දවස් 115 කට පසු ඉස්කෝ­ලෙන් ලැබුණු අරුම පුදුම අත්දැ­කීම | සිළුමිණ

දවස් 115 කට පසු ඉස්කෝ­ලෙන් ලැබුණු අරුම පුදුම අත්දැ­කීම

පන්ති කාම­රයේ මීට­රයේ දුරස්ත බව තබා ගනි­මින්
පන්ති කාම­රයේ මීට­රයේ දුරස්ත බව තබා ගනි­මින්

දින 115 කට පසු යළිත් සිසුන් වෙනු­වෙන් පාසල් විවෘත වූයේ පසු­ගිය 6 වැනි­දාය. ඒ කොවිඩ් වසං­ග­ත­යෙන් ලංකාව යම් ආකා­ර­ය­කට සුර­ක්ෂිත විම හේතු­වෙනි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ විශේෂ උප­දෙස් හා මග­පෙ­න්වීම් මත සෞඛ්‍ය ආර­ක්ෂිත ක්‍රම­වේද අකු­ර­ටම පිළි­ප­දි­මින් අදි­යර කිහි­ප­යක් යටතේ මුල් වරට පාසල් විවෘත වූයේ පහ ශිෂ්‍යත්ව දරු­වන්ට සේම මෙවර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභා­ග­ය­නට පෙනී සිටින දරු­වන් වෙනු­වෙනි.

 

ඒ වන විටත් පළමු අදි­යරේ දරු­වන් පිළි­ග­න්නට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යෙන් නිසි උප­දෙස් මාලා­වක් නිකුත් කර තිබූ අතර එයට අනු­ගත වෙමින් පසු­ගිය ජුනි මස 29 වැනිදා සියලු පාස­ල්වල විදු­හ­ල්ප­ති­ව­රුන්, ගුරු­ව­රුන් ඇතුළු අධ්‍යන, අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩල සහ පාසල් කළ­ම­නා­ක­රණ මණ්ඩල පාසල් වෙත කැඳ­වන ලද්දේ පාසල් දරු­වන්ට කොවිඩ් හා ඩෙංගු වලින් තොර සුර­ක්ෂිත පාසල් පරි­ස­ර­යක් ඇති කර­න්න­ටය. ඒ අනුව කොවිඩ් වලින් අන­තු­රුව ලක්ෂ 8 කට ආසන්න දරු පිරි­සක් පසු­ගි­යදා යළිත් පාස­ල් වෙත පිවි­සියේ මෙතෙක් හුරු පාසල් දිවි­යට තර­මක් වෙනස් වූ නිරෝ­ධා­යන නීතිද අනු­ග­ම­නය කර­මිනි. මෙය දරු­වන්ට වෙනස්ම වූ අත්දැ­කී­මකි.

ස්වභාව ධර්මය කොත­රම් වෙනස් වුයේද යත් සුපු­රුදු කෙළි­දෙ­ළෙන් ගත කළ පාසල් දිවිය කොවිඩ් වසං­ග­තය නිසා­වෙන් සමු දෙන්නට සිදු­විය. අත්වැල් බැඳ­ගත් හිත­වත් කම අග­ය­මින් හිත­මි­තු­රන් සමඟ ගත කළ කෙළි­දොළ මෙදා අත් විඳි­න්නට ලැබුණේ නැත. දැඩි ආර­ක්ෂා­වක්, දැඩි සෞඛ්‍ය පිළි­වෙත් පාසල් පරි­ස­ර­යට ආගන්තුක වුවද, ඒ සියල්ල මෙදා පාසල් පරි­ස­ර­යෙන් දිස් වන්නට වූයේ පාසල තුළ අලුත් ලොවක් නිර්මා­ණය කර­මිනි.

අත් සෝදා පාස­ලට ප්‍රවිෂ්ට වන දරුවෝ

කොළඹ නාලන්දා විදු­හල වෙනදා තරම් කල­බ­ල­කාරී නැත. සැම දේම පිළි­වෙ­ල­කට සකස් වී තිබුණි. එහෙත් පෙර දිස් නොවු අමු­ත්තක් පාසල් පරි­ස­ර­යෙන්ම දිස්විය. අත් සෝදන බේසම් එක පේළි­යට විය. පාස­ලට ප්‍රවිෂ්ට වන ප්‍රධාන දොරටු දෙකෙන් පැමි­ණෙන සිසුන්ට මුලින්ම සිදු කළ යුතු වූයේ අත් සේදී­මය. තවත් පැත්ත­කින් කොවිඩ් වසං­ග­තය සම්බන්ධ අත් පත්‍රිකා ලබා දෙන සිසුන් පිරි­සකි. එක දිගට සකස් වූ අත් බේසම් වලින් අත් සේදූ දරු­වන් යළිත් පාසල් තුළට ප්‍රවිෂ්ට වන්නේ තවත් සෞඛ්‍ය ක්‍රියා­කා­ර­කම් රැස­කට මුහුණ දීමෙනි.

“ අත් සෝදා­ගත් දරු­වන් පෝලිමේ එන්න. හැමෝම මීට­ර­යක් දුරින් පර­ත­රය තබා ගෙන එන්න. “ ඊළඟ උණ බල­න්නට සූදා­නම් ය. මෙයට මනා ලෙස පුහුණු වූ ශිෂ්‍ය නාය­කයෝ ආර­ක්ෂික ඇඟ­ලුම් පැළඳ මේ රැදි සිටින්නේ කොවිඩ් මරුවා පරදා තම සහෝ­දර සිසුන් රැක ගන්න­ටය. එක් පසෙ­කින් පා දෝව­නය කරන විෂ­බී­ජය. මේ සිය­ල්ලම හරිම අපූරු ආකා­ර­යෙන් සිදු­ව­න්නේය. දරු­වෝද සැම­ටම සුදා­නම්ය. කොළඹ නාල­න්දාව පම­ණක් නොව සියලු පාසල් මේ ආකා­ර­යෙන් සිදු­වෙ­තැයි අනු­මාන කළෙමි.

මා විභා­ග­ව­ලට සූදා­නම් වන දරු­වන්ගේ පන්ති කාම­ර­යක් පිරි­ක්සු­වෙමි. නාල­න්දාවේ පන්ති කාමර විභා­ග­ය­කට මුහුණ දෙන ආකා­ර­යෙන් සූදා­නම්ව ඇත. පන­හක් සිටින පන්ති කාම­රයේ දැන් සිටින්නේ දරු­වන් අඩකි. පන්තියේ ගුරු­වරු දෙදෙ­නෙක්ම දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු වෙනු­වෙන් වෙහෙ­සෙන්නේ කෙසේ හෝ දරු­වන්ට අත­පසු වූ පාඩම් වැඩ යළි පරි­පූර්ණ කිරී­ම­ටය. පාසලේ ආපන ශාලා සියල්ල තව­මත් වසා දමා ඇත්තේය. දරුවෝ තම ආහාර පම­ණක් නොව වතුර බෝත­ල­යද නිව­සින් රැගෙන එන ලෙස උප­දෙස් දී ඇත්තේ දරු­වන්ගේ යහ­පත වෙනු­වෙනි.

පාසලේ විදු­හ­ල්ප­තිට කොවිඩ් වසං­ග­තය හමුවේ තම දරු­වන් රැක ගන්නට කළ යුතු බොහෝ දේ තිබුණි. සිසුන් 4500 කගේ ආර­ක්ෂාව සල­ස්ව­න්නට නාලන්දා විදු­හලේ විදු­හ­ල්පති තිලක් වත්තු­හේවා බොහෝ දේ කළේය. ඒ සඳහා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ පම­ණක් නොව පාසලේ ආදි සිසු සංගම්, ක්‍රීඩා සංගම්, ආදි නාල­න්දීය වෛද්‍ය සම්ගම් ඇතුළු ගුරු භව­තුන් මෙන්ම දෙම­වු­පි­යන් දැක්වූ සහය මෙතෙ­කැයි පැවැ­සිය හැකි නොවේ.

“ අපේ පාසලේ මුල් අදි­යරේ ආවේ සිසුන් 900 ක්. මේ වෙන කොට සිසුන්ගේ පැමි­ණීම සිය­යට 95ක් සාර්ථ­කයි. උසස් පෙළ සිසු­නගේ පැමි­ණීමේ යම් අඩු­වක් තියෙ­නවා. පන්ති කාම­රය, පාසල ප්‍රවිෂ්ට මාර්ගය වගේම පාසල් භූමිය විෂ­බී­ජ­හ­ර­ණය කිරීම ආරම්භ කරන්නේ පාන්දර 6 ට. සිසුන් 1.30 හා 3.30 ට පාසල් අව­සන් වූ පසු පන්ති කාමර විෂ­බී­ජ­හ­ර­ණය කර දොර අගුලු දානව. පාසල් සිසුන් 50 කට එක අත් සෝදන බේස­මක් තිබෙන පරිදි මේ වන විට බේසම් 50 ක් සවි කළා. දැනට ගුරු­වරු සිය­යට 50 ක් පමණ පාස­ලට එනවා. විශේෂ රාජ­කා­රි­යක් නොමැ­ති­නම් මේ ගුරු­වරු තමන්ට හිමි කාල පරි­ච්ඡේ­දය උගන්වා නිව­සට යා හැකියි. අපි උදෑ­සන රැස්වීම් පව­ත්වන්නේ පන්ති මට්ට­මින්. ඒ දුර­ස්ත­භා­වය පව­ත්වා­ගෙ­නයි. දරු­වන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගන්නට මූලික ක්‍රීඩා පුහු­ණු­වීම් කර­නවා. මෙවර උසස් පෙළ විභා­ග­යට මුහුණ දෙන සිසුන්ට විශේෂ වැඩ සට­හ­නක් සකස් කළා. ඒ අයට සවස 3.30 වන කෙත් කාල පරි­ච්ඡේද වෙන කර පුන­රී­ක්ෂණ අභ්‍යාස සිදු කෙරෙ­නවා. මේ නිසා දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු සිදු කරන්න පාසල සූදා­නම්. දරු­ව­න්ගේන් අපි ඉල්ලා සිටින්නේ පාස­ලට පැමිණ තම අධ්‍යා­පන කට­යුතු සාර්ථ­කව කර ගෙන යන්නට අපිට සහ­යෝ­ගය දෙන ලෙසයි.“ ඒ නාල­න්දාවේ විදු­හ­ල්පති තිලක් වත්තු­හේවා පව­සයි.

දැන් දරු­වන්ට මේ අපූරු පුරුදු හොඳට හුරුය. පුරා මාස හත­රක් බිහි­සුණු කොවිඩ් වසං­ග­ත­යෙන් ලෝක­යාට වූ හානිය මේ දරු­වන්ගේ මනසේ පැල­ප­දි­යම්ය. එළ­ඹෙන ජූලි 20 වැනිදා තවත් පිරි­සක් මේ සට­නට සූදා­නම්ය. ඒ දෙවැනි අදි­ය­රට සිසුන් පාස­ලට පැමි­ණෙන නිසා­වෙනි. ලංකාවේ සිය­ලුම පාසල් ඊට මුහුණ දීමට මේ වන විටත් සූදා­න­මින් සිටිති. 1සහ 2 ශ්‍රේණි හැරුණු විට සෙසු සියලු ශ්‍රේණි වල දරු­වන් වෙනු­වෙන් පාසල් ආරම්භ කරන්නේ ජූලි මස 27 වැනිදා ය. මෙම වැඩ­පි­ළි­වෙ­ළෙහි අව­සන් අදි­යර යටතේ 1සහ 2 ශ්‍රේණි සිසු දරු­වන් පාසල් වෙත කැඳ­වනු ලබන්නේ අගෝස්තු මස 10 වැනි සඳුදා දින සිටයි.පාසල් සියල්ල යළි සජී­වී­ක­ර­ණ­යට පත්වන දිනය වැඩි ඈතක නැත.

කොළඹ නාලන්දා විදු­හ­ලෙන් අන­තු­රුව අප කාන්තා පාස­ලක් සොයා ගියෙමු. දේවි බාලි­කාවේ කොවිඩ් වසං­ග­ත­යෙන් අන­තු­රුව නිරෝ­ධා­යන නිති අනු­ග­ම­නය කර­මින් පාස­ලට පිවි­සීමේ පළමු අත්දැ­කී­මට මුහුණ දෙන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් කිහිප දෙනෙකි. දේවි බාලි­කා­වට ඇතුළු කර ගන්නේ දැඩි ආර­ක්ෂක ක්‍රම­වේද අනු­ග­ම­නය කර­මිණි. මීට­රයේ දුර සල­කුණු කර­මින් අත් සේදිම ඉන් අන­තු­රුව සිදු­වෙයි. උණ බැලීම පා විෂ­බී­ජ­හ­ර­ණය ඇතුළු සෞඛ්‍ය විදි පෙර සේමය. සිසු­වි­යන් 3100 සිටින මේ පාසලේ මේ වන විට පැමි­ණෙන්නේ සිසුන් 225 ක් පම­ණය. ඔවුන්ගේ පැමි­ණිම සිය­යට 90 ක් පමණ බව එම විදු­හලේ විදු­හ­ල්ප­ති­නිය වන ප්‍රදීපා සම­ර­සිංහ පව­ස­න්නීය.

“ අපේ පාසලේ උසස් පෙළ ළමයි මේ වන විට නිවසේ සිට දුරස්ත අධ්‍යා­පන කට­යුතු ඒ විදි­ය­ටම සිදු කර ගෙන යනවා. සාමාන්‍ය පෙළ පන්ති වල සිසුන්ට විශේෂ කාල සට­හ­නක් සකස් කළා. මුලින්ම මේ දරු­වන්ගේ මාන­සික සෞඛ්‍ය වෙනු­වෙන් වැඩ සට­හ­නක් කළා. මේ වන විට මේ සිසුන් භාවිතා කරන්නේ පන්ති කාම­රය වෙනු­වෙට ශාලා දෙකක්. මේ ශාලා දෙකේ ළමයි මීට­රයේ දුර­ස්ත­බව තබා වාඩි වි සිට අධ්‍යා­පන කට­යුතු කර­ගෙන යනවා. විනාඩි 55 කාල පරි­ච්ඡේද වශ­යෙන් තමයි ඉගැ­න්වීම් සිදු කරන්නේ. විවේක කාලය වෙන­දාට වැඩි­යෙන් විනාඩි 40 ක් ලබා දෙනවා. පාස­ලට සියලු ළමුන් පැමිණි පසු විවේක කාල තුනක් ලබා දෙනවා. දරු­වන්ට අස­නීප වුණොත් ඒ සඳහා වෙන­මම කාමර දෙකක් අපි සකස් කළා....“ ඇය පව­ස­න්නීය.

ලංකාවේ බොහෝ පාසල් සිය අධ්‍යා­පන කට­යුතු කොවිඩි වසං­ග­ත­යෙන් අන­තු­රුව යළි ආරම්භ වූයේ මේ අයු­රිනි. කොවිඩ් අභි­යෝ­ගය හේතු­වෙන් දීර්ඝ කාල­යක් පාසල් වසා තැබී­මට සිදු­වීම නිසා දරු­වන්ගේ අධ්‍ය­යන කට­යු­තු­ව­ලට සිදු වූ බල­පෑම පිළි­බඳ අව­බෝධ කර­ග­නි­මින් මෙම කාලය තුළ පාස­ලෙහි වාර විභාග, ක්‍රීඩා තරග හෝ වෙනත් විෂය බාහිර කට­යුතු සිදු කිරීමේ මේ වන විට තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇත. ඒ වෙනු­වට ඉගෙ­නුම් ක්‍රියා­ව­ලිය සඳහා ම පම­ණක් පාසල තුළ අවශ්‍ය පසු­බිම සැක­සී­මට පාසල් ප්‍රධා­නීහු දායක වී ඇත. කෙසේ වෙතත් කොවිඩි වසං­ග­තය නිසා අපේ දරු­වන්ට පාසල් කට­යුතු අත­පසු වන්නට අධ්‍යා­පන බල­ධා­රිහු විදු­හල් ප්‍රධා­නීහු ඉඩ දුන්නේ නැත. දැන් දරු­වන්ට ඕනැම අභි­යෝ­ග­ය­කට මුහුණ දිමට හැකිය.

 

ඡායාරූ - කැලුම් ලිය­නගේ

Comments