳ ක්ෂේත්‍රය දෙස­ටය. ඔහුගේ මුල්ම වෙළඳ ගැට­යක් වුයේ ලංකාවේ සිට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා 'තේ තොග­යක්' රැගෙන යමින් තිබු නැවක් විශාල මුද­ල­කට රක්ෂ­ණය කිරී­මය. එහෙත් එම ගම­නේදී නැව අභි­ර­හස් අන්ද­මින් මුහුදු බත් වූ අතර රක්ෂණ මුදල එමිල්ට හිමි විය. නැවේ  ඇත්ත­ටම තිබුණේ තේ නොව සිමෙන්ති යැයිද නැව අත­ර­ම­ගදී මුහුදු බත් වන ලෙස සිදුරු කර තිබුණේ යැයිද ඒ දින­වල රාව­යක් පැති­රිණි.

ව්‍යාපා­රික නීතිය ගැන දැන සිටි ඔහු ඉන්පසු  ට්‍රාන්ස්ව්ර්ල්ඩ් එන්ට­ප්‍ර­යි­සස් (Transworld Enterprises Ltd.) නම් සමා­ග­මක් පට­න්ග­ත්තේය. එමිල් එහි එක් කොට­ස්ක­රු­වෙක් වූ අතර අනෙක් කොටස් හිමි­යන් ලෙස පුෂ්පම් සහ ඇගේ ඥාති සොහො­යුරු පසුව ගාලු මුව­දොර හෝට­ලයේ  සභා­පති වූ සිරිල් ගාඩි­නර් පත්කර ගත්තේය. ඔවුන් සමා­ගමේ අධ්‍ය­ක්ෂ­වරු ලෙසද ක්‍රියා කළහ.  සභා­පති ලෙස පත්වුයේ පසු කලෙක සිලෝන් තිය­ටස් (Ceylon Theatres) සිනමා හල් සමා­ගමේ සභා­පති වූ එස්.  සෙල්ල­මු­ත්තුය. ට්‍රාන්ස්ව්ර්ල්ඩ් එන්ට­ප්‍රයි­සස් සමා­ගමේ කොට­ස්ක­රු­ව­කුව සිටි­යදී එමිල් කොරි­යන් යුද්ධය (1950-53) පව­තින විට බට­හිර සමා­ග­මක් හරහා ඩොලර් මිලි­ය­න­ය­කට ආසන්න වටි­නා­ක­ම­කින් යුත් ඉන්ධන තෙල් ප්‍රමා­ණ­යක් මහ­ජන චීන­යට හොර රහසේ ලබා දීමේ පොරො­න්දුව පිට එමිල් එරට රජ­යෙන් ඒ මුදල ලබා ගත්තේය. 

තමාගේ ‘අවංක’ භාවය ලොවට හැඟ­වී­මට එමිල් ට්‍රාන්ස්ව්ර්ල්ඩ් එන්ට­ර්ප්‍ර­යි­සස් සමා­ගමේ සහ ඊට අනු­බද්ධ සමා­ග­මක් වූ ඊස්ටන් ට්‍රේඩස්  (Eastern Traders) සමා­ගමේ අධ්‍යක්ෂ තන­තරු දැරූ ප්‍රභූ පෙළැ­න්තියේ අයගේ නම් යොදා ගත්තේය.  ඒ අය අතර එව­කට අග­මැති ඩී. එස්. සේනා­නා­ය­කගේ දෙවෙනි පුත් (ඩඩ්ලි සේනා­නා­ය­කගේ සොහො­යුරු) රොබට් සේනා­නා­යක ද විය. එහෙත් ඒ කිසි­වෙක් තමන්ගේ නම් විකු­ණ­මින් එමිල් කරන යටි­කූට්ටු වැඩ ගැන  නොදත්හ. 

චීන­යෙන් ලබා­ගත් මුදල් නෝට්ටු සිය­ල්ලම බෑග­යක දමා­ගෙන එමිල් ගුවන් මගින් ලංකා­වට ආ නමුත් එක තෙල් බින්දු­ව­කුදු චීන­යට නොලැ­බිණි. එමිල්ට  තෙල් ලබා­දෙ­නවා යැයි කියූ බට­හිර සමා­ගම ලොව කොතැ­න­වත් නැති සමා­ග­මක් බවත් තෙල් ගනු­දෙ­නු­වට අදා­ළව ස්විට්සර්­ල­න්තයේ යුනි­යන් බැංකු­වෙන් නිකුත් කරන ලදැයි කියූ ලිය­විලි ව්‍යාජ ඒවා බවත් පසුව හෙළි විය.  මේ වංච­නික ගනු­දෙ­නු­වෙන් ලැබුණු මුදල එමිල් සහ යටකී ව්‍යාජ සමා­ගමේ 'නියෝ­ජි­තයා' ලෙස පෙනී පිය ඩුවාල් නම් ප්‍රංශ ජාති­ක­යකු සමඟ බෙදා ගත් බවට කතා­වක්ද පැති­රුණි.

මුදල් ආපසු නුදු­න්නොත් ඔහුට විරු­ද්ධව තදින් ක්‍රියා කරන බවට චීනුන්ට තර්ජ­නය කළ විට එමිල් චීනුන්ට  මෙසේ ලියා යවන ලදැයි වාර්තා විය.

“උඹල කළේ සූදු­වක්. ඒ සූදු­වෙන් උඹල පැර­දුණා”.

තර්ජ­න­යෙන් තම මුදල් ලබා­ගත නොහැකි බව දැන­ගත් චීන්නු බැග­පත් වූහ. එහෙත් එමිල් නොවේ සත­යක් වත් ආපසු දුන්නේ.  ඒ වෙනු­වට ඔහු කළේ තමා වෙත තපෑ­ලෙන් එන පාර්සල් වල බෝම්බ තිබේ­දැයි පරීක්ෂා කිරීම සඳහා අයිරි ජාතික ආර­ක්ෂක භට පිරි­සක් යෙද­වී­මයි.  

ඉන්පසු ප්‍රංශ­යට ගිය එමිල් එහි සිට එව­කට ඉන්දි­යාවේ ගෝවේ ප්‍රාන්තය පාල­නය කළ පෘතු­ගීසි යටත් විජිත රජ­යෙන් ඩොලර් පන්ල­ක්ෂ­යක් වංචා කර­ග­ත්තේය. ඔහු එසේ කළේ ගොවේට නැව් පිටින් සහල් විකි­ණීමේ බොරු පොරො­න්දුව මතය. ඒ විග­සම එමිල් බෙලි­ජි­ය­මට පලා ගියද එහිදී ඔහු   අත්අ­ඩං­ගු­වට ගන්නා ලදුව පස් අවු­රුදු සිර දඬු­ව­ම­කට යටත් කරන ලදී. එහෙත් සිර­ගෙ­ද­රදී බොරු ලෙඩක් ගත් ඔහු තමා මර­ණා­ස­න්නව සිටින බව බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ට හඟවා බෙල්ජි­යන් රජයේ අනු­ක­ම්පාව ලැබ දෙව­ස­ර­කින් නිද­හස ලැබීය.  ඒ වහාම ඔහු කළේ එම අස­නී­පය නිසා තමා මිය­ගිය බවට  බෙල්ජි­යන් පුව­ත්පත් වල බොරු මරණ දැන්වී­මක් පළ කිරී­මයි.  ඊට රැව­ටුණ එරට පොලි­සිය එමිල් පිළි­බ­ඳව එතෙක් කළ පරී­ක්ෂණ අත්හැර දැමීය.

එමිල්ගේ ගැට­ වලට හසු වූ අනෙක් විදෙස් රජ­යන් වුයේ ඝානා සහ කොස්ට­රිකා යන රට­වල ආණ්ඩුය. ඔහු බෙල්ජි­යමේ සිර­ග­ත­ක­රනු ලැබුවේ 1954 දී  බොරු සහල් තොග­යක් පිළි­බ­ඳව එරට ඇන්ට්වප් ප්‍රාන්තයේ ක්‍රෙඩි­බෑන්ක් බැංකු­වට කළ වංචා­වක් නිසා­වෙනි. එව­කට ඔහුගේ වයස 31කි.  හොර රහ­සේම බෙල්ජි­යමේ සිට එංග­ල­න්ත­යට පැන­ගිය ඔහු එතැන් සිට තමාගේ වාස­ගම කෙටි කොට ‘ඩොක්ට සෞන්ද්‍රා’ නමින් පෙනී සිටි­යේය. ඒ ආචාර්ය පට්ටම ඔහු බොරු­වට සිය නම ඇඳා ගත්තකි.    එප­ම­ණක්ද නොව රථ­වා­හන හසු­රු­වන නිල­ධා­රීන් නොමග යැවීම සඳහා ඔහු සිය මෝට­රි­යට තානා­පති කාර්යාල වාහන වල ඇති ඉංග්‍රීසි සී. ඩී. අකුරු සහිත තහ­ඩු­වක්ද සවි කළේය.  

භක්ති­මත් කතෝ­ලි­ක­යකු ලෙස පෙනී සිටි එමිල් සිය මිතු­රෙ­කුගේ මාර්ග­යෙන් කතෝ­ලික පල්ලි­යට මුදල් පරි­ත්‍යාග කර එම­ගින් මහ­නු­වර කන්‍යා­රා­ම­යක් ඇර­ඹී­ම­ටද පිය­වර ගත්තේය. 

එමිල්ගේ ලොකුම මග­ඩිය ඇර­ඹුණේ එංග­ල­න්තයේ “ෆය, ඔටෝ ඇන්ඩ් මැර­යින් ඉන්ෂු­ව­රන්ස්” (Fire, Auto and Marine Insurance) නමින් රක්ෂණ සමා­ග­මක් පටන් ගැනී­මෙනි. එම­ගින් ගිනි අන­තුරු, මෝට­රිය  අන­තුරු සහ නාවික අන­තුරු සඳහා රක්ෂණ ලබා දෙන බවට එංග­ලන්ත වැසි­යන්ට ඒත්තු ගන්වන ලදී.  එරට හාර ලක්ෂ­යක් පමණ මෝට­රිය හිමියෝ එසේ රක්ෂ­ණය වීම සඳහා නොයෙ­කුත් බලා­පො­රොත්තු තබා­ගෙන එම සමා­ගමේ මුදල් තැන්පත් කළහ.  ඇතැම් බ්‍රිතාන්‍ය වැසි­යන් ජීවිත කාල­යක් මුළුල්ලේ ඉතා දුක් මහ­න්සි­යෙන් හම්බ කර­ගත් මුදල්ද ඒ අතර විය. මේ කාලයේ සිය­ලුම නවීන අංගෝ­පාං­ග­ය­න්ගෙන් යුත් විශාල කාර්යාල සහ නිවාස දෙකක් පවත්වා ගෙන ගිය එමිල් හැම­වි­ටම ඉතා ඉහ­ළින් අමු­ත්තන්ට සංග්‍රහ කර­මින් සමා­ජයේ කැපී පෙනු­ණේය. අධි­වේග බෝට්ටු ධාව­න­ය­ටද ඉතා උනන්දු වූ ඔහු වරක් තමාට අත්‍ය­වශ්‍ය වූ බෝට්ටු­වක් ලබා­ගැ­නීම සඳහා සම්පූර්ණ බෝට්ටු  තනන කම්හ­ලක් මිලට ගත්තේය.    

හිටි­හැ­ටි­යේම ඔහුගේ රක්ෂණ සමා­ගම 'බංකො­ළොත්' විය!  පවුම් කොටි ගණ­නක මුදල් වලට කුමක් වුයේ­දැයි කිසි­වෙක් නොදත්හ. ඇතැම් සැමි­යන් විසින් සිය බිරි­යන් වෙනු­වෙන් ඉතිරි කරන ලද මුදල් වලින් කිසිදු පලක් ගැනී­මට ඔවුන්ගේ වැන්ද­ඹු­වන්ට නොහැකි විය.  ‘ඩොක්ට සෞන්ද්රා විසින් ඒ මුදල් සිය­ල්ල­ටම තට්ටු කර ලදී. 

රක්ෂණ සමා­ගම් මග­ඩිය සහ වෙනත් වංචා සම්බ­න්ධ­යෙන් පොලි­සිය එමිල් පසු පස පැන්නු හැම තමා වෙනු­වෙන් දෙවි­යන් යදින ලෙස ඉල්ලා ඔහු මහ­නු­වර කන්‍යා­රා­මයේ මව්තු­මිය වෙත විදුලි පණි­වුඩ යැවීය.  පොලි­සිය ඔහු සොයා එන හැම­ටි­ටම විට ඔහුට "හදිසි හද­වත් ආබාධ" ඇති­විය. ඊට ප්‍රති­කාර කිරීම සඳහා ඔහු රෝහල් ගත­කර සිටි බැවින් "ලෙඩාට කර­දර නොක­රන ලෙස"   වෛද්‍ය­ව­රුන් කියා තිබු නිසා පොලි­සි­යට ඔහු­ගෙන් ප්‍රශ්න කිරී­මට නොහැකි විය.

වරක් ඔහුට දුර­ක­ථ­න­යෙන් කතා කළ පුව­ත්පත් වාර්තා­ක­රු­ව­කුට එමිල් පිළි­තුරු දුන්නේ ඉතා­මත් අප­හ­සු­වෙන් හුස්ම ඉහ­ළට අදි­මිනි. තමාගේ “රෝගී තත්වය” නිසා කතා කිරී­මට පවා හරි­හැටි ශක්ති­යක් නැති බැවින් ප්‍රශ්න වලට පිළි­තුරු දිය නොහැකි යැයි ඔහු වාර්තා­ක­රුට පැව­සීය. දුර­ක­ථන සංවා­දය අව­සන්ව රිසි­ව­රය ආපසු තැබු­වාට පසු එමිල් මහා හඬින්  සිනා­සු­ණේය. වාර්තා­ක­රුවා රැව­ටීම සඳහා තමා කළ ඒ රඟ­පෑ­මට තමාට ජාත්‍ය­න්තර ඔස්කා සිනමා සම්මා­නය හිමි විය යුතු යයි ඔහු පැව­සීය.

තවත් වරෙක එමිල් ප්‍රශ්න­ය­කට මැදි වුවිට ඔහු “සිහි නැතිව” අද වැටු­ණේය. මොහො­ත­කින්  “යාන්ත­මට සිහි ලැබූ” ඔහු ළඟ සිටි  මිතු­ර­කුගේ කනට කොඳුරා “මට මේ දවස් වල සල්ලි ටිකක් අමා­රුයි” කීය. එමිල් ගේ රක්ෂණ සමා­ගම ‘බංකො­ළොත්’ වී ගෙන එන විට එය ජන­සතු කරන ලෙස ඉල්ලා එව­කට බ්‍රිතාන්‍ය අග­මැති හැරල්ඩ් විල්සන් වෙත වහා විදුලි පණි­වු­ඩ­යක් යැවීය. තමා ‘බංකො­ළොත්’ වූ නිසා එමිල් රැකි­යා­වක් ලැබෙන තෙක් පින් පඩි ලබා­ගැ­නී­මට බ්‍රිතාන්‍ය රැකී රක්ෂා කාර්යා­ලයේ ලියා­ප­දංචි විය. 

ඔහු තමාගේ නූල්  සූත්තර ගැන පුර­සා­රම් දෙඩුවේ මෙසේය.

"නීතියේ ඉඩක් දැක්කම ඉංග්‍රී­සි­කා­රයා ඒ හිඩැස අස්සෙන් කාර් එකක් වුණත් පද­වා­ගෙන යනවා. ඒ වුණාට එයා එළ­වන්නේ පොඩි වාහ­න­යක්. එත් මම ඒ හිඩැස  අස්සෙන් පද­වන්නේ රෝල්ස් රොයිස් එකක්"

 ඇත්ත වශ­යෙන්ම එමිල් සිය ගමන් බිමන් සඳහා පාවිච්චි කළේ වැඩි වශ­යෙන් එරට ධන­ප­ති­යන් සහ ප්‍රභූ­ව­රුන් පාවිච්චි කරන රෝල්ස් රොයිස් වර්ගයේ දැවැන්ත සුඛෝ­ප­භෝගී මෝට­රි­යකි.  එහෙත් එමිල්ට හැමදා නීති­යෙන් ගැලවී සිටී­මට නොහැකි විය. අන්ති­මේදී ඔහු කළ සිය­ග­ණන් වංචා සම්බ­න්ධ­යෙන් ඔහුට විරු­ද්ධව වසර 1968 දී  බ්‍රිතා­න්‍යයේ ඕල්ඩ් බේලි  උසා­වියේ නඩු විභා­ගය ඇර­ඹුණු විට ඔහු විනි­ස­ක­රු­වන් ඉදි­රියේ ඉතා යට­හත් පහත් ලීලා­වෙන් දෙකට තුනට නැමෙ­මින් පොලිස් නිල­ධා­රීන් සමඟ අතට අත දෙමින් නීති­ඥ­යන් සමඟ විහිලු තහළු කර­මින් "ඉතා­මත් විනීත, උගත් මහ­ත්ම­යෙකු" ලෙස හැසි­රු­ණේය.  තමා උසා­වි­යට පැමි­ණී­මෙන් එහි සිටි සියලු දෙනා­ටම ලොකු ගෞර­ව­යක් අත්වූ ලෙස­ටය එමිල් හැසි­රුණේ.

එහෙත් එමිල්ට හැමදා නීති­යෙන් ගැලවී සිටී­මට නොහැකි විය. අන්ති­මේදී ඔහු කළ සිය­ග­ණන් වංචා සම්බ­න්ධ­යෙන් ඔහුට විරු­ද්ධව වසර 1968 දී  බ්‍රිතා­න්‍යයේ ඕල්ඩ් බේලි  උසා­වියේ නඩු විභා­ගය ඇර­ඹුණු විට ඔහු විනි­ස­ක­රු­වන් ඉදි­රියේ ඉතා යට­හත් පහත් ලීලා­වෙන් දෙකට තුනට නැමෙ­මින් පොලිස් නිල­ධා­රීන් සමඟ අතට අත දෙමින් නීති­ඥ­යන් සමඟ විහිලු තහළු කර­මින් "ඉතා­මත් විනීත, උගත් මහ­ත්ම­යෙකු" ලෙස හැසි­රු­ණේය.  තමා උසා­වි­යට පැමි­ණී­මෙන් එහි සිටි සියලු දෙනා­ටම ලොකු ගෞර­ව­යක් අත්වූ ලෙස­ටය එමිල් හැසි­රුණේ.

වංච­නි­ක­යකු ලෙස සිර දඬු­ව­මක් ලැබූ­වද සිය­ල්ලන්ම පුදු­ම­යට පත්ක­ර­මින්  ඔහු බ්‍රිතා­න්‍යයේ ව්ර්ම්වුඩ් ස්ක්රබ්ස් බන්ධ­නා­ගා­රයේ ගත­කළ කාලය තුළ එහි රෝහලේ ගණන් හිලව් සහ විය­දම් බැලීම සිය අතට ගැනී­මට සමත් විය. එප­ම­ණක් නොව ඔහු සෙසු සිර­ක­රු­වන් සහ බන්ධ­නා­ගාර නිල­ධා­රින් අතර එක සේ ජන­ප්‍රිය විය.  එමිල් එසේ කළේ තමා යම් නොවැ­ළැ­ක්විය හේතු නිසා අමා­රුවේ වැටුණු යහ­පත් පුර­වැ­සි­යකු බව ඔවුන්ට ඒත්තු ගැන්වී­මෙනි.

වසර 1974 දී සමාව ලැබ සිරෙන් නිද­හස ලැබූ එමිල් ගේ අන්තිම තුරු­ම්පුව වුයේ ලංකාවේ සිය බිරිඳ පුෂ්පම්ට අයත් වත්තක් ඩොලර් විසි කෝටි­ය­කට ඇමෙ­රි­කා­වට විකු­ණ­න්නට උත්සාහ කිරී­මයි. දිය­වැ­ඩියා රෝග­යෙන් පෙළුණු ඔහු ඊට දෙව­ස­ර­කට පසු එනම් 1976 දී සැබ­වින්ම හෘද­යා­බා­ධ­ය­කින් මිය­ගි­යේය.  මිය යන­විට ඔහුගේ වයස පනස් තුනකි.

එමිල්ගේ  සියලු මගඩි සහ සල්ලා­ල­කම් මැද වුවද බිරිඳ පුෂ්පම් ඔහු හැර ගියේ නැත.      

Comments