අංකු­ර­යක් | සිළුමිණ

අංකු­ර­යක්

'මිනි­සුන්  ගැන ලියන කත­න්දර කෙත­රම් සිත් කම්පා කරන්නේ ද කිව­හොත්, මගේ හද­ව­තට කෙත­රම් ළං  වූයේ ද කිව­හොත් මම ඒ පොත කිය­වන අතර දිගට ම ඇඬු­වෙමි. කිසිදු අර්ථ­යක් නැති  බර වැඩ වලින් ගැහැට විඳින, කිසිදු අර්ථ­යක් නැති නින්දා අප­හාස වලින් බැට කන  කොල්ලකු වූ මම වැඩුණු පසු මිනි­ස්සුන්ට අවංක ව සේවය කරන බවට කොන්දේසි විර­හිත  ව පොරොන්දු වුණෙමි.සුරං­ගනා කතා­වල සිට පැමිණි  ආශ්ච­ර්ය­වත් පක්ෂීන් මෙන් පොත් මට ඇසෙන ලෙස ඔවුන්ගේ ගී ගායනා කළහ. ඔවුහු  ජීවි­තයේ විවි­ධ­ත්වය ගැන, සාර­ව­ත්කම ගැන, මිනිසා විසින් යහ­පත හා සෞන්දර්ය පතා  ගන්නා ලද නිර්භීත පරි­ශ්‍ර­මය ගැන ගී ගායනා කළහ. මා වැඩි වැඩි­යෙන් පොත්  කියැවූ තර­මට මගේ හද­වත වැඩි වැඩි­යෙන් නිර්මල විය; කරු­ණා­වෙන් පිරී තිරී  ගියේය.

මගේ සිත තැන්පත් විය; සන්සුන් විය; මගේ ආත්ම විශ්වා­සය වර්ධ­නය විය;  මගේ වැඩ­ක­ට­යුතු දියුණු විය. ජීවි­තය විසින් මට කරන ලද සීමා­වක් නොමැති නින්දා  අප­හාස මම ගණන් නොග­තිමි. හැම පොතක් ම මට තිරි­සන්  තත්ත්ව­යෙහි සිට මනු­ෂ්‍ය­ත්ව­යට නඟින ඉණි­මගේ පෙත්ත­කට සමාන විය. උසස් ජීවි­ත­යක්  අව­බෝධ කර ගැන්මේ සිට ඒ ජීවි­තය ලබා ගැනී­මට ඇති පිපා­ස­යට සමාන විය.'කළු­බෝ­විල  සිරිල් සී. පෙරේරා විසින් පරි­ව­ර්ත­නය කරන ලද මැක්සිම් ගෝර්කිගේ 'පොතක මහිම' කෘතියේ සඳ­හන් මේ අද­හස ගැන ඔබට කිය­න්නට සිතුවේ කරුණු දෙකක් නිසා ය. ලේඛ­නයේ  රන්සුනු සොයා යන මේ ගමනේ ආර­ම්භය ලේඛ­ක­යාත්, පාඨ­ක­යාත් අතර කවර අන්දමේ  සම්බ­න්ධ­තා­වක් ගොඩ­නැ­ඟිය යුතු ද යන්න විව­ර­ණය කිරීම  පළමු වැන්නයි.

අනෙක පාඨ­ක­යන් වන අප ජීවි­තයේ විඳින අනේ­ක­විධ දෝම­නස්ස මඳ­කින් හෝ  සම­නය කර ගන්නේ අප වැනිම කෙනෙක් අප ගැන ලියන මෙවැනි හෘදය සංවේදී සට­හන් නිසා  වන බැවිනි. මිනි­සකු ශ්‍රේෂ්ඨ­ත්ව­යට පත් වෙන ක්‍රම තුනක් තිබෙන බැව් මහා කවි  විලි­යම් ‍ශේක්ස්පියර් පවසා තිබේ. අයෙක් උප­තින් ම ශ්‍රේෂ්ඨ වෙති; තවත්  කෙනෙක් ශ්‍රේෂ්ඨ­ත්වය ධෛර්ය­යෙන් ලබා ගනිති; තවත් අය­කුගේ ඇගෙහි ශ්‍රේෂ්ඨ­ත්වය  ගසනු ලැබෙති. මේ අත­රින් කුමක් හොඳ දැයි තර්ක කිරීමේ ඵලක් නැත.කුමන විදි­යට  ලැබු­ණත් ශ්‍රේෂ්ඨ­ත්වය, ශ්‍රේෂ්ඨ­ත්වය ම ය.

එහෙත් වැර වෑය­මින් ශ්‍රේෂ්ඨ­ත්වය ළඟා කර ගන්නා ජනතා වීර­යකු වන්නේ ය. වැද­ග­ත්කම ගොඩ­නැ­ඟෙන්නේ එවිට ය; ලේඛ­කයෝ එවැන්නෝ ය.ලොව  පහළ වූ ශ්‍රේෂ්ඨ­තම දාර්ශ­නි­ක­යකු වන ක්‍රිෂ්ණ­මූ­ර්ති­තු­මන් පව­සන්නේ ජීව­ත්වීමේ  අර­මුණ මර­ණින් මතු ද ජීව­ත්වීම කියා ය. භෞතික කාය මිය ගිය ද නාමය මිය නොයන  දාර්ශ­නි­ක­යන්, චින්ත­ක­යන්, ලේඛ­ක­යන්, කවි­යන් අපට සිටිති. සම­හ­රුන් ජීවත් ව  සිටිය ද ජීවත් නොව­න්නන් සේ ය. තවත් සම­හරු ජීවත් ව සිටි­යදී විවිධ  ක්‍රියා­කා­ර­කම් නිසා ප්‍රසිද්ධ ව සිටින්නේ දූෂිත දෑ සම්බන්ධ ව ය.

එබැ­වින්  මර­ණින් මතු ඔවුන්ගේ නම් ඒ ප්‍රච­ලිත වූ වේග­ය­ටත් වඩා වේග­යෙන් අප්‍ර­කට වෙයි.  මර­ණින් මතු ද නාමය දිනෙන් දින ම බැබ­ළෙන්නේ සර්ව­කා­ලීන හා සර්ව භෞමික දෑ  සමා­ජ­යට තිළිණ කළ අය ය; එය ලේසි පහසු නැත.ලේඛ­ක­යාට  රන්සුනු හමු­වන්නේ ඔහු­වත් නොදන්නා විට­කදී ය. කිසිදු ලේඛ­ක­යකු තමන් ට ලිය­න්නට  දෙයක් මෙන්න මෙත­නදී හමු වෙතැයි කියා දන්නේ නැති බැව් සත්‍ය­යකි. ඔහු හෝ ඇය  අනෙක් අය මෙන්ම මේ සමා­ජයේ ජීවත් වෙයි; අප මෙන්ම කුටුම්භ ප්‍රශ්න, සාමා­ජ­යීය,  ආර්ථික, දේශ­පා­ලන ප්‍රශ්න වලට මුහුණ දෙති.

ඒවා­යෙන් හෙම්බත් වෙති. ඔබට  සුරං­ගනා ලෝක මවන ලේඛ­ක­යන් සම­හර විට ජීව­ත්වන්නේ නිරයේ පතුලේ ය. එහෙත් ඔබේ  ප්‍රමෝ­දය වෙනු­වෙන් සියල්ල දරා ගැනී­මට ලේඛ­ක­යාට හැකිය.ලේඛ­ක­යාගේ  සිතේ යම් වස්තු බීජ­යක් පැළ වූ ඉනි­ක්බිති එය කාලා­න්ත­ර­යක් තිස්සේ ඔහුගේ සිතේ  වැඩෙ­න්නට පටන් ගනී. ඔහු ගමන් කරන්නේ, නාන්නේ, කන්නේ, බොන්නේ ඒ සිති­විල්ල  විසින් ඇති කරන ලද බර දරා ගෙන ය. විටෙක ඔහු තනි­යම සිනා­සෙයි; තවත් විටෙක ඔහු  තනි­යම හඬයි; සුසු­ම්ලයි; නින­ව්වක් නැතිව කල්පනා කරයි. ඒ සියල්ල කෙසේ කොහොම  වුවත් කාලා­න්ත­ර­යක් තිස්සේ ඔහුගේ සිතේ තම නිර්මා­ණයේ සැකිල්ල ගොඩ­නැ­ඟෙයි.

ලේඛ­ක­යාට  යම් වස්තු බීජ­යක් ඉපැ­දී­මට හේතු කාරක වන්නේ සුළු ‍ප්‍රබෝධ­යකි. නොසිතූ විරූ  හමු වීමක්, බරක් පත­ළක් නැතිව කියූ වද­නක්, කෝච්චි­යෙන් බැස යන තරු­ණි­ය­කගේ නෙතඟ  බැල්මක්, උදෑ­සන හිරු කිරණ වැටෙ­න්නට පෙර දිලි­සෙන පත්‍ර­යක අග ඇති පිණි  බිඳක්, නින­ව්වක් නැතිව ඔහේ ඇවිද යන තරු­ණ­යෙක්, මේ ඕනෑම දෙයක් විය හැකියි. එය  ඔ‍බේ ලෝකය හෝ වෙන අය­කුගේ ලෝක­යෙන් බිහි වූවක් ද විය හැකියි.මුලින්  ම නොපැ­හැ­දිලි චිත්‍ර­යක් සේ මන­සට නැඟෙන සිති­විල්ල දලු, කොළ, මල් දමා  ගොඩ­නැ­ඟෙන්නේ ලේඛ­ක­යාගේ මනසේ ය. එය ලේඛ­න­ගත වන්නට පෙර කාල­යක් තිස්සේ වැඩෙයි.  

අප යම්කිසි බීජ­යක් සිටුවා එහි පළමු අංකු­රය එන­තෙක් බලා සිටින්නා සේ ලේඛ­කයා ද  තම නිර්මා­ණය ලේඛ­න­ගත කර­න්නට පෙර යම් කාල­යක් තිස්සේ  මනසේ එය වැඩෙ­න්නට හරියි. පළමු අංකු­රය බිහි වූ පසු එය පියළි දෙකක් වී  අන­තු­රුව වේග­යෙන් වැඩෙන්නා සේ තම සිතේ රෝප­ණය වූ අද­හස කෙමෙන් කෙමෙන්  විස්තා­ර­ණය කර­න්නට ඔහු පෙල­ඹෙයි. අන­වශ්‍ය අතු ඉති කඩා දමා අප පැළය ආරක්ෂා කර  ගන්නා සේ තම ලේඛ­නය කපා කොටා ඔප­ම­ට්ටම් කර ගන්න­ටත් ලේඛ­කයා උත්සුක වෙයි.ලේඛ­නය  අර­ඹන්නේ එප­රිදි ය. එහි මට සුමට බව තීර­ණය වන්නේ කෙතෙක් ඔප­ම­ට්ටම් කරන්නේ ද යන්න මත ය.

Email - [email protected]

Comments