අරූ හොරා මං සුදනා | සිළුමිණ

අරූ හොරා මං සුදනා

මේ වන­විට මෙරට දේශ­පා­ලන ක්ෂේත්‍රය ක්‍රම­යෙන් ගිනි­යම් වෙමින් පවතී. ඊට හේතුවී ඇත්තේ ලබන අගෝස්තු මාසයේ පස්වැ­නි­දාට යෙදී ඇති මහ මැති­ව­ර­ණය යි. ඒ අනුව දැන් අපට හැම පැත්තෙන්ම අස­න්නට ලැබෙන්නේ දේශ­පා­ලන වහ­සි­බස්ය. නැත­හොත් ඔවු­නො­වුන් අතර සිදු­වන අව­ලාද ය.

විශේ­ෂ­යෙන්ම මැති­ව­රණ වේදි­කා­වට නැඟ තම ප්‍රති­වා­දීන්ට එරෙ­හිව එලෙස වහ­සි­බස් තෙප­ලන දේශ­පා­ලන පාර්ශ්ව­ක­රු­වන් එම­ඟින් බලා­පො­රොත්තු වන්නේ අත්පුඩි සහ විසිල්ය. තම විරු­ද්ධ­වා­දීන්ට එරෙ­හිව අභූත චෝදනා නඟ­මින් තමන් බල­යට පත්වූ පසු ඔවුන් හිර ගෙද­රට ගාල් කර ජම්පර් අන්ද­ව­නවා යැයි වහ­සි­බස් කියන විට තම ආධා­ර­ක­රු­වන් හුරේ දමන බව දන්නා එම පිරි­සට අවශ්‍ය වී ඇත්තේ ද එම­ගින් හෝ ඡන්ද­දා­ය­ක­යන් අතර වීර­යකු වීම­ටය.

එවැනි පිරිස් මැති­ව­රණ වේදි­කා­ව­ලට නැග නිර­තු­රු­වම බෙරි­හන් දෙන්නේ අරූ හොරා - මං සුදනා යි අස­න්නන් තුළ හැගී­මක් ඇති­වන අයු­රිනි. එය ඔවුන්ගේ ප්‍රධාන අභි­ලා­ෂය ද වේ. මන්ද ඔවුන් සිතන්නේ මැති­ව­රණ වේදි­කා­වට නැග තම ප්‍රති­වා­දීන් විසින් සිදු කළ හොර­මැ­ර­කම්, දූෂණ සහ අක­ට­යු­තු­කම් ගැන කිය­මින් ඔවුන්ගේ රෙදි ගළ­වන විට ජනතා ප්‍රසා­දය තමන් වෙත ඉබේ­ටම ලැබෙන බවය. මෙකල සෑම පුව­ත්ප­ත­කම හෝ විද්‍යුත් නාළි­කා­ව­කම මුල්තැන ලැබී ඇත්තේ ද විවිධ මට්ටමේ දේශ­පා­ල­ඥ­යන් විසින් සිදු කරන එවැනි අඳ­බාල ප්‍රකා­ශන වල­ටය. ඇතැම් විට එම පුව­ත්පත් සහ විද්‍යුත් නාලිකා ප්‍රධා­නීන් ද එවැනි ප්‍රකාශ වලට මුල්තැ­නක් දීමට පෙලඹී ඇත්තේ තමන්ගේ පුව­ත්පත හෝ විද්‍යුත් නාලි­කාව ජන­තාව අතර වැඩි වැඩි­යෙන් ජන­ප්‍රිය කර ගැනීමේ බාල මාන­සි­ක­ත්ව­ය­කින් විය හැකිය.

එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ නව ආණ්ඩු­වක් තෝරා ගැනීම සඳහා පැවැ­ත්වෙන මහ මැති­ව­ර­ණ­ය­කදී එවැනි වහ­සි­බස් සහ බාල මට්ටමේ අව­ලාද වලින් ලැබෙන ප්‍රයෝ­ජ­නය කුම­ක්දැයි යන්න පිළි­බ­ඳ­වය. ඔවුන් කියන අන්ද­මට අරූ හොරා නම් ඊළග ඡන්ද­යෙන් ඔහු පරා­ජය කිරී­මට ප්‍රදේ­ශයේ ඡන්ද­දා­ය­ක­යන් තීර­ණය කරනු ඇත. එසේම අරූ හොරා .....! යි කිය­මින් බෙරි­හන් දෙන පුද්ග­ලයා හොරකු නම් ඔහු ගෙදර යවා තමන් වෙනු­වෙන් පෙනී සිටීම සඳහා වෙනත් අයකු පත් කර ගැනීම ද ඡන්ද­දා­ය­කයා සතු බර­ප­තළ වග­කී­මකි.

එහෙ­යින් සෑම ඡන්ද අපේ­ක්ෂ­ක­යකු විසින්ම කළ යුත්තේ තමන් මහ මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කරනු ලැබු­ව­හොත් ක්‍රියා­ත්මක කිරී­මට බලා­පො­රොත්තු වන ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක් සියලු දෙනා­ගේම දැන ගැනීම සඳහා නිකුත් කිරී­මය. එසේ වුවද අද හැම පක්ෂ­ය­කම මැති­ව­රණ වේදි­කා­ව­කින්ම අස­න්නට ලැබෙන්නේ එවැනි බුද්ධි ගෝචර ප්‍රකාශ නොව හර­සුන් වහසි බස් සහ අතා­ර්කික අව­ලා­දයි.

ඒවා අසන ඡන්ද­දා­ය­ක­යන්ට දෙස­ව­නෙහි ඇගිලි ගසා ගැනී­මට සිදු­වීම නොවැ­ළැ­ක්විය හැකිය. මන්ද එවැනි හර­සුන් ප්‍රකාශ අසන විට ඡන්ද­දා­ය­ක­යන්ගේ ද ලේ රත්වන බැවිනි. අද අතැම් මැති­ව­රණ වේදි­කා­ව­ලට ගොඩ­ව­දින අපේ­ක්ෂ­ක­යන් ඔවු­නො­වුන්ට චෝදනා කර­ගන්නේ ඉතා­මත් බර­ප­තළ වංචා සහ අක්‍ර­මි­කතා තම ප්‍රති­වා­දීන් විසින් සිදු­කර ඇතැයි කිය­මිනි. ඔවුන් ඒ බව දැන සිටියේ නම් එම අව­ස්ථා­වේ­දීම ඒ ගැන අදාළ අංශ­ව­ලට පැමි­ණිලි නොක­රන ලද්දේ මන්දැයි යන්න ගැට­ලු­වකි. බොහෝ­විට එලෙස එකි­නෙ­කාට චෝදනා කර ගන්නේ කාල­යක් එකට සිටී ගජ මිතු­ර­න්වීම අදහා ගැනී­මට පවා නොහැකි තර­මට දුර­දිග ගිය තවත් ප්‍රශ්න­යකි.

එසේම එවැනි ප්‍රකාශ මගින් සිදු­වන්නේ ඡන්ද­දා­ය­ක­යන් ද වික්ෂිප්ත වී කළ යුත්තේ කුම­ක්දැයි තෝරා බේරා ගැනී­මට පවා නොහැකි තත්ත්ව­ය­කට පත්වී­මය. කෙසේ වෙතත් තම තමන්ගේ දේශ­පා­ලන පක්ෂ වලට අයත් අපේ­ක්ෂ­ක­යන් විසින් ප්‍රසි­ද්ධියේ සිදු කරනු ලබන මෙවැනි චෝදනා, වහ­සි­බස් සහ දේශ­පා­ලන අව­ලාද නැගී­මට එරෙ­හිව එම පක්ෂ නාය­ක­යන් විසින් වැට බැදිය යුතුය. එහෙත් අද අප අතර සිටින බොහො­ම­යක් දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන් තම ගෝල­බා­ල­යන් විසින් ඔවු­නො­වුන්ට එරෙ­හිව සිදු­කර ගන්නා අව­ලාද දෙස සිනා­මුසු මුහු­ණින් යුතුව බලා සිටින්නේ වගේ වගක් නැති­වය. ඇතැම් අපේ­ක්ෂ­ක­යන් එලෙස චෝදනා කරන්නේ තම­න්ගේම පක්ෂයේ සග­ය­න්ටය.

එහිදී අපට සිතෙන්නේ එම දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන් ද තමන්ගේ ගෝල බාල­යන් විසින් සිදු කරන එවැනි හර­සුන් ප්‍රකා­ශන අනු­මත කරන බවය. නැත­හොත් ඔන්න ඔහේ කියල දාපන්...! යි කිය­මින් ඒවාට තවත් අනු­බල දෙන බවය. එහි සුළු වශ­යෙන් හෝ සත්‍ය­යක් ඇත්නම් එයද කිසි­සේත්ම සිදු නොවිය යුත්තකි. නැත­හොත් කුළු හර­කුන් ලෙස කටින් ඇණ කොටා ගන්නා තම ගෝල­බා­ල­යන් නිසි ලෙස මෙච්චල් කර ගැනී­මට පක්ෂ නාය­ක­යන් ද වග­බලා ගත යුතුය.

කෙසේ වෙතත් අද අපේ රටට අවශ්‍ය වන්නේ හොද ඔළු ටිකකි. නැත­හොත් ඕනෑම බර­ප­තළ ප්‍රශ්න­යක් සාම­කා­මීව සහ බුද්ධි­මත්ව විස­දිය හැකි මොළ­කා­ර­යන් පිරි­සකි. ඒ වෙනු­වට අතින් පයින් වැඩ­පෙ­න්විය හැකි කුංෆු­කා­ර­යන් හෝ මල්ලව පොර ශූර­යන් පිරි­සක් මැති සබ­යට යවනු ලැබු­ව­හොත් මෙරට සමස්ත ජන­තා­ව­ටම සිදු­වන්නේ ඔවුන්ගේ වැඩ­කිඩ බල­මින් විසිල් ගැසී­ම­ටය. නැත­හොත් තමන්ගේ මිනි­හාට ජය­පතා හුරේ දැමී­ම­ටය.

එහෙත් අද අපට අවශ්‍ය වී ඇත්තේ පෙර මෙන් නාඩ­ගම් මඬු­වක් නොව රටට හිත­කර පාර්ලි­මේ­න්තු­වකි. එසේම එය බල්ටි­කා­ර­යන් ගේ වැඩ පෙන්වන සර්කස් මඬු­වක් ද නොවිය යුතුය.

ඒ අනුව අද මෙරට සිය­ලුම ඡන්ද­දා­ය­ක­යන්ගේ යුතු­කම සහ වග­කීම විය යුත්තේ කටින බතල කොළ සිටු­ව­න්නන් පිටු දැක රට වෙනු­වෙන් වැඩක් කළ හැකි­දැයි සිතෙන බුද්ධි­ම­තුන් පිරි­සක් මැති සබ­යට තෝරා පත්කර ගැනී­මය.

එහිදී අපේ­ක්ෂ­ක­යන්ගේ අතීත ක්‍රියා­කා­ර­කම් දෙස බලා ඔවුන්ගේ බුද්ධිය සහ හැකි­යාව මැන බැලීම ද අසා­ධා­ර­ණය. මන්ද එම­ගින් ආධු­නි­ක­යන් අතර සිටින දක්ෂ­යන් කොන්වී යාමට ඉඩ ඇති බැවිනි. එන­යින් බල­න­විට මෙරට ඡන්ද­දා­ය­ක­යන් හට පැවරී ඇත්තේ සුළු­පටු වග­කී­මක් ද නොවේ. එහෙ­යින් රටට මෙන්ම ජන­තා­වට ද හිත­කර පරිදි සුදු­ස්සන් අත­රින් වඩාත්ම සුදු­ස්සන් සිහි නුව­ණින් යුතුව තෝරා බේරා ගෙන මැති­ස­බ­යට යැවී­මට සියලු ඡන්ද­දා­ය­ක­යන් තරයේ වග­බ­ලා­ගත යුතුය. ජන­තාව ජය­ග්‍ර­හ­ණය කරන්නේ එවි­ටය. නැත­හොත් ජන­තා­වට සිදු­වන්නේ ජය­ග්‍ර­හ­ණ­ය­කැයි සිත­මින් පරා­ජය වැලද ගැනී­ම­ටය.

Comments