සී.පී.එල්. යන්න ගිය දෙපළට දොරටු වැසෙයි | සිළුමිණ

සී.පී.එල්. යන්න ගිය දෙපළට දොරටු වැසෙයි

ගෝස්තු 18 සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත සී.පී.එල් හෙවත් කැරිබියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ආරාධනා ලැබූ මෙරට ක්‍රීඩකයන් සිවු දෙනාගෙන් දෙදෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා නොදීමට පියවර ගෙන තිබේ.

ඒ දසුන් ශානක සහ බානුක රාජපක්ෂටය. සී.පී.එල්. තරගාවලිය සඳහා මේ ක්‍රීඩකයන් දෙදෙනාට අමතරව වනිඳු හසරංග සහ අවිශ්ක ප්‍රනාන්දුට මේ සඳහා ආරාධනා ලැබී තිබේ. නමුත් වනිඳු සහ අවිශ්ක ඒ සඳහා සහභාගිවීමට අවසර ඉල්ලා නැති අතර, දසුන් සහ භානුක මේ තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකී අවසර ලබා නොදීමට කටයුතු කර තිබේ.

ක්‍රීඩකයන් කොයි වෙලාවෙත් බලාගෙන ඉන්නේ ක්‍රීඩා කරන්න තමයි. කොවිඩ් - 19 ගැටලුවක් තවම හරි හැටි විසඳිලා නෑ. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට යන්න ලෙහෙසි නෑ. ගුවන් ගමන් වාර කිහිපයක්ම පහු කරන්න තියෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවක සී.පී.එල්. තරගාවලියට යන්න අවසර දෙන එක සුදුසු නෑ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධරයෝ පවසති.

කොවිඩ් 19 වසංගතයට පසුව පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන්නේ ද සී.පී.එල්. තරගාවලියයි. සී.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු ලාංකේය ක්‍රීඩකයකු කිසිදු කණ්ඩායමක් තෝරා ගැනීමට ඉදිරිපත් නොවුණි. ඉන්දීය ක්‍රීඩකයන් සහ වෙනත් රටවල ක්‍රීඩකයන් පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා තිබූ නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය මත බහුතරයක් මේ තරගාවලියට එක් නොවීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක් කර ගැනීමට මොවුන් වෙරදරා තිබේ.

සියලුම කණ්ඩායම්වල ක්‍රීඩකයන්, නිලධාරීන් සති දෙකක දැඩි නිරෝධායනයකට ලක් කරනවා. විදේශීය

රටවලින් පැමිණෙන ක්‍රීඩකයන් ඒ රටවලින් පිටවීමේදී සහ ට්‍රිනිඩ්‍රෑඩ්වලදී කොවිඩ් 19 පරීක්ෂණයකට භාජනය කරන අතර සියලුම නිරෝධායන කටයුතු දැඩි කරමින් සහ ප්‍රේක්ෂකයන් ගෙන් තොරව මේ තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Comments