චතුරි මුණවීරට ඇගයුමක් | සිළුමිණ

චතුරි මුණවීරට ඇගයුමක්

AIA ඉන්ෂුවරන්ස් හී අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන නිලධාරී - නීති, යහපාලන සහ මෙහෙයුම් - චතුරි මුණවීර, ශ්‍රී ලංකාව තුළ කාන්තා පුරුෂ සමානාත්මතාව ඇති කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් සිදුකරන ආයතනයන්හි trailblazers 16 දෙනා අතරට තේරී පත්ව ඇගයුමට ලක්වී තිබේ. මෙම ඇගයීම සිදුකරන ලද්දේ IFC-DFAT SheWorks Sri Lanka Partnership මගින් සංවිධානය කරන ලද TogetherWeCan ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවේදීය. මෙම ව්‍යාපෘතිය ඔස්සේ ව්‍යාපාර ස්ථාන 16ක් තුළ විවිධත්වය සහ සමානාත්මතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කෙරේ. මෙම සම්මාන ප්‍රදානෝත්සයව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී ගේ ප්‍රධානත්වයෙන් Australia house හිදී පවත්වන ලදී.

Comments