පොහොට්ටුවේ ප්‍රධාන රැළි තාවකාලිකව නවතයි | Page 2 | සිළුමිණ

පොහොට්ටුවේ ප්‍රධාන රැළි තාවකාලිකව නවතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ලබන 13,14,15 යන තෙදින තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව මෙවර මහ මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල ද සීමා කරන ලෙස බැසිල් රාජපක්ෂ  ඉල්ලීමක් කරන අතර, යම් හෙයකින් කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒ්වා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධානය කරන ලෙස ද දන්වා ඇත.

 

Comments