කුසල්ට පල­දුන් අකුස­ල­­යෙන් ජීවි­ත­යක් අහිමි වෙයි | සිළුමිණ

කුසල්ට පල­දුන් අකුස­ල­­යෙන් ජීවි­ත­යක් අහිමි වෙයි

රථය සහ පාපැදිය අනතුරට පත්වී තිබූ ආකාරය
රථය සහ පාපැදිය අනතුරට පත්වී තිබූ ආකාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩා­යම නියෝ­ජ­නය කරන කුසල් මෙන්ඩිස් ක්‍රිකට් ක්‍රීඩා­වේදී මෑත කාලයේ බොහෝ සේ කතා­බ­හට ලක්වූ චරි­ත­යකි. කොරෝනා වසං­ග­තය සමඟ ක්‍රිකට් ක්‍රීඩා­ව­ටද තාව­කා­ලික ‘තිත‘ක් තැබුණු හෙයින් කුසල් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් පිළි­බ­ඳව සමා­ජ­යෙහි එත­රම් කතා­බ­හක් පසු­ගිය දින­වල සිදු නොවිණි.කෙසේ හෝ කුසල් පිළි­බ­ඳව නැව­තත් කතා­බ­හක් ගෙවී ගිය දින කිහි­පයේ කර­ළි­යට පැමි­ණි­යේය. ඒ, ක්‍රිකට් නිසා නොව පසු­ගිය 5 වැනිදා අලු­යම් කාලයේ කුසල්ගේ අප­රී­ක්ෂා­කාරි රිය ධාව­නය නිසා­වෙන් අස­රණ මිනිස් ජීවි­ත­ය­කට නිර­ප­රාදේ මෙලොව හැර යාමට වූ හෙයිනි. එලෙස කුසල් පැදවූ රියේ හැපි මර­ණ­යට පත් වූයේ පෞද්ග­ලික බස් කොන්දො­ස්ත­ර­ව­ර­යකු වූ 64 හැවි­රිදි ටී. නෙවිල් පීරිස්ය. පාණ­දුර - මොර­ටුව, පරණ ගාලු පාරේ, හොරේ­තු­ඩුව, 13 කණුව ප්‍රදේ­ශයේ මද්‍ර­සා­තුල් මුස්ලිම් පල්ලිය අසල එම මාරක රිය අන­තුර සිදු වී තිබිණි.

වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩා­යම නියෝ­ජ­නය කරන සියලු ක්‍රීඩ­ක­යන් මෙන්ම පැරැණි ක්‍රීඩ­ක­යන්ද එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට්හි කාර්ය මණ්ඩ­ලයේ නියුතු වූව­කුගේ විවාහ උත්ස­ව­යක් නිමි­ත්තෙන් පසු­ගිය හතර වැනිදා රාත්‍රියේ තලං­ගම ප්‍රදේ­ශයේ පැවැති සාද­ය­කට කුසල්ද එක්ව තිබු­ණේය. එම සාද­යෙන් අන­තු­රුව කුසල්, තවත් ක්‍රීඩ­ක­යන් කීප­දෙ­නෙක්ම තමාගේ WP-CBA 4455 දරන රේන්ජ් රෝවර් වර්ගයේ සුඛෝ­ප­භෝගී රථ­යෙන් නිවෙ­ස්ව­ලට ඇර­ලවා ජාතික කණ්ඩා­යමේ තවත් ක්‍රීඩ­ක­යෙක් වන මොර­ටුව ප්‍රදේ­ශ­යේම වෙසෙන අවිශ්ක ප්‍රනාන්දු සමඟ අන­තුර සිදු­වන මොහොතේ ගමන් කර­මින් සිටි බව වාර්තා වේ. ඒ අන­තුර සිදුවූ ස්ථානයේ සිට මඳ දුර­කින් පිහිටි නිවෙස් බලාය.

ඒ අතරේ කලෙක සිටම මොර­ටුව - පාණ­දුර පෞද්ග­ලික බස් රථ­යක කොන්දො­ස්තර රැකි­යා­වෙහි නිරත වන නෙවිල් පීරිස්ද රැකි­යා­වට යාමට සූදා­නම් වූයේය. පාණ­දුර, ගොර­කා­පොළ, ඥාන­සේන නාහිමි මාවතේ කුලී නිවෙ­සක විසූ නෙවිල් පස්වැ­නිදා අලු­යම 4.30ට පමණ පිටත්ව ගොස් තිබුණේ බිරිය සාදා දුන් තේ කෝප්ප­යද තොල ගාමින් අන­තු­රු­වයි. ඒ, බස්ර­ථය තිබූ කොර­ළ­වැල්ල නිවෙ­සට යෑමේ අටි­යෙනි. එදින ඉරිදා දින­යක් වූ හෙයින් කිසිදු හාහූ­වක් නැති මාර්ගයේ නෙවිල් ගමන් කර­මින් තිබුණේ සැමදා ගමන් කරන පාපැ­දි­යෙනි. එහෙත් ඔහුට වැඩි දුරක් යෑමට නොහැකි විය. වේලාව හරි­ය­ටම අලු­යම 5.07 සට­හන් වූවා පමණි.

ඒ මොහොතේ මොර­ටුව දෙස සිට වැරැදි මංතී­රුවේ විදුලි වේග­යෙන් ඇදුණු කුසල් පැදවූ රථය නෙවිල් ගමන් කළ පාපැ­දිය කුඩු පට්ටම් කර­මින් ඇදී ගියේ කිසි­ව­කුට කිසි­වක් සිතා­ගත නොහැකි ලෙසිනි. එලෙස කුසල්ගේ රථය පාපැ­දියේ ගැටෙන ආකා­රය අසල සීසී­ටීවි කැම­රා­වක සට­හන් විණි. කුසල්ගේ රථය ගැටී­මෙන් නෙවිල් පැද­ගිය පාපැ­දිය පොඩි පට්ටම් වී තිබිණි.එසේම සීසී­ටීවී කැම­රාවේ සට­හන්ව තිබෙන පරිදි කුසල් වැරැදි මංතී­රුවේ යන ආකා­ර­යට විරුද්ධ දිශා­වෙන් වෙනත් වාහ­න­යක් පැමි­ණියේ නම් මෙකී කතා­න්ද­රය මීට හාත්ප­සින්ම වෙනස් වන්නට ඉඩ තිබු­ණේය. මීටර් ගණ­නා­වක් දුරට යන තෙක් තම රථයේ කිසි­වෙක් වැදු­ණේද යන්න කුසල් නොදැන සිටි බවට වාර්තා වන අතර, ඔහු එක පිම්මේම ගොස් නතර වී ඇත්තෙ සිය නිවෙසේ බව­ටද සැල වේ.

මියගිය‍ නෙවිල්ගේ පුත් චතුරංග දේහය අසළ

අන­තුර සිදුවූ ස්ථානයේ විනාඩි 40ක පමණ කාල­යක් වැටී සිටි නෙවිල් දුටු මාර්ගයේ ගමන් ගත් අයෙක් ඔහු පිළි­බ­ඳව දන්වා තිබුණේ පාණ­දුර උතුර පොලි­සි­ය­ටයි. සැණින් පාණ­දුර උතුර පොලි­සියේ රාත්‍රී ජංගම රථයේ නිල­ධා­රින් එම ස්ථාන­යට පැමිණ බර­ප­තළ තුවාල සිදුව වැටි සිටි නෙවිල් 1990 සුව­සැ­රිය ගිලන් රථ­ය­කින් පාණ­දුර රෝහ­ලට ඇතු­ළත් කරන විටත් මිය­ගොස් සිටි බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැවැ­සීය.එලෙස නෙවිල් රෝහ­ලට ඇතු­ළත් කරන විටත් මිය­ගොස් සිටි­යද අන­තුර සිදුවී පැය­කට පමණ පසු කුසල් තම පියා සමඟ පැමිණ පාණ­දුර උතුර පොලි­සි­යට බාර වී තිබු­ණේය. පාණ­දුර උතුර පොලි­සියේ අත්අ­ඩං­ගු­වට පත් කුසල් බීමත්ව සිටි­යේද යන්න හෙළි­කර ගැනී­ම­ටද පරී­ක්ෂා­වක් සිදු කෙරිණි. අධික විඩාව නිසා නින්ද යෑම නිසා එලෙස රථය ධාව­නය වූ බව කුසල් පොලි­සි­යට පවසා තිබු­ණේය.

මාරක රිය අන­තු­රින් මිය­ගිය සිරු­රට කෙත­රම් හානි වී තිබු­ණේද යත් දේහය දින­කට පසු සීල් කර­න්නට ද වූ බව නෙවිල්ගේ පුත් චතු­රංග අපට කීවේය.පසු­ගිය 06 වැනිදා පාණ­දුර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ කුසල් රුපි­යල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට මහේ­ස්ත්‍රාත් චන්දන කලං­සූ­රිය නියෝග කළේය. ඒ, කුසල්ට ඇප දීමට පොලි­සිය සහ අග­ති­යට පත් පාර්ශ්ව­යෙන් කිසිදු විරෝ­ධ­තා­වක් එල්ල නොවූ නිසාත් මිය­ගිය නෙවිල්ගේ අඹු­ද­රු­වන්ගේ පාර්ශ්වය සමඟ කතිකා කර­ගත් පරිදි රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක්ද පිරි­නැ­මී­මට එකඟ වූ නිසා­වෙනි. එම රුපි­යල් ලක්ෂ දහ­යෙන් ලක්ෂ දෙකක මුද­ලක් එදින අධි­ක­රණ ශාලා­වේ­දීම නෙවිල්ගේ බිරිය නිල­න්තිට පිරි­නමා තිබු­ණාය. ඊට අම­ත­රව තවත් රුපි­යල් අසූ­ද­හ­සක මුද­ලක්ද මරණ කට­යුතු වෙනු­වෙන් කුසල්ගේ පාර්ශ්ව­යෙන් පිරි­නමා තිබිණි.

හරි­හ­මන් ආර්ථික ශක්ති­යක් හෝ ඉන්න හිටි­න්න­ටද ස්ථිර තැනක් නොමැති කුලී නිවෙ­ස්වල ජීවත්වූ නෙවිල්ට දරු­වන් දෙදෙ­නෙකි. මෙකී දරු­ව­න්ටද හරි­හ­මන් රැකි­යා­වක් හෝ නැති බව හෙළි වී තිබේ. සිය බිරිය දරු මුනු­පු­රන් ඇතුළු සියලු දෙනාගේ දුක­සැප බල­මින් බොහෝ අව­ශ්‍යතා ඉටු­කර තිබුණේ නෙවිල් විසිනි. මිය­ගිය නෙවිල්ගේ දෙවැනි පුතු වන පෞද්ග­ලික ආය­ත­න­යක තාව­කා­ලික රැකි­යා­වක නිරත 32 හැවි­රිදි චතු­රංග පීරිස් අපට කීවේ මෙවන් කතා­වකි.“තාත්තට වෙච්ච දේ ගැන අපට හිතා­ගන්න බැහැ. තාත්තා තමයි අපි සේරම ගැන සොයා බැලුවේ. මං විවාහ වෙලා හිටි­යත් මගේ දරු­වාගේ සිට සිය­ලුම දෙනා ගැන සොයා බැලුවේ මගේ තාත්තා. ඇත්ත­ටම අපිට හරි­යට ඉන්න තැන­ක්වත් නැහැ. අපි අද­ටත් ජීව­ත්වෙන්නෙ කුලි­යට. කුසල්ගෙ අතින් සිදුවූ වැරැ­ද්දට තාත්තා වෙනු­වෙන් යමක් කර­නවා නම් අපිට ඉන්න හිටින්න ස්ථිර තැනක් ලබා දෙන්න කිය­ලයි මං කියන්නෙ... “

චතු­රං­ගගේ කුඩා පුතු, මිය­ගිය නෙවිල්ගෙ මුනු­පුරා වන විදුල වත්සුක කුඩා දරුවා සීයාගේ දේහය අසල හඬා වැටුණේ, “අනේ මගේ සීයා හැප්පිලා මැරි­ලානේ... මට දැන් කවුද මුරුක්කු ගෙනත් දෙන්නෙ... සීයා මට අයි­ස්ක්‍රීම් ගේනවා... බීම ගේනවා... ජුජුස් ගේනවා... ඒත් සීයා දැන් හැප්පිලා මැරි­ලානේ...“ ඔහුගේ හැඬුම් විලා­සය දකින සැමගේ නෙත­ඟට කඳු­ළක් එක්කළේ නිරා­යා­ස­යෙනි.

සිය ස්වාමි­පු­රු­ෂයා ඇයට සිටිය එකම ශක්තිය බව නෙවිල්ගේ බිරිය නිලන්ති මෙන්ඩිස් අධි­ක­රණ ශාලාව තුළ­දීද විනි­සු­රු­ව­රයා ඉදි­රියේ පැවැ­සු­වාය. ඒ තම­නට සිටි ශක්තිය මෙලොව හැර දමා යාමේ ශෝකය උහු­ලා­ගත නොහැ­කිව සිටි නිලන්ති මෙන්ඩිස් මෙසේ පැව­සු­වේය.“එදා මං හදල දුන්න තේ කෝප්පෙ බීලා එළි­යට බැස්සෙ. එහෙම ගිය මගේ රත්ත­රන් මනු­ස්ස­යට වුණ දේ මට වාව­ගන්න බෑ. මායි මහ­ත්ත­යයි එදා වේල හම්බ කර­ගෙ­නයි ජීව­ත්වුණේ. මට දැන් අනා­ග­තය ගැන ලොකු බයක් තියෙන්නෙ. කොහො­ම­හරි මේකෙන් දරු­වොයි මායි කබ­ලෙන් ලිපට වැටුණා.“

අන­තු­ර‍ ­සිදු කළ කුසල් මුල්ම වතා­වට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝ­ජ­නය කර­මින් 2015 ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යට පිවි­සි­යේය. මේ වන විට එක්දින තරග 76කට, ටෙස්ට් තරග 44කට සහ ටී 20 තරග 26කටද මුහුණ දී ඇති ඔහු සියලු තර­ග­ව­ලදී ලකුණු 5646ක් වාර්තා කර ඇත. සුපිරි ක්‍රීඩ­ක­යකු වන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනා­ගත බලා­පො­රො­ත්තු­වකි. එවන් වට­පි­ටා­වක් සහ අනා­ග­ත­යක් ක්‍රිකට් ක්‍රීඩා­වෙන් උරුම කර­ගෙන ඇති මෙකී යොවුන් ක්‍රීඩ­කයා මෙලෙස වග­කීම් විර­හිත ලෙස හැසි­රීම අනු­වණ ක්‍රියා­වකි.

මෙලෙස ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් අතින් මෑත ඉති­හා­සයේ සිදුවූ අන­තුරු ගැන විප­රම් කර බැලී­මේදී මෙය පළමු අව­ස්ථාව නොවන බවත් පසක් වේ. මීට පෙර ආස­න්න­තම සිදු­වීම ලෙස ගිය වසරේ මාර්තු 31 වැනිදා බීමත්ව රිය පැද­වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වත්මන් නායක දිමුත් කරු­ණා­රත්න බොරැල්ලේදී අන­තු­රක් සිදු කළේය. ඔහු ලක්ෂ ගණ­නක වන්දි­යක් ගෙවා එය සම­ථ­ය­කට පත්කර ගැනිණි.

එසේම 2003 අගෝස්තු 17 වැනිදා කඩ­වත, ඇල්දෙ­ණි­යේදී එව­කට ජන­ප්‍රිය තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යකු ලෙස ජාතික පිල නියෝ­ජ­නය කළ කෞෂල්‍ය ලොකු­ආ­රච්චි නමැති ක්‍රීඩ­කයා අතින්ද මාරක රිය අන­තු­රක් සිදු­විණි.

මෙලෙස රටක් නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩ­ක­යන් අතින් වග­කීම් විර­හිත ලෙස හැසි­රීම ඉතාම කන­ගා­ටු­දා­යක තත්ත්ව­යකි. කුසල්ගේ අන­තුර පිළි­බඳ ඉදිරි අධි­ක­රණ කට­යුතු ලබන සැප්තැ­ම්බර් 09 වැනි­දාට දින නිය­මව ඇත. අධි­ක­ර­ණ­යෙන් කුමන තීන්දු තීරණ ලැබු­ණද කුසල්ගේ අතින් සිදුවූ වැරැද්ද දැන් කිසි­සේත්ම නිවැ­රැදි කළ නොහැ­කිය.

ඉන් අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් හෝ සර්ව සාධා­ර­ණය ඉටු­කි­රීම කුසල්ගේ පරම යුතු­ක­මකි. මන්ද ඔහු වත්ම­නෙහි සුපිරි දිවි­යක් ගත කරන ජාත්‍ය­න්ත­රය ජය­ගත් සුපිරි ක්‍රීඩ­ක­යකු වී සිටි­න්නේද රෝස මල් ඇතිරූ යහ­නා­වක් මතින් පැමිණි ගම­න­කින් නොව ඉතාම දුක් ගැහැට මතින් පැමිණි ගම­නක ප්‍රති­ඵල නිසා බව අපට වඩා හොඳින් දන්නෙ ඔහු වන හෙයිනි.

Comments