DFCC බැංකුවෙන් සහනදායී ණයක් | සිළුමිණ

DFCC බැංකුවෙන් සහනදායී ණයක්

DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන්ට සුවිශේෂී සහනයක් පිරිනැමීමේ අරමුණින් ‘DFCC සහනය’ නමින් විශේෂ සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොවිඩ් -19 වසංගතය නිසා විශේෂයෙන්ම රටේ කුඩා හා මධ්‍යම පරිමාණ අපනන ආශ්‍රිත ව්‍යාපාර ඇතුළුව සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතිවී තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින්, එම ක්ෂේත්‍රය නැවත නඟාසිටුවීමට අතදීමක් වශයෙන් මෙම සහන ණය ක්‍රමය හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. රුපියල් බිලියන 2 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම නව ණය යෝජනා ක්‍රමය යටතේ අපනයන ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත බලගැන්වීම සහ එහි අනාගත දියුණුව උදෙසා සහන ණය පහසුකම් ලබාගත හැකි වේ.

‘DFCC සහනය’ යටතේ සුදුසුකම් ලබන ව්‍යාපාර වලට, 9% ක වාර්ෂික පොලියක් යටතේ, රුපියල් මිලියන 5 ත් 25 ත් අතර ණය මුදලක් ලබාගත හැකිය. උපරිම ණය කාලසීමාව වසර 4 ක් වන අතර, මෙම ණය ක්‍රමය යටතේ කාලීන ණය සහ ස්ථාවර කාරක ප්‍රාග්ධන ණය ලබාදීමට DFCC බැංකුව පියවර ගනු ඇත.

Comments