මහ­වැ­ලි­යට දිවි දුන් පාසල් ප්‍රේම­ව­න්තයෝ | සිළුමිණ

මහ­වැ­ලි­යට දිවි දුන් පාසල් ප්‍රේම­ව­න්තයෝ

හ­නු­වර මාතලේ දුම්රිය මාර්ගයේ දිගම පාලම මහ­වැලි ගඟේ දෙ ඉවුර යාක­ර­මින් ඉඳිව තිබෙන්නේ නාව­ල­තැ­න්නේය. නව­යා­ල­තැන්න හා මාවි­ල්මඩ අතර යන එන පිරිස් ඉඳ­හිට මෙහි ගමන් කරන්නේ ඉවුර දෙපැත්තේ ඇති මෙම ගම්මාන දෙකට යාහැකි කෙටිම මඟ ඒ ඔස්සේ වැටී ඇති බැවිනි. නව­යා­ල­තැන්න කළු පාලම ලෙසින් කවු­රුත් හඳු­න්වන මේ දුම්රිය පාලම බොහෝ විට පව­තින්නේ පාළු ස්වභා­ව­ය­කිනි. පාලමේ සිට අඩි 30 ක් පමණ පහ­ළින් මහ­වැලි ගඟ ගලා­යන්නේ පොල්ගොල්ල ජලා­ශය වෙතය.

හැඟීම් ඉදි­රියේ ජීවි­තයේ වටි­නා­කම තේරුම් නොගත් පාසැල් ළමුන් දෙදෙ­නෙකු දුර­දිග නොබලා ක්ෂණි­කව ගත් තීර­ණ­යක් හේතු­වෙන් නිසල ජල­කඳ කැළඹී තිබුණේ දියේ ගිලී ගිය ඔවුන්ගේ සිරුර සොය­න්නට ඔරු­වක් ආධා­ර­යෙන් පිරි­සක් උත්සාහ කර­මින් සිටි නිසාය. මේ ඔවුන් සොය­මින් සිටින්නේ කටු­ග­ස්තොට නව­යා­ල­තැන්නේ පදිංචි ශ්‍යාමලී හර්ෂණී රත්නා­යක නැමැති පහ­ළොස් හැවි­රිදි පාසැල් සිසු­වි­යගේ හා පල්ලේ­ත­ල­වින්න පදිංචි අකිල විජේ­රත්න නැමැති දහ­සය හැවි­රිදි පාසැල් සිසු­වාගේ සිරු­රය. ඊට විනාඩි 15 කට පමණ පෙර ඔවුන් දෙදෙනා ගඟට පැන තිබුණේ තමන් හැඩි­දැඩි කර­මින් අසී­මිත ආද­ර­යක් පුද කළ දෙම­ව්පි­යන් ඉදි­රි­යේ­දී­මය. හර්ෂ­ණීගේ මව හා පියාත් අකි­ලගේ පියාත් තම දරු­වන් බේරා දෙන ලෙස විලාප නගද්දී ඔවුන්ගේ දරු­වන් දිය­යට සැඟව ගොස් සිටි­යහ.

වැලි ගොඩ දැමී­මත් මාළු ඇල්ලී­මත් දෛනි­කව සිදු­ක­රන ආනන්ද වීර­ව­ර්ධන ඔරු­වෙන් ගඟ මැදට ගොස් කටු­ක­ම්බි­යක් ගඟ පතු­ලට යැව්වේ මේ අත­ර­තු­රය. ගැහැනු ළම­යාගේ නිසල සිරුර එහි පැටළී ජල­යෙන් මතු­පි­ටට ආවේය. එය මෙගො­ඩින් තබා යළිත් අකි­ලගේ සිරුර සොයා ගැනී­මට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුවේය. දවසේ වැඩි කාල­යක් ගඟ සමඟ සිටි නිසාම එහි හැසි­රීම පිළි­බඳ මනා අව­බෝ­ධ­යක් ආන­න්දට තිබිණි. පාල­මෙන් පැන දිවි­හානි කර­ගත් බොහෝ දෙනෙ­කුගේ සිරුරු ගොඩ­ගෙන පළ­පු­රු­ද්දක් තිබූ ඔහු ගං දියට පැන්නේ අකි­ලගේ සිරුර ගොඩ ගෙන ඒම­ටය. තුන්ව­රක් පමණ හිස් අතින් ජල­යෙන් මතුවූ ආනන්ද සිව්වැනි වර ජල­යෙන් මතු­වූයේ ප්‍රාණය නිරුද්ධ අකි­ලද සම­ඟිනි.

‘පුතා ඒ ගැහැනු ළමයා එක්ක රේල් පාලම මැද හිටියා. මම හිමින් හිමින් එයාලා ළඟට ගියා. ගඟට නම් පනින්න එපා පුතේ කියලා මම කෑ ගහලා කිව්වා. පුතා එයා ඇඳ­ගෙන හිටපු ජැකට් එක ගල­වලා රේල් පාරට දැම්මා. දරුවෝ දෙන්නා මම කිව්ව දේ ඇහුවේ නැහැ. දෙන්නම බදා­ගෙන ගඟට පැන්නා. මම මොනවා කර­න්නද කෑ ගහුවා. ඊට පස්සේ පාල­මෙන් එගො­ඩට ගිහින් එතන තිබුණු ඔරු­ව­කින් ළමයි වැටුණු තැනට ආවා. කිසිම හැල හොල්ම­නක් නැහැ. පුතා මේ පාර සාමාන්‍ය පෙළ කරන්න හිටියේ. පාසැල් වයසේ ළමයි ආදර සම්බ­න්ධතා ඇති­කර ගත්තම කොයි අම්මා තාත්තාද ඒවා අනු­මත කරන්නේ. අපි අතක් පයක් නොකඩා මේ තරම් දරු­වෙක් උස් මහත් කරන්න මොන තරම් මහන්සි වෙන­වද? මොන­ත­රම් කැප­කි­රීම් කර­න­වද? ළම­යිට ජීවිතේ නැති කර­ගන්න ලේසියි. අපි ජීවිත කාලෙම විඳ­වන්න ඕන.ඇත්ත­ටම අපි මැරි මැරී තමයි ජීවත් වෙන්නේ. පුතා පවුලේ වැඩි­මලා. එයාට නංගි කෙන­කුයි මල්ලි කෙනෙ­කුයි ඉන්නවා‘

අකි­ලගේ පියා­වන ආර්. එම් විජේ­රත්න එසේ පව­සන්නේ වාවා­ගත නොහැකි දුකක් සම­ඟිනි.

ළමුන් දෙද­නොගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී ප්‍රකා­ශ­යක් ලබා­දුන් හර්ෂ­ණීගේ මව වන විජිතා ප්‍රිය­ද­ර්ශනී මෙසේ කීවාය.

‘උදේ පාන්දර 2.00 ට විතර මම ඇහැ­රලා බල­න­කොට දුව ඇඳේ හිටියේ නැහැ. මම දුවගේ තාත්තට කතා කරලා දුව නැහැ කිව්වා. අපි ගෙදර අවට හොයලා නැති තැන එයා ආදර සම්බ­න්ධ­යක් පව­ත්වන දරුවා ඉන්න ගෙද­රට ගිහින් බලන්න හිතුවා. එයා­ලගේ ගෙවල් අපේ ගෙද­රට කිලෝ මීටර භාග­යක විතර දුර­කින් තියෙන්නේ. පොඩි දරුවෝ නිසා අපි මේකට තදින් විරුද්ධ වුණා. ඉගෙන ගන්න වයසේ මේවා කරන්න ගියාම අධ්‍යා­ප­නය කඩා­ක­ප්පල් වෙනවා. අපි අපේ ත්‍රීවිල් එකෙන් ඒ ළම­යාගේ ගෙද­රට ගියාම ඒ දරු­වත් ගෙදර හිටියේ නැහැ. ඒ පුතාගේ තාත්තා කිව්වා ආච්චි­ලාගේ ගෙදර පුතා නිදා ගන්න යනවා කියලා. පස්සේ අපි ඒ ගෙද­රට ගියා. ආච්චි­ලාගේ ගෙද­රත් ඒ ළඟ­මයි. එහෙත් ළමයා හිටියේ නැහැ. දෙන්නම කොහේ හරි යන්න ඇති කියලා අපි හිතුවා. උදේ කෝචි­චියේ මේ දෙන්නා නුව­රට යයි කියලා. හිතලා මායි මහ­ත්ත­යයි අකි­ලගේ තාත්තයි ත්‍රීවිල් එකෙන්ම කටු­ග­ස්තොට දුම්රිය ස්ථාන­යට ආවා. එතන ළමයි දෙන්නා හිටියේ නැහැ.ඊට පස්සේ කටු­ග­ස්තොට පොලී­සි­යට ගිහින් පැමි­ණි­ල්ලක් දැම්මා. එත­කොට වෙලාව පාන්දර 5.00 ට විතර ඇති.පොලී­සියේ ඉඳලා වීල් එකෙන් නව­යා­ල­තැන්න පැත්තට යන­කොට මම දැක්කා දුව රේල් පාලම උඩ ඉන්නවා. එයාගේ ටීෂර්ට් එකෙන් තමයි මම අඳුර ගත්තේ. මම කිව්වා අන්න ළමයි දෙන්නා ඉන්නවා කියලා. අකි­ලගේ තාත්තා වීල් එකෙන් බැහැලා ළමයි දෙන්නා ඉන්න පැත්තට දිව්වා. අපි එනවා දැක්කම ළමයි දෙන්නා පාලමේ මැදට ගියා. ඊට පස්සේ ළමයි දෙන්නා ගඟට පැන්නා‘

අද ළමයි සිහින ලෝක­වල ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ළඟම මිතුරා වෙලා තියෙන්නේ ජංගම දුර­ක­ත­නය. පවු­ලක අම්මා තාත්තා දරුවෝ එකට එකතු වෙලා කතා කරන්නේ නැහැ. අහ­ම්බ­යෙන් හරි එහෙම එකතු වීමක් වෙන්නේ ගෙදර ලයිට් ගියාම. දරු­වන්ට ජය පරා­ජය දරා ගන්න බැහැ. පළි­ගැ­නීම පුංචි කාලේ ඉඳලා එයා­ලගේ ජීවිත වලට ඇතුළු වෙනවා. දුක, වේද­නාව වගේ සිති­විලි ඇති වුණාම ක්ෂණි­කව ගන්නා තීරණ මත සිය­දිවි හානි­කර ගැනී­මට උත්සහ කරන සෑම කෙනෙක්ම කුමන හෝ හේතු­ව­කින් ජීවි­තය බේරු­ණොත් තමන් ගන්න ගිය තීර­ණය ගැන පසු­තැ­වෙ­නවා. අවා­ස­නා­ව­කට අකිල, හර්ෂණී වගේ බොහෝ දෙනෙකු මේ තීර­ණ­යේදී මර­ණය වැළඳ ගන්නවා. ඒ නිසා අපිට ඔවුන් මර­ණ­යෙන් ගැල­වී­මට ගත් උත්ස­හය අපිට දකින්න අහන්න ලැබෙන්නේ නැහැ. ආලය අන්ධයි කියා කිය­ම­නක් ගොඩ­නැ­ගිලා තිබෙන්නේ නිකන් නොවෙයි. ආද­ර­යෙන් බැඳු­ණම අනිත් සියලු දේවල් ඊට යට වෙනවා. විශේ­ෂ­යෙන් අධ්‍යා­ප­නය ලබන කාල­යේදී ආද­ර­යක පැට­ලු­ණාම අධ්‍යා­පන කට­යුතු වලට ලොකු බාධා ඇති වෙනවා. අපි ඉගෙන ගන්න ඕන කාලේ ඒකට මූලි­ක­ත්වය දෙන්න ඕන. මහ­නු­වර ජාතික රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත සුබ­සිංහ පව­සයි.

මිය­ගිය ළමුන් දෙදෙ­නාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මහ­නු­වර ජාතික රෝහලේ අධි­ක­රණ වෙද්‍ය නිල­ධාරී ශිව සුබ්‍ර­ම­නි­යම් විසින් සිදු කරනු ලැබීය. කටු­ග­ස්තොට පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්. එස්. උවි­න්ද­සිරි මහ­තාගේ උප­දෙස් මත සුළු පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කුල­සේන,පොලිස් සැර­යන් 47088 අම­ර­කෝන්,පොලිස් කොස්තා­පල් 66757 ඒක­නා­යක යන නිල­ධා­රීන් සිද්ධිය පිළි­බඳ පරී­ක්ෂණ පැවැ­ත්වූහ.

ඡායාරූප - එස්.ජී. විජේ­රත්න
කටු­ග­ස්තොට සමූහ
 

Comments