රාජාංගනයේ තැපැල් ඡන්දය සාමාන්‍යය මට්ටමින් | සිළුමිණ

රාජාංගනයේ තැපැල් ඡන්දය සාමාන්‍යය මට්ටමින්

කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමග සංචරණ සීමා ක්‍රියාත්මක වූ රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිදු කෙරෙයි.

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්. එම්. වන්නිනායක පැවසුවේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 420 කු අද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම අදින් අවසන් කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ, නිල ඡන්ද පත්‍රිකාවලින් 98% ක් පමණ මේ වන විට නිවෙස් වෙත බෙදා හැර අවසන් බවයි.

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් වේනම් සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙසද, ඔහු දැනුම් දෙයි.

 

Comments