ඉන්දු ලංකා ගිවි­සු­මට දැන් වසර 33යි | සිළුමිණ

ඉන්දු ලංකා ගිවි­සු­මට දැන් වසර 33යි

යෝජිත ගිවි­සුම පිළි­බ­ඳව ඉන්දි­යානු රජයේ නියෝ­ජි­ත­යන් සහ ප්‍රභා­ක­රන් අතර සාකච්ඡා වට කිහි­ප­යක්ම පැව­තිලා

ආර්. ප්‍රේම­දාස ජනා­ධි­පති විසින් 1990 අප්‍රේල් 03 වැනිදා උදෑ­සන 9ට වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යෙන් විජිත රෝහණ විජේ­මුණි නිද­හස් කරයි

දෙරටේ නාය­කයන් ඉන්දු ලංකා ගිවි­සු­මට 1987 ජුලි 29වැනිදා පස්වරු 3.37ට අත්සන් තබයි

 

ඉන්දි­යාව ජුනි 04වැනිදා පස්වරු 3.15ට ගුව­නින් ශ්‍රී ලංකා­වට  පරිප්පු ඇතුළු සහ­නා­ධාර බල­හ­ත්කා­ර­යෙන් දැමීම හේතු­වෙන් ජනා­ධි­පති ජය­ව­ර්ධන  බිය­පත්ව සිටි­යේය. එයට හේතු වූයේ ඒ වන­විට රට තුළ ආණ්ඩු­වට එරෙ­හිව පොදු ජන­තාව  තුළින් ප්‍රබල විරෝ­ධ­යක් මතුවී තිබීම නිසා ජනතා පද­නම දෙදරා තිබිණි. රට පුරාම  ඉන්දු ලංකා ගිවි­සු­මට එරෙ­හිව විරෝ­ධතා මතු­වෙ­මින් තිබිණි. අග­මැති ප්‍රේම­දාස  ඇතුළු ඇමති මණ්ඩ­ලයේ බහු­ත­ර­ය­කට නොදන්වා ඉන්දු ලංකා ගිවි­සු­මට ජේ. ආර්. කැමැත්ත  දී තිබිණි.  

ජවිපෙ මතු කළ ඉන්දු ලංකා ගිවි­සුමේ පළාත් සභා­ව­ලට එරෙහි  විරෝ­ධ­යෙන් කියා සිටියේ එම­ගින් ලක්බි­මෙන් සිය­යට 30ක් සහ වෙර­ළෙන් සිය­යට 60ක්  දෙමළ බෙදු­ම්වා­දීන්ට අය­ත්වන බවය. රට දෙකඩ වී ජාතික සම­ගිය බිඳ වැටෙන හෙයින්  මේ අප­රා­ධ­ව­ලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙ­හිව නැඟී සිටින ලෙසද ජවිපෙ ජන­තාව ගෙන්  ඉල්ලා සිටි­යේය. ඉන්දු ලංකා ගිවි­සුම, 13 වැනි සංශෝ­ධ­නය සහ පළාත් සභා වූ කලී  දම්වැ­ලක පුරුක් මෙන් එකි­නෙ­කට බැදී පව­තින කාරණා තුනකි. පළාත් සභා ඇති­කළ 13  ව්‍යව­ස්ථාව සංශෝ­ධන උපන්නේ ඉන්දු ලංකා ගිවි­සුම තිඹි­රි­ගෙය කර­මිනි. ඉන්දීය  ආක්‍ර­ම­ණ­යට එරෙ­හිව ජුලි 28වැනිදා කොටුව බෝගහ යටින් ආරම්භ වූ කැරැල්ල  29වැනිදා වන විට රට­පු­රාම පැතිර යමින් තිබිණි. ඇඳිරි නීතිය පනවා විරෝ­ධතා  ව්‍යාපාර මර්දන­යට සියලු ක්‍රම­වේ­ද­යන් ක්‍රියා­වට නැගිණි.  

ඉන්දු ලංකා ගිවි­සුම ඉන්දි­යාවේ රජිව් ගාන්ධිට දාව ජය­ව­ර්ධන  ආණ්ඩුව යටතේ උප­න්නද එයට පීතෘ­ත්වය, මාතෘ­ත්වය දුන් පිරිස වූයේ තිරය පිටු­ප­සය.  ඇම­ති­ව­රුන් වූ ගාමිණී දිසා­නා­යක, රොනී ද මෙල් ජනා­ධි­පති ජය­ව­ර්ධන වෙනු­වෙන්  ඉදි­රි­යෙන්ම පෙනී සිට එයට සහ­යෝ­ගය දැක්වූහ. 

අග­මැති ආර්. ප්‍රේම­දාස සහ ජාතික  ආර­ක්ෂක ඇමති ලලිත් ඇතු­ල­ත්මු­දලි අමාත්‍ය ගාමිණී ජය­සූ­රිය වැන්න­වුන් යෝජිත  ගිවි­සුම පිළි­බ­ඳව තම අප්‍ර­සා­දය පළ­ක­ර­මින් එය අත්සන් කිරීම සඳහා අග­මැති රජිව්  ගාන්ධිගේ පැමි­ණිමේ උත්සව වර්ජ­නය කළේය.  

ඉන්දීය රජයේ උප­දෙස් අනුව 1987 ජුලි 21වැනිදා යාප­න­යට ගිය ශ්‍රී  ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ලයේ දෙවන ලේකම් එච්.එස්. ජූරි කොටි නායක  ප්‍රභා­ක­රන් ඇතුළු දෙමළ සට­න්කාමී සංවි­ධාන වල නාය­ක­යන් හමුවී ගිවි­සු­මට එක්කළ  යුතු කරුණු ගැන සාකච්ඡා කළෝය. තානා­පති ඩික්සිට් මදු­රා­සි­යට ගොස් ද්‍රවිඩ  එක්සත් විමුක්ති පෙර­මුණේ නාය­ක­යන් සම­ඟද සාකච්ඡා කළේය.  

ඉන්දු ලංකා ගිවි­සුම අත්සන් කිරී­මට යන බව ප්‍රකාශ වීමත් සමඟ ද  පාර්ලි­මේ­න්තු­වේද උණු­සුම් තත්ත්ව­යක් ඇති විය. පාර්ලි­මේ­න්තුව 1987 ජුලි  24වැනිදා රැස්වූ අව­ස්ථා­වේදී මේ පිළි­බ­ඳව උණු­සුම් වාද විවාද ඇති විය. 

එජාප  ආණ්ඩුව පාර්ලි­මේ­න්තුවේ මීළඟ රැස්වීම අගොස්තු 18 දක්වා කල් තැබීය. එම  යෝජ­නා­වට පක්ෂව ඡන්ද 74ක්ද විප­ක්ෂව ඡන්ද 09ක්ද ලැබිණි. පාන­දු­රේදී 1987 ජුලි  25වැනිදා ප්‍රාදේ­ශීය සභා මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් අම­ත­මින් ජනා­ධි­පති ජය­ව­ර්ධන කියා  සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවි­සුම අත්සන් කරන බවය. එය ගිවි­සුම පිළි­බද  ආණ්ඩුව ප්‍රසි­ද්ධියේ කී ප්‍රථම වතා­වය.  

යෝජිත ඉන්දු ලංකා ගිවි­සුම පිළි­බ­දව සාකච්ඡා කිරී­මට ඉන්දීය  අග­මැති රජීව් ගාන්ධිගේ උප­දෙස් මත කොටි නායක ප්‍රභා­ක­රන්, ඔහුගේ බිරිඳ සහ  දරු­වන්, න්‍යාය­චාර්ය ඇන්ටන් බාල­සිං­හම් සමඟ කොටි දේශ­පා­ලන මණ්ඩල සාමා­ජි­ක­යන්  සිව් දෙනෙකු යාප­නයේ සිට ගුවන් මගින් ඉන්දි­යා­වට 1987 ජුලි 24වැනිදා රැගෙන යන  ලදී. ජුලි 25 සහ 26 යන දින­යන්හි යෝජිත ගිවි­සුම පිළි­බ­ඳව ඉන්දි­යානු රජයේ  නියෝ­ජි­තයෝ සහ ප්‍රභා­ක­රන් අතර සාකච්ඡා වට කිහි­ප­යක්ම පැව­තිණි. 

ඒ නව­දි­ල්ලියේ  අශෝක් හෝට­ල­යේ­දීය. ඉන්දීය අග­මැති ගාන්ධිද ප්‍රභා­ක­රන් සම­ඟද වෙන­මම සාකච්ඡා  කළේය. අතුරු පාල­නයේ වැඩි බල­යක් කොටි සංවි­ධා­නය ලබා­දී­ම­ටද එල්.ටී.ටී.ඊ  සාමා­ජි­ක­යන් නව පරි­පා­ල­න­යට අන්ත­ර්ග්‍ර­හ­ණය කරන තෙක් ඔවුන් නඩත්තු කිරී­මට  ඉන්දීය රුපි­යල් ලක්ෂ 50ක් මාසි­කව ගෙවී­ම­ටද ඉන්දීය අග­මැ­ති­ව­රයා එහිදී එකඟ විය. ඉන්දීය අග­මැති රජීව් ගාන්ධි සිය බිරිද සෝනියා සමඟ ඉන්දු ලංකා  ගිවි­සු­මට අත්සන් තැබී­මට පැමි­ණියේ 1987 ජුලි 29වැනිදා පෙර­වරු 10.30ටය.  ඉන්දීය රජයේ අමා­ත්‍ය­ව­රුන් වන නර­සිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය  නට්වාර් සිං යන මහ­ත්ව­රුන්ද කේ.පී.එස් මෙනන්, රොහාන් සෙන් යන නිල­ධා­රීන් සහ  ජන­මා­ධ්‍ය­වේ­දීන් පිරි­සක්ද එම දූත පිරිස සමඟ පැමි­ණි­යහ.  

විරෝ­ධ­තා­ක­රු­වන් නිසා මුළු බස්නා­හි­රම කැළඹී තිබිණි. රට­පුරා  කෝලා­හල පැතිර ගොස් තිබිණි. දුම් කැරලි අහ­සට නැගෙනු පෙනෙ­න්නට තිබිණි.  

කටු­නා­යක ගුවන් තොටු­පො­ළින් බැස ඔවුහු ගුවන් හමුදා හෙලි­කො­ප්ටර් මගින් කොටුව ගාලු­මු­ව­දො­රට පැමි­ණි­යහ. වෙඩි නොව­දින රථ­යක් සහ ඉන්දිය ආර­ක්ෂක නිළ­ධා­රින් රැසක්  තවත් ගුව­න්යානා දෙකක් ඒ සමඟ පැමි­ණි­යහ. 

ඉන්දීය අග­මැ­ති­ව­රයා ගේ ශ්‍රී ලංකා  සංචා­රයේ පරි­වා­රක අමා­ත්‍ය­ව­රයා වූයේ මුදල් ඇමති රොනී ද මෙල්ය.  

ජනා­ධි­පති ජය­ව­ර්ධන හමුවූ ඔහු පෙර­වරු 11.30ට නිල නොවන සාකච්ඡා  ඇර­ඹීය. 1987 ජුලි 29වැනිදා තුන් වතා­වක් රජීව් සහ ජනා­ධි­පති ජය­ව­ර්ධන ජනා­ධි­පති  මන්දි­රයේ සාකච්ඡා පැවැ­ත්වීය. 

සිව්වැනි එමෙන්ම අව­සාන හමුව පැවැ­ත්වූවේ ජුලි  30වැනිදා උදෑ­ස­නය. අමා­ත්‍ය­ව­රුන් වන ගාමිණී දිසා­නා­යක, රොනී ද මෙල්, නර­සිංහ  රාවෝ, ජනා­ධි­පති ලේකම් මැණි­ක්දි­වෙල, ඉන්දිය විදේශ ලේකම් එස්. මෙනන්, රොනන්  සෙන්, ඩික්සිට් එම සාක­ච්ඡා­ව­ලට ඔවුහු සමඟ සහ­භාගී වූහ.  

අව­සාන සාක­ච්ඡාවේ දී ජනා­ධි­පති ජය­ව­ර්ධන ඉන්දිය අග­මැති රජිව්  ගාන්ධි­ගෙන් ඉල්ලා සිටියේ වහාම ඉල්ලීම් දෙකක් ඉටු­කර දෙන ලෙසය. එනම් උතුරු  නැගෙ­න­හිර සිටින ආර­ක්ෂක හමුදා කොළ­ඹට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ගුවන් යානා  සපයා දිය යුතු බවය. එමෙන්ම ශ්‍රී ලංකා හමු­දා­වන්ට දකුණේ සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දීය හමුදා යාප­නය ඇතුළු උතුරු නැගෙ­න­හිර කට­යුතු කර­ගෙන යා යුතු බවය.  රටේ පැවති කල­බ­ල­කාරි තත්ත්වය නිසා රට­පු­රාම ඇදි­රි­නී­තිය පනවා තිබිණි. 

රට­පුරා  ලක්ෂ­ය­කට අධික ජන­තාව විදි බැස ගිවි­සුම් විරෝධී පෙළ­පාළි පැවැ­ත්වූවේ  ඇදි­රි­නී­තිය කඩ කර­මිනි. මහ­ර­ගම වජි­රා­රා­මය අසළ පොල්ග­ස­කට නැග ගත් අයෙකු ටී 56  තුව­ක්කු­ව­කින් තබන ලද වෙඩි තැබී­ම­කින් හෙලි­කො­ප්ට­ර­ය­කට පවා අලාභ හානි සිදු විය.  

ජනා­ධි­පති මන්දි­රයේ පැවති ඉන්දීය අග­මැ­ති­ව­රයා පිළි­ගැ­නීමේ  උත්ස­ව­යට අග­මැති ආර්. ප්‍රේම­දාස ඇතුළු කැබි­නටි මණ්ඩ­ලයේ බොහෝ දෙනෙක් පමණ  සහ­භාගී නොවූහ. 

එයට සහ­භාගී වන ලෙසට ඉන්දීය අග­මැ­ති­ව­රයා සිරිමා බණ්ඩා­ර­නා­ය­කට  කළ ආරා­ධ­න­යද ඇය වර්ජ­නය කර තිබිණි. “තද” ලියු­මක් මැති­ණිය එවා තිබූ අතර එය  විශේෂ නියෝ­ජි­ත­යකු විසින් පෙර­වරු 11.30ට අග­මැති රජීව්ට අතින් බාර­දෙන ලදී.  එම අව­ස්ථා­වට ශ්‍රී ලංකාවේ ඇම­රි­කානු තානා­පති ජේම්ස් ස්පෙන්  එක්වූ අතර ඔහු ඇම­රි­කානු ජනා­ධි­පති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපි­යක් එම  ස්ථාන­යේ­දීම ඉන්දීය අග­මැ­ති­ව­රයා වෙත ලබා දුන්නේය. 

එහි සඳ­හන් වූයේ ශ්‍රී  ලංකාවේ ජන­වා­ර්ගික අර්බු­දය විස­ඳී­මට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සා­හය ගැන  ප්‍රසංශා කිරී­මකි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවි­ධා­නය පසුව කියා සිටියේ  අත්සන් කරන තෙක් රහ­සක්ව පව­ත්වා­ගෙන සිටි ගිවි­සුමේ පිට­ප­තක් එයට කලින්  ජනා­ධි­පති ජය­ව­ර්ධන විසින් ඇම­රි­කානු රජය වෙත බාරදී ඇති බවය.  

නිල වශ­යෙන් දෙරටේ නාය­කයෝ ඉන්දු ලංකා ගිවි­සු­මට 1987 ජුලි  29වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. එජාප ආණ්ඩුවේ අමා­ත්‍ය­ව­රුන් වන  ඒ.සී.එස්. හමීඩ්, ගාමිණී දිසා­නා­යක, තොන්ඩ­මන්, දේව­නා­ය­ගම්, හුරුල්ලේ,  ජනා­ධි­පති ලේකම් මැණි­ක්දි­වෙල මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක්ද එම අව­ස්ථා­වට එක්ව  සිටි­යහ. ඉන්දීය රජයේ ප්‍රබල පෙල­ඹ­වීම මත ගිවි­සුම ශ්‍රී ලංකා රජය මගින්  අත්සන් කළ ද රටේ ජන­තාව මුළු­ම­නින්ද, ආණ්ඩුවේ ඇම­ති­ව­රුන් බහු­ත­ර­යක්ද එහි අඩංගු  වී ඇත්තේ මොන­වා­දැයි දැනු­වත් වී නොති­බිණි. 

ගිවි­සුම අත්සන් කිරි­මෙන් පසු  අග­මැති රජීව් ගාන්ධි සහ ජනා­ධි­පති ජය­ව­ර්ධන විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යේදී දෙස්  විදෙස් මාධ්‍ය සාක­ච්ඡා­වක්ද පැවැ­ත්විණි. දයා ලංකා­පුර ඇතුළු මාධ්‍ය­වේ­දීන්  සම­ඟින් ලේඛ­ක­යාද එයට එක්වී සිටි­යහ.  

අග­මැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජුලි 30වැනිදා  ජනා­ධි­පති මන්දි­රය ඉදි­රි­පි­ටදී ආචාර පෙළ­පා­ලි­යක් පව­ත්වන ලදී. එවිට උත්ස­වය  ආරම්භ වූයේ උදෑ­සන 9.30ට පම­ණය. 

උත්ස­වය අව­සන් වුයේ උදෑ­සන 10.15ටය. දෙරටේ  ජාතික ගී ගායනා කිරී­මෙන් පසු ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ප්‍රධා­නි­යකු සමඟ  පෙළින් පෙළට ගමන් කර­මින් සිටි­යදී ලුති­නන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුර­යට  සහ­භා­ගිවූ නාවික සෙබළ විජිත රෝහණ විජේ­මුණි සිය රයි­ෆල් බදින් ඉන්දීය  අග­මැ­ති­ව­ර­යාගේ හිසට පහ­රක් එල්ල කළද එය වළක්වා ගැනී­මට ඔහුගේ ආර­ක්ෂ­කයෝ සමත්  වූහ. 

එහෙත් එම පහර අග­මැ­ති­ව­ර­යාගේ උර­හි­සට වැදිණි. රජීවි ගාන්ධි ආපසු දිල්ලි­යට  කලින් යොදා­ගත් පරි­දිම පෙර­වරු 11.30ට කටු­නා­ය­කින් දිල්ලිය බලා පිටත් විය.  

කොටුවේ සිට කටු­නා­ය­කට ගියේද හෙලි­කො­ප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත්  කටු­නා­ය­කට පැමිණ තිබිණි.  ගිවි­සුම අත්සන් කරන අව­ස්ථාව වන­විට ඉන්දිය යුද නෞකා දෙකක් ඕනෑම  දේකට සූදා­නම් බව අග­ව­මින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවි­සුම අත්ස­න්කර  පැය කිහි­ප­යක් ගත වීම­ටත් පෙර ඉන්දීය හමුදා භට­යින් 7,000ක් රැගත් ගුවන් යානා  සහ නැව් යාප­න­යට ඉන්දීය හමුදා සේනා­නාංක වශ­යෙන් ගොඩ බටහ. 

එහි නාය­ක­ත්වය ගත්තේ  ඉන්දීය යුධ හමු­දාවේ ලුති­නන් ජන­රාල් දීපේන්ද්‍ර සිංය. 

ශ්‍රී ලංකා යුද හමුදා  භට­යන් සියලු දෙනාම ඉන්දීය යුද ප්‍රවා­හන ගුවන් යානා මගින් කොළ­ඹට ගෙන එන  ලදී.  නාවික භටයා අග­මැති ගාන්ධිට පහ­ර­දුන් අව­ස්ථාව සේයා­රුවේ සට­හන්  කර­ගැ­නී­මට සමත්වූ එකම ඡායා­රූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුව­ත්පතේ මාණ්ඩ­ලික  ඡායා­රූප ශිල්පී සේන විදා­න­ග­මය. 

එහි සිටි දෙස් විදෙස් සිය ගණ­නක් ඡායා­රූප  ශිල්පීන් අත­රින් ඔහු ගත් ඡායා­රූ­පය ලොව පුරා ප්‍රච­ලිත විය. සේන විදා­න­ගම  ඇතුළු ඡායා­රූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළ­පා­ළි­යට මීටර් 30ක් පමණ  දුරින් සක­ස්කළ අට්ටා­ල­ය­කය. ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ දකුණු පසින් ගමන් කලේ  අද්මි­රාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායා­ර­ක්ෂක කමාන්ඩෝ භටයෝ  කිහිප දෙනෙකු සිටි­යහ. රයි­ෆල් බඳින් සෙබළ විජේ­මුණි පහර දුන්නේ එවි­ටය. 

තමාගේ  ඡායා­රූප රීලය ලේක්හ­වු­සි­යට පැමිණි විදා­න­ගම ඩේලි නිවුස් කර්තෘ මණික් ද  සිල්වාට එය බාර දුන්නේය. ලේක්හ­වු­සියේ එව­කට සිටි සභා­පති රණ­පාල බෝධි­නා­ගොඩ,  ජනා­ධි­පති ජය­ව­ර්ධ­නගේ අව­ස­ර­යෙන් පසු එය පළ කිරී­මට පසු අව­සර දුන්නේ එදින මහ  රෑය. පසුදා ලේක්හ­වු­සියේ අග­නු­වර මුද්‍ර­ණ­වල පම­ණක් එය පළ විය.   

  දේශ‍ප්‍රේමි ජනතා  ව්‍යාපා­රය කිර්ති විජේ­බා­හුගේ අත්ස­නින්  යුතුව  රජිව් ගාන්ධිට පහ­ර­දීම පිළි­බඳ වග­කීමේ ලිපි මාධ්‍ය වලට නිකුත් කර තිබිණි. එහෙත් පහර දුන් සෙබලා නිද­හ­සින් පසු කියා සිටියේ  මව්බි­මට ආද­රය ඇත්තකු වශ­යෙන් තමා ඒ ක්‍රියා­මා­ර්ගය ගත් අතර කිසිදු පක්‍ෂ­යක  හෝ සංවි­ධා­න­යක සාමා­ජි­ක­යකු නොවන බවය.  

රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි(ගුව­න්වි­දුලි කාර්මික ශිල්පි)  විජිත විජේ­මුණි රත්ගම බූස්සේ උපන් අතර එව­කට 22 හැවි­රිදි විය. නම දෙනෙ­කු­ගෙන්  යුත් පවුලේ පස්වැ­නි­යාය. 

ගිංතොට මහ විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යකි. නාවික  හමු­දාවේ රැකි­යා­වට පැමි­ණියේ 1985 අප්‍රේල් 19වැනි­දාය. ත

්‍රිකු­ණා­ම­ලයේ නාවික  සහ සමුද්‍ර ඇක­ඩ­මියේ ප්‍රථම පුහු­ණුව ලැබිය. රජීව් මැරීමේ චේත­නා­වක් නොති­බුණු  බවද ඔහු කළ බල­හ­ත්කාර ක්‍රියාව පිළි­බ­ඳව ජාත්‍ය­න්තර වශ­යෙන් අප­හා­ස­යක් ලබා­දී­මට  එය සිදු­කළ බවද හෙතෙම යුද අධි­ක­ර­ණ­යේදී කියා සිටි­යේය. 

හිටපු කථා­නා­යක ස්ටැන්ලි  තිල­ක­රත්න, ඩොනල්ඩ් හේවා­ගම, සරත් විජේ­සිංහ ඇතුළු නීති­ඥ­යින් රැසක් ඔහු  වෙනු­වෙන් පෙනී සිටි­යහ.  

නඩු විභා­ග­යේදී පළමු චෝද­නාව වූ රජිව් ගාන්ධි මරා දැමී­මට  තැත්කි­රිම පිළි­බ­ඳව ඔහු නිවැ­ර­දි­කරු වූ අතර අනි­යම් මිනී­මැ­රී­මට බර­ප­තළ වැඩ  සහි­තව වසර 06ක සිර දඬු­ව­මක් යුද අධි­ක­ර­ණය නියම කළේය. පසුව ආර්. ප්‍රේම­දාස  ජනා­ධි­පති විසින් 1990 අප්‍රේල් 03වැනිදා උදෑ­සන 9ට වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යෙන්  විජිත රෝහණ විජේ­මුණි නිද­හස් කරන ලදී. 

හිර­ගෙ­දර සිටියේ වසර 2 මාස 04ක් පමණි.  ඔහු සම­ඟම විවිධ වැර­දි­ව­ලට සිර­ග­තව සිටි සිර­ක­රු­වන් 700ක්ද ජනා­ධි­පති නියෝ­ගය  අනුව ඒ සම­ගින් නිද­හ­ස්කර තිබිණි.  ඉන්දු ලංකා ගිවි­සුම අනුව පොරොන්දු වූ කරුණු කාරණා ඉටු­කි­රී­මට  ඉන්දිය රජය අපො­හො­සත් විය. එම­ගින් ස්ථාපිත වූ 13වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය  පිළි­බ­ඳව විවිධ ආණ්ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින් උභ­තෝ­කෝ­ටික ගැට­ලු­ව­ල­ටය.  ඉන්දු ලංකා ගිවි­සු­මට මුල් වූ තිදෙනා අද අප අතර නැත. 

ඉන්දීය  අග­මැති රජීව් ගාන්ධි(46) කොටි සංවි­ධා­නයේ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­ය­කින්  1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදු­රා­සියේ පෙරු­ම්බු­දුර්හි පැවති ඡන්ද  රැස්වී­ම­කදී ඝාත­න­යට ලක්විය. එජාප ආණ්ඩුවේ ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන(90) වසර  1996 නොවැ­ම්බර් 01වැනිදා මිය ගියේය. කොටි නායක ප්‍රභා­ක­රන්(54) වසර 2009  මැයි 18වැනිදා උතුරේ නන්දි­ක­ලා­ල්හිදී යුද්ධ­යේදී ශ්‍රීලංකා හමුදා අතින්  මිය­ගොස් තිබිණි. 

Comments