දේශීය කිරි ගොවීන්ට සැමදා අත්වැ­ලක් වන පැල්වත්ත සමා­ගම | සිළුමිණ

දේශීය කිරි ගොවීන්ට සැමදා අත්වැ­ලක් වන පැල්වත්ත සමා­ගම

කොරෝනා වසං­ග­තය  ලොව පුරා පැතිර යමින් තිබූ උග්‍ර­තම අව­දියේ දී පවා,දේශීය කිරි ගොවි­යාගේ ආර්ථි­කය ශක්ති­මත්ව පව­ත්වා­ගෙන යාමට උප­කාරී වෙමින්,  පැල්වත්ත සමා­ගම අඛ­ණ්ඩව කිරි එකතු කිරීමේ කට­යුත්ත සිදු කළේය.

කිරි මිල දී  ගැනී­මේදී පැවති සෞඛ්‍ය අව­දා­නම පිළි­බ­ඳව ද දැඩි අව­ධා­නය යොමු කළ සමා­ගම, රජය විසින් ප්‍රකා­ශ­යට පත් කළ සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රම­වේද අකු­ර­ටම පිළි­ප­දි­මින් කිරි එක් රැස් කළ අතර, නිෂ්පා­දන ක්‍රියා­ව­ලියේ දී ද දැඩි සනී­පා­ර­ක්ෂක විධි­වි­ධාන අනු­ග­ම­නය කළේය.

දේශීය කිරි ගොවීන් සතුව ඇති සම්පත් ප්‍රමා­ණය සීමිත නිසා, කිරි එක් රැස් කිරීමේ ක්‍රියා­ව­ලිය තර­මක් සංකීර්ණ වූ නමුත්, සමා­ගමේ අව­ශ්‍ය­තා­වට සරි­ලන ආකා­ර­යට ප්‍රමා­ණ­වත් අමු කිරි සපයා ගැනීම හමුවේ යම් යම් ගැට­ලු­කාරී තත්ත්ව­යන්ට මුහුණ දෙන්න­ටද සිදු විය. 

එහෙත්, එම ගැට­ලු­ව­ලට සාර්ථ­කව පිළි­තුරු සොයා ගනි­මින් ඌව, මධ්‍යම, නැගෙ­න­හිර, උතුරු මැද සහ වයඹ පළා­ත්ව­ලින් අඛ­ණ්ඩව කිරි එකතු කිරීම සිදු කළ බව, පැල්වත්ත සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ, අක්මල් වික්‍ර­ම­නා­යක පව­සයි.

"මේ ව්‍යස­න­කාරී අව­ස්ථාවේ දේශීය සමා­ග­මක් ලෙස අපගේ ප්‍රමුඛ අව­ධා­නය යොමු වූයේ, දින­කට අප හා ගනු­දෙනු කරන 12,000 ක් තරම් වන කිරි ගොවී­න්ගෙන්, අඛ­ණ්ඩව කිරි එකතු කර ගැනීම පිළි­බ­ඳ­වයි. මොකද, අපේ රටේ දෙනුන්ගේ කිරි ඵල­දාව වැඩි වීම ඇරැ­ඹෙන්නේ මාර්තු මාස­යෙන්. එය ඔක්තෝ­බර් දක්වා එලෙ­ස­මයි. ඉතින්, හදි­සියේ පැමිණි වසං­ගත තත්ත්වය නිසා, මේ සාර­වත් කිරි ඵල­දාව නැති කර­ගන්න හෝ දේශීය කිරි ගොවි­යාගේ ජීව­නෝ­පා­යට අහි­ත­කර බල­පෑ­මක් එල්ල වන්නට අප ඉඩ තැබුවේ නැහැ.  

කිරි මිල දී ගන්නට අප වහා පිය­වර ගත්තා වගේ ම, නිසි වේලා­වට ඔවුන් වෙත ගෙවීම් සිදු කළ නිසා, මුහුණ දෙන්නට සිදු වූයේ කෙත­රම් දුෂ්කර කාල පරි­ච්ඡේ­ද­ය­කට වුවත්, කිරි ගොවි­යාගේ ආර්ථි­කය ශක්ති­මත්ව පව­ත්වා­ගෙන යෑමට සමා­ග­මක් විදි­යට අප උප­රිම දාය­ක­ත්ව­යක් ලබා දුන්නා. ඇත්ත­ටම, ඒ පිළි­බඳ අපට තිබෙන්නේ නිහ­ත­මානී සතු­ටක්.

ඇඳිරි නීතිය තදින් ක්‍රියා­ත්මක වූ පළා­ත්වල වුවත්,  කර­ද­ර­යක් නැතිව අපේ බවු­සර්, එකතු කිරීමේ මධ්‍ය­ස්ථාන වෙත ගියා. ඒ සඳහා, රජය අවශ්‍ය සෑම සහ­යෝ­ග­යක්ම ලබා දුන්නා. අපේ බවු­සර් සෑම දින­කම ගොවි­ප­ළ­ව­ලින්, එකතු කිරීමේ මධ්‍ය­ස්ථා­න­ව­ලින් කර්මා­න්ත­ශා­ලා­වට කිරි රැගෙන ආවා. ඒ කිරි ඵල­දාව, දිනක් දෙකක් ඇතු­ළත නිෂ්පා­දන බවට පත් වුණා, බෙදා­හැ­රීමේ ජාල­යත් එලෙ­සම ක්‍රියා­ත්මක වුණා. ඒ නිසා, ගොවීන්ගේ කිරි අපතේ ගියේ නැහැ. ජන­තා­වට නිෂ්පා­දන  හිඟ වුණෙත් නැහැ. ඇත්ත­ටම වෙන­දාට වඩා නැවුම්ව පැල්වත්ත නිෂ්පා­දන, හැදෙන ඉක්ම­නින් ජන­තාව වෙත ලබා දෙන්න අපට හැකි වුණා. 

ඒ නිසා, අපගේ අලෙ­වියේ හෝ ආදා­යමේ කිසිදු කඩා වැටී­මක් සිදු වූයේ නැහැ. පාරි­භෝ­ගි­ක­යන්ගේ ආර්ථි­ක­යට ගැළ­පෙන පරිදි, කිරි ආහාර ඇතු­ළත් පහසු පැකේජ කිහි­ප­ය­කුත් කිසිදු ප්‍රවා­හන ගාස්තු­ව­කින් තොරව, මේ කාලය තුළ හඳුන්වා දෙන්නට අපට හැකි වුණා.ඒ වගේම, පුළු­වන් හැටි­යට මේ ව්‍යසන අව­ස්ථාවේ සමාජ සත්කා­රක වැඩ­ස­ට­හ­න්වල නියැ­ළුණා.

ඒ අනුව, අපගේ ප්‍රධාන නිෂ්පා­ද­නා­ගා­රය පිහිටා ඇති බුත්තල ප්‍රදේ­ශයේ, තමන්ගේ සෞඛ්‍ය පිළි­බ­ඳව ද නොත­ක­මින් සේව­යෙහි නිරත වූ පොලිස් නිල­ධා­රීන් හට කිරි­පිටි පරි­ත්‍යාග කිරීම, බුත්තල සෞඛ්‍ය වෛද්‍ය කාර්යා­ලය වෙත විෂ­බීජ නාශක යන්ත්‍ර තුනක් පරි­ත්‍යාග කිරීම, බුත්තල ප්‍රදේ­ශයේ දෛනික ආදා­යම් උප­යන ගම්වා­සීන් වෙත, දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යෙන්  බෙදා දුන් වියළි ආහාර මලු සදහා, කිරි­පිටි පැකට් ලබා­දීම ඉන් අවස්ථා කිහි­ප­යක්.

පැල්වත්ත සමඟ සිටින බහු­ත­රය, සුළු පරි­මාණ කිරි ගොවීන්. සමා­ග­මක් විදි­යට අපි ඒ අයට දෙන්න පුළු­වන් උප­රිම සහ­යෝ­ගය ලබා දෙනවා. නමුත් එතැ­නින් එහාට ඔවුන්ට රජයේ සහ­යෝ­ගය දැඩිව වුව­ම­නායි . ඒ අයට අලුත් දෙනුන්ගේ අව­ශ්‍ය­තාව තිබෙ­නවා. කිරි ධාරි­තාව කිහිප ගුණ­ය­කින් වැඩි දියුණු කර­ගන්න නම්, ඒ අව­ශ්‍ය­තාව අනි­වා­ර්ය­යෙන් සම්පූර්ණ විය යුතුයි. පශු සම්පත් මණ්ඩ­ලය වැනි රාජ්‍ය ආය­ත­න­ව­ලට පුළු­වන් මේ සඳහා මැදි­හත් වන්න.

නවීන තාක්ෂ­ණය භාවි­ත­යෙන්  ගව මඩු සකසා ගැනී­ම­ටත්, කිරි දෙවීම සදහා මැෂින් භාවි­ත­යට මාරු වීම­ටත්, සවස් වරුවේ දොවන කිරි ගබඩා කිරීම සඳහා අවශ්‍ය ශීත­ක­රණ මිලදී ගැනී­ම­ටත්, අප සමා­ගම ණය ඇප­ක­රු­වන් ලෙස හා  මැදි­හ­ත්ක­රු­වන් ලෙස ඔවුන්ට සහය දක්ව­නවා. 

වැද­ගත් ම දේ, මේ රජ­ය­ටත් අව­ශ්‍ය­තාව තිබෙ­නවා, දේශීය කිරි ගොවියා නංවන්න. ඉතින් රජයේ සැල­සුම් අත­රට, මේ කිරි දෙනුන් මිලදී ගැනීමේ අව­ශ්‍ය­තා­වත් ඇතු­ළත් වුව­හොත්, එය සුළු පරි­මාණ කිරි ගොවීන්ට විශාල අත්වැ­ලක් වේවි..."

 ඔහුට අනුව, කිරි ගොවීන්ගේ ඵල­දා­යි­තාව වර්ධ­නය කිරීම උදෙසා අව­ධා­නය යොමු කළ යුතු අංශ කිහි­ප­යකි. රාජ්‍ය මැදි­හ­ත්වීම ද ඇතිව එම අංශ සංව­ර්ධ­නය කිරී­මට හැකි නම්, කිරි අාන­ය­නය වෙනු­වෙන් වාර්ෂි­කව විදේ­ශ­යන් වෙත ඇදී යන, ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 400- 500 දක්වා මුදල රට තුළ ම ඉතිරි කර ගැනී­මට හැකි­යාව ලැබේ.

 "අපේ රටේ සුළු පරි­මාණ කිරි ගොවී­න්ගෙන් බහු­ත­ර­ය­කට, කිරි ගව­යන් ගේ පෝෂ­ණය පිළි­බඳ ඇත්තේ සාම්ප්‍ර­දා­යික දැනු­මක්. ඔවුන් තම දෙනුන්, තණ උලා කෑම සඳහා කැල­යට මුදා හැරී­මයි, සාමාන්‍ය පිළි­වෙත. ප්‍රමා­ණ­වත් ඉඩම් අහිමි වීම තුළ ඔවුන් එසේ කර­න්නට පෙලැඹී තිබෙ­නවා. 

නමුත්, සත්ව­යන් ගේ පෝෂ­ණය පිළි­බඳ ඔවුන්ගේ දැනු­ව­ත්භා­වය මීට වඩා වර්ධ­නය කළ යුතුයි. රජයේ නව සැල­සු­ම්ව­ලට අනුව කිරි ගොවීන්ට ප්‍රමා­ණ­වත් ඉඩම් කට්ටි ලබා දීම­ටත්, මෙකී පෝෂ­ණය පිළි­බඳ දැනු­ව­ත්භා­වය වර්ධ­නය කිරී­ම­ටත් හැකි නම්, එය දේශීය කිරි ඵල­දා­යි­තාව නැංවී­මට මනා පිටි­ව­හ­ලක් වනවා.

මේ කාරණා දෙකේදී, ගොවීන් වෙනු­වෙන් අපට දිය හැකි සහ­යෝ­ගය වන්නේ, සතුන්ගේ පෝෂ­ණය කියන කාර­ණා­වට මැදි­හ­ත්වීම පම­ණයි. ඒ සඳහා අපගේ ක්ෂේත්‍ර නිල­ධා­රීන් නිර­න්ත­ර­යෙන්ම කිරි ගොවීන් සමඟ කට­යුතු කර­නවා. රජයේ පශු වෛද්‍ය­වරු  සහ පශු සම්පත් සංව­ර්ධන නිල­ධා­රීන්ගේ ද සහය ඇතිව නවීන දැනුම ඇතු­ළත් පුහුණු වැඩ­ස­ට­හන් අප ඔවුන් වෙනු­වෙන් ක්‍රියා­ත්මක කර­නවා.

ඊට අම­ත­රව, සහන මිල­කට  උසස් පෝෂ­ණ­යෙන් යුතු සත්ව ආහාර ලබා ගත හැකි ක්‍රම­වේ­ද­යක් ද අප සකසා තිබෙ­නවා. ඒ සඳහා ම ඉදි කළ විශාල සත්ව ආහාර කර්මා­න්ත­ශා­ලා­වක් අප සතුයි. ගොවීන්, අපගේ කිරි එකතු කිරීමේ මධ්‍ය­ස්ථාන වෙත කිරි රැගෙන ආ විට, ඒ මොහොතේ ම අපගේ නවීන තාක්ෂ­ණය ඇසු­රින් ඔවුන්ගේ කිරි­වල ප්‍රමි­තිය සහ තත්ත්වය පිළි­බඳ වටහා දීමක් සිදු කර­නවා. එවිට ඔවුන් තේරුම් ගන්නවා, ඔවුන්ගේ කිරි­වල වැඩි දියුණු කළ යුතු අංශ සහ එහි ඇති අඩු­පාඩු. ඒවා සකසා ගැනී­මට අවශ්‍ය උප­දෙස් ද  ලබා දෙනවා. එම­ගින්, තමන්ගේ කිරි ඵල­දා­වට ඉහළ මිලක් ලැබෙන පරිදි ගුණා­ත්මක බව වර්ධ­නය කර ගන්නට ගොවීන්ට අව­ස්ථාව උදා වනවා..."         

අක්මල් වික්‍ර­ම­නා­යක පව­සන පරිදි,  මේ සෑම පිය­ව­රක් තුළින් ම ඔවුන් උත්සාහ දර­නුයේ, දේශීය සමා­ග­මක් ලෙස, තම රටේ කිරි ගොවියා ඉහළ තල­ය­කට රැගෙන ඒමයි. ජන­තාව වෙත වැඩි වැඩි­යෙන් කිරි පෝෂ­ණය ලබා දීමයි.

2006 වසරේ, ආරි­ය­ශීල වික්‍ර­ම­නා­යක මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුතුව මොණ­රා­ගල දිස්ත්‍රි­ක්කයේ, බුත්තල දී ආරම්භ කරන ලද පැල්වත්ත කිරි කර්මා­න්තා­ය­ත­නය, ග්‍රාමීය ආර්ථික සංව­ර්ධ­නය ඉලක්ක කර­ගත් අර­මුණු ගණ­නා­ව­කින් සම­න්විත වූයේ ද ඒ නිසා­මය. 

කිරි ගොවි­යාගේ සැප­යුම් ධාරි­තාව වර්ධ­නය කිරී­මෙන් ඔවුන්ගේ ආදා­යම වැඩි­කර ගැනී­මට සහය වීම... දේශීය කිරි සහ කිරි නිෂ්පා­දන සඳහා, දේශීය වෙළෙ­ඳ­පොළ  වැඩි දියුණු කිරීම... වස­ර­කට විශාල විදේශ විනි­මය ප්‍රමා­ණ­යක් පිට රටට ඇදී යන, කිරි ආන­ය­නය සීමා කිරී­මට සහය දැක්වීම... සහ දේශීය කිරෙන් රට ස්වයං­පෝ­ෂිත කිරීම, මේ අර­මුණු අතර ප්‍රධාන වූයේය.

මෙම අර­මුණු සාක්ෂාත් කර ගැනී­මට බල­පාන ප්‍රධාන සාධ­කය, ඵල­දා­යි­තාව ඉහළ නැංවීම සහ සතුන්ගේ පෝෂ­ණය වන හෙයින්, තම සමා­ග­මට කිරි සප­යන ගොවීන්ට අවශ්‍ය සත්ව ආහාර අව­ශ්‍ය­තාව සපුරා දීම සදහා ම බුත්තල කිරි කර්මා­න්තා­ය­ත­න­යට යාබ­දව අක්කර හත­රක් තරම් සුවි­සල් බිමක, නවීන සත්ව ආහාර නිෂ්පා­ද­නා­ගා­රය ඉදි­ක­රන ලදී. අද එහි මස­කට නිෂ්පා­ද­නය වන සත්ව ආහාර ප්‍රමා­ණය, මෙට්‍රික් ටොන් 2,500 කි.

දිස්ත්‍රික්ක14 ක විහි­දුණු තම­න්ගේම  කිරි සැප­යුම් ජාල­යට අවශ්‍ය සත්ව ආහාර නිප­ද­වීම, මෙහි ආර­ම්භක අර­මුණ වුවත්, අද පිට­ස්තර කිරි ගොවීන්ට පවා එම උසස් සත්ව ආහාර සාධා­රණ මිල­කට ලබා ගැනී­මට පැල්වත්ත සමා­ගම අව­ස්ථාව සලසා තිබීම, තවත් විශේ­ෂ­ත්ව­යකි. 

කිරි දෙනුන් වෙත උප­රිම පෝෂ­ණ­යක් ලබා දෙනු වස්, බඩ ඉරිඟු, තිරිඟු නිවුඩ්ඩ, සහල්, පුන්නක්කු සහ තවත් විට­මින් සහ ඛනිජ ලවණ අඩංගු මෙම ගව ආහාර, වර්ගී­ක­රණ තුනක් යටතේ නිපද වේ.

එනම්, පැටවා කාල­යේදී වර්ධ­න­යට අවශ්‍ය, Calf feed, නාඹර දෙනුන් වය­සේදී පෝෂ­ණය ලබා දෙන, Heifer feed, සහ කිරි දෙන දෙනුන් සද­හාම නිප­ද­වන, පෝෂ්‍ය ගුණ­යෙන් සපිරි Highyeild feed ලෙසිනි. කිරි කර්මා­න්තා­ය­ත­නයේ යෙදෙන ඕනෑම ගොවි­ප­ළක මෙම සත්ව කාණ්ඩ තුන ම සිටින අතර, නිසි වයස් කාණ්ඩ­ව­ලදී ලබා දිය යුතු මෙම ගව ආහාර තුළින්, කිරි දෙනුන්ට අවශ්‍ය පෝෂ­ණය පැටවා කාලයේ පටන් ශරී­ර­යට එක් වේ. 

එය, ඉහළ කිරි ඵල­දා­වක් ලබා ගැනී­මට මහත් රුකු­ලක් වන අතර, මෙම ආහාර සකසා ඇත්තේ තණ කොළ සමග ලබා­දිය හැකි සම්මි­ශ්‍ර­ණ­යක් ලෙසින් වන නිසා, සත­කුගේ දින­කට අවශ්‍ය සිය­ලුම පෝෂ­ණීය සංඝ­ටක මෙම­ගින් සම්පූර්ණ වන බව, වික්‍ර­ම­නා­යක මහතා පෙන්වා දෙයි.

තවද, තරුණ පර­ම්ප­රාව කිරි කර්මා­න්තය වෙත ආක­ර්ෂ­ණය කර ගැනීම සඳහා, විශේ­ෂ­යෙන්,කිරි ගොවීන්ගේ දරු­වන් නවීන තාක්ෂ­ණය භාවි­ත­යෙන් කිරි කර්මා­න්තයේ යෙදෙ­න්නට පසු­බිම සාදා දෙන වැඩ­ස­ට­හ­නක් ද, පැල්වත්ත සමා­ගම ක්‍රියා­ත්මක කරනු ලබයි.

ඒ අනුව, සතුන් හැදී­මට, සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ­ඉ­රිඟු වගා කිරී­මට, උසස් වර්ගයේ තණ කොළ වගා­වට ආදි වශ­යෙන් කිරි කර්මා­න්තය තුළ විසි­රුණු විවි­ධාං­ගී­ක­ර­ණය කරා ඔවුන් යොමු යොමු කර­ලීම සිදු කෙරේ. දේශීය කර්මා­න්ත­යක පැවැ­ත්මට දෙවැනි පර­ම්ප­රා­වක් බිහි වෙමින් සිටීම, රටක් හැටි­යට සුබ­වාදී  ලකු­ණකි.

කෙසේ වෙතත්,  සුපිරි වෙළෙ­ඳ­සල් වෙත පා නඟන සෑම ශ්‍රී ලාංකි­ක­ය­කුම දේශීය කිරි ගොවි­යාගේ දහ­දිය මහ­න්සිය සහ කැප­වීම මතින්, අපේ රටේ කිරි දෙනුන්ගේ රස­වත් කිරි සාර­යෙන්  නිප­ද­වන,පැල්වත්ත කිරි­පිටි, බටර්, යෝගට්, අයිස් ක්‍රීම්, දියර කිරි, රස කළ කිරි, එළඟිතෙල් සහ මුද­වපු කිරි  මිලදී ගන්නේ නම්, තවත් එක් දේශීය කර්මා­න්ත­යක් ඉහ­ළට ඔසවා තැබී­මට දායක වූවා වනු ඇත.

Comments