රජ­රට ගැටලු රැස­කට විස­ඳුම් දුන් ජන­ප­තිගේ උතුරු මැද සංචා­රය | සිළුමිණ

රජ­රට ගැටලු රැස­කට විස­ඳුම් දුන් ජන­ප­තිගේ උතුරු මැද සංචා­රය

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය දව­සින් දවස උණු­සුම් වෙමින් පවතී. පක්ෂ නාය­ක­යන් ඡන්ද අපේ­ක්ෂ­ක­යන් සෞඛ්‍ය නීති රීති පිළි­බ­ඳ­වත් විවිධ මට්ටමේ රැස්වීම් පව­ත්වති. සම­හරු මහ හඬින් ගිරිය කඩා­ගෙන තම ප්‍රති­පත්ති ඉදිරි වැඩ­පි­ළි­වෙළ හා හිටපු පාලන කාල­වල කළ හොඳ නරක ජන­තා­වට පැහැ­දිලි කර දෙති.

නමුත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙවර පොදු­ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මැති­ව­රණ ව්‍යාපා­රය අනු­ග­ම­නය කළේ වෙනත් ආකා­ර­ය­ටය.

එතුමා මෙවර සිය ඡන්ද ව්‍යාපා­ර­යේදී අනු­ග­ම­නය කළේ වේදි­කා­වල යටි­ගි‍රි­යෙන් කෑ ගසන, වාහන අරන් පාර පුරා යන ඡන්ද සටන් ක්‍රම­යක් නොවේ. කෙළින් ම ජන­තාව ළඟට ගොස් ඔවුන්ගේ ගැටලු අසා ඊට විස­ඳුම් ලබා­දෙන අලුත් මැති­ව­රණ ප්‍රචා­රා­ත්මක වැඩ­පි­ළි­වෙ­ළකි. එය මෙතෙක් මෙරට ජන නාය­ක­යකු අනු­ග­ම­නය කළ දේශ­පා­ල­නික ක්‍රියා­දා­ම­ව­ලට වඩා වෙනස් නමුත් ජනතා හද­වත් තුළ රැඳී පව­තින හද­වත් තුළට කිඳා බසින ජන හිත­කාමී වැඩ­පි­ළි­වෙ­ළකි.

ඒ අනුව ජනා­ධි­ප­ති­තුමා සිය දේශ­පා­ලන ජන­හ­මු­වීම් ආරම්භ කළේ අනු­රා­ධ­පු­ර­යේ­දීය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ජනා­ධි­පති මැති­ව­රණ සටන ඇර­ඹු­වේත් අනු­රා­ධ­පු­ර­යෙනි. ඒ අනුව පොහො­ට්ටු­වට අනු­රා­ධ­පු­රය කව­දත් ජය භූමි­යකි. අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට සහය දැක්වී­මට මුල්ම ජන­හ­මුව පැවැ­ත්වූයේ අනු­රා­ධ­පුර, තලාව, තම්මැ­න්නාව නිද­හස් උද්‍යා­න­යෙනි. “සර් තම්මැ­න්නාව වැව වල් බිහි වෙලා හුඟ­ක්කල්. ඒක සුද්ධ කරලා දෙන්න.” ගොවි ජන­තාව ජන­ප­තිට කීහ. ජනතා අද­හස් අනුව එම වැව නිරී­ක්ෂ­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා එහි ඇති ජලජ ශාක ඉවත් කර වැවෙහි ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ඉක්ම­නින් කිරී­මට අදාළ වාරි­මාර්ග අංශ­ව­ලට උප­දෙස් දෙන ලදී.

ඊට පසු හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසා­නා­යක මහතා සංවි­ධා­නය කළ ජන හමු­වක් කලා­වැව වැව් තාවු­ල්ලේදී පව­ත්වන ලදී. මෙහිදී ජන­පති හමුවූ ගොවි ජන­තාව පැව­සූවේ “පොහොර හිඟයි; අස්වැ­න්නට නිසි මිලක් නැහැ” යනු­වෙනි. ඒ පිළි­බ­ඳව දැඩි අව­ධා­නය යොමු කළ ජන­ප­ති­ව­රයා අදාළ නිල­ධා­රීන්ට ද ඒ බව දැනුම්දී ඉක්ම­නින් ගැටලු විස­ඳන ලෙස උප­දෙස් දුන්නේ ය.

ප්‍රදේ­ශයේ මාර්ග අලු­ත්වැ­ඩි­යාව පිළි­බඳ ගැටලු හා වත්මන් තත්ත්ව පිළි­බ­ඳව ද තවත් පිරි­සක් ජන­ප­තිට කීවේ “පාර­වල් ගොඩක් කැඩිලා නඩ­ත්තුව විධි­මත් නැහැ” යනු­වෙනි. ජනතා ගැටලු පිළි­බ­ඳ­වද ජන­ප­තිගේ අව­ධා­නය යොමු විය.

මෙම අව­ස්ථා­වට ප්‍රදේ­ශයේ මහා සංඝ­ර­ත්නය ද අන්‍ය ආග­මික පූජ­ක­වරු පැමිණ සිටීම විශේ­ෂ­ත්ව­යක් විය. ප්‍රදේ­ශයේ ආග­මික සිද්ධ­ස්ථා­න­වල පව­තින අඩු­පාඩු ද ගැටලු ද නිරා­ක­ර­ණ­යට එහිදී ජනා­ධි­ප­ති­තුමා අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේ ය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙම සංචා­ර­යේදී අනු­ර­පුර දිස්ත්‍රි­ක්කයේ පොදු­ජන පෙර­මුණේ සියලු අපේ­ක්ෂ­ක­යන් සංවි­ධා­නය කර තිබූ සියලු ජන­හ­මු­ව­ලට රාත්‍රි 8 පමණ වන­තු­රුම එක්විය.

පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂක වීර­සේන ගමගේ මහතා විසින් සංවි­ධා­නය කර තිබූ තවත් ජන හමු­වක් සිකු­රාදා දහ­වල් කැකි­රාව කුඹුක් සෙවණ ඉඩම ප්‍රදේ­ශ­යේදී පැවැ­ත්විය. එයට එක්වූ ව්‍යාපා­රික ප්‍රජාව පැව­සුවේ කැකි­රාව නගර සංව­ර්ධ­නයේ ඇති අඩු­පා­ඩුයි. ඔවුන් ඉල්ලා සිටියේ “නග­රය ලස්ස­නට හදලා දෙන්න.” යනු­වෙනි.

ඒ අනුව කැකි­රාව වෙළෙඳ සංග­මය විසින් කැකි­රාව නගර සංව­ර්ධ­නය සඳහා සුදුසු යෝජ­නා­ව­ලි­යක් ද ජන­පති වෙත පිළි­ගැ­න්වූහ‍. එය අධ්‍ය­යන කර අනා­ග­තයේ ඒ පිළි­බඳ අව­ධා­නය යොමු කරනු ඇත.

“පානීය හා ගොවි­තැන් කට­යුතු සඳහා යල කන්නයේ ඇති­වෙන ජල ගැටලු රැසක් අපට තිබෙ­නවා” ජන­තාව කරුණු දැක්වූහ. “ඒ පිළි­බ­ඳව සවි­ස්ත­රා­ත්මක විස්තර ජල­ස­ම්පා­දන හා ජලා­ප්‍ර­වා­හන මණ්ඩ­ලය වෙත ඉදි­රි­පත් කරන්න” ජන­පති අදාළ පිරි­සට දැන්වූහ. විවිධ ජාති ආග­ම්ව­ලට අයත් විවිධ ජන­තාව මෙහිදී තම සංස්කෘ­තික හා සාමා­ජික ගැටලු පිළි­බ­ඳ­වද ජන­ප­තිට කරුණු දැක්වූහ.‍ සම­හර ජන­තාව ජන­ප­තිට දීමට තම දුක්ගැ­න­විලි සඳ­හන් වූ ලිපි ද රැගෙන විත් තිබිණි. “අනේ සර් අපට උදව් කරන්න” ඔවුහු එතු­මාට තම ඉල්ලීම් සහිත ලිපි දුන්හ. ඒවා සතු­ටින් පිළි­ගත් ජන­පති එම ලිපි සියල්ල එකතු කර ලිපි ගොනු­වක බහා­ලනු දක්නට ලැබිණි. මෙම ප්‍රදේ­ශයේ ඇති ගණ දේවි කෝවිලේ අලු­ත්වැ­ඩියා කඩි­නම් කිරී­මට අවශ්‍ය පහ­සු­කම් ලබා­දී­මට ද ජන­ප­තිගේ අව­ධා­නය යොමු විය.

සිය ධූරයේ වැඩ ආරම්භ කිරී­ම­ටත් සිය උපන් දිනය සැම­රී­ම­ටත් අනු­රා­ධ­පු­ර­යම තෝරා ගත් අපේ ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අනු­ර­පුර ජන­තා­වට අමු­ත්තකු නොවු­ණත් එතුමා පැමිණි ජන හමු­ව­ලට අනු­ර­පුර ජන­තාව වැල නොකැඩී ආවේ එතු­මා­ටත් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තා­ටත් පොදු­ජන පෙර­මු­ණ­ටත් ජන­තාව දක්වන ඉහ­ළම කැමැත්ත නිසා­මය.

මෙම ජන­හ­මු­ව­ලදී “අලි මිනිස් ගැටුම ලොකු ප්‍රශ්න­යක්. අපිට ගෙව­ල්ව­ල­වත් ඉන්න බැහැ. වගා පාළු කර­නවා.” යනු­වෙන් ජන­තාව පැව­සූහ. ඒ අනුව ජන­පති ඊට විස­ඳුම් දීම ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට බාර­කළ අතර තව­දු­ර­ටත් එම ගැටුම් වැඩි­වීම වැළැ­ක්වී­මට ද අදාළ අංශ දැනු­ම්වත් කළේ ය. සිකු­රාදා අව­සාන ජන හමුව පැවැ­ත්වූයේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ මහතා වෙනු­වෙන් කුඩි­ච්ච­න්කු­ලම වැව අස­ලදී ය. ජනා­ධි­ප­ති­ව­රයා හා එම මැති­නිය ඇසළ පස­ළො­ස්වක දින තන්ති­රි­මලේ පුද­බිමේ ආග­මික වතා­ව­ත්ව­ලට පැමිණි අව­ස්ථාවේ විහා­රා­ධි­පති තන්ති­රි­මලේ චන්ද්‍ර­රත්න හිමි ජනා­ධි­ප­ති­ව­ර­යාට හා මැති­නි­යට ආශි­ර්වාද කළහ.

“ඔබ­තුමා අපේ රටේ ජනා­ධි­පති ලෙස පත්වීම හා රට ජාතිය ආගම වෙනු­වෙන් කරන මෙහෙ­වර අපි අගය කර­නවා. කොරෝනා රෝගය පැති­රීම වැළැ­ක්වී­මට ක්‍රියා­ත්මක කළ ක්‍රම­වේ­දය පිළි­බ­ඳ­වත් අපි ඔබ­තු­මාට ස්තුති­වන්ත වෙනවා.” චන්ද්‍ර­රත්න හිමියෝ පැව­සුවේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සුරතේ පිරිත් නූලක් බැඳ ආශි­ර්වාද කර­මිනි.

ජනා­ධි­ප­ති­තුමා ප්‍රමුඛ පිරිස ඇසළ පස­ළො­ස්ව­කදා වෙහෙ­ර­බැන්ද කුටිය රජ­මහා විහා­ර­ස්ථා­න­යට ද පැමි­ණි­යහ. එහිදී විහා­රා­ධි­පති උතු­රු­මැද පළාත් ප්‍රධාන සංඝ­නා­යක වැලි­සර ජින­ර­තන හිමියෝ පැව­සුවේ ජනා­ධි­ප­ති­තු­මාත් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාත් අපේ රට දියු­ණු­වට පත්ක­ර­න්නට ඉතාම සුදුසු සුසං­යෝ­ගය බවයි. “අපි අපේ ප්‍රදේ­ශයේ පාර­වල් ටික හදා­දෙන්න කියලා අග­මැ­ති­තු­මාට කිව්වා. මාස­යයි ගියේ පාර­වල් සේරම කාපට් කරන්න මහින්ද අග­මැ­ති­තුමා කට­යුතු කළා. රුපි­යල් කෝටි 11ක විය­ද­මින් මේ පාර­වල් ටික හැදීම පිළි­බ­ඳව අපි ඔබ­තු­මා­ටත් අග­මැ­ති­තු­මා­ටත් ස්තුති­වන්ත වෙනවා. ජින­ර­තන හිමියෝ පැව­සූහ. ජනා­ධි­ප­ති­තුමා පසුදා එනම් ඉරිදා දව­සම ගත කළේ පොළො­න්න­රුවේ පොදු­ජන පෙර­මුණේ ඡන්ද අපේ­ක්ෂ­ක­යන් සංවි­ධා­නය කළ ජන හමු­ව­ලට එක්වෙ­මිනි. මුල්ම ජන හමුව පැවැ­ත්වූයේ දිඹු­ලා­ගල දීය. රොෂාන් රණ­සිංහ හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රයා සංවි­ධා­නය කළ මෙම ජන හමු­වේදි ජන­තාව විසින් ගැටලු කිහි­ප­යක් ජනා­ධි­ප­ති­තු­මාට ඉදි­රි­පත් කළහ.

“ අපිට මේ පැත්තෙන් වී හාල් ඇති තරම් දෙන්න පුළු­වන්. සහල් හිඟ­යක් ඇති කිරී­මට අත­ර­මැ­දි­යන්ට ඉඩ දෙන්න එපා. ඒවා අරන් ගොවි­ය­න්ටයි පාරි­භෝ­ගි­ක­ය­න්ටයි සහන සල­සන්න පිය­වර ගන්න ජනා­ධි­ප­ති­තුමනි” එහිදී ගොවි නාය­කයෝ පැව­සූහ. එයට උත්තර දුන් ජනා­ධි­ප­ති­තුමා පැස­වුවේ විනාශ වෙමින් පව­තින සහල් ගබඩා වත්මන් රජය පත්වී­මත් සමඟ ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බවයි. “අපි හොඳ මිල­කට ගොවීන්ගේ වී මිලට ගැනී­මට වී අලෙවි මණ්ඩ­ල­යට උප­දෙස් දුන්නා. ඒ සඳහා විධි­මත් ක්‍රම­යක් සකස් කර තිබෙ­නවා. ඉදි­රි­යේදි වී ගොවියා ද රැක ගනි­මින් ගොවි­ය­න්ටත් පාරි­භෝ­ගි­ක­ය­න්ටත් ගැට­ලු­වක් නොවන අයු­රින් කට­යුතු කරන්න සූදා­නම්.” යැයි ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

පසු­ගිය ඉරිදා පොළො­න්න­රු­වට සිරි­පු­රදී ජන­ප­තිගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජන­හ­මු­වක් පැවැ­ත්වීය. ඊට අම­ත­රව මන­ම්පි­ටිය ප්‍රතිභා ශාලා­වේදී ද පැවැති තවත් ජන හමු­ව­කට එතුමා එක්විය. “මහ බැංකු බැදු­ම්කර වංචා­වට වග­කිව යුතු අයට ඉක්ම­ණින් දඬු­වම් දෙන්න. අපේ ඉල්ලීම ඒකයි”. ඒ ජන හමු­වේදි ජන­තාව හඬ නැඟුහ. ඒ සම­ඟම සිරි­පුර කාන්තා­වන් කිහි­ප­දෙ­නකු ද ජනා­ධි­ප­ති­තු­මා­ගෙන් ඉල්ලා සිටියේ “වන අලි ගම් වැදී­මට විස­ඳු­මක් ඉක්ම­නට ඕනෑ, අපිට ගොවි­තැන් කර ගන්න බැහැ. අපේ කොල්ල­න්ටත් රැකි­යා­වක් ලැබු­ණොත් උන්ට හොඳ කලක් යයි” යනු­වෙනි. ඒ පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­තුමා අදාළ නිල­ධා­රින්ට ඒ ඒ අව­ස්ථා­ව­ල­දීම සුදුසු පිය­වර ගන්නා ලෙස උප­දෙස් දුන්නේය.

“අනේ සර් මේ පැත්තේ අපේ පාස­ල්වල ගුරු­වරු අඩුයි. පාසල් උප­ක­ර­ණත් ළමයි තර­මට නැහැ.” පොළො­න්න­රුවේ අත්ත­න­ක­ඩල සිසු සිසු­වියෝ පිරි­සක් ජන­ප­තිට කීහ.

ඒ සම­ඟම රොෂාන් රණ­සිංහ හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රයා දෙසට හැරුණු ජනා­ධි­ප­ති­ව­රයා පැව­සුවේ “රොෂාන් මේ පැත්තේ පාස­ල්වල අඩු­පාඩු පිළි­බ­ඳව පූර්ණ වාර්තා­වක් අරන් මට එවන්න.” යනු­වෙනි. ඇළ­හැර ප්‍රදේ­ශයේ කුඩා පරි­මාණ ලෙස මැණික් ගරන අයට ද ගැටලු තිබිණි. “අපිට පොලි­සි­යෙන් හරි කර­දර. අපි මැණික් ගරන්නේ පරි­සර හිත­කා­මීව.” ඔවුහු ජන­ප­තිට කීහ.

“ඔබ සිය­ලු­දෙනා පරි­සර හිත­කාමී ලෙස ගැරීම් කර­න­වා­නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.” ජන­පති ඊට විස­ඳුම දුන්නේය.

මන­ම්පි­ටිය ප්‍රජා ශාලා­වේදි පැවැති ජන හමු­වට එක්වූ ජනා­ධි­පති තුමාට ප්‍රදේ­ශයේ මහා සංඝ­ර­ත්නය යෝජ­නා­ව­ලි­යක් බාර දුන්හ. එහිදී මහා සඟ­රු­වන විසින් ජනා­ධි­ප­ති­තුමා වෙත ආශි­ර්වාද කර­මින් සෙත් පිරිත් සජ්ඣා­ය­නා­වක් ද පව­ත්වනු ලැබූහ. ප්‍රතිභා ශාලාව වෙත ආ ගුරු­වරු පිරි­සක් ජන­ප­තිට පැව­සුවේ “සර් අපි­ටත් ප්‍රශ්න ගොඩක් තිබෙ­නවා. අපි ඒක යෝජ­නා­ව­ලි­යක් ලෙස ඔබ­තු­මාට ඉදි­රි­පත් කර­නවා.” යනු­වෙනි.

හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා සංවි­ධා­නය කළ පොළො­න්න­රුවේ ජන හමු­ව­ටද ජනා­ධි­ප­ති­තුමා එක්වය. “අපි ඔබ­තු­මා­ගෙන් රස්සා ඉල්ලන්නේ නෑ. අපිට ඕන මේ වැව් ටික හදා ගන්න.” කදු­රු­වෙල ජන හමු­වේදි ගොවි මහ­තෙක් ජන­ප­තිට පැවසූ ගැට­ලු­වකි.

“ජනා­ධි­ප­ති­තු­මනි මේ සැරේ අපිට පෝරත් ලැබුණේ හිමින් හිමින්. වෙලා­වට ලැබුණේ නැහැ. හොඳ බිත්තර වී හොයා­ග­න්නත් අමා­රුයි.” යැයිද කදු­රු­වෙල ගොවි සංවි­ධාන නිල­ධා­රි­යෙක් ජන­ප­තිට පැව­සුවේ තම ගොවි පර­පුරේ ගැට­ලු­ව­ලට විස­ඳුම් අපේ­ක්ෂා­වෙනි.

“පොහොර ගේන සමා­ග­ම්ව­ලට පසු­ගිය රජය ගෙවන්න ඕන. සල්ලි ගෙවලා තිබුණේ නෑ. අපි ඒවා ගෙවන්න අතුරු සම්මත ගිණු­මක් ඉදි­රි­පත් කළත් එජා­පය ඒක අනු­මත කිරී­මට උදව් දුන්නේ නෑ. ඒ නිසා පෝර ගෙන්වන කොට ප්‍රමාද වුණා. ඒ එක්කම කොරෝනා කාලේ පෝර ප්‍රවා­හ­න­යට ගැටලු ඇති­වුණා. නමුත් දැන් පෝර ඇති තරම් තිබෙ­නවා. දැන් ඒ ගැට­ලුව ඇති­වෙන්න ඉඩක් නැහැ.” ජනා­ධි­ප­ති­තුමා තම අද­හස පළ කළේය. මේ අනුව ජනා­ධි­පති ගේ රජ­රට මෙම සංචා­රය හුදෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යන්ගේ ජය­ග්‍ර­හ­ණය උදෙසා පම­ණක්ම සිදු කෙරුණු එකක් නොවීය. එය හුදෙක් රජ­රට මහා සංඝ­ර­ත්නය, ගුරු­ව­රුන්, ව්‍යාපා­රික ප්‍රජා­වගේ හා බාල මහලු සියලු ක්ෂේත්‍ර­වල පොදු ජන­තා­වගේ පොදු ගැටලු රැසක් විස­ඳී­මට මුල පුරනු ලැබූ චාරි­කා­වක් බව කිව යුතුය.

Comments