හතර වටේ ගොසිප් | Page 2 | සිළුමිණ

හතර වටේ ගොසිප්

රතු­පාට පාටියත් මනාප පොර­යක

රතු පාට පක්ෂ­යට අලුත් ම අවු­ලක් ඇති­වෙලා කිය­ලයි කියන්නේ. සමාජ මාධ්‍යය (මුහු­ණු­පොත) යොදා ගනි­මින් රතු පාට පක්ෂ­යට දිගින් දිග­ටම දැඩි විවේ­චන එල්ල වෙන­වාලු. දේශීය, විදේ­ශීය මේ හැම පැත්ත­කින් ම රතු­පාට පක්ෂයේ ලොක්කාට එල්ල වන විරෝ­ධ­තාව වළ­ක්වන්නේ කොහො­මද කියලා ඔවුන් හොය­නවා කිය­ලයි ආරං­චිය. තවත් පැත්ත­කින් ලොකු අර්බු­ද­යක් හැදිලා කියන්නේ. ඒ වෙන මොන­වත් නොවෙයි. පක්ෂ­යේම අය මනාප සෙල්ලම පටන් අරන් ඉන්න නිසාලු. රතු පාටියේ අය ප්‍රසි­ද්ධියේ කියන්නේ තමන්ගේ පාටියේ ලකු­ණට මනා­පය දුන්නම ඇති කියලා. ඒ වුණාට දිය­ව­න්නා­වට පනින්න බලන් ඉන්න රතු පාටියේ සම­හර අයි­යලා තමන්ට මනා­පය ලබා­ගන්න අමුතු අමුතු ගේම් ගහ­නවා කිය­ලයි ආරං­චිය.

යුව රජ වෙන්න සිහින දකින පුතාණෝ

කොළ පාටි­යයි දුර­ක­තන පාටි­යයි දිගින් දිග­ටම ගැටෙන බව නොර­හ­සකි. මේ පාටි දෙකේම මාතෘකා මවන්නා ලෙස පුතාණෝ ඉදි­රි­පත්ව සිටිති. පුතා­ණෝට දුර­ක­තන පාටි­යට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ­යන් අව­වාද දුන්න ද පුතාණෝ ඒවා පිළි­ප­දින බව කිය­මින් ඔවුන්ට සමු දෙන­වලු. එහෙත් වේදි­කා­වට නැගලා ජන­තාව අම­තන්න ගත්ත ගමන් පුතා­ණෝට කිව යුත්තේ කුමක්ද කියන කාර­ණය හරි හරි­යට අම­තක වෙනවා කිය­ලයි පුතාණෝ ළඟින් ම ඉන්න ඇත්ත­න්ගෙන් ආරංචි වෙන්නේ. කොහොම නමුදු කෙසේ හෝ තමන් පළ­මු­වැ­නි­යාට මනාප අර­ගෙන කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් දිය­ව­න්නා­වට එනවා කිය­ලයි පුතාණෝ කිය­නවා කියන්නේ. තමන් මේ රටේ යුව රජ වෙනවා කිය­ලත් ඔහු කිය­න­වලු. යුව රජ­වීමේ ආශාව වැඩි­වීම නිසා පුතාණෝ මේ දින­වල හරි හරි වැඩ කර­න­වලු.

පුතාණෝ සහ­භාගි වන ජන­රැලි සඳහා බෙදා­හ­රින ආරා­ධනා පත්‍ර­වල තමන් මේ ර‍ටේ යුව­රජු බව සඳ­හන් කරලා තියෙ­නවා කිය­ලයි ආරං­චිය.

පළමු තැන ගන්න හදන පුල­ති­සි­පුර කට­කා­රයා

මැති­ව­රණ සටන එන්න එන්නම උණු­සුම් වීමත් සමඟ රස කතා, අමුතු කතා, මෝඩ කතා නොයෙක් කතා රට­ව­ටින් ම ඇසෙ­න්නට පටන් අරන්. දිය­ව­න්නා­වට කොහොම හරි පැන­ගන්න උත්සාහ කරන බොහෝ ප්‍රසිද්ධ අයි­යලා මරු මරු කතා කිය­නවා කිය­ලයි ආරං­චිය‍.

කලක් රජ­ගෙ­දර සිටි පුල­ති­සි­පුර ගොයියා මේ දින­වල කිය­න­වලු තමන් අනි­වා­ර්ය­යෙන් ම පළමු තැනට කැමැත්ත අර­ගෙන දිය­ව­න්නා­වට එනවා කියලා. එහෙම බැරි වුණොත් ගෙදර නතර වන බවත් ඔහු කිව්ව කිය­ලයි ආරං­චිය. පොහොට්ටු පාටි­යෙන් ගම්පහ පැත්තෙන් හරි හරි කතා ඇසෙ­න­වාලු. කාට කාටත් කෙලින් ම බැණ වදින, තර­මින් පොඩ්ඩක් උස මහත හාදයා තනි­වම ආණ්ඩු­වක් හද­නව කියල වේදි­කා­වක් වේදි­කා­වක් ගානේ කිය කියා යන­වලු.

බදුල්ල පැත්තෙන් දිය­ව­න්නා­වට පනින්න ලෑස්ති වෙලා ඉන්න සුරූ­පි­නි­යත් පොඩි පොඩි හාද­ය­න්ගෙන් හොඳ­ටම ගේම ඉල්ල­නවා කියලා කියන්නේ. ගම්, නගර පාල­නය කරන ඇත්තන්ට හොඳ හොඳ විහිලු ඈ සප­ය­නවා කිය­ලයි ආරං­චිය.

පොහො­ට්ටුවේ ගැටුම රජ­ගෙ­දර දක්වා යයි

මැති­ව­රණ වේදි­කාවේ ගැටුම් මෙන් ම මැති­ව­රණ වේදි­කාවේ අභි­යෝග වැඩි වශ­යෙන් ම ඇසෙ­න්නට ඇත්තේ ගම්පහ පැත්තෙනි.

කොළ පාටියේ, පොහොට්ටු පාටියේ, නිල් පාටියේ මෙන් ම පුතා­ණෝගේ පාටියේ අය අතර මත ගැටුම් උග්‍ර වී ඇති බවයි පැව­සෙන්නේ.

පොහොට්ටු පාටියේ ජ්‍යෙෂ්ඨ­යෙක්ව දිගින් දිග­ටම විවේ­ච­නය කරන අලුත් හාද­යෙක් නිසා යුව රජු­ටත් තරහ ගිහිල්ලා කිය­ලයි ආරං­චිය.

තර­බාරු පෙනු­මක් ඇති පොහොට්ටු පාටියේ ගම්පහ ජ්‍යෙෂ්ඨයා දිය­ව­න්නාව නියෝ­ජ­නය කරපු අයෙක්ලු. දිය­ව­න්නා­වට පැන­ගන්න ප්‍රථම වතා­වට උත්සාහ කරන නව­ක­යකු මෙලෙස ගැටු­මක් ආරම්භ කරපු බව තමයි ගම්පහ පැත්තෙන් ආරංචි වෙන්නේ.

මේ දෙන්නගේ ගැටුම රජ­ගෙ­දර දක්වා ගිහිල්ලා කිය­ලයි කියන්නේ.

වේදි­කා­වට නැති­වම බැරි කවු­රුත් කැමැති සිහින කුමාරි

ඉකුත් ජනා­ධි­ප­ති­ව­රණ වේදි­කාවේ කා අත­රත් ප්‍රසිද්ධ භාර්යා­වක් ඉන්න­වානේ. බොහෝ දෙනෙක් ඇගේ කතා­බ­හට හරිම ආස­යිලු.

තමන්ගේ ස්වාමියා නිසැ­ක­වම රජ­වෙන බවත් ඉන්ප­සුව තමන් මේ රටේ රැජින වන බවත් ඇය එම වේදි­කා­වල දිගින් දිග­ටම ප්‍රකාශ කර සිටිය කිය­ලත් මත­කයි නේ. තමන් වේදි­කාව තර­ණය නොක­රන්නේ නම් තම කුමා­ර­යාට හෝ කුමා­ර­යාගේ පාටි­යට කිසිදු ගම­නක් යා නොහැකි බව ඇය කිව්ව කිය­ලයි ආරං­චිය. ඉකුත් සතියේ දින දෙක තුනක් මහ මැති­ව­රණ වේදි­කා­වට ආයි ගොඩ­වෙලා තිබෙ­න­වාලු. කොහොම වුණත් ඇයට වැඩියෙ කතා කරන්න එපා කියලා පුතා­ණෝගේ පාටියේ අය කෑගැ­හුවා කිය­ලත් කිය­නවා.

කුමන බාධක ආවත් තමන් කුමා­රයා වෙනු­වෙන් වේදි­කාවේ රඟන බවත් ජන­තාව ඉදි­රි­යට ඉදි­රි­යෙන් ම ගමන් කරන බවත් ඇය කීවාලු.

ක්‍රිකට් වීර­යන් රකින්න නුව­රින් ම පිරි­සක් එක්වෙති

රටක් දිනපු ක්‍රිකට් ක්‍ර‍ීඩ­ක­යන්ට අවු­ලක් හදන්න එපා කියලා මේ දින­වල මුහුණු පොත පුරා සට­හන් ගොඩ­කින් පිරිලා. දිය­ව­න්නාව කලක් තිස්සේ ම නියෝ­ජ­නය කරපු නුවර පැත්තේ හාද­යෙක් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට පාටි දැම්මා කියලා බොහෝ දෙනා කිපිල ඉන්නව කිය­ලයි කියන්නේ‍. කොහොම වුණත් මේ කතාව දැන් ජාත්‍ය­න්ත­ර­යට ගිහි­ල්ලාලු. දිය­ව­න්නා­වට පැන­ගන්න ඉන්න වෙලාවේ නුවර හාදයා කරපු මේ කතා­වට පොහොට්ටු පාටියේ වැඩ්ඩෝ කිහිප දෙනෙ­කු­ටම තරහ ගිහිල්ලා කිය­ලයි ආරං­චිය‍. දිය­ව­න්නාව නියෝ­ජ­නය කරපු නුවර පැත්තේ කිහිප දෙන­කුයි කොළ­ඹින් දිය­ව­න්නා­වට පැන්න කිහිප දෙන­කුයි එක­තු­වෙලා මේ කත­න්දරේ ඉව­ර‍ ­ක­රන්න ලොකු උත්සා­හ­යක් ගත්තත් එයින් කිසිදු ප්‍රති­ඵ­ල­යක් නොලැ­බුණු බව තමයි ආරං­චිය.

 

Comments