ගිනි­යම් දෙප­යින් කඳ දෙවි අඩ­වි­යට එන පාර්ව­තීලා මුරු­ගන්ලා නැති මෙවර කත­ර­ගම පෙර­හර | සිළුමිණ

ගිනි­යම් දෙප­යින් කඳ දෙවි අඩ­වි­යට එන පාර්ව­තීලා මුරු­ගන්ලා නැති මෙවර කත­ර­ගම පෙර­හර

ඓති­හා­සික රුහුණු කත­ර­ගම මහ දේවා­ලයේ වාර්ෂික ඇසළ මහෝ­ත්ස­වය මෙරට ජන­තා­වගේ ඉම­හත් භක්ත්‍යා­ද­ර­යට පාත්‍ර වූ ජාතික වශ­යෙන් ඉතා වැද­ගත් සංස්කෘ­තික මංග­ල්‍ය­යක් ලෙස සැල­කෙයි. මෙවර එය පැවැ­ත්වෙන්නේ 2248 වැනි වර­ටය. 2020 ජුලි මස 21දා ආරම්භ වන මෙම මහෝ­ත්ස­වය අගෝස්තු මස 04වනදා මැණික් ගගේ දිය කැපී­මෙන් අව­සන් වීමට නිය­මි­තය. එන­මුත් කොවිඩ් 19 වසං­ගත තත්ත්වය හේතු­වෙන් මෙවර එය වෙනදා මෙන් මහත් උත්ස­ව­ශ්‍රී­යෙන් පැවැ­ත්වී­මට හැකි­යා­වක් නැත.

එනිසා මෙවර පෙර­හැර මංගල්‍ය පැවැ­ත්වෙන කාල සීමාව තුළ පූර්ණ වශ­යෙන් මහ­ජ­න­තා­වට ආග­මික කට­යුතු සඳහා සහ­භාගී වීමට හෝ නැර­ඹී­මට අව­ස්ථාව හිමි නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ජන­තාව දැනු­වත් කිරී­මට පිය­වර ගෙන තිබේ. වෙනදා දේව මංගල්‍ය සඳහා උතුරු නැගෙ­න­හිර සිට ඔකඳ කුමන, යාල වනෝ­ද්‍යා­නය හරහා පාග­ම­නින් කත­ර­ගම පුද­බිම වෙත පැමි­ණෙන පිරි­සට අවශ්‍ය පහ­සු­කම් සැප­යීම චාරි­ත්‍ර­යක් ලෙස පැව­තුණ ද මෙවර එය කළ නොහැකි තත්ත්ව­යට පත්ව ඇත. මේ හේතුව නිසා මෙවර ඒ සඳහා අව­සර ලබා නොදී­මට තීර­ණය කර ඇත. එසේම ඇසළ මංග­ල්‍යය පැවැ­ත්වෙන කාල සීමාව තුළ කත­ර­ගම පූජා නග­රය තුළ මහ­ජ­න­තාව ඒක­රාශී වීම වැළැ­ක්වීම සඳහා කත­ර­ගම පුද බිමට පැමි­ණී­මට අව­සර ලබා නොදී­මට ද තීර­ණය කර ඇත.

දේව උත්ස­වය හා බැඳුණු ඓති­හා­සික කරුණු විමසා බැලී­මේදී කත­ර­ගම මහා දේවා­ලයේ ප්‍රධාන පෙර­හර 03ක් දැකිය හැකිය. බක් මහ පෙර­හර, ඇසළ පෙර­හර සහ ඉල් මහ පෙර­හර යනු ඒ ත්‍රිත්ව­යයි. අප්‍රේල් මාසයේ අවු­රුදු දින­යේදී දේවා­ලය ඉදි­රි­පිට කිරි උතු­රවා දේවා­ලය වසා එදින රාත්‍රි­යේදී කත­ර­ගම දේවා­ල­යෙන් පිට­වන පෙර­හර පිට­වී­දිය ඔස්සේ වල්ලි­අම්මා දේවා­ල­යට පිවිසේ. එහිදී විශේෂ පුද පූජා පවත්වා නැව­තත් මහ­වී­දිය ඔස්සේ කත­ර­ගම මහා දේවා­ල­යට පිවි­සී­මෙන් එය නිමා­වට පත්වේ. මෙය එක්දින පෙර­හ­රකි. මෙම පෙර­හරේ අර­මුණ වන්නේ වර්ෂයේ මුල්ම පෙර­හර ලෙස චාරිත්‍ර ඉෂ්ඨ කර දෙවි­යන් සතුටු කිරී­මයි. අන­තු­රුව ඇසළ මහා පෙර­හර ආර­ම්භය සනි­ටු­හන් කර­මින් කප් සිටු­වීමේ පෙර­හර පැවැත්වේ.

කත­ර­ගම පුද­බි­මෙහි පැවැ­ත්වෙන වාර්ෂික ආග­මික උත්සව සහ පෙර­හර අතර ප්‍රමු­ඛ­ත්වය හිමි­වන්නේ ඇසළ උත්ස­ව­ය­ටය. දින 15 කට ආස­න්නව පැවැ­ත්වෙන මෙම උත්ස­වයේ පළමු අංගය වන්නේ කප් සිටු­වීමේ චාරි­ත්‍ර­යයි. ඉන්පසු ඇසළ උත්ස­වය ආර­ම්භ­වන අතර; ගිනි පෑගීම, දිය කැපීම ආදී සියලු දේව පූජා­වන් සිදු වන්නේ බුදු දහ­මට ප්‍රමු­ඛ­ත්වය දෙමිනි. එය අතී­තයේ සිට පැවත එන සම්ප්‍ර­දා­යකි. වල්ලි අම්මා හා කත­ර­ගම දෙවි­යන් විවාහවීමේ ප්‍රීතිය නිමි­ත්තෙන් මෙම උත්ස­වය සම­රනු ලබන බව ජන­ප්‍ර­වා­ද­ගත පිළි­ගැ­නී­මය.

ඇසළ උත්ස­වයේ සමා­ර­ම්භය සනි­ටු­හන් වන්නේ කප් සිටු­වීමේ චාරි­ත්‍ර­යෙනි. කප් සිටු­වී­මෙන් පසුව පෙර­හර ආරම්භ වීමට පෙර දින චාරි­ත්‍රානු­කූ­ලව සර්ව රාත්‍රික පිරිත් දේශ­න­යක් පූජා භූමිය තුළ පිහිටි සංඝා­වාස භූමියේ සකස් කෙරුණ විශේෂ පිරිත් මණ්ඩ­පය තුළ දී පැවැ­ත්වෙයි. එයද චිරා­ගත සම්ප්‍රදා­යකි. බස්නා­යක නිලමේ තුමාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම පිරිත් දේශ­නය පැවැත්වේ. පසු­දින ආර­ම්භ­වන පෙර­හර මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා දේවා­ශී­ර්වා­දය ලබා ගැනී­මත් සියලු රට වැසි­යන් සඳහා ආශී­ර්වා­දය ලබා ගැනී­මත් මෙහි මුඛ්‍ය පර­මා­ර්ථය වේ. අව­සන මහ පෙර­හර පවත්වා දිය කැපීමේ චාරි­ක්‍ර­යෙන් ඇසළ පෙර­හර මංග­ල්‍යයේ සියලු කට­යුතු හමාර වේ.

කත­ර­ගම දෙවි­යන් මෙරට වැඩ­ව­සන සත­ර­ව­රම් දෙවි­ව­රු­න්ගෙන් කෙනකු ලෙස 14වන සිය­ව­සට අයත් නිකාය සංග්‍ර­හ­යෙහි සඳ­හන් වේ. ස්කන්ද කුමා­රො­ත්ප­ත්තිය පිළි­බ­ඳව භාර­තීය දේව කතා­ව­ලියේ කතා ප්‍රවෘත්ති කිහි­ප­යක ම සඳ­හන් වේ. හින්දූන්ගේ විශ්වා­සය අනුව මොහු යුද්ධ­යට අධි­පති දෙවි­යෙකි. මේ දෙවි­යන්ගේ උප්ප­ත්තිය පිළි­බ­ඳව බ්‍රහ්ම පුරා­ණය, වායු පුරා­ණය, මත්ස්‍ය පුරා­ණය ආදි­යෙත් වෙනත් පුරා­වෘ­ත්ත­ව­ලත් සඳ­හන් ව තිබේ. එක් කතා ප්‍රවෘ­ත්ති­යක දැක්වෙන්නේ සුරා­සුර යුද්ධ­යේදී පරා­ජ­යට පත්වෙ­මින් සිටින සුර­යන්ගේ හමු­දාවේ නාය­ක­ත්වය දැරී­මට හමු­දා­ප­ති­ය­කුගේ අව­ශ්‍ය­තාව පැන නැඟුණ බැවින් ඒ අඩුව සම්පූර්ණ කර ගැනීම සඳ­හාය ස්කන්ධ කුමාර ජන්මො­ත්ප­ත්තිය සිදු වූ බව ය.

මෙරට ඉති­හා­සය තුළ අනු­රා­ධ­පුර රාජ­ධා­නිය පිහි­ටුවා වසර දහ­ස­ක්‌ ­ග­ත­ව­න­තෙක්ම ජන­තා­වගේ අව­ධා­න­යට යොමුව ඇත්තේ දෙවි­ව­රුන් තිදෙ­නෙකු පමණි. ස්කන්ධ කුමාර, ශ්‍රී විෂ්ණු හෙවත් උපු­ල්වන් සහ සුමණ සමන් යනු එකි දෙව්ව­රුන් තිදෙනා ය. මෙරට ආර­ක්‍ෂක දෙවි­යකු වශ­යෙන් කත­ර­ගම දෙවි­ඳුන්ට විශේෂ තැන­ක්‌ ­හි­මිවේ. එමෙන්ම මෙරට ග්‍රාම­යන්ට හා ප්‍රදේ­ශ­යන්ට අධි­ගෘ­හිත දෙවි­යකු වශ­යෙන් ගෞර­වා­ද­ර­යට පත්වන හෙතෙම බෞද්ධ දෙවි­යෙකි. බුදු­ර­ජා­ණන් වහන්සේ තෙවැ­නි­වර ලක්‌දිව කාච­ර­ග්‍රා­ම­යට හෙවත් කත­ර­ගම කිරි­වෙ­හෙර පිහිටි ස්ථාන­යෙහි ඇති කිහිරි වෘක්‍ෂ මූල­යෙහි රහ­තන් වහ­න්සේලා 500 නම­ක්‌ ­පි­රි­වරා වැඩ සිටි­මින්, කත­ර­ගම අග්‍ර රාජ­ධා­නිය කොට විසූ මහ­සේන නම් රජු ප්‍රධාන පිරි­සට දහම් දෙසා සෝවාන් ඵල­යෙහි පිහි­ටුවා ඇත. පසුව මහ­සේන රජුට එම ස්‌ථානය රැක­ව­ර­ණය කරන ලෙස භාර කර ඇත. එනිසා අදත් මතු­ව­ටත් එම ස්‌ථානයේ දේව ආත්ම­ලා­භීව එතුමා වැඩ සිටි­තැයි බෞද්ධයෝ විශ්වාස කරති. මහ­සේන දෙවි­යන් කත­ර­ගම කන්දේ මනු­ෂ්‍ය­යකු වේෂ­යෙන් වැඩ සිටින හෙයින්ද දේව ආත්ම­ලා­භීව දේව විමා­නයේ වැඩ­ව­සන හෙයින් ද ස්‌කන්ධ කන්ද කුමාර යන නම ව්‍යව­හා­ර­යට පැමිණ තිබේ.

කඳ­කු­මරු හා වල්ලි අම්මාගේ විවා­හය සිදු වූවා යැයි සල­කනු ලබන්නේ ඝන(කැලෑ) දේවා­ලය පිහිටා ඇති සෙල්ල කත­ර­ග­ම­දීය. ඉල්මස උත්තර පල් නැකත යෙදෙන දින­යක එය සිදු වී ඇත. මේ පිළි­බඳ අපූරු ජන­ප්‍ර­වා­ද­යක් පවතී. “ගම්ම­න්ඩිලා වන්නිලා ඇත්තෝ නම් වැදි නාය­ක­යාට පුතුන් දෙළො­ස්දෙ­නෙකු සහ එක දුව­ක‌ ­සි­ටි­යේය. මේ දිය­ණිය වල්ලි නම් විය. කඳ කුමරු මහලු වෙස්‌ගෙන වළලු වෙළෙ­න්දෙකු සේ පැමිණ වල්ලිය රැගෙන යෑමට උත්සාහ කළ අව­ස්ථා­වේදී ගස් අතු­ව­ලින් දෝලා­ව­ක්‌ ­සදා දුන්නේද වැඳි ජනයා ය. මේ නිසා කත­ර­ගම පෙර­හැරේ වල්ලී දේව­මෑ­ණි­යන්ට හා වැදී වර්ග­යාට විශේෂ තැන­ක්‌ ­හිමි වේ. කඳ කුමරු වල්ලිය රැගෙන පළා යන විට ද්‍රවිඩ ජනයා සෙල්ල කත­ර­ගම සිටි කඳ කුම­රුට හූ කිවූ අතර, එම අව­ස්ථා­වේදී කඳ කුමරු ඔවු­නට ශාප කර ඇත.

එදා පටන් හින්දු ජනයා කත­ර­ග­මට පැමිණ හරෝ හරා කිය­මින් කටේ, පිටේ උල් ගසා­ගෙන බිම පෙරළි පෙරළි දෙවි­යන් වඳි­තියි විශ්වාස කරති. එම දේව දඬු­වම සිහි­වීම පිණිස වල්ලි අම්මා දේවා­ලයේ කපු­වල ඇත්තෝ ඌන­පාන වරි­ගයේ බණ්‌ඩිලා ඇත්තෝ අදත් පෙර­හැරේ එලෙස ගමන් කරති. කත­ර­ගම රජ­මහා විහා­රය සහ රුහුණු කත­ර­ගම මහා දේවා­ලය ජාති ආගම් භේද­ව­ලින් තොරව ජනී­ජ­නයා එක් රොක්වන ස්ථාන­යකි.

Comments