‘යළි උපන්’ කිළි­නො­ච්චියේ කථි­කා­චා­ර්ය­ව­රිය | Page 2 | සිළුමිණ

‘යළි උපන්’ කිළි­නො­ච්චියේ කථි­කා­චා­ර්ය­ව­රිය

වන අලි ප්‍රහාරයට ලක්වූ කැලණියේ පදිංචි ගයත්‍රි දිල්රුක්ෂි කථිකාචාර්යවරිය
වන අලි ප්‍රහාරයට ලක්වූ කැලණියේ පදිංචි ගයත්‍රි දිල්රුක්ෂි කථිකාචාර්යවරිය

යාප­නය විශ්වි­ද්‍යා­ල­යට අනු­බද්ධ කිලි­නොච්චි විශ්ව­වි­ද්‍යාල මණ්ඩ­පයේ තාක්ෂණ පීඨයේ සේවය කළ කථි­කා­චා­ර්ය­ව­රි­යක වූ ගයාත්‍රි දිල්රුක්ෂි පසු­ගිය (19) වැනිදා අලි ප්‍රහා­ර­යට ලක් විය. ඉන් බර­ප­තළ ලෙස තුවාල ලැබූ ඇය කිලි­නොච්චි දිසා රෝහ­ලට ඇතු­ළත් කළ ද තත්ත්වය බර­ප­තළ වූයෙන් වැඩි­දුර ප්‍රති­කාර සඳහා යාප­නය ශීක්ෂණ රෝහ­ලට ඇතු­ළත් කෙරිණි. මේ සිද්ධිය පිළි­බ­ඳව නිවැ­ර­දිව තොර­තුරු ගවේ­ෂ­ණය නොකළ මෙරට විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මධ්‍ය සිය­ල්ලම පාහේ ඇය වන අලි ප්‍රහා­ර­යෙන් මිය ගිය බව වාර්තා කළේය. නමුත් ඒ වන­වි­ටත් ඇය යාප­නය රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යාය. පසුව මේ පුවත නිවැ­රදි කිරී­මට ඇතැම් මාධ්‍ය උත්සාහ ගත්තද ඒ වන විටත් ඇය සමාජ මාධ්‍ය තුළ මිය­ගොස් සිටි­යාය.

මේ කථි­කා­චා­ර්ය­ව­රිය පසු­ගිය 22 වැනි දා ගුවන් හමු­දා­වට අයත් ගුව­න්යා­න­ය­කින් කොළඹ ජාතික මහා රෝහ­ලට රැගෙන ආවේය. ඇය භාර කෙරුණේ විශේ­ෂඥ වෛද්‍ය දිලීප අත්ත­නා­ය­ක­ටය. දිල්රු­ක්ෂිගේ වැඩි­ම­හල් සහෝ­ද­රිය මා සමඟ පවසා සිටියේ කොළ­ඹට ගෙනැ­විත් කැනි­යු­ලාව මාරු කළ අව­ස්ථාවේ ඇගේ ශරී­රයේ සුළු චල­න­යක් සිදු වූ බවය. මෙවැනි ආකා­ර­යට දරුණු ලෙස මොළ­යට හානි වූ රෝගීන් කිසි­යම් හාස්ක­ම­කින් මෙන් සුවය ලැබූ අවස්ථා නැතු­වාම නොවේ. ලියු­ම්කරු මේ සට­හන තබන 24 වැනිදා වන විටත් ඇය හදිසි අන­තුරු ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යාය.

යාප­නය විශ්වි­ද්‍යා­ල­යට අනු­බද්ධ කිලි­නොච්චි විශ්ව­වි­ද්‍යාල මණ්ඩ­පය ඉදි­කෙ­රුණේ අරි­වි­යල් නගර් ප්‍රදේ­ශ­යේය. ඒ කිලි­නොච්චි නග­ර­යට කිලෝ මීටර් හයක් පමණ ඈත කිලි­නොච්චි වනා­න්ත­ර­යට අාස­න්න­වය. නේවා­සි­කා­ගාර ඉදි කර ඇත්තේ ද ඒ ආශ්‍රි­ත­වය. මෙම ප්‍රහා­ර­යට හේතු­වද මෙකී පිහි­ටී­මය. සංව­ර්ධන ක්‍රියා­දාම සිදු කරන විට ඉදි­කි­රීම සම්බ­න්ධ­යෙන් මූලි­ක­ත්වය ලබා­දෙනු විනා ඒ සම්බ­න්ධ­යෙන් කෙරෙන ශක්‍යතා අධ්‍ය­ය­න­යන් පව­තින්නේ ඉතාම දුර්වල මට්ට­ම­කය. මහ­වැ­ලිය, උමා­ඔය වැනි අති දැවැන්ත සංව­ර්ධන කාර්ය­යන් හීදී ද ඒවැනි දෑ සිදු විය. ඒ් පිළි­බ­ඳව විද්ව­තුන් නොයෙක් ආකා­ර­යෙන් අද­හස් දැක්වු­වද පරි­පා­ල­නය ඒවා තඹ දොයි­තු­ව­කට මායිම් කළේ නැත. ඒහි අනිසි ප්‍රති­ඵල අදත් අප භුක්ති විඳිති. වර්ත­මා­නයේ මීට දිය හැකි හොඳම නිද­ර්ශ­නය මෙම කිලි­නොච්චි විශ්ව­වි­ද්‍යාල පරි­ශ්‍රයේ සිදු වූ මෙම වන අලි ප්‍රහා­ර­යයි.

වනා­න්තර එළි පෙහෙ­ළි­කොට එම භූමි­භා­ග­වල ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රීම සංව­ර්ධ­නය ලෙස ඇතැ­මුන් අර්ථ දැක්වුව ද, අද අලි මිනිස් ගැටුම දුර­දිග ගොස් ඇත්තේ මෙකි ක්‍රියා­වන්හි ප්‍රති­ඵ­යක් වශ­යෙන් බව ඔවුන් අම­තක කරති. කිසි­යම් ඉදි­කි­රී­මක් සිදු කරන විට අදාළ භූමි­යෙහි අවට පරි­ස­රය, භූවි­ෂ­මතා හා ජෛව විවි­ධ­ත්වය යන කරුණු කාරණා සොයා බැලීම ඉතාම වැදත් වේ. ඒ බව මෙවැනි සිද්ධීන් අපට මතක් කර­දෙයි.

විශ්ව­වි­ද්‍යාල කථි­කා­චා­ර්ය­ව­රිය එදින බුදුන් වැඳී­මට ගොස් තිබුණේ එම විශ්ව­වි­ද්‍යා­ල­යේම කට­යුතු කරන ආචා­ර්ය­ව­ර­යකු සම­ඟය. සවස තුනට පමණ නේවා­සි­කා­ගාර ආස­න්නයේ පිහිටි බුදු මැදු­රට ගොස් වැඳ පුදා අව­සන් වී නැවත පැමි­ණෙන විට සවස හත පසුවී තිබුණි. වන අලියා ඔවුන්ට පහර දී ඇත්තේ මෙම අව­ස්ථා­වේ­දීය.

ආචා­ර්ය­ව­රිය සර් අලි­යෙක් කියූ සැණින් ක්‍රියා­ත්මක වූ ආචා­ර්ය­ව­රයා තමා හැඳ සිටි ටීෂ­ටය ගලවා දමා එම ස්ථාන­යෙන් පළා ගියේය.

ඉන් අලි පිළි­බ­ඳව කිසි­යම් වැට­හී­මක් ආචා­ර්ය­ව­ර­යාට තිබූ බව හෙළි වේ. යක්ෂා­වේ­ෂව සිටි අලියා ඇයට පහර දෙන්නේ ඉන් අන­තු­රව විය හැකිය. ආචා­ර්ය­ව­ර­යාගේ දැනුම් දීමත් සමඟ අනෙක් පිරිස ඒම ස්ථාන­යට පැමි­ණෙන විට සියල්ල සිදු වී හමා­රය. අලියා ගිය අතක් පෙනෙ­න්නට නොවීය. අන­තු­රුව දරුණු ලෙස තුවාල ලබා සිටි කථි­කා­චා­ර්ය­ව­රිය රෝහල් ගත කිරී­මට වහා පිය­වර ගෙන තිබුණි. මේ මොහොත වන­විට ඇය ජීවි­ත­යත් මර­ණ­යත් අතර සට­න­කය.

මින් අපට පැහැ­දිලි වන්නේ මෙම විශ්ව­වි­ද්‍යාල නේවා­සික පරි­ශ්‍රය අනා­ර­ක්ෂිත බවය. එනිසා මේ සම්බ­න්ධ­යෙන් අදාළ බල­ධා­රීන් වැඩි අව­ධා­න­යක් යොමු කර නිසි ක්‍රියා­මාර්ග ගත යුතුය.

Comments